කාවිංග..........මානසික වෛද්‍යවරයෙකු වී කරාපිටිය මහ රෝහලේ වැඩ බාරගනී.....
නවෝද්‍යා......ඇය එහි නේවාසිකව ප්‍රතිකාර ගනී....
මේ ඔවුන් දෙදෙනාගේ කතාවයි....
පෙර කොටස් සඳහා....සිතුවිලි අතර.....
''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''
මීට අවුරුදු 3කට පෙර අතීතයේ එක් දිනයක ඔහුත් ඇයත් නිතර හමු වුණ ඒ පුංවි කාමරය තුළදී තමා ඇයව අවසන් වරට හමුවී වෙන් වූ අයුරු ඔහුගේ ඉදිරියේ සිත්තමක්ව ඇඳී ගියේ මතකය නැවත අළුත් කරමිනි....
ඇයගේ ඒ අහිංසක ඉල්ලීම ඉටුකරන්න තමාට කොතරම් අපහසු වූවාද වග මතක් වුයේ ඔහුගේ දැසට කඳුළු නංවමිනි....ඒ සියල්ල දරාගෙන තමා සමගින් බස් නැවතුම ලඟට ආ ඇය,
“එහෙනම් සුදු මැණික දැන් ඉඳන් මන් ඔයාගේ ජීවිතේට අයිති නැ....පරිස්සමින් ජීවත් වෙන්න....ඔයාගේ හොඳ ගතිගුණ ඒ විදියටම තියාගෙන හැමදාම හිනාවෙලා ඉන්න......වෙලාවට කන්න....කඩ කැම කන එක දැන්වත් ටිකක් අඩු කරන්න.....”
මේ සියල්ල පවසා තමා දිහා බලා සිටියේ පිළිතුරක් බලාපොරොත්තුවෙනි.....ඒ වුවත් ඒ වදන් වලට තමාට පිළිතුරු සපයාගත නොහැකිව මුව ගොළු වී තිබූ අයුරින් මේ මොහෙතෙදිද තම මුව ගොළුවි ඇති බව ඔහුට වැටහුණි.......
වෙනදා ඇයව බසයට නග්ගන්නට පෙර නලලට දෙන හාදුව, අවසන් මොහොතේ ඇය තමාට දී දුවගොස් බසයේ එල්ලුන අයුරු මතක් වී දෙනෙතින් ගලන කඳුලැලි නැවත අළුත් වූයේ ඔහුටත් නොදැනීය.....
එදා වෙන්වුවාට පසු අද මේ මොහොතෙදී ඇය අද අහම්බෙන් මුණ ගැසෙනතුරු තොරතුරක් සොයාගන්නට තමා කොතරම් මහන්සි වූවත් ඇය තොරතුරු ලබා ගැනීමට තිබු හැම මාර්ගයක්ම වසා දමා තිබුණි........අද මෙලෙසින් ඇයව දකින්නට තමා කෙතරම් පවු කර ඇත්දැයි ඔහුට සිතුණි.
එදා නැවතුන ජීවිතය වෘතීමය අතින් ඉදිරියටම ඇවිත් තිබුණත් ආධ්‍යාත්මිකව එදා නැවතුණ තැනම බව ඔහු අද වටහා ගත්තේය.
“ඩොක්ට..... ඩොක්ට කාවිංග.....ඇයි මේ ඇස් වල කඳුළු....ඩොක්ට මෙයාව අඳුනනවද.....”
වදනක් නොදෙඩු ඔහු, සෙමින් ඇඳ අසලට ඇවිද ගියේ සිහිනයෙන් මෙනි...
තම අහිංසකාවිය නිදි බව වැටහුණත් ඇයගේ සවනතට මුව තැබූ ඔහු,
“සුදු මැණික........”
''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''
නින්දේදී වුවත් තම හදවතටම බද්ධ වු ඒ කටහඩ තමා ළගින් ඇසෙද්දී වෙනදා මෙන් සිහියක් දකින බව සිතා ඇය සිනාසුනාය.....
