Saturday, March 31, 2012

සිතුවිලි අතර...........(2 කොටස)

ඇය නවෝද්‍යා.....
ඔහු.........

ආදරය නිසා මහමෙරක් දුක් ඉසිලූ මොවුන් දෙදෙනාගේ ජීවිත කෙසේනම් ගෙවේද.....

පළමු කොටස....සිතුවිලි අතර.....

'''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''
 නවෝද්‍යා......
 ඇයගේ නම ඔහුගේ මුවින් පිටවුනේ පුදුමයක්ද සමගයි....අතීතය...

හම් ....නවොද්‍යා.....නම වගේම මෙයත් ලස්සනයි....අපරාදේ ජීවිතයක්....ඇයි ඩොක්ට අමුතු වුණේ....මෙයාව අඳුනනවද?  

දහදිය දමා මුහුණ අමුතු වූ ඔහුගෙන් ඇය ඇසූ පැණයට තවත් පැණයක්ම නැගුණි.

මෙයාගේ සම්පූර්ණ නම මොකද්ද?

හිරුණි නවෝද්‍යා දිසානායක

දෙවියනේ......

‘’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’

මැණික, මේ ඔයාගේ අන්තිම තීරනේද වස්තු..... ඔහු දෙසම බලාගෙන ඇස් දෙකෙන් පිටවෙන්න පොරබදන කඳුළු ආයාසයකින් නවත්වාගෙන ඔහුගේ දෙපතුල ලඟ ඇඳ වැටී සිටි ඇය අසා සිටියේ ඒ තීරණයයි......
මට වෙන කරන්න දෙයක් නැ සුදුනෝනා.....එක හිතක් නැති මන් වගේ මිනිහෙක් එක්ක ගිහින් ඔයාගේ ජීවිතේ නාස්ති කරන්න මට බැ.......මට දහස් වාරයක් සමාවෙන්න....!!!.

තව දුරටත් හිතත් එක්ක පොරබැදු කඳුළු නවතා ගන්නට නොහැකිව දෑසින් ගලා ගියත් එකම වචනයකුදු ඔහුට විරුද්ධව නොදෙඩූ ඇය, එකම එක උදවුවක් කරන්න මැණික මට......

මොකද්ද සුදු නෝනා...කියන්න, මන් ඕන දෙයක් කරන්නම්......

එහෙනම් මාව එකම එකපාරක් වඩාගෙන ලොකු කිස් එකක් දෙන්න....ඒ ඇති

අනේ මගේ වස්තුවේ.....ඔයා ඇයි ඔයතරම් අහිංසක.....ඇයි මට බණින්නැත්තේ....ගහන්නැත්තේ....එහෙම කරනවනම් මට හිත හදාගන්න කොච්චර ලේසිද.....ඒත් ඔයා තව තවත් මට ආදරේ කරනවා....මන් කොහොමද මැණික ඉවසන්නේ.....

ඔයාට කරන්නම වෙනවා......තව පොරොන්දුවකුත් වෙන්නෝන....

මොකද්ද මැණික, කරන්න පුළුවන් දෙයක්නම් පොරොන්දු වෙන්නම්

එහෙම බැ.....පොරොන්දුවෙන්න....කෝ කෝ අත දෙන්නමේ සමුගෙන යන මොහොත බව දැන දැනත් ඔහු හා හුරතල් වෙන මේ අහිංසකාවිය හිතින් කොයි තරම් අඬනවද කියා ඔහු තියා ඇයවත් දන්නේ දැයි සැකය.....
ඔහුගේ දකුනත ගෙන තම හිසමතින් තබාගත් ඇය, වමත තම පපුව මත හොවාගත්තේ නැග ආ ඉකිය මැඩගෙනය....

මන් මෙතනින් ගියායින් පස්සේ කවදාවත් ආයේ මන් ගැන හොයන්නෙපා......ඒ වගේම ඔයාට කවදම හරි මාව ඔන වුනොත් එදාට මන්ගාවට එන්න....කවදම හරි....කොයිතරම් කල් ගිහින් වුණත් ඔයාට මාව ඕන වුනොත් එදාට මන්ගාවට එන්න.....ඒ වගේම මන් ඔයාගේ ජීවිතෙන් අද ගියාම, ඔයාගේ ජීවිතේට ඊලඟට එන කෙනාට කවදාවත් අසාධාරණයක් කරන්නෙපා....ඒක හරි පවු....ඔයාගේ හිතේ මොන තරම් දේවල් තිබුණත් අනිත් කෙනාගේ හිත තේරුම් අරන් එයාට දරන්න බැරි දේවල් කියන්නෙපා.....ඒක හරි දුකක්....හැමෝම මන් වගේ නෙමේ කියලා මතක තියන් වැඩ කරන්න වස්තු......මේ ටික ඔයාට කරන්නම වෙනවා...ඔයා පොරොන්දු වෙන්න....මන් වෙනුවෙන් කරනවා කියලා.....

ඇයි මැණික මාව මරලා දාන්නේ නැත්තේ....ඔයාගේ ඉල්ලිම් කොයිතරම් අසාධාරණද?

නැ පණ....මන් වත් මගේ ඉල්ලීම්වත් පොඩ්ඩක්වත් අසාධාරණ නැ.....කෝ මන් වෙනුවෙන් මේ දේවල් කරනවා කියලා පොරොන්දු වෙන්න පණ....ප්ලිස්....මීට කලින් මන් මෙහෙම ඉල්ලලා නැනේ.....නේද.....

හා මැණික....මන් කරන්නම්....ඒත්....

ඒත් මේත් නැ.....දැන් පොරොන්දු වෙලා ඉවරයි.........මැට්ටා මගේ...කෝ කෝ....වඩාගෙන උම්මා එක දෙන්නකෝ....මට පරක්කු වෙනවා....

හැමදේම හිතේ තදකරන් සැහැල්ලුවෙන් මෙන් හැසිරෙන මොවුන් දෙදෙනගේ අනාගතය මින් ඉදිරිට කෙසේ වේවිදැයි සැක සහිතය...................

’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’
 

Friday, March 30, 2012

සිතුවිලි අතර...........(1 කොටස)

ඇය ආදරය ආත්මයම කරගත් අවිහින්සකාවියක්......
ඔහු......ආදරයට ආදරේ කරපු, ආදරේ නිසා විඳවපු අහිංසකයෙක්.....
ඒත්.....

'''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''
කරාපිටිය මහ රෝහලේ මානසික රෝගී අංශයට අළුතින් පැමිණි තරුණ වෛද්‍යවරයා හදුන්වා දෙන්න  එහි සේවය කරන කාර්යය මණ්ඩලය රැස් වූ මොහොතේ, එම අංශය බාර දොස්තර මහේන්ද්‍ර, ඔහුව හඳුන්වා දුන්නේ සැවොම සිනා සයුරේ ගිල්වමිනි.

"ගුඩ් මෝනින්ග් හැමෝටම. අද ඉඳන් අපිට අළුත් ඩොක්ට කෙනෙක් එකතුවෙනවා. ඔයාලා දැනටමත් ඒ ගැන දන්නවනේ. මේ ඩොක්ට කාවිංග බණ්ඩාර. මානසික වෛද්‍ය විද්‍යාව ගැන හොඳට අධ්‍යනය කරපු කෙනෙක්. මන් හිතනවා ඩොක්ට එක්ක හැමෝටම සහයෝගයෙන් වැඩකරන්න පුළුවන් වෙයි කියලා. යන්ග් වුණාම ඕනම දේකට මුණ දෙන්න පුළුවන් කම තියෙන්නෙපැයි නේද ඩොක්ට විශ්වනාත්....."

"යස් යස් ඩොක්ට මහේන්ද්‍ර. ඒක ඇත්ත. දැන් ඉතින් අපි වයසට යන කලාවනේ...නැද්ද මන් අහන්නේ..."

හ්හා හ්හා...නියම කතාව....හරි පුතා අපේ ස්ටාෆ් එක අඳුන ගත්තනේ....දැන් එහෙනම් ගිහින් අපේ යාළුවෝ ටික අඳුනගෙන එන්නකෝ. මිසිස්  වීරසේකර තමා අපේ ස්ටාෆ් එකේ පරණම. එයා දන්නවා හැම ලෙඩෙක් ගැනම. එයා කට්ටියව හඳුන්වලා දේවී. අපි ඊට පස්සේ එක එක්කෙනා ගැන කතා කරමුකෝ...

