ඔන්න ඊයේ රැ හෙට ලියන බ්ලොග් පොස්ට් එක (ඒ කියන්නේ අද ලියන ) කල්පනා කොර කොර හිටියා මතක් වෙන්නෙම නැනේ. අනේ ඇත්තමයි .ඉතින් නිකමට වගේ යාලුවෙක්ට මදේජ් එකක් දැන්ම ලියන්න හොද පොස්ට් එකක් කියන්න කියල.මෙය මට රිප්ලයි කලා " අම්ම ජිවන උයන්තෙරේ..ඔබ මට සුවය ගෙනේ" කියල.
හ්ම් හ්ම් එයා එක එවන්න මොහොතකට කලින් මට හිතුන මන් ජොබක් කියල එකක් කරපු මුල්ම දවස ගැන ලියන්න.අම්ම ගැනනම් නිවිහැනහිල්ලේ ලියන්න ඕන. එත් ඒ දෙකම ගැන කල්පනා කොරද්දී මෙන්න මෙයා තව මැසේජ් එකක් එවනවා ඇයි ඔයාගෙන් යාලුවෙන්න අහපු අයිය කෙනෙක් ඉන්නේ, එයා ගැන ලියන්නකෝ කියල, මට එක පාරටම මිටෙර් උනේ නෑ කවුද කියල. මෙයත් ඉතින් මගෙන් ඇහුවනේ. මන් ආයේ අහල යැවුවා ඔයා ගැනද කියල. මෙයා කියපි, ඔවු ඇයි හොද නැද්ද කියල. පවුනේ පොඩි එකාගේ ආසාවනේ කියල මන් ඉතින් හා කීවා. මෙන්න මෙයා මට තැන්කු ලු. මන් ඇහුව ඇයි කියල, මන් ගැන මිට කලින් කවුරුවත් ලියල නෑලු.(අනේ මු ගැන ලියන්නමයි වටින්නේ)දැන් කවුද මේ ළමය. ඊයේ පෙරේද බස් පදින්න අපු කොලුවෙක් හැමෝම වගේ දන්නවා. මිස්ටේර් ලහිරු චානක හෙවත් ලහිය තමයි මේ කොලුවා.
මමයි මේ ලහි කොලුවයි මිට වුනේ බුකින්නොව. මෙයා මට රික්වෙස්ට් දාලා තියෙන්නේ 2009 නොවෙම්බර් 30 වෙනිදා. මන් ඉතින් කවද අක්සේප්ට් කොලද මන්ද. මගේ ඒ කාලේ තිබුනේ වෙන එකවුන්ට් එකක්නේ. ඒ කලේ මන් ජපුර යුවෙර්සිටි ඉන්න කලේ. අපි ඉතින් චැට් කොලා. වෙන මොන කරන්නද. මෙයා ඉතින් මට එයා ගැන කිව. ,මාත් ඉතින් සේරම නැතුව ටිකක් කිව. කොහෙන්ද පාත් උන කෙනෙක්ට සේරම කියන්න පුළුවනැයි. අපි ඉතින් පොඩි රණ්ඩුවක් ගියා මොකටද මන් කෙල්ලෙක්ද, කෙල්ලෙක්ගෙ නමින් ඉන්න කොල්ක්ද කියල මෙයා අහල. මට ඉතින් ඩෝන් යනවනේ ඉක්මනටම. ඔහොම කොහොම හරි දෙන්න ශේප් වුණා. අපි දැන් යාලුවෝ. ටික දවසක් ගියාම මෙයා කියනවා මන් ඔයාව නොදක,කෙල්ලෙක්ද කියලවත් නොදැන,ශ** කියන සංකල්පයට මන් ආදරේ කරනවා කියල. අයියෝ....... මට ඉතින් ටිකක් තරහ ගියා. බට් යාලුවෙක්නෙ. මන් කැමති නෑ යාලුවෝ නැති කර ගන්න. ඉතින් මන් කිව අපි දැකලවත් නෑ. කතා කරලත් නෑ. අනික ආදරේ කරන්න දැන්ම කැමති නෑ. ඉතිරිය ඕනි නෑ. කොටින්ම කතාව "බෑ" කියල කීවා. එයත් ඉතින් වැඩිය කරදර කරන්න අවේ නෑ. පස්සේ තමා හේතුව දැනගත්තේ. ඒ කිවේ මේ පෙරේද. අපි දෙන්නගෙම යාලුවෙක් ඉන්නවා ශානුක. එයා මෙයාට කියල මන් අකමැතිනම් මට වද දෙන්න එපා කියල. හොද ළමයි දෙන්න. ඉතින් අපි පුරුදු ලෙසට යාලුවෝ වගේ හිටිය. මෙයා ඊට පස්සේ "අ" නම තියන ගැණු ළමයෙක් එක්ක යාලු උණා. අපි ඉතින් යාළුවොනේ මෙයා මට ඇවිත් එක කිව. මමත් විශ් කලා. ඔහොම ගියපු අපේ යාළුකම එන්න එන්න අඩු උන.