Tuesday, April 26, 2011

මා මියගියත්.................

හෙන ගගහ වැස්සත්.....
ගං වතුර ගැලුවත්.......
මුහුද ගොඩ බිම යටකලත්........
පොළව කිදා බැස්සත්............
ඔබ නමට වූ මගේ ප්‍රේමය
මා මියගියත්, 
පෙරදා වගේමයි...........

Monday, April 25, 2011

අහිමි ප්‍රේමය................

අඬනවද, ඇඩෙනවාද.................
නොදනිමි මම
අහිමි බව දැනෙන හැමවිට
ඉකි ගසනවා මගේ හිත.......... 
හඬන්නේ කොහොමද මන්
හිත හිත හඬන තරමට..............
දිය කරන්නේ කොහොම මේ දුක
නුබයි මාගේ අහිමි ප්‍රේමය................  

. මේ පාර අවුරුද්ද සහ සුනාමිය ..............

හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා...හරි හරි...අවුරුද්ද පහුවෙලා දවස් වුනාට මට ජංජාලේ පැත්තේ අවේ අදනේ....කොහොමද අවුරුදු.....අපිටත් වරදක් නෑ...එත් නැත්තෙමත් නෑ....මොකද මේ අවුරුද්ද දවස්වල ගිය කටකතාවක් නිසා පොඩ්ඩක් අපේ ගෙදර කස්ටිය අවුල් වෙලා හිටියේ....අපේ ගෙදර කස්ටිය විතරක්ම නෙමේ...අවට ගමේ අයම.......මේ බි මුහුද අවට ඉන්න හැමෝම වගේ. මොකද්ද ඉතින් මේ කටකතාව..... ඇයි හත්වලාමේ කවුද මේ ජෝතිර්වේදී අන්කල් කෙනෙක් කියල තියනවලුනේ 12 වෙනිදා ඉඳන් 20 වෙනකම් සුනාමි අවදානමක් තියනවා කියල.....අය්යෝ.....අර කතාවක් තියනවනේ ගිනිපෙලේල්ලෙන් බැටකාපු මිනිහා කණමැදිරි එළියටත් බයයි කියල....

වෙනද අපි ගෙවල් අස්කරන්නේ 11,12 වගේ ....මේ පාර මන් බැහැල වැඩ කරානේ...ඉතින් 11 වෙනකොට මුළු ගේම ක්ලින්. අයේ වැලි කැටයක් නෑ....ඔන්න නැන්දා රෑ කෝල් කරලා කිවේ නැත සිරසේ නිවුස් වලට මෙහෙම එකක් කිව කල්පනාවෙන් ඉන්න කියල. ඊට පස්සේ ආයේ ස්වර්ණවාහිනියේ නිවුස් වලට කිව....ඔන්න ඉතින් පටන්ගත්ත අපේ තාත්තගේ කඩිමුඩිය....එයාට හරියට කෙන්තියනවා මොකක් හරි හදිස්සියකදී වගේම වැඩ වැඩි උනාම....මටයි මල්ලිටයි කනක් ඇහිලා ඉන්න නෑ.....රෙදි උඩ දාන්න...පොත් උඩ දාන්න...අම්මගේ බ්‍රයිඩ්ල්කොස්ටියුම්ස් උඩ දාන්න....ඔය ටික මට......මල්ලිට, මැෂින්ස් උඩ දාන්න...ආයුද උඩ දාන්න....(ආයුද කිවම තුවක්කු නෙමේ....ඔය kataradu, මිටි, ....තා එදිනෙදා ඕන කරන ඒවා ලොකු ටකරම් පෙට්ටියක් තියනවා...) දැන් මේ උඩ දාන්න කීවට...අපිට උඩ තට්ටුවක් නෑ....ගිය පාර සුනාමි නිසා සේරම නැති උනානේ ගේ විතරක්ක් ඉතිරි වෙලා...පස්සේ තාත්ත පොඩි සොල්දර කැල්ලක් ගැහුවා කුස්සියට උඩින්....තව බිත්ති අතර ලෑලි දාල තියනවා බඩු තියන්න පුළුවන් විදියට...තව බිත්ති වලට අල්ලලා රාක්ක ගැහුවා පොත් තියන්න පුළුවන් විදියට...ඔන්න ඔහොමටි අපේ ගෙදර බඩු උඩ දන්නේ.......දැන් මේ බඩු උඩ දැන්ම කියමුකෝ.....ඉතිරි වෙලා තියෙන්නේ ටීවී එකයි, වතුර මොටරෙයි, අම්මගේ මහන මැෂිමයි....ඔය ටික ඒ වෙලාවට දාගන්න පුළුවන් කියල පහලම තිබ්බ.