හා ඩොක්ට

‘’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’
ඩොක්ට කාවිංග ඇයි මේ සබ්ජෙක්ට් එකම තෝර ගත්තේ.

හම්...ඒක විස්තර කරන්න අමාරුයි මිසිස් වීරසේකර...මන් එක පාරක් ගියා යාළුවෙක් එක්ක මෙන්ටල් හොස්පිටල් එකකට. එතනදි මට ලොකු දුකක් ඇති වුණා එයාලා ගැන...ඉතින් මන් එතනදි හිතාගත්තා මන් යන්නේ මේ ෆීල්ඩ් එකෙන් කියලා. පස්සේ රිසර්චස් ගොඩක් කළා..අන්තිමට මෙතනට ආවා...කවුරු හරි සනීප කරගන්න පුළුවන් වු‍ණොත් එක තමා ලොකුම පින.

මට නම් හිතාගන්න බැ...ඩොක්ට වගේ තරුණ කෙනෙක් මේ වගේ ෆීල්ඩ් එකක් තෝරගත්තයි කීවාමහරි ඩොක්ට, මේ තමා පේෂන්ට්ස්ලගේ විස්තර. අපි එක එක්කෙනා ගාවට ගිහින් කතා කරලා බලමු. එතකොට එයාලා ගැන අයිඩියාවක් ගන්න පුළුවන්නේ.

ඔව් එහෙම කරමු....මට එතකොට ලේසියි ඉස්සරහට

ඩොක්ට කාවිංගත් සමග මිසිස් වීරසේකර මානසික රෝහලේ වාට්ටු අතර ඇවිද ගියේ ඒ ඒ රෝගීන් මානසික රෝගින් බවට පත්වීමට බලපා ඇතැයි සිතන හේතු පැහැදිලි කරමිනි. විවිධ විවිධ වයස් කාණ්ඩවල නේවාසික රෝගීන් 30ක් පමණ සිටින මෙම රෝහලේ අංශයේ ඔවුන්ගේ මානසික ආබාධ වලට හේතුව එකිනෙකට වෙනස්ය.

එහෙනම් අපි රූම්ස් වල ඉන්න අයව බලන්න බලන්න යමුද....

ඒවගේ කී දෙනෙක් වගේ ඉන්නවද?

දැන්නම් ඉන්නේ දෙන්නෙක් තමා....එක්කෙනෙක් ගර්ල් කෙනෙක්....අනිත් එක්කෙනා පිරිමි කෙනෙක්. එයා ගොඩක් වෙලාවට දරැණුයි...ඒ නිසා බැඳලා තමා තියෙන්නේ.

එතකොට අර ගැණුළමයා ?”

අනේ හරිම අහිංසකයි....හිතා ගන්න බැ ඇයි මෙහෙම වෙලා තියෙන්නේ කියලා....ගෙදර අයට වැටහීමකුත් නැ.....මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක්. අපි හිතන්නේ ස්ට්‍රෙස් එක වැඩිවෙලා කියලා. හොඳට ඉන්නවා. කියන දේ අහනවා....ඒත් කතා කරන්නේ නැ...බලාගත්ත අතේ බලන් ඉන්නවා....කතා කරනවනම් අපිට ලේසීනේ....ඒත් කතා කරන්නේ නැ.....ඩොක්ටම ගිහින් බලන්නකෝ....

ආ....මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක්ද....අපරාදේ.....ගොඩක් සෙන්සිටිව් අයට සමහර දේවල් දරාගන්න බැරුව එහෙම වෙනවා තමයි.

මේ තමයි ඩොක්ටර් එයාගේ රූම් එක. එන්න ඇතුළට...නවෝද්‍යා.....මේ බලන්න....ඔයාව බලන්න යාළුවෙක් ඇවිල්ලා

නවෝද්‍යා.....................,

 ''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''

Monday, March 26, 2012

ළඟින් හිටි ඔබට........

ජීවිතය එපා වී සිටි මොහොතක, දුක මකාගන්න එක්වුණ සයිබරයේදි මුණගැසුණ  යහළුකැළ පෙන්වු මගක ජීවිතය සොයා ගොස් ගොඩනගා ගත් මේ දිවියට එදාටත් වැඩියෙන් අද ගොඩක් ආදරෙයි. හිතට ආපු හැම දේම කාගෙවත් තහන්චියක් නැතුව කියා ගන්න පුළුවන් වුණ, තීරණ ගන්න බැරි මොහොතක තීරණ ගන්න පහසු කරපු, මගේ ආදරය මට ලබා දුන්, දුක සැප දෙකම එකම විදියට බෙදා ගත්ත මගේ පුංචි බ්ලොගේට ඊයෙට අවුරුද්දක් පිරුණා....දවසක් පහු වුණා තමයි...ඒත් ඒ අමතක කරල නම් නෙමෙයි......
ඔයාට සුභම සුභ උපන්දිනයක්.............!!!!!


එදා මෙන් අදටත් මගෙත් එක්ක හිටි වචනෙකින් හරි මාව දිරිමත් කරපු හැමෝටම ගොඩක් ස්තුතියි.....!!! 

Monday, March 19, 2012

හෙට තමා දවස.................

ගොඩ දවසකින් මේ පැත්තේ නාපු නිසා කට්ටියම මාව අමතක වෙලත් ඇති නේද....ඒකට කමක් නැ....එක්සැම්, සංගණන වැඩකටයුතුත් එක්ක පට්ට බිසි වෙලා හිටියේ....කොහොමෙන් කොහොම හරි එක්සැම් නාගෙන තියන බව නම් තේරිලා ඉන්නේ....බැණුම් නොහැව්වත් මගේ අයිතිකාරයගෙනම් ටිකක් හිත රිදිලා තියෙනවා ඒ ගැන.....අනේ ඉතින් මන් ඊලඟ පාර එක්සැම් හොඳට කරන්නම්කෝ.....

හා හා ....කතාවට එමුකෝ....

කස්ටිය දන්නවද හෙට දවස කවද්ද කියලා....හරි හරි....මන් දන්නවා දන්නවයි කියලා....හෙට දවසේ තියන වැදගත්කම දන්නවද කට්ටිය.....

හෙට මාර්තු 20, ජන හා නිවාස සංගණන දිනය....අවුරුදු 10කට පාරක් පවත්වන මේ සංගණනය හරි කාල සිමාව ඇතුළත නම් පවත්වන්න තිබුණේ 2011 වර්ෂයේ....අවුරුදු 30කට විතර පසු මුළු ලංකාවම එකතුකන් තමා මේපාර සංගණනය පවත්වන්නේ....ඔං මාත් ගණන් ගන්නා නිළධාරිනියක් විදියට කටයුතු කරනවා....

අධියර 4කින් සමන්විත මෙවර සංගණනයේ මුල්ම අධියර සම්පූර්ණ කරන්න තියෙන්නේ ග්‍රාම නිළධාරිවරුන්ට...එයාලට පැවරුන රාජකාරිය තමා, තමන්ගේ වසම සිතියම්ගත කරලා ඒ වසම කොටස් කිහිපයකට බෙදලා ඒ ඒ කොටසට අදාලව නිවාස හා ගොඩනැගිලි, පුද්ගලයින් ගාන ගණන් කර ගැනීම. 

ඊලඟ අධියර, ඒ කියන්නේ 2වනි අධියර තමා තෝරාගත් ගණන්ගන්නා නිළධාරීන් විසින් ඒ තොරතුරු  නිවැරදිද කියලා චෙක් කරන එක...මොකද මේක පවත්වන්න හිටියේ ගිය අවුරුද්දෙනේ...මේ වෙනකොට කට්ටිය මැරිලා, අළුතින් ඉපදිලා, ගෙවල් කඩලා, අළුතින් ගෙවල් හදලා, පදිංචි වෙලා තිබුණ ගෙවල් හිස් වෙලා, හිස් ගෙවල් වල පදිංචි වෙලා, ඔය වගේ වෙනස්කම් වෙලා තියෙන්න පුළුවන්නේ....හරි, ඔන්න ඒකත් කළා කියලා හිතමුකෝ.....ඊලඟට තමා බැරෑරුම්ම රාජකාරිය තියෙන්නේ....

