Monday, May 2, 2011

නොවෙනස් මිතුදම .................

ඔන්න ඊයේ රැ හෙට ලියන බ්ලොග් පොස්ට් එක (ඒ කියන්නේ අද ලියන ) කල්පනා කොර කොර හිටියා මතක් වෙන්නෙම නැනේ. අනේ ඇත්තමයි .ඉතින් නිකමට වගේ යාලුවෙක්ට මදේජ් එකක් දැන්ම ලියන්න හොද පොස්ට් එකක් කියන්න කියල.මෙය මට රිප්ලයි කලා " අම්ම ජිවන උයන්තෙරේ..ඔබ මට සුවය ගෙනේ" කියල.  


හ්ම් හ්ම් එයා එක එවන්න මොහොතකට කලින් මට හිතුන මන් ජොබක් කියල එකක් කරපු මුල්ම දවස ගැන ලියන්න.අම්ම ගැනනම් නිවිහැනහිල්ලේ ලියන්න ඕන. එත්  දෙකම ගැන කල්පනා කොරද්දී මෙන්න මෙයා තව මැසේජ් එකක් එවනවා ඇයි ඔයාගෙන් යාලුවෙන්න අහපු අයිය කෙනෙක් ඉන්නේ, එයා ගැන ලියන්නකෝ කියල, මට එක පාරටම මිටෙර් උනේ නෑ කවුද  කියල. මෙයත් ඉතින් මගෙන් ඇහුවනේ. මන් ආයේ  අහල යැවුවා ඔයා ගැනද කියල. මෙයා කියපි, ඔවු ඇයි හොද නැද්ද කියල.  පවුනේ පොඩි එකාගේ ආසාවනේ කියල මන් ඉතින් හා කීවා. මෙන්න මෙයා මට තැන්කු ලු. මන් ඇහුව ඇයි කියල, මන් ගැන මිට කලින් කවුරුවත් ලියල නෑලු.(අනේ මු ගැන ලියන්නමයි වටින්නේ)දැන් කවුද මේ ළමය. ඊයේ පෙරේද බස් පදින්න අපු කොලුවෙක් හැමෝම වගේ දන්නවා. මිස්ටේර් ලහිරු චානක  හෙවත් ලහිය තමයි මේ කොලුවා.