එයාට ජොබක් සෙට් උනා. කෙල්ලෙක් ඉන්න නිසා වැඩිය කතාත් නෑ.මන් ඉතින් කාටවත් කරදර කරන කෙල්ලෙක් නෙමේනේ. එක දවසක් මන් ඇක්වයිනාස් ඉන්නකොට මෙයා කෝල් කරලා ඇහුව කොහෙද ඉන්නේ කියල. එකට හේතුව මන් එයාගේ එක්සැම් එකට විශ් කරලා එස් එම එස් එකක් යැවුවා.මොන වුනත් යාලුවනේ. එකට මන් ඉතින් කීවා ක්ලාස් එකෙයි ඉන්නේ කියල මෙයා කියපි මාත් ඉන්නේ එකේ. අපිට එක්සැම් එකේ. එලියට එන්න කියල. මාත් ඉතින් ගියා. මෙන්න කොරිඩෝර් එක දිගේ එනවා වැනි වැනි ගෝරිල්ලෙක් වගේ. අනේ නෑ නොර්මල් කොලු පැටියෙක්. අපි ඉතින් හායි, කොහොමද, එහෙනම් එක්සැම් හොදට කරන්න, කියල වෙන් වුන. එදා හරියටම 2010 යේ මාර්තු 14 වෙනිදා. එදවස මට නම් කවදාවත් අමතක වෙන්නේ නෑ. මට මගේ ආදරේ අහිමි උනෙත්, සහෝදරත්වය හිමි වුනෙත් එදා....(http://sdsithuvili.blogspot.com/2011/03/blog-post_29.html )
හ්ම්ම්ම් කොහොම කොහොම හරි ගිහින් මෙයා බුකිය පැත්තේ එන එකත් නැවැත්තුවා. ශානුක කීව විදියට ජොබ් එක නිසාලු. මන් ඉතින් මුකුත් කියන්න ගියේ නෑ. නමුත් මගේ යුතුකමේ හැටියට ශානුකගෙන් හැමදාම විස්තර ඇහුව.කාලෙකට පස්සේ මන් මොබිටෙල් සිම් එක දාපු වෙලාවක මෙන්න මෙයා කෝල් කරනවා. මන් බැලුව කවුද මේ කියල. ඒ කතා කලෙත් හැබැයි එයාගේ උවමනාවකට. ජපුරේ බාහිර ඩිග්රි එකක් ගැන දැනගන්න හොදම පරිපාලනේ ඉන්න කවුරු හරි සෙට් කරගන්න. මන් ඉතින් දන්න හොදම කෙනාව සෙට් කරලා දුන්න. ආයේ මෙයාට අපිව මතක නැතුව ගියා. මන් ඒ කලේ බුකියෙන් අයින් උනා පොඩි අවුලක් ගිහින්. ඉතින් අපි අතර තිබුන හැම මතකයක්ම කාලෙට එකතු උනා. කොහොමෙන් කොහොම හරි මන් ආයේ මගේ පරණ මොබිටෙල් අංකය පාවිච්චි කරන්න ගත්ත නිසා මෙයට ආයේ මට කතා කරන්න අවස්ථාවක් ලැබුණා දැනට සතියකට කලින්. ඔන්න අපේ frendship එක ආයේ අලුත් උනා. කොහොම හරි මන් මෙයාව අවුලෙන් ඉන්න නිසා බස් එකට එක්කර ඇවිත් හොද කතා ටිකකුත් අහගත්තා. කොහොම නමුත් අදටත් අපේ මිත්‍රත්වය එසේම තියෙනවා. ඇත්තටම ලහිරු ඔය වගේ යාලුවෙක් මුණ ගැහීමත් මට ලොකු සතුටක්....
යාලුවෝ වගේ ලගින් හිටපු අය හිටි හැටියේ වෙනස් වෙනකොට, කාලයත් සමග නොවෙනස් වුන අපේ මිතුදමට කාගෙවත් ඇස්වහ නොවැදෙවා ....!!!!!