ඒ කියන්නේ 3 වෙනි අධියර. මේකට කියන්නේ තොරතුරු රැස් කිරීමේ වටය කියලා....ඔයාලගේ ගෙදරටත් ආවද කහ පාට හරි රෝස පාට හරි පොතක් පුරවන්න පුද්ගලයෙක්.පාට දෙකේ වෙනස තමා, සංගණන දවසට අනිවාර්යෙන් අධීක‍‍්ෂණ නිලධාරීන් චෙක් කරන්න එන්නේ මේ රෝස පාට පොත්. මටත් ලැබුණේ ඒ පොත්...ඔයාලා දන්නවද මේ එක පොතක පුද්ගලයින් 6 කගේ විස්තර පුරවන්න පුළුවන්.ඒ වගේම අන්තිම පිටේ තියනවා ගෙය පිළිඹද විස්තර ලියාගන්න....මේ පොත් පුරවන්න වෙනමම පැන්සල් තියනවා...ඒ වගේම හරියටම තොරතුරු පුරවන්න හරිම මහන්සියක් ගන්න ඕන....ඒ මොකද අපේ මිනිස්සු කවදාවත් හරි තොරතුරු නොදීම...හම්මේ මන් කාපු කට්ටක්....

මන් කීවා එක පොතක 6දෙනෙක්ගේ විස්තර ලියන්න පුළුවන් කියලා...ඒ කියන්නේ එක්කෙනෙක්ට  පිටු දෙකක් වෙන් වෙලා තියනවා. 
  1. පුදගලයාගේ නම
  2. NIC No
  3. ගෘහ මූලික හෝ ඔහුට ඇති නැ කම
  4. උපන්දිනය
  5. ජාතිය
  6. ආගම
  7. විවාහක තත්වය
  8. පුරවැසිභාවය
  9. උපන් ස්ථානය
  10. අවසන් වරට පදින්චි ස්ථානය
  11. පදිංචිය වෙනස් වෙන්න හේතු
  12. ශාරීරික හා මානසික ආබාධ 
  13. පෙරපාසල්  යන /පාසල් යන/ උපාධි  හෝ වෙනත් අධ්‍යාපන කටයුතු වල නියුතු විස්තර
  14. එහෙම ඉගන ගන්නවනම් ඒ වැඩ වලට යන්නේ ගෙදර ඉඳන්ද නැද්ද යන වග
  15. ඉහලම අධ්‍යාපන මට්ටම
  16. ඉහලම වෘතිය සුදුසුකම
  17. ඒ සුදුසුකම NVQ ද යන වග
  18. භාෂා හැකියාව
  19. පරිගණක හැකියාව
  20. රැකියාවක් කරනවද නැද්ද පිළිඹද විස්තර
  21. කරනවනම් රැකියාව
  22. රැකියාවේ ස්වභාවය
  23. රැකියා ස්ථානයේ ලිපිනය
  24. එහෙම යනවනම් ඒ වැඩ වලට යන්නේ ගෙදර ඉඳන්ද නැද්ද යන වග 
  25. රැකියාව රාජ්‍ය/ පෞද්ගලික/තමාගේමද යන වග
  26. රැකියාවක් නැත්නම් කරන කාර්යය
  27. විවාහක කතක්නම් දරු උපත් පිළිඹද විස්තර, මෙම ප්‍රධාන ප්‍රශ්න යටතේ ඇති අනු කොටස් වලද පිරවිය යුතුය.
සාමාන්‍යෙයන් හරියටම වැඩේ කරනවා නම් එක ගෙදරකට පැය බාගයක් හෝ පැයට ආසන්න කාලයක් වැයවෙනවා....

ඒ පිරෙව්වේ පුද්ගලයින් ගැනනේ....

ඊට පස්සේ අන්තිම පිටු දෙකේ මුලින්ම තියනවා රට ඉන්න අය ගැන ලියන්න. ඊට පස්සේ තමා ගෘහ කාණ්ඩයකට අදාල විස්තර ලියන්න තියෙන්නේ...
  1. පානීය ජලය
  2. ආහාර පිසීම
  3. විදුලිය
  4. ටොයිලට් ගැන
  5. මලාප්‍රවාහන පද්ධතියේ ස්වභාවය
  6. නිවසේ කුණු වලට කරන දේ
  7. ගෙදර තියන විදුලි උපකරණ
  8. අන්තර්ජාල පහසුකම
  9. නිවසින් පිට අන්තර්ජාලය භාවිතා කරනවද
  10. ඒ කොහෙන්ද
ඊලඟට නිවස ගැන.
  1. ගේ හදලා තියෙන්නේ මොනවගෙන්ද
  2. බිම මොනාද
  3. වහල
  4. කාමර පිළිඹද විස්තර
  5. නිවස පදිංචිය පමණක්ද/ නැත්නම් ව්‍යාපාර කටයුතුත් කරනවද
  6. නිවස හදලා මුලින්ම පදිංචි වෙලා තියන අවුරුද්ද
මෙන්න මේ විස්තර සවිස්තරාත්මකව පුරවන්න ඔන.....කොහෙම හරි මේවා පුරවලා ඉවරකරන කොට මගේ බෙල්ලේ අමාරුවකුත් ඇවිත්....

වැදගත්ම රාජකාරිය තමා 4 වන අධියර....ඒ කියන්නේ සංගණන අධියර. හෙට තමා දවස. මන් ඉහතින් කියපු තොරතුරු ඔබ නිවැරදිව තම නිවසට ආ ගණන් ගන්නා නිළධාරියාට පැවසුවාද....එහෙම නැත්නම් හෙට නිවසට ආ විට ඒ තොරතුරු ලබා දෙන්න.....මොකද මේක ජාතික කර්තව්‍යයක්නේ.....ඉදිරියට වෙන්න තියන සියළුම සංවර්ධන ව්‍යාපෘති පදනම් වෙන්නේ ඔබ ලබා දුන් මේ තොරතුරු මත බව හොඳින් මතක තබා ගෙන හෙට දවසේ නිවසට එන ඒ නිළධාරීන්ට උපරිම සහය ලබා දෙන්න......

පෝස්ට් එක දිග වැඩිද මන්දා.....


Friday, March 2, 2012

හදවතින්මයි පතන්නේ නුඔට......

ඉතින්, හෙට තවත් එක් අළුත් දවසක් ඒවි වෙනදා වගේම ගෙවෙන....

ඒත් ඔයාට ඒ දවස ගොඩක් වැදගත් එහෙම නේද....ඔව් හෙට ඔයාට ජීවිතේ තවත් එක් කඩඉම් විභාගයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා...ඉතින් මන් දන්නවා, ඔයාට පුළුවන් ඒ කඩඉමත් සාර්ථකව ජයගන්න....ඉතින් මේ කඩඉමට සාර්ථකව, හිතේ විස්වාසයෙන් මුහුණ දෙන්න ඔයාට ශක්තිය, ධෛර්යය හා වාසනාව ලැබෙන්න කියලා ඔයාගේ මැණික හදවතින්ම සුභ පතනවා....

ඒ වගේම,

මගේ මහත්තයෝ ඔයාට සියළු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා කියලා පතන අතරම මගේ ආශිර්වාදය හැමදාම ඔයා ලඟ තියන බව මතක තියාගන්න......

(ලියන්න ගොඩක් දේවල් හිතට ආවත් ගලප ගන්න බැරි නිසාත්, මටත් පාඩම් කරන්න තියන නිසාත් දාපු මේ පුංවි පොස්ටුව මන් දන්නවා ඔයාට ගොඩක් වැදගත් කියලා. මන් හැමදාම ඔයාගේ....ගොඩක් ආදරෙයි.....!!!)

Wednesday, February 22, 2012

උදුරා ගන්නට නොවෙ නුඹෙ සන්තකය......

දැවුණත් සිරුර විරූපි වෙන ලෙසට
කැඩුණත් දෙපා ඇවිදින්නට නොහැකි ලෙස
වාරුව ගතිමි දෑතට දිවි රැක ගන්න
සිඟමන් යදිමි අද මම ජීවත් වන්න.........