හත් වලාමේ....අපේ තාත්ත ගොවියෙක්නේ.ගොවියෙක් කීවට ගොවිතැනට බැස්සේ ගිය අවුරුද්දේ...අද කුඹුරු අස්වැද්දීම යටතේ....ඔය කුඹුරු කරලා ගෙට ගත්ත වී ගෝනි ටිකට මක් කරන්නද.....දැන් දවස් 10ක් වත් නෑ නේ මේපාර ගොයම් කපල......දැන් එක යුද්දයයි ගෙදර.....ඇයි දෙයියනේ සේරම කුඹුරට යටකලානොව. ඕක ගැන කතා වෙනකොට අපේ ගෙදර ඇවිත් හිටිය නැන්දා කෙනෙක් එයාගේ ගෙදර කාමරයක් දෙන්නම් එහෙට ගෙනත් දාන්න කිව....අනේ ඔන්න එතකොටයි අපේ තාත්තගේ කලබලෙයි කෑගහිල්ලයි නැවතුනේ.....කොහොම හරි පරණ 12 වෙනිදායි 13 වෙනිදායි වී ගෝනි ඇදපු එක තමා කලේ...මේ සිද්දි නිසා කිසිම කැවිල්ලක් හැදුවේ නෑ ගෙදර......එහෙමයි කියල බැනේ.....මන් ඉතින් මට පුළුවන් විදියට කේක් එකක් දාල කොකිස් බැද්දා.....ඔන්න ඔච්චරයි අපේ කැවිලි මේසේ කිරිබත් ඇරුනම...අ කෙසෙල් ගෙඩිත් තිබ්බා....

අවුරුද්දත් ඉවරයි....දැන් නෑ ගෙවල් වල යන්නත් එපැයි බුලත් දෙන්න ....නෑ ගෙවල් වල කීවට නැන්දලගේ ගෙදරයි....ආච්චිලගේ ගෙදරයි විතරයි යන්නේ....අනිත් නෑයෝ අපි එක්ක තරහයි. ඒ ඇයි කියල වෙන දවසක කියන්නම්.....ඔන්න ඉතින් මන් ආච්චිලගේ ගෙදර යන්න යනවා....අම්මල පස්සේ එන්නම් කිවා කලබල ඉවර උනාම.....මන් බස් එකට නැග්ග වෙලේ ඉදන් කොහෙද ඉන්නේ කොහෙද ඉන්නේ කියා කියා කෝල් දෙනවා....ඒ ඇයි....ඇයි දන්නවද....බයට.....ගාලු පාරෙනේ යන්නේ....හදිස්සියෙවත් සුනාමියක් අවොත් යන්න තැනක් නැනේ....ඔන්න ඕකට....ආච්චිලගේ ගෙදර ගිය විතරයි...බුලත් දුන්නද...දැන් එන්න එහෙනම් කියා කියා කෝල් දෙනවා ආයෙම....හවස අවොත් රෑ වෙනවා ගෙදර යද්දී...ඒ වෙලාවට ඕක අවොත් කියලයි ඒ.....අනේ ඉතින් මක් කරන්නද ......ගිය පයින්ම බුලත් දීල වැදලා හැරිලා ආව...වෙනද දවස් ගණන් ඉන්නවා...මේ පාර අවුරුද්දනම් එපා වුණා.....