මමයි මේ ලහි කොලුවයි මිට වුනේ බුකින්නොව. මෙයා මට රික්වෙස්ට් දාලා තියෙන්නේ 2009 නොවෙම්බර් 30 වෙනිදා. මන් ඉතින් කවද අක්සේප්ට් කොලද මන්ද. මගේ  කාලේ තිබුනේ වෙන එකවුන්ට් එකක්නේ.  කලේ මන් ජපුර යුවෙර්සිටි ඉන්න කලේ. අපි ඉතින් චැට් කොලා. වෙන මොන කරන්නද. මෙයා ඉතින් මට එයා ගැන කිව. ,මාත් ඉතින් සේරම නැතුව ටිකක් කිව. කොහෙන්ද පාත් උන කෙනෙක්ට සේරම කියන්න පුළුවනැයි.  අපි ඉතින් පොඩි රණ්ඩුවක් ගියා මොකටද මන් කෙල්ලෙක්ද, කෙල්ලෙක්ගෙ නමින් ඉන්න කොල්ක්ද කියල මෙයා අහල. මට ඉතින් ඩෝන් යනවනේ ඉක්මනටම. ඔහොම කොහොම හරි දෙන්න ශේප් වුණා. අපි දැන් යාලුවෝ. ටික දවසක් ගියාම මෙයා කියනවා මන් ඔයාව නොදක,කෙල්ලෙක්ද කියලවත් නොදැන,ශ**  කියන සංකල්පයට මන් ආදරේ කරනවා කියල. අයියෝ....... මට ඉතින් ටිකක් තරහ ගියා. බට් යාලුවෙක්නෙ. මන් කැමති නෑ යාලුවෝ නැති කර ගන්න. ඉතින් මන් කිව අපි දැකලවත් නෑ. කතා කරලත් නෑ. අනික ආදරේ කරන්න දැන්ම කැමති නෑ. ඉතිරිය ඕනි නෑ. කොටින්ම කතාව "බෑ" කියල කීවා. එයත් ඉතින් වැඩිය කරදර කරන්න අවේ නෑ. පස්සේ තමා හේතුව දැනගත්තේ.  කිවේ මේ පෙරේද. අපි දෙන්නගෙම යාලුවෙක් ඉන්නවා ශානුක. එයා මෙයාට කියල මන් අකමැතිනම් මට වද දෙන්න එපා කියල. හොද ළමයි දෙන්න. ඉතින් අපි පුරුදු ලෙසට යාලුවෝ වගේ හිටිය. මෙයා ඊට පස්සේ "අ" නම තියන ගැණු ළමයෙක් එක්ක යාලු උණා. අපි ඉතින් යාළුවොනේ මෙයා මට ඇවිත් එක කිව. මමත් විශ් කලා. ඔහොම ගියපු අපේ යාළුකම එන්න එන්න අඩු උන.එයාට ජොබක් සෙට් උනා. කෙල්ලෙක් ඉන්න නිසා වැඩිය කතාත් නෑ.මන් ඉතින් කාටවත් කරදර කරන කෙල්ලෙක් නෙමේනේ.  එක දවසක් මන් ඇක්වයිනාස්  ඉන්නකොට මෙයා කෝල් කරලා ඇහුව කොහෙද ඉන්නේ කියල. එකට හේතුව මන් එයාගේ එක්සැම් එකට විශ් කරලා එස් එම එස් එකක් යැවුවා.මොන වුනත් යාලුවනේ. එකට මන් ඉතින් කීවා ක්ලාස් එකෙයි ඉන්නේ කියල මෙයා කියපි මාත් ඉන්නේ එකේ. අපිට එක්සැම් එකේ. එලියට එන්න කියල. මාත් ඉතින් ගියා. මෙන්න කොරිඩෝර් එක දිගේ එනවා වැනි වැනි ගෝරිල්ලෙක් වගේ. අනේ නෑ නොර්මල් කොලු පැටියෙක්. අපි ඉතින් හායි, කොහොමද, එහෙනම් එක්සැම් හොදට කරන්න, කියල වෙන් වුන. එදා හරියටම 2010 යේ මාර්තු 14 වෙනිදා. එදවස මට නම් කවදාවත් අමතක වෙන්නේ නෑ. මට මගේ ආදරේ අහිමි උනෙත්, සහෝදරත්වය හිමි වුනෙත් එදා....(http://sdsithuvili.blogspot.com/2011/03/blog-post_29.html  ) 


හ්ම්ම්ම් කොහොම කොහොම හරි ගිහින් මෙයා බුකිය පැත්තේ එන එකත් නැවැත්තුවා. ශානුක කීව විදියට ජොබ් එක නිසාලු. මන් ඉතින් මුකුත් කියන්න ගියේ නෑ. නමුත් මගේ යුතුකමේ හැටියට ශානුකගෙන් හැමදාම විස්තර ඇහුව.කාලෙකට පස්සේ මන් මොබිටෙල් සිම් එක දාපු වෙලාවක මෙන්න මෙයා කෝල් කරනවා. මන් බැලුව කවුද මේ කියල. ඒ කතා කලෙත් හැබැයි එයාගේ උවමනාවකට. ජපුරේ බාහිර ඩිග්රි එකක් ගැන දැනගන්න හොදම පරිපාලනේ ඉන්න කවුරු හරි සෙට් කරගන්න. මන් ඉතින් දන්න හොදම කෙනාව සෙට් කරලා දුන්න. ආයේ මෙයාට  අපිව මතක නැතුව ගියා. මන් ඒ කලේ බුකියෙන් අයින් උනා පොඩි අවුලක් ගිහින්. ඉතින් අපි අතර තිබුන හැම මතකයක්ම කාලෙට එකතු උනා. කොහොමෙන් කොහොම හරි මන් ආයේ මගේ පරණ මොබිටෙල් අංකය පාවිච්චි කරන්න ගත්ත නිසා මෙයට ආයේ මට කතා කරන්න අවස්ථාවක් ලැබුණා දැනට සතියකට කලින්. ඔන්න අපේ frendship  එක ආයේ අලුත් උනා. කොහොම හරි මන් මෙයාව අවුලෙන් ඉන්න නිසා බස් එකට එක්කර ඇවිත් හොද කතා ටිකකුත් අහගත්තා. කොහොම නමුත් අදටත් අපේ මිත්‍රත්වය එසේම තියෙනවා. ඇත්තටම ලහිරු ඔය වගේ යාලුවෙක් මුණ ගැහීමත් මට ලොකු සතුටක්....