දැවුණ දෙතන රෙදි කඩකින් වසාගෙන
මිනිසුනි නුඹේ ලඟට ආවේ මම
උදුරා ගන්නට නොවෙ නුඹෙ සන්තකය
ඉල්ලාගෙන හෙට ජීවත් වෙන්න පණ.........


මිනිසුන් නොමිනිසුන් වෙසෙනා මිහිතලයේ
දෑසින් දැකගතිමි දෙවියන් මේ පොළවේ
පාගාගෙන ගියත් අතැඟිලි මා දෑතේ
නැත තරහක් මිනිසුනි මාගේ සිතේ.......




අම්මත් එක්ක සඳුදා නිවාඩු නිසා පොළේ ගියා. යන මග දිගට හිඟන්නන් ගොඩයි. මොකද පොළ දවසට ෆොරිනස්ලා ගොඩක් එනවා ඒක බලන්න. අනේ මන්දා පොළේ මොනවා බලන්නද කියලා. එක ගැණු මනුස්සයෙක් ඉන්නවා හිඟාකන.එයාගේ කකුල් දෙකම නැ. අත් දෙකෙන් අද්ද අද්ද ඇවිදින්නේ. ඇඟ පිච්චිලා.  පපුව එකපැත්තක් ගන්න දෙයක් නැ...එයා ඒ පැත්ත පෙන්න පෙන්න තමා හිඟා කන්නේ....

පොළේ යන මිනිස්සු හෙමින් යන්නේ නැනේ. ටිකක් පටු පාරක් තියෙන්නේ. ඉතින් ගොඩක් වෙලාවට මේ මනුස්සයගේ අත් පැගෙනවා කකුල් වලට. දැක්ක හැටියේ හිතට ආපු පද ටික ගොනු කළා මැසේජ් එකක් විදියට. දැන් තමා ටිකක් හරි ගැලපෙන පින්තුරයක් ලැබුණේ මේක පලකරන්න. පින්තුරේ හොයා දීපු සර්ප්‍රියා අයියට ස්තුතියි......

Tuesday, February 14, 2012

බිඳුවක් හිතන්න......

අද.....පෙබරවාරී මාසේ 14 වෙනිදා.....කවුරුත් කියන විදියට ආදරවන්තයින්ගේ දිනය....

පහුගිය දවස් ටිකේම මේ දිනය ගැන කට්ටිය බොහොම කතා වුණානේ....ඇත්තටම එක දවසකට විතරක් තමන්ගේ ආදරේ සමරන්න ඕනද...ඇයි හැමදාම ආදරේ පෙන්නුවාම තියන වැරුද්ද මොකද්ද....

කාර්යය බහුල ජීවිත ගෙවන අයටනම් ඔන්න මේ වගේ දවසක් තියන එක හොඳා...අඩු ගානේ එදාටවත් තමන්ගේ සැමියා/ බිරිඳ හෝ ආදරවන්තයා/ ආදරවන්ති ගැන ටිකක් වැඩිපුර සැලකිළිමත් වෙයිනේ....එහෙමත් නැත්නම්, උබ උන්නත් මලත් මට මොකද කියලා ආත්මාර්ථකාමීව වැඩ කරන අයත් අපි අතර ගොඩක් ඉන්නවා....ජිවිතේම සල්ලි කියලා හිතන අය තමා වැඩිපුරම එහෙම ඉන්නේ...නැද්ද මන් අහන්නේ....

හැමදාම තමන් ආදරය කරන කෙනා ගැන හොයලා බලලා එයාව සතුටු කරනවානම් මේ විදියට ආදරවන්තයින්ගේ දවස කියලා දින මොකටද....මහා ලොකු කැපකිරිම් නැතුවට කරන්න පුළුවන් කොච්චර දේවල් තියනවද.....ඒ හැමදේම අමතක කරලා අද වගේ දවසක අපේ උදවිය ගනන් වැඩි මොකක් හෝ තැග්ගක් ගෙනත් දීලා ඇඟ බේරගන්නවා,"බලන්න මන් ඔයාට ගොඩක් වටින තැග්ගක් ගෙනාවා...ඒ ඔයාට ගොඩක් ආදරේ නිසානේ" කියලා....අනේ ඉතින් ඔය තරමටම ආදරේනම්, ඔය තැගි බෝග නැතුවට කොයිතරම් දේවල් කරන්න පුළුවන්ද......එදාට විතරක් නෙමේ..හැමදාටම....එහෙම නේද....

දවසට පැය 24ක් තියනවා....මේ පැය 24න් පැයකට එක විනාඩි 5ක් ආදරේ වෙනුවෙන් කැප කරන්න...ඔයාට ඒ වෙනුවෙන් වෙලාව නැති වුණාට මුණුපොතේ චැට් වල කාලේ කකා වරු ගනන් ගෙවන්න වෙලාව තියනවා....එහෙම නේද.....එයා කතා කලොත් කියන්නේ මොකක්ද...මන් බිසි...පස්සේ ගන්නම් කියලා....sms එකක් දුන්නට කියෙව්වත් රිප්ලයි කරන්නේ නැ.....බලන්න ඔයත් මේ දේවල් කරනවද කියලා ඔයාට ගොඩක් ආදරේ කරන කෙනාට.....

හදවතින්ම ආදරේ කරන අයට මහා ලොකු තැගි නැතුවට, ආදරෙන් පපුවට ලංකරන් "මන් ඔයාට ගොඩක් ආදරෙයි මගේ මැණික" කියලා කියන්න.....ඒ වගේම ලංකරන් හාද්දක් දෙන්න.....ඒ දේ ඒ කෙනාට කොයිතරම් වටිනවද කියලා ඔයාලා දන්නවද.....ඔයාලට එහෙම කවදාවත් හිතිලා නැද්ද.....අනේ මටනම් ඔය ලොකු ලොකු තැගි වලට වඩා ඒ දේවල් ගොඩක් වටිනවා....ඔය තැගී බෝග දෙනවට වඩා පුංචි පුංචි දේවල් තමන් ආදරය කරන කෙනාට දෙන්න....ඒවා එයාට ගොඩක් වටිනවා.....දවසක් දෙකක් එහෙම කරලා බලන්න....සතුට සැනසිම හැමදාම ඔයාලා ලඟ තියේවි....

අද මන් ඒ සතුට සැනසීම ගොඩක් විඳිනවා....ඒ මහා ලොකු දේවල් වලින් නම් නෙමේ....හරිම පුංචි දේවලින්....සතියකට දවසක් හම්බෙලා, චුට්ටම චුට්ට වෙලාවක් හරි ලඟින් ඉඳලා, මොනවා හරි බෙදාගෙන කාලා, සමුගන්න මොහොතක් තියලා, කාටවත් නොදැනෙන්න නලලට ලැබෙන හාදුවත් අරන් දෙන්න දෙපැත්තට වෙන්වෙලා යන්නේ කොයිතරම් නම් ආදරයක් හිතේ පුරවගෙනද.....

මන් හිතන්නේ ඒ සැනසීම සතුට ඔයාලා හැමෝටමත් විඳින්න පුළුවන් ආදරේට ආදරේ කරොත්...ආදරේ වෙනුවෙන් මොහොතක් පුංචි වෙලාවක් වැයකලොත්......ඒ සතුට සැනසිම විඳින්න ඔයාලටත් ලැබේවායි කියලා මේ ආදවන්තයින්ගේ දවසේ මන් සුභපතනවා....!!!

හැමදාම මුණ නොගැහුණත් අඩුවක් නැතුව ආදරෙන් මගේ ජීවිතේ  පිරෙව්ව ඔයාගේ ආදරේ හමුවේ හැමදාම මට වැලන්ටයින්......!!මන් ගොඩක් ආදරෙයි.....!!!


Wednesday, February 8, 2012

පත් නොකලෙමි පරික්ෂාවට......

නුඹ දුරස් වී අද
තනිව මා යහනත
රිදෙයි මා හදවත
දරන්නට නොහැකි තරමට....

නුඹේ ආදරය මට
බොරුවක් නොවන බව දිවියට
දන්නා නිසා මා හදවත
පත් නොකලෙමි පරික්ෂාවට......