ඔන්න ඔහොමයි මන් මේ පාර අවුරුද්ද සැමරුවේ......අර ජෝතිර්වේදියා කියල තිබුනනේ ඕක හරි නොගියොත් මැරෙනවා කියල...මැරුණද එයා...නැනේ....එත් ඉතින් ඔය බය හැමදාම තියනවා.....මරණ බය එක දවසක් දැනුණාම ඒ බය හැමදාටම තියනවා...ඔය බය නිසාම අපේ පැත්තේ ලි මොලේ අයිතිකාරයා ඒ මැෂින් සේරම ගැලෙවුවා.....කොමියුනිකේෂන් අයිතිකාරයෝ ඒ සේරම මැෂින් ගැලෙවුවා.....වැල්ල අයිනේ ඉන්න මිනිස්සු ඒ ගෙවල් වලින් ගියා....ඉතින් කවද කොහොම ආයේ සුනාමි එයිද කියන්න බෑ....එදාට අපිට මොනා වෙයිද කියල කියන්නත් බෑ...... 

මහ මෙරක්.......

මහ මෙරක් තරම් වූ ඔබේ ආදරය...
ලබන්නට අනේ මන් පින්කර ඇති මුත්,
මගේම කරගන්නට නොහැකිව
උතුම් ඔය ආදරේ
අනේ මන් විඳවන තරමක්.......
ආගමින් වෙනස් වූවට
වත්කමින් වෙනස් වූවට
ඔබට බැදී මේ ආදරේ, 
අමතක කරන්නේ කොහොම මන්............. 
ඇත්වෙන්නට මගෙන් කියා
පැවසුවත් රුදු වදන් 
හඬනවා මසිත ඉකිගසා
රිදවූ පවට මගේ පණ.............
මියෙන්නෙමි ඔබ නමින්
ඔබට පුදකළ ආදරේ, 
වෙනකෙකුට දියනොහැකි නිසාවෙන්............ 