යාලුවෝ වගේ ලගින් හිටපු අය හිටි හැටියේ වෙනස් වෙනකොට, කාලයත් සමග නොවෙනස් වුන අපේ මිතුදමට කාගෙවත් ඇස්වහ නොවැදෙවා ....!!!!!

Thursday, April 28, 2011

මියෙන්නෙමි.....................

හැඬුවෙමි
සාගරයක් පිරෙන තරමට....
හඬන්නෙමි
මතක් වෙන හැම මොහොතකදීම.............
දැවෙන්නෙමි
විදින්නට ඔය සොඳුරු වූ සෙනෙහස..............
මියෙන්නෙමි
දරන්නට නොහැකි වූ නිසාම........... 

නොබිදුන පැතුමන්........... 06 කොටස



දහවලද ඉක්මයමින් පවතී.අර්චනා තවමත්  දිවා  ආහාරය ගැනීමට සිතුවේ නැත.ඇයට කෑමද එපා වී ඇත. එහෙයින් ඇය දිවා ආහාරය පන්සල ඉදිරිපිට වූ සිගන්නාට දුන්නාය.මේ අතර අනුහස්ගේ ජංගම දුරකතනයට ලැබුන ඇමතුමක් නිසා ඔහු බොහෝ කලබලයට පත්විය.

"පුතා, අම්මා කතා කරන්නේ. සුදු දුව ඉන්නවද?"
"...... ඔව් අම්මා, ඇයි? "
"චුට්ටක් කතා කරන්න"
"..එයා කන්න ගියානේ මධුත් එක්ක."
"ඇත්තද? එහෙමන් ඔයා එනකොට දරුවවත් එක්කරන් එන්න ඕන හරිද. තනියම එහෙම එවන්න එපා. පාර තොට දන්නෙත් නැනේ හරියට.තනියම එහෙම එවනවා නෙමේ."
"හා අම්මා...මන් තියන්නද?"
"හා හා මතකනේ"
"ඔව් ඔව් අම්මා"
අනුහස්ට තමන් දැන් කුමක් කරන්නදෝ කියා සිතාගත නොහැක. එසේනම් ඇය ගෙදර ගොස් නැත. කොහෙද ගියේ....කොහේ කියල හොයන්නද.....?තමන් කල වැරැද්දේ බරපතලකම  ඔහුට තේරුනේ දැනුයි. එත් සමගම පැමිණි තවත් දුරකථන ඇමතුමක් නිසා ඔහුගේ කනස්සල්ල තවත් වැඩිවුනි....
"පුතා තාත්තා...හවසට එනකොට දුවවත් අරන් එන්න හොදද...තනියම එහෙම එවනවා නෙමේ. අනික ඔයා දරුවට වැඩිය වැඩ දෙන්න ලෑස්තිවෙන්න එපා..තේරුනානේ...ඒක කියන්න කතා කලේ."
තමන්ට වචනයක්වත් කියන්න ඉඩ නොතබා තාත්තා ඇමතුම විසන්ධි කල බව අනුහස්ට සිතුනි. 
"දැන් මොකද කරන්නේ" අනුහස් තමාගෙන්ම ඇහුවේ වෙන අහන්න කවුරුවත් ලගක නොසිටි නිසාවෙනි. "මධුමාලිටවත් කියල ගියාද දන්නේ නෑ" එසේ සිතු ඔහු යලි දුරකථන ඇමතුමක් ගෙන මධුමාලිට  තම කාමරයට කතා කළේය.
"සර් මට කතා කලේ...?"
"මධු..ඉදගන්න"
"ඇයි සර්...මොකක් හරි ප්රශ්නයක්ද?" ඇය ඇසුවේ ඔහුගේ මුහුණේ වූ කනස්සලු ස්වභාවය නිසාය.
"ඔව් මධු මට උදවුවක් කරන්න. ඔයාට අර අද උදේ අපු ගර්ල් කීවද එයා කොහෙද යන්නේ කියල"
"නෑ සර්....ඇයි එයා තාම ගෙදර ගිහින් නැද්ද?"
"එකනේ...අම්මයි තාත්තයි දෙන්නම කෝල් කරලා කිව එනකොට එයාව එක්කරන් එන්න කියල.අම්මගෙන් ෂේප් උනත් තත්තගේන්නම් බැරිවෙයි.අනික එයා මෙහෙ පාරවල් දන්නෙත් නෑ. කොහේ ගියාද දන්නේ නෑ....අයියෝ....."
එසේ කියමින් ඔහු ඔලුව දෑත මත්තේ රදවා ගත්තේ තමාගෙන් වුණ වැරැද්දේ බරපතලකම තව තවත් තේරුණ හෙයිනි. 
"....සර්, ගර්ල් මට කීවා දැන්ම ගෙදර යන්න බෑ...ටික වෙලාවක් ඉන්න මේ හරියේ පුස්තකාලයක් හරි පන්සලක් හරි තියනවද කියල....මන් ඉතින් එයාට අභිනවාරාමය ගැන කිව්වා..එයා එහාට ගියාද දන්නේ නෑ."
"ඇත්තටම ඔයාට එහෙම කීවද.....අනේ මධු, මාත් එක්ක චුට්ටක් බලන්න එන්න පුලුවන්ද.....ප්ලීස්....."
"ඕක මොකද්ද සර්...යන් මන් එන්නම්..."
මධු එසේ පැවසුවේ යටිහිතෙන් ඔහුට බනිමිණි....." කෙල්ලට රිද්දුවා...දැන් මෙයාටමයි විදවන්න වෙලා තියෙන්නේ...හොද වැඩේ හිත එක්ක සෙල්ලම් කරනවට...."