පැවසුව වදන් නොසිතාම
රිදවු පවට නුඹේ සිත
නැගෙන කඳුළු දෑසට
දවයි පවු කළ මගේ මේ සිත......


Friday, February 3, 2012

ප්‍රශ්නයක්....

මන් පුංවි ප්‍රශ්න ටිකක් අහන්නම්.....උත්තර දීලා යන්න....


·      නැතිවුණ දෙයක් ගැන තාමත් පසුතැවෙනවද?


·       හැම දේම වෙන්නේ හොඳටයි කියනවා නේද?


·       ඒ ඇයි කියලා ඔයාලා නිකම්වත් හිතුවද....?


·       හිතලා තියනවද....?


·       නැත්නම් කියන්නන් වාලේ කටට ආවට කියනවද?


·       ඔයාලට එහෙම හොඳ දේවල් වෙලා තියනවද?


Monday, January 30, 2012

මටනම් බැ වයසට යන්න....

අද දවස ගෙවෙන්න තව පැය 4 යි තියෙන්නේ....මේ තවත් එක දවසක්ද?

ඔබ සියළු දෙනාට එය එසේ වුවද මට නම් අද හරිම වැදගත්....ඒ ඇයි කියන්න මේ වෙනකොට ගොඩදෙනෙක් දන්නවා....නොදන්න අයත් ඇතිනේ....අද මගේ උපන්දිනේනේ....හික්ස්....

ඔන්න ඉතින් සීනි තව අවුරුද්දකින් වයසට ගියා...සෙල්ලම් නැ...දැන් 23ක්....සැහැල්ලුවෙන් නිදහසේ ගෙවපු කාලේ අවසන් වේගෙන යනවා....හයියෝ....මටනම් බැ වයසට යන්න....:'( එහෙම කිවා කියලා කාලේ ගෙවෙන එක නවත්තන්න අපිට බැ නේද...?

මේ ගෙවුන අවුරුදු 22 දිහා හැරිලා බැලුවොත් දුක සතුට දෙක අතර දුක වැඩිපුර තිබුණ, දැන් සතුට කරා පිය මනින ජිවිතයක් තමා තිබිල තියෙන්නේ....මට මතක කාලෙක මගේ උපන්දිනේට තෑගි කියල දෙයක් හම්බුනේ 2006 දී. ඒ මගේ හොදම යාළුවා වෙලා ඒ දවස් වල හිටපු ඉෂාරගෙන්....ඊට පස්සේ මගේ හැමදේම බෙදාගත්ත මගේ ගජයෝ දෙන්නා උන සලොගෙනුයි අත්‍රිගෙනුයි.....ගිය අවුරුද්දේ මට තමන්ගේම සහෝදරයෙක් කියල කියන්න පුළුවන් විදියට මේ සයිබරයෙන් මට ලැබුන මගේම අයියගෙන් ලැබුන තෑග්ගයි ඇරෙන්න මට තෑගි ලැබිල නැ....එත් සුභ පැතුම් වලින් නම් මට කවදාවත් අඩුවක් තිබුනේ නැ.....ඇත්තටම තෑගි වලට වඩා
හැමෝම සුභ පතනකොට දැනෙන සතුට ගොඩක් වෙනස්....තෑගි ලබුනමත් ගොඩක් සතුටුයි තමා....එත් මට ගොඩක් වටින්නේ සුභ පැතුමන්....

මේ ගෙවුන ජිවිතෙන් මන් ගෙවපු ලස්සනම උපන්දිනය තමා අද මේ ගෙවෙන්නේ....සයිබරයෙන් මුණ ගැහුණ යාලුවෝ ගොඩක් මැද්දේ, සයිබරයෙන්ම දිනාගත්ත ආදරයක් මැද්දේ ගෙවුන ලස්සනම ලස්සන ගොඩක් සතුට හිතුන උපන්දිනයක්....

හැම කෙල්ලම වගේ තමන් ආදරේ කරන කොල්ලගෙන් මුලින්ම උපදින සුභපැතුම ලබාගන්න කැමතියි....මාත්. එහෙමයි....අනේ ඉතින් උදේ ඉදන් මන් බලන් හිටියා...අමතක උනාවත්දෝ කියලා හිතුවා....අනේ මෙන්න 10 ට විතර මට කෝල් කරලා කියනවා " අනේ අම්මි මට බෑ තවත් ඉවසන්න..මන් විශ් කරන්න හිටියේ 11.38 ට..ඔයා උපන් වෙලාවට...එත් අනේ මට බෑ මණික තව ඉන්න කියලා" අනේ ඊට පස්සේ මන් අදුරන අපි දෙන්නගෙම යාළුවොයි එයාගේ අක්කවයි සේරම කන්ෆරන්ස් කෝල්  විශ් කළා...අනේ මට ගොඩක් සතුටුයි..... පස්සේ කියනවා මණික මගේ blog එකට ගිහින් බලන්න කියලා....මේ තමා ඒ පොස්ට් එක. ඒ වගේම මේ තමා මට ලැබුන ලොකුම තෑග්ග....තව තෑග්ගක් ලැබුණා.එත් තමා එක ස්ථිර වුනේ නැ....උනාම කියන්නම්කො ඔයාලට....

ඒ වගේම උදේම මට අපේ සිහින මල්ලි, සුදු හංසි අක්කා, දෙව් අයියා කෝල් කරලා විශ් කරා වගේම ගුගල් බස් සංගමේ කට්ටියම මේල් එක හරහා විශ් කළා....ඒ වගේම මුණුපොතෙනුත් ගොඩක් යාලුවෝ විශ් කරා..ඒ හැමෝටම ගොඩක් ගොඩක් ස්තුතියි....
ගොඩක් වටිනා ආදරයක් වගේම සයිබරයේ යාලුවෝ ගොඩක් අතර ගෙවුන ලස්සනම ලස්සනම උපන්දිනයක්.....ඒ හැමදේටම ඔයාලට ගොඩක් ස්තුතියි.....
 

ඔන්න ඉතින් මේ උපන්දිනේ නිසා මට වෙච්ච අකරතැබ්බක් කියන්නයි මේ හදන්නේ...ඔයාලට කියන්න මන් මගේ උපන්දිනේ තියන් හිටියේ හෙටට..ඒ කියන්නේ අඟහරුවාදාට... කොහොම හරි ඊයේ රෑ මුණු පොතේ ඉන්දෙද්දී අපේ පන්තියේ හිටපු මල්ලි කෙනෙක් මට විශ් කළා.මන් කිව හෙට නෙමේනේ අඟහරුවාදානේ කියලා..එයා තමා කිවේ පිස්සුද ඔයි හෙට නේ 30 කියලා....පස්සේ තමා මන් කැලැන්ඩරේ බැලුවේ...මල මගුලයි. මෙන්න කැලැන්ඩරේ පෙන්නන්නවා හෙට 30 කියලා....අයියෝ...වැඩ සේරම අවුල්.....ඔෆිස් එකට party දෙන්න හිටියෙත් අගහරුවදා...බඩු ගෙන්න යන්න හිටියෙත් අද...සාරියක් ගත්තෙත් නැ අදින්න කියලා....අනේ ජිවිතේ පළමු වතාවට මන් පරණ ඇදුමක් ඇන්දා උපන්දිනෙකට.....ඔන්න ඉතින් මගේ සිහියක හැටි....කොහොම හරි ඔෆිස් එකේදී ප්‍රින්සිපල් ප්‍රසන්ට් එක දෙන්න කලින් මගේ අමතක වීම ගැනත් කියලා නෝන්ඩියක් දාල තමා ප්‍රසන්ට් එක දුන්නේ......


කේක් කේක් ...මෙන්න කේක් කන්න......



Thursday, January 19, 2012

The Word and The Q............

As the sunshine,
U came to me
Lighting my world.........
Never thought I,
U'll be with me
For the rest of my life.......
When I was hopeless,
U gave me the word
I never expected...
And 
Asked a simple Q
That I couldn't believe.......
As a simple girl,
The word made me
The happiest of the world
And
The Q shocked me....
Yes my dear,
I love U more than me
And 
I wanna marry U......


Friday, January 13, 2012

දෙන්නම් අපිත් හිටපියව්........