Friday, April 8, 2011

නොබිදුන පැතුමන්.............4 කොටස


තම ජීව  දත්ත ලිපියේ අඩංගු වන්නේ ගමේ නිවසේ ලිපිනය බව ඇයට මතක් වුයෙන්, "මිස් මන් දැන් කොලබ ඉන්නේ නැවතිලා.එහෙට තමා දන්වන්න ඕන"
"ආ හරි. මේකේ එහා පැත්තේ ලියල දෙන්න දැන් ඉන්න තැන ලිපිනයයි ...ටෙලිපොන් නම්බර් එකයි"
ඇයගේ ජීව දත්ත පතේ එහා පැත්තේ මාලනී නැන්දගේ නිවසේ ලිපිනය හා දුරකථන අංකය ලියු අර්චනාගේ දෑසින් තාමත් කදුළු බේරේ.ය දැන්ම ගෙදර යන්නේ කෙසේද....ඇගේ සිතේ ඇති ලොකුම ප්‍රශ්නය එයයි....
"මිස්......!" ඇය කොලය නොදී මධුමාලි ඇමතුවාය.
"ඇයි?" 
"මේ හරියේ ලයිබ්‍රියක් හරි පන්සලක් හරි තියනවද....? මට දැන්ම ගෙදර යන්න බෑ...."
මොහොතක් අර්චනා දෙස බලා සිටි මධුමාලිට ඇගේ ඇති අසරණ බව හොදට දැනුනි....
"ඔව්...පන්සලක් නම් තියනවා මෙතනින් දකුණට ගියාම."
"බොහොම ස්තුති මිස්.එහෙනම් මන් යන්නම්.ආ මෙන්න මගේ දැන් ලිපිනය"අර්චනා මෙතෙක් තමා අත තිබු සීවී එක මදුමාලිට දී යන්නට හැරුණාය. පහලට බසින්න කලින් මුහුණ හොදින් පිහිදගත යුතු බව ඇයට හැගුණි.දොර හැර එලියට ආ අර්චනා මුහුණ හොදින් පිහිදා පඩිපෙළ බැස්සේ පන්සලට යන්නට හිත හදාගෙනය. දොර හැරගෙන යන මේ යුවතිය දෙස බලා උන් මධුමාලි, ඇය දුන් ලිපිනය දෙසට නෙත් යොමු කළාය. පුදුමයකි. මේ අනුහස් සර් ගේ නිවසේ ලිපිනය හා දුරකථන අංකයයි...එසේනම් මැය කවුද.....සර් ඇත්තටම ලිපිය ඇයට දුන්නද......? දහසක් සිතුවිලි ඇය සිත නැගෙද්දී දුරකථනය නාද වුනි.
"මධු..පොඩ්ඩක් මගේ රුම් එකට එන්න"
"හරි සර්"
හද රැදී ගැටළු සියල්ල පොඩි බැදන් මධුමාලි අනුහස්ගේ කාමරයට ගියාය.
"සර්"
"වාඩිවෙන්න මධු. අර ගර්ල් ගියාද? " අනුහස් මෙතෙක් වෙලා දැනගැනීමට සිටි ප්‍රශ්නය 
"අනේ ඔවු සර්...කවුරු හරි ලොකු විහිළුවක් කරලා තියනවා....පවු... මන් සර් එහෙම ලියුමක්දිල නෑ. කියනකොට ඒ ළමයට ඇඩුනා. "
ඔහුගේ මුහුණ දුකෙන් බරවෙනු මධුමාලිට පෙනුනි....
"සර්"
අනුහස්ට එය ඇසුන පාටක් නැත....එබැවින් ඇය නැවතත් ඔහුට කතාකලාය ....
"ආ මධු ....මන් කල්පනාවක හිටියේ...."
"සර් මන් දෙයක් අහන්න ...සර් මුකුත් හිතන්නේ නෑ නේද" අනවශ්‍ය ප්‍රශ්න අසනවා යැයි බැනුම් ඇසීමට කලින් මධුමාලි එසේ ඇසුවාය....
"නෑ අහන්න මධු"
"සර් ඇත්තටම ඒ ගර්ල් ට ඒ ලියුම දුන්නද"
"ඇයි මධු එහෙම අහන්නේ"
"නෑ සර්.මන් ඒ ළමයගෙන් සීවී එකක් ඉල්ලුව. අලුත් තැනක් කිව ඉන්නේ...ඒ එද්ද්‍රස් එක ඉල්ලුවම  දුන්නේ සර් ගේ ගෙදර එක. එකයි එහෙම ඇහුවේ. අත්තටන සර් අදුනනවද ඒ ළමයා....." මදුමාලි ඇසුවේ ගැහෙන හදිනි....මේ දැන් මේ දැන් ඔහු තමාට බනිවියයි ඇයට සිතුනි....
"ආ ඔව්...ඒ අපේ ගමේ කෙනෙක්...අපේ අම්ම එයාව අපේ ගෙදර නවත්තගෙන ඉන්නවා......"
"ඒ කියන්නේ සර් ඒ ලියුම ඇත්තටම මට දෙන්න කීවද"
"ඔව්"
"ඉතින් මන් ඇහුවම නෑ කිවේ"
"ඒවා ඔයාට වැඩක් නැනේ....දැන් යන්න"
මධුමාලි වහ එතනින් ඉවත් වුයේ තවදුරටත් එහි ඉඩ ඔහුගෙන් බැනුම් ඇසිය නොහැකි නිසාවෙනි. සල්ලිකරයන්ට හැමදේම විහිලුය...අර අසාර කෙල්ලව මෙයාල විහිලුවකට අරන්.....මධුමාලිට අර්චනා ගැන මහත් වූ දුකක්ද අනුකම්පාවක්ද දැනුනි......  .