“ඇස් ඇරලා බලන්න වස්තු....ඔයාගේ මහත්තයා ඔයා ලඟ”
ගැස්සී මෙන් ඇස් ඇරිය ඇය තවමත් අදහා ගත නොහී ඔහු දෙස බලා සිටියේ තමා දකින්නේ සිහිනයක් යැයි සිතාය....
“මගේ පණ, හීනෙන් ආවට ඔයා මගේ ලඟ හැබැහින් නැනේ වස්තු.....ඒත් හීනෙන් හරි ඉන්නවනේ....ඔන්න ඇහැරවන්නෙපා අයේ....අපි දෙන්නා ගංගාරාමේ පාර්ක් එකේ ඇවිදිනවා වාඩිවෙන්න තැනක් හොය හොය.....හි හි හි.....”
නැවතත් දැස පියා ගත් අහිංසකාවිය සිහින අතර සැරි සරන්නට විය.....
තවත් ඉවසාගත නොහැකි වු ඔහුට ඇඬුනේ ඉකියකුත් සමගය.....ඇය නැවත ගැස්සී ඇහැරුණේ ඔහුගේ ඇඬුම් හඬටය.....
“මහත්තයෝ......ඇත්තටම ඔයා මගේ ලඟ ඉන්නවද......ඇයි මේ අඬන්නේ.....කෝ කෝ කඳුළු පිහගන්න....”
ඇය තවමත් සිතන්නේ තමා සිහිනයක් දකින බවයි......
ඇයව දැතින්ම පපුවට තුරුළුකරගත් ඔහු හඬන්නට ගත්තේ මිසිස් වීරසේකරද පුදුමයට පත් කරමිනි....
“මට සමාවෙන්න මගේ මැණික....මට සමාවෙන්න.....අනේ මන් ඒ හැමදේම කළේ ඔයාට අළුත් හොඳ ජීවිතයක් ලැබෙන්න හිතාගෙන....ඒත් වෙලා තියෙන්නේ මොකද්ද දෙයියනේ.....මගේ අහිංසක කෙල්ල......මන් මහා පවුකාරයෙක්.....”
මෙතෙක් මතකයන් අතර සැරිසරමින් සිටි නවෝද්‍යාට ඔහුගේ පපුවෙන් සැබැවින්ම දැනුණ උණුහුමත්, තම හිසට වැටුණ ඔහුගේ කඳුළුත්, සැබැවින්ම දැනෙන ඔහුගේ ස්පර්ශයත් හේතුවෙන් පියවි සිහිය ලැබෙන්නට විය.....
එකවරම ඔහුව පසකට තල්ලු කර නැගී සිටියේ කාවිංගත් පුදුමයට පත්ව සිටි මිසිස් වීරසේකරත් තවත් පුදුම කරවිමිනි....
“මහත්තයෝ ඔ..ඔ..යා....මේ ඇත්තක් වෙන්නේ කොහොමද.....?” අනිත් දෙදෙනාට හිතාගන්නවත් නොහැකි මොහොතක ඇය කලන්තේ දා ඇදගෙන වැටුණාය......
“ඉක්මණට ඩොක්ට මහේන්ද්‍රට එන්න කියන්න.....මිස් වතුර ටිකක් ගේන්න.....”කියමින් කාවිංග නවෝද්‍යාට වැටෙන්නට නොදී අල්ලා ගැනීමට ඇය වෙත පැන්නත් ඔහු ප්‍රමාද වැඩි විය....ඇය ඇඳ අසල මහ හඬක් නංවමින් ඇදගෙන වැටුණාය......මේ අවස්ථාවේ බරපතලකම දැන සිටි ප්‍රධාන හෙදිය වූ මිසිස් වීරසේකර ඉක්මණින්ම දොස්තර මහේන්ද්‍රව කැඳවූවාය.....
''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''
මානසික රෝගියෙක්ට කම්පණයක් ඇතිවුවිට ප්‍රකෘති තත්වයට පත්වීමට ඉඩ තිබෙනවා මෙන්ම ඒ තත්වය බරපතල වීමටද පුළුවන.....
.jpg)


.jpg)