ගොඩ දවසකින් මේ පැත්තේ ආවේ....වැඩ වැඩ ගොඩගැහිලා....

හම්...ඊයේ මගේ පරණම යාළුවෙක් මුණගැහුණා වැඩ ඇරිලා එද්දි...අවුරුදු 3න් වගේ දැක්කේ.....ඒ හමුවීම මාව 6 වසර තෙක් අරන් ගියා....මන් අද මේ උගන්වන පාසලේම ශිෂ්‍යාවක් වෙලා ඉන්න කාලේ වුණ සුන්දර මතකයන් කිහිපයක්ම ඒ හමුව නිසා මතකයට ආවා.....ඉතින් හිතුවා ඔයාලත් එක්ක බෙදාගන්න ඒ මතක....

ඒ දවස් වල අපි 6 වසරේ....ශිෂ්‍යත්වෙ පාස් වෙලා ගමේ ඉස්කෝලෙන් නගරේ ඉස්කෝලෙට ගියපු අපි යාළුවො 3දෙනයි මාත් ඇතුළුව.මම, අයේෂා, ඉනෝකා......අපි 3නා ඉස්කෝලේ ගියේ කෝච්චියේ....ඒ දවස් වලම මමයි අයේෂයි OWF (මන් උගන්වන පාසල) එකේ ක්ලාස් ආවා....ගෙදර හිටියොත් සෙල්ලම කියලා. ඒ දවස්වල පිරිමි ළමයි පෙන්නන්න බැ.....හරිම ඇලජික්....:P

ඉතින් මේ ක්ලාස් එකේ ගැලු ළමයිනුයි පිරිමි ළමයිනුයි පිල් දෙකකට බෙදිලා හිටියේ. පන්තියට නායකයයි නායිකාවයි. ඉතින් මට මුණගැහුණ මේ යාළුවා තමයි ඒ දවස් වල අපේ පන්තියේ නායකයා.....එයා කියන කිසි දෙයක් අපි අහන්නේ නැ....ඒ නිසා අපි එක්ක පුදුම තරහයි.

මන් කිව්වනේ ඒ දවස්වල අපි ඉස්කෝලේ ගියේ කෝච්චියේ කියලා. අපිට ලඟම ස්ටේෂම ප්‍රධාන එකක් නෙමේ. සබ් එකක්. ඒ නිසා ඒකේ ෆ්ලැට්ෆෝම් එක කොටයි. ඒ දවස්වල වැට කළේ අර පාන් බාගේ කියලා අනුවර්ත නාමයක් දුන්න කොළපාට දුම්රිය.ඒක අපේ ස්ටේෂමේ නැවැත්තුවාම ගොඩ වෙලාවට මුල්ම පෙට්ටිය අහුවෙන්නේ නැ. අපි පුරුදු වෙලා හිටියේ පළවෙනි පෙට්ටියේ යන්න. ඉතින් මොකද කරන්නේ පළවෙනි පෙට්ටිය අහු නොවුන දාට.....ඔන්න එදාට අපි කරන්නේ දෙවෙනි පෙට්ටියට නැගලා ඊලඟ ස්ටේෂන් එකෙන් බැහැලා පළවෙනි පෙට්ටියට නගින එක.....

ඔය කියන ඊලඟ  ස්ටේෂන් එකෙන් තමා අර පිරිමි ළමයා ඉස්කෝලේ යන්න නගින්නේ....දැන් අපිත් එක්ක ඔරොප්පුයිනේ....වැරැද්දක් හොය හොයත්නේ ඉන්නේ. ඔන්න මෙයා දැක්කා අපි කෝච්චිය නවත්තනකොටම බැහැලා පෙට්ටි මාරු වෙනවා....

ඒ දවස්වල අපිට රසිකා කියලා විද්‍යාව කරන මිස් කෙනෙක් හිටියා...අපේ පන්ති බාර ඒ මිස්...හරිම නපුරුයි.වැරැද්දකට කිසිම සමාවක් නැ....පහුවෙනිදා අපි පන්ති යද්දි ඒ පිරිමි ළමයා කේළම කියලා මිස්ට....අපෝ ඉවරයි....පැයක් අවුවේ...වේවැල් පාරවල් 3 ගානේ.....ඒ ළමයට හිතින් බැණ බැණ අවුවේ පැයක් හිටියා....කොහොමට තියෙන්න ඇත්ද....ලැජ්ජාව ඊට වැඩී.....

අපිට කරන හැම දේකටම අපිත් රිටන් එක දුන්නා පහු වෙලා හරි...ඒවා පස්සේ කියන්නම්කෝ.....

ඔන්න මට මතක් වුණ අතිත සුන්දර මතකයක්...පහු වෙනකොට ඒ ළමයා අපිට හිටපු හොඳ යාළුවෙක් වුණා.....

Saturday, December 31, 2011

ඔබටයි මේ සුභපැතුම..........!!!!

දන්නවද මැණික, අද ඔයාගේ උපන්දිනය....මන් ඇඟිලි ගැන ගැන හිටපු දවස..........ඉතින්,
මගේ මැණිකට සුභම සුභ උපන්දිනයක් වේවා...!!!  

කියලා මන් මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම, එළබෙන හැම උපන්දිනයකදීම ඔයාගේ ලඟින් ඉඳන් මේ වගේ, මිටත් වඩා ආදරෙන් සුභ පතන්න ලැබෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා මම.....!!!


ඇත්තටම මන් හරිම වාසනාවන්තයි කියලා දැනෙනවා මට.ඔයාගේ ආදරෙත් එක්ක මන් ජීවිතේ ගොඩක් සතුටින් ඉන්නවා....දුක නොදැනුණ අවස්ථා නැතුවමත් නෙමෙයි....ඒත් සතුට වැඩී ඒ දුකට වඩා....අද දවසම ඔයා එක්ක ඉන්න පුළුවන් වෙයි කියලා හිතුවට බැරි වුණා.ඒකට කමක් නැ.හදවතින් මන් හැම වෙලේම ඔයා ලඟම තමා.......


කියන්න දාහක් දේවල් තිබුණත් කියන්න අකුරු වලට පෙරලන්න හරිම අමාරුයි.....එකම එක දෙයක් කියන්නම්....ඒ ඔයා වගේ කොල්ලෙක්ගේ ආදරේ ලබන්න ගොඩක් පින් කරන්න ඕන.ඒ පින දැනට මට තියනවා....හැමදාටම තියේවි කියලත් හිතනවා.....මන් ගොඩාක් ආදරෙයි......!!  මටත් වඩා..........
ඔයාට සුභ අනාගතයක්.....!!!

Friday, November 25, 2011

කසාද බඳිමුද.......


හික්ස්.....නම දැක්ක හැටියේ අහන්න එපා මාව බඳින්න කැමතිද කියලා....මන් කැපවෙලා ඉවරයිනේ ඉතින්....

හම්මේ......බ්ලොග් එක පැත්තේ ආපු කාලයක් මතක නැ......බිසි බිසි.....හොඳටම බිසි.....එහෙම කියලා බේරෙන්න බැ නේද යාළුවනේ.....ඔන්න අද මන් කියන්න යන්නේ ටිකක් විතර වැදගත් කතාවක්....

අපේ අතිතයෙන් අහුලන මතතකයන් ලියන දිල් අක්කා කාලෙකට ඉස්සර අපේ රටේ වගෙම පිට රට වල මගුල් තුලා සිද්ධ වෙන විදිය ගැන පෝස්ට් දෙකක් දැන්මනේ....මතකද ඒවා....
ඉතින් ඔය කොයි රටටත් වගේම අපේ රටටත් අවේණික වුණ විවාහ ක්‍රම තියෙන බව ඉතින් දැන් ඔයාලා දන්නවනේ( හරි ඉතින් කලින් දැනන්  උන්නට මේ තරම් විස්තරයක් දන්නෙ නැ නේද?)

මන් අද කියන්න යන්නේ අපේ විවාහ උත්සවයකදි පිළිපදින චාරිත්‍ර වාරිත්‍ර ගැන බිඳක්....