තිබෙන තුරු මේ දිවිය.....................

පුංචි සමනලියකි මා
ඔබ වටා පියාබන..........
සැගවෙන්නට ඔය
සුමුදු පෙති අස්සේ
අනේ මට කොහිද පින්...............
හැර යන්න නොහැකිය මට
පියබා වෙනත් මලකට........... 
ඔය සුවද ඔස්සේ
ඇදෙයි සිත ඔබ වෙතටම............
මට අහිමි මගේ මලේ,
නොයන්නෙමි හැරදා
තිබෙන තුරු මේ දිවිය..................... 

Thursday, April 7, 2011

නොබිදුන පැතුමන්.............3 කොටස

ආනන්ද මාමා සමග පැමිණි අර්චනා තනිවම විසල් ගොඩනැගිල්ල තුලට ඇතුළු වුයේ මහත් වූ චකිතයකිනි.ඇතුළුවන ස්ථානයේ සිටි පිළිගැනීමේ නිලධාරිනිය ඇයට "ආයුබෝවන්" කියා සුබපැතුවාය. චන්චලත්වයෙන් පැමිණි ඇයට එකපාර පෙරලා  සුබපතිමට අමතක විය. නමුදු සැනෙන් තම අතපසුවිම මගහරවගත් ඇය ද පෙරලා සුබපැතුවාය.
"මට මිස් මධුමලිව මීට් වෙන්න ඕන.කරුණාකරලා කියනවද එයා කොහෙද ඉන්නේ කියලා"
"පොඩ්ඩක් ඉන්න මිස්. මන් එයාගෙන් අහල කියන්නම්" පවසමින් ඇය දුරකතනයෙන් කාටදෝ ඇමතුමක් ගත්තාය. 
"මිස් ගේ නම කියන්න" ඇය දුකතනයට පිළිතුරු දෙමින් අර්චනගෙන් විමසුවාය. 
"අර්චනා සංකල්පනී වීරසුරිය"
තවමත් මධුමාලි පැමිණ නැත්ද. නැතහොත අනුහස් තමාගේ පැමිණීම ඇයට දැනුම් දී නැතුවද යන ප්‍රශ්න අගේ සිතේ ඇති වී නැතිවී ගියාය. 
"මිස් අර්චනා....මිස් මධුමාලි මිස් එනකම් එයාගේ රුම් එකේ ඉන්නවා."නිලධාරිනියගේ හැදින් නැගුනු සිතුවිලි වලින් අත්වූ අර්චනා ඇයට ස්තුති කළාය.
"මට කියනවද මිස් මධුමලිගේ රුම් එක කොහෙද තියෙන්නේ කියලා." 
"දෙවෙනි තට්ටුවේ වම පැත්තේ දෙවැනි කාමරය"
නැවතත් නිලධාරිනියට ස්තුති කල ඇය මධුමාලිගේ කාමරය සොයා දෙවන තට්ටුවට ගියාය.කාමරය සොයාගත් ඇය එහි දොරට තට්ටු කල විට එහි වූ කාන්තාවක් ඇයට ඇතුලට කතා කළාය.
"ඇයි"
"මිස් මම අර්චනා. මිස්ටර් අනුහස් ලියුමක් දුන්නා මිස්ට දෙන්න කියලා."
"ආ දෙන්න." 
ඇය කවරය දිග හැර එහි වූ ලියුම එලියට ගත්තාය. එය දිග හැර දෙපැත්තම පෙරලා බැලුවාය. 
"කවුරු කිවා ඔයාට මේකේ දුන්නේ" ඇය අර්චනගෙන් විමසුවේ කෝපයෙනි.
"මේ කොම්පැනි එකේ අයිතිකාර අනුහස් මානවඩු තමයි දුන්නේ මිස් මධුමාලිට දෙන්න කියල ලියුම.මේක බලල එයා මට කරන්න ඕන දේ කියයි කිවා.ඇයි මිස් ?" 