මධුමාලි හා අනුහස් අභිනවාරාමයට යන්නට අනුහස්ගේ කාරයට නැග්ගේ, අර්චනා එතන නොසිටියොත් කුමක් කරන්නද යන සිතුවිල්ලත් සමගය. අනුහස් සිටියේ දෙලොවක් අතරය.මධු ටික වෙලාවක් අනුහස් දෙස බල සිටියාය. "අර්චනා කියන්නේ නිකන්ම නිකම් කෙල්ලේ නෙමේ කියලයි මට හිතෙන්නේ...සර් නැත්නම් මේ  තරම් කලබල වෙන්නේ නෑ කිසිම දෙකට."ඇගේ යටි හිත මිමිණුවාය. සිතුවිත් සමග උන් මධුට ඔවුන් පන්සට ඉදිරිපිටට පැමිණි වග පෙනුනි. වහනය වාසල් දොරටුව අසල නතර කර ආයාචනාත්මක දෑසින් මධු දෙස බැලු අනුහස්, "මධු පොඩ්ඩක් ඇතුලට ගිහින් බලනවද එයා ඉන්නවද කියල..මට ඇතුලට එන්න බෑ."
තම ආයතන ප්රධානියා දෙස මොහොතක් විස්මයනුකුල දෑසින් බල උන් මධුමලිට ඔහුගේ මේ වෙනස තේරුම ගත නොහැකි විය. නමුදු ඔහු කි දෙය පිළිගත් ඇය තනිවම ආරාමය තුළට ගියාය...... 



පන්සල තුළට ගිය  මධුමාලිට අර්චනා මුණ ගැසෙවිද........ඉතිරිය ලබන සතියේ....

Wednesday, April 27, 2011

මා ලොවම ඔබ වී............

මා සිත නුබ ලග තියා
ජීවිතය ඉල්ලුවෙමි ඔබෙන්
මා පැතු දිවිය ලබුවයි සිතා
පෙම් බැදිමි මහා මෙරක්
මා සතු වස්තුවක් සේ සිතා 
රැක්කෙමි මා මුළු හදවතින්
නමුදු ඔබ මා සතු නොවන බැවු
ඇයි වැටහුනේ මට පමා වී 
මා ලොවම ඔබ වී ඇත
යලි හැරෙන්නට නොහැකි සේ......
මා මාම වී ....ඔබ ඔබම වී නම්.....අපි අපිම වෙන්නට පෙරුම් පුරනු කෙලසින්.....