අපේ රටේ මුල්බැස ගිය සිරිතක් වන කේන්දර බැලීම මෙහිදීත් අනිවාර්යෙන්ම සිද්ධ කරනවා.( හොරෙන් පැනලා යනවනම් ඕං මේවා වැඩක් නැ) මෙයින් කියවෙන්නේ පෙර භවයේ සිට පතාගෙන එන අන්දම ('පෙර උන්දම්') ගැන බැලිමක් ලු.....මේවා මන් නෙමේ ඕං කින්නේ.....පුරාණ ජනයා.....මේකෙදි විවාහයේ පැවැත්ම මුල් කරගෙන කායිකව, මානසිකව හා ජීව විද්‍යාත්මකව ඒ දෙන්නා ගැලපෙනවද කියලා බලන එකලු කරන්නේ. ඊට පස්සේ කරන්නේ නැකැත් පොරොන්දම් බලන එකලු. එතනදි ධනය, බලය, සමගිය හා සැපය ගැලපෙනවද කියලා බලනවලු. ඉතින් මේ පොරොන්දම් බැලිම දශ පොරොන්දමින් ආරම්භ වෙලා   විසි පොරොන්දම් බැලිම දක්වා දිවෙනවලු.

මේ මන් කියන්නේ දෙමාපිය ආශිර්වාද ඇතුව කරන මගුලකදි පිළිපදින ක්‍රම ගැන හොඳේ.....හික්ස්....එතකොට ඉතින් කුලය ආගම ජාතිය ඔය සේරමත් බලනවනේ....

දැන් ඔය කේන්දර බලන එකෙන් කරන්නේ ගැලපෙනවද කියලා බලන එකම නෙමේනේ.....ගැලපෙනවනම් මේ කසාදේ කරන්න අවශ්‍ය නැකැත් එහෙමත් බලනනවනේ....එතනදි මනාල පාර්ශවය විසින් ඒ ඒ නැකත් හදාගෙන මගුල් දිනයට කලින් නැකැත් දවසක නැකැතක මංගල දින‍යේදී සිදු කරනු ලබන සියලු චාරිත්‍ර ඇතුළත් ලියවිල්ලක් මනාලි පාර්ශවයට ගිහින් දෙනවලු...ආ අමතක වුණානේ ඒ ලියවිල්ලට කියන්නේ නැකැත් පත්‍රය කියලලු..ඒකට කියන්නේ නැකැත් දීම කියලලු.....ඒ කියන්නේ විවාහ ගිවිස ගැනීමලු.....දැන් කාලේ එහෙම නේමේනේ නේද.....වෙනම විවාහ ගිවිස ගැනීමක් කරනවනේ......

මේ නැකැත් දීමෙන් එහෙමත් නැත්නම් විවාහ ගිවිස ගැනීමෙන් පස්සේ මගුලට සති දෙකකට විතර කලින් මේ දෙපාර්ශවේම අය තම තමන්ගේ නැයන්ට මගුලට ආරාධනා කරනවලු. ඒ ආරාධනාව කරන්නත් ඕන වැඩිහිටියෙක්ලු....ඕං පොඩිහිටියෙක් නෙමේ......මේ ආරාධනාවත් නිකම් කට වචනෙන් කරලා බැලු.....ඒකට  පිත්තල හෙප්පුවක් හරි රිදී බන්දේසියක බුලත් තබා සුදු ලේන්සු‍වකින් වහලා බුලත් දීම, බුලත් හුරුලු දීම, හසුන් පත් යැවීම ආදී වශයෙන් ආරාධනා කිරීම උඩරට හා පහතරට සිරිතය.


ඔන්න ඉතින් ඉස්සර මේ දැන් වගේ කුලියට ගන්න මගුල් පෝරු තිබිලා නැනොවැ.ඒකද මංගුලට දින කිහිපයකට කලින් සුභ නැකතකින් තමා හදන්න අරන් තියෙන්නේ.සුභ දිසාවකට මුණ එන විදියටලු නිර්මාණය කරන්නේ. 
කසාද බඳින එකත් සෙල්ලම් නැ නේද බලන් යද්දි.....
දැන් පෝරුවත් හදලා ඉවරයිනේ....මගුල් දවසේ චාරත්‍ර ටික වෙන දවසක කියන්නම්කෝ.....එහෙනම් ඔන්න මන් ගියා...බයි බායි කස්ටියටම......


Tuesday, November 1, 2011

ඔබට උපහාරයක්ම වේවා!!!!

හම්......ගොඩ කාලෙකින් මේ පැත්තේ ආවේ....මකුළු දැල් බැඳිලද මන්දා.....කෝ කෝ මේ කොස්ස......හික්ස්....අනේ තරහ වෙන්න එපා යාළුවනේ....අධි කාර්ය බහුලයි මේ දවස් වල....

ඔයාලා දන්නවනේ මන් උගන්නන්නේ NGO ස්කුල් එකක කියලා...ඉතින් මට මේ පාර ක්ලාසස් 4ක් කරන්න වෙලා....උදේ 8.30-11.30 වෙනකම් CAA(NVQ-Level3), 11.30-2.30 වෙනකම් CGD(NVQ-Level4-Practical),2.30-5.30 වෙනකම් ආයේ CAA(NVQ-Level3) කරනවා....ඉතින් කොහෙදෝ මට වෙලාවක් ලියන්න......ඒත් මන් හැම බ්ලොග් එකක්ම බලනවා....ඔං කමෙන්ට් නොකලට තරහ වෙන්න එපා.....ක්ලාස් කරන ගමන් කියවනවා...කමෙන්ට් කරන්න හිටියට බැරි වෙනවා.....

අද මන් අපේ ඉස්කෝලේ ගැන කියන්න කියලා හිතුවේ.....

ඉංග්‍රීසි අංශයේ කොටසක්
                                                           පෙර පාසල් අංශය
                                                         ආපන ශාලාව

1995 වර්ශයේ පටන් ගත්ත මේ පාසල අහුන්ගල්ල ප්‍රදේශයේ විතරක් නෙමේ,දැන් බලපිටිය, අම්බලන්ගොඩ, හික්කඩුව, කොස්ගොඩ, අළුත්ගම, බේරුවල, කළුතර සිට පැමි‍ණෙන දරුවන්ගේ නැණ පාදන්න මහත් වු සේවයක් ඉටු කරනවා.

ඒකක 8කින් සමන්විත අප පාසලේ සියළුම පාඨමාලා පවත්වනු ලබන්නේ කිසිඳු අය කිරීමකින් තොරවයි....


  • පෙරපාසල් අංශයට වර්ශයකට දරුවන් 150කට ආසන්න ප්‍රමාණයක් බඳවා ගන්නවා....
  • ඉංග්‍රීසි අංශය කොටස් 2කින් සමන්විතයි.
  1. 1-12 වසර තෙක් - සාමාන්‍යයෙන් වසරකට 200කට ආසන්නයි
  2. පාසල් නොයන - මාස 3 නේ පාඨමාලා 3ක් වසරකට-දින 5ම, කාණ්ඩ 3බැගින්.....ළමයි 100ක් ආසන්න(සියළුම පාඨමාලා රජයේ  පිළිගත් වෘතිය පුහුණු අධිකාරියේ විශය නිර්දේශයට අනුව පවත්වයි)
  • පරිගණක අංශය - මාස 3 නේ පාඨමාලා 3ක් වසරකට-දින 5ම, කාණ්ඩ 3බැගින්.....ළමයි 100ක් ආසන්න(සියළුම පාඨමාලා රජයේ  පිළිගත් වෘතිය පුහුණු අධිකාරියේ විශය නිර්දේශයට අනුව පවත්වයි (CAA(NVQ-Level3), (CGD(NVQ-Level4) හා (SLCDL))
  • කාන්තා සහයෝගිතා අංශයේ මැහුම්, වූල්, බතික් හා පේන්ටින්ග් ලෙස පාඨමාලා 4ක් පවත්වයි.(සියළුම පාඨමාලා රජයේ  පිළිගත් වෘතිය පුහුණු අධිකාරියේ විශය නිර්දේශයට අනුකුලයි)
  • ක්‍රීඩා අංශය (සමස්ථ ලංකා තරඟ පවා ජයග්‍රහණය කර ඇත)
  • දෙමළ අංශය
  • සංගීත අංශය

දැනට මෙහි ගුරුවරු 40කට ආසන්න ප්‍රමාණයක් වගේම සුළු සේවකයන් 5කින් සමන්විතයි.......

http://www.owf.at/pdf/OwfNewsletterVol-6.pdf
http://www.owf.at/pdf/15-years-owf.pdf

ඇත්තටම අද මන් මේ තත්වෙන් ඉන්නේ මේ පාසලින් මන් ඉගනගත්ත දේවල් නිසා.......ඉතින් මේ ලිපිය,
OWF 
පාසල් මව්නි ඔබට උපහාරයක්ම වේවා!!!!