"මේක හිස් කොලයක්නේ"
"හරි ඔයා මෙහෙ අවේ ඇයි "
"රස්සාවක් දෙනවා කිවා මිස්" අසරණ හැගුම් ඇ සිත පෙලද්දී වචන පිට වුයේ ඇයටත් නැසෙන හඩිනි.ඒ දසට කඳුළු පිරෙනු මධුමලිද බල උන්නාය. අර්චනා වේගයෙන් දෑස් පිය සැලුවේ කඳුළු දැන් දැන් බිම වැටේදෝ බියෙනි.  
"හරි පොඩ්ඩක් ඉන්න මන් සර් ගෙන් අහල බලන්නම්." පවසමින් මධුමාලි දුරකථනය ගෙන අංක කිහිපයක් ඔබා රිසිවරය ලං කර ගත්තාය.  
"හෙලෝ සර්....මධු කතා කරන්නේ. සර් කාට හරි මට දෙන්න කියල ලියුමක් දුන්නද ජොබ් එකක් සම්බන්ධව"  . 
"ඇත්තද සර්. නෑ ලේඩි කෙනෙක් ඇවිත් අර්චනා කියල.මට ලියුම් කවරයක් දුන්න. එකේ මුකුත් නෑ. ඒ වුනාට මගේ නම ගහලත් තිබුණා...."
හා සර්. ........හරි සර්...." මධුමලිගේ මුහුණ වෙනස් වන අයුරු දැක එහා පැත්තෙන් කියන දේ නොඇසුනත් ඇයගේ සිතට අවිනිශ්චිත බවක් දැනුනි. 
"තියන්නම් සර්" කියමින් ඇය දුරකථනය තැබුවාය.
"සොරි මිස්.....අපේ සර් කාටවත් එහෙම ලියුමක් දුන්නේ නැලු....." මධුමාලි එසේ කියත්ම මෙතෙක් වෙලා හිර කරගෙන සිටි කදුළු කැට එකවර අර්චනගේ නෙතින් කඩා වැටුණි.  
"සමහර විට මිස්ට කවුරු හරි විහිළුවක් කරන්න ඇති..."
විහිළුවක්.....ඔවු එහෙනම් ඔහු..අනුහස් තමාට ලොකු විහිළුවක් කර ඇත....තමාගේ දුප්පත් කම...අසරණ කම...ඔහුට විහුළුවක් වී ඇති බව නම් ඇයට දැන් පැහැදිලිය. අර්චනා මධුමාලි දෙස කදුළු පිරි දෑසින් බැලුවාය. ඉතින් තම දැන් ආපසු ගෙදර යන්නේ කොහොමද....නැන්දටයි මාමටයි කියන්නේ මොනවද...දහසක් සිතුවිලි ඇය වටකර ගත මොහොතේ,
 "මට මිස් ගේ සි.වී එකක් දීල යන්නකෝ....වෙකන්ට් එකක් අවොත් මන් දන්වන්නම්....".
තමාගේම වයසේ උන් මේ යුවතියගේ දුක මධුමාලිටද හොද හැටි දැනුනි..අර්චනා තමා ලග ඇති ජීව දත්ත එකතුව මදුමාලිට දුන්නාය....තමා දැන් අපහු ගෙදර ගියහොත් නැන්දගේ දහසක් ප්‍රශ්න වලට මුහුණ දීමට සිදු වේ. එවිට ඔහු බැනුම් අසනු ඇත. නමුත් ඔහුට බැනුම් අස්සවන්නට තම සිත එකග නැති බව අර්චනා දනී. නමුත ඇය කොහි නම් යන්නද.....






මා මාම වී ....ඔබ ඔබම වී නම්.....අපි අපිම වෙන්නට පෙරුම් පුරනු කෙලසින්.....