Friday, October 14, 2011

දිවි තිබෙන තුරුමත්...........

ඔබයි මාගේ එකම පැතුම
ලැබු දා සිටම නුඹේ පෙම.....
සතුටයි පැතුවේ හැමදාම
ඔබ හා බැඳුණ දිවිය පුරාම....
සය මසක් ගෙවුන අපේ ආදරයේ
ඇති වුණත් නොයේක් වු බාධක
විඳ දරාගෙන එක සිතින් එක සේ
සතුට ‍වෙත පියමන් කළා ‍මෙන්
අද මෙන්ම හෙටටත්
දිවි තිබෙන තුරුමත්
දුක සැප සතුය සම සේ දරා
ජය ගනිමු එක්ව මේ දිවිය


Monday, October 10, 2011

මට ගොඩාක් සතුටුයි.....!!!

හම්....මට ගොඩාක් සතුටුයි.....මේ පෝස්ට් එක ඩ්‍රාෆ්ට් කරලා තිබුණත් දාන්න වුණේ නැ වැඩ වැඩි නිසා...


ඇයි මන් සතුටු....හම් අද (01/10/2011) මන් ඉංග්‍රිසි ඩිප්ලෝමාධාරිනියක් වුණානේ....අන්න ඒ නිසයි මට සතුටු....ඒ එක්කම තව හේතුත් තිනවා ඒ සතුට වැඩි වෙන.....


හි හි....ඒ මොනාද කියලා ඔයාලා දන්නවද?


ඒ තමයි මගේ ජිවිතේ වටිනා අවස්ථාවකදී මගේ ආදරෙත් ළගින්ම තියාගන්න පුළුවන් වුණ සතුට.....


මෙන්න මෙහෙමයි වුණේ....


ඩිප්ලෝමා ප්‍රධානෝත්සවයට එක ළමයෙක්ට එක්කරන් යන්න පුළුවන් එක ගෙස්ට් කෙනයි. ඉතිං මට එක්කරන් යන්න පුළුවනුත් එක්කෙනයිනේ....ඒත් අම්මා වගේම මට ළහිරුවත් එක්කරන් යන්න ඕන....දැන් ඉතින් මොකද කරන්නේ කියලා කල්පනා කරනකොට මගේ යාළුවෙක් ඉන්නවා ශැගි කියලා.....(ආදරේට එහෙම කියන්නේ....) එයා කෝල් කරලා කිව්වා එයාට එක්කරන් යන්න කෙනෙක් නැළු.එයා යාළුවෙක්ට අඬගැහුවළු.....කොහොම වෙයිද දන්නේ නැ කියලා....ඔන්න මට දෙන දෙයියො ළඟටම ගෙනත් දෙනවා වගේ චාන්ස් එකක් ආවා....(ළහිරුයි ශැගියි අඳුනනවා....) ඔන්න මන් බටර් පාරක් ගෑවා ..මචං ඒ යාළුවා එන්නේ නැත්නම් මන් ළහිරුව එක්කරන් එන්නද...ඔයාගේ ගෙස්ට් පාස් එක මට දෙනවද කියලා....ඔන්න කොල්ලා හා කීවා.....අම්මේ....දැනුණ සතුට....


හම් ....ඔන්න එදා මගේ ජීවිතේ වැදගත්ම දවසක මට ම‍ගේ ආදරෙත් ළඟ තියාගන්න වාසනාව ලැබුණා....


මෙන්න ‍ෆොටෝ....
(මේ සේරම ගත්තේ ළහිරුම තමා....අපෙ අම්මට මාට්ටුද මන්දා.....)







                                            මායි අම්මයි........

Friday, October 7, 2011

අවසාන තීරණය..........

අම්මේ....බය වෙන්න එපා...පොඩි කතාවක් මේ...ගොඩ දවසකින් මේ පැත්තේ ආවේ....මකුළු දැල් බැඳීගෙන එන්නේ......සුද්ද කරන්නත් එක්ක මෙන්න පොඩි කතාවක්.......


මේක මට ආපු මේල් එකක තිබුණේ.ඇත්තටම මෙහෙම කොච්චර දේවල් වෙනවද? 


ඔන්න දවසක් වයසක තාත්තා කෙනෙකුයි පුතෙකුයි කෝච්චියක ඉඳගෙන ඉන්නකොට ඊට ඉස්සරහෙන් කපල්(ප්‍රෙම කුරුල්ලෝ දෙන්නෙක් ) එකක් වාඩි උණා. පුතාගේ වයස අවුරුදු 25ක් විතර ඇති. එයා වීදුරුව පැත්තට වෙන්න ඉඳගෙන හෙන ආසාවෙන් එළිය බලාගෙන හිටියේ. 

ටික වෙලාවකින් කෝච්චිය යන්න පටන් ගත්තා. දැන් පුතාට හෙන සතුටුයි. ජනේලයෙන් එළියට අත දාලා කිව්වා,

"තාත්තේ තාත්තේ බලන්න මේ මගේ අතේ හුළඟ වදිනවා. තාත්තේ තාත්තේ අර ගස් පිටිපස්සට යනවා.." 

තාත්තා පොඩි හිනාවක් දාලා. පුතාට සතුට විදගන්න ඉඩ හැරියා.
අර කපල් එකත් දැන් වෙන වැඩ එහෙම නවත්තලා මේ පුතා දිහා පුදුමයෙන් බලාගෙන ඉන්නවා. 25ක කොල්ලෙක් නිකන් පොඩි එකෙක් වගේ හැසිරෙනවා දැකලා.

ටිකවෙලාවකින් ආයෙත් පුතා කෑගහනවා
"තාත්තේ තාත්තේ අපිත් එක්කම වළාකුලු යනවා.. අර අර පොන්ඩ් එකක්.. සත්තුත් ඉන්නවා. ලස්සනයි නේද තාත්තේ.."

තාත්තගෙන් ලැබුනේ සුපුරුදු සිනහබර මුහුණයි. තව ටික වෙලාවකින් වහින්න පටන් ගත්තා.
"තාත්තේ මෙන්න වහිනවා. ශෝක්. මේ වැහි බින්ඩු මගේ අතටත් වැටෙනවා.."

දැන් කපල් එකට හෙනම ප්‍රශ්නයක් මේක. බැරිම තැන වයසක මනුස්සයාගෙන් අහනවා
"ඇයි ඔයා පුතාව ඩොක්ටර් කෙනෙක් ගාවට අරන් නොගියේ. එයාට වෙදකම් කරන්න වෙයි වගේ නේද? "

තාත්තා බොහොම සංසුන් විලාශයෙන් කියනවා

"ඔව්. අපි ඉස්පිරිතාලේ ඉඳන් තමයි එන්නේ. අද තමා මගේ පුතා මේ ලෝකේ එළිය බලන පළවෙනි දවස එයාගේ ඇස් දෙකෙන්"


ඉතින් මේකෙන් ගන්න පුලුවන් ආදර්ශයක් තියෙනවා. 

ඔබ එහි සියලුම තතු නොදන්නවානම්, කවදාවත් අවසාන තීරණයකට එන්න එපා කියන එක



මේ වගේ දේවල් විතරක් නෙමේ....අද කෙල්ලෙක් කොල්ලෙක් එක්ක ක‍තාකළොත් ඒ කෙල්ල ගැන සමාජය කතා කරන්නේ කොයිතරම් වැරදියටද? මන් හිතන්නේ හැමෝමට මේ වගේ අත්දැකීම් ඇති නේද?


(තැන්කූ ශානුක මේල්ලුවට)
මා මාම වී ....ඔබ ඔබම වී නම්.....අපි අපිම වෙන්නට පෙරුම් පුරනු කෙලසින්.....