Friday, August 10, 2012

සිතුවිලි අතර........( 9 කොටස)

හයියෝ....සොරි වෙන්ට ඕන කතාව මගින් නවත්තලා ගියාට....මේ පැත්තෙ නොඑන්න හේතුව මන් කිව්වනේ...ටික දෙනෙක්ට මතක තියලා....සතුටුයි සතුටුයි...ඔන්න ආයෙමත් කතාවත් අරන් මන් ආවා....

 
මෙතෙක් කතාව......
කරාපිටිය මහ රෝහලේ මානසික රෝගී අංශයට දොස්තර කාවිංග තම ප්‍රථම පත්වීම ලබා පැමිණෙයි...වැඩ බාර ගෙන රෝගීන්ගේ වාර්තාත් බලමින් ඒ ඒ රෝගියාව නිරීක්ෂණය කරමින් යද්දී නොසිතු ලෙස තම පරණ පෙම්වතිය එහි සිටිනු දකී....එමෙන්න ඇයගේ,  හිරුණි නවෝද්‍යා දිසානායක, මේ තත්වයට පත්වීමට බලපා ඇති හේතුව තමා බව වටහාගෙන බොහෝ කම්පා වේ....එනම් ඇයව යතා තත්වයට ගෙන ඒමට ඔහුත් කාර්යය මණ්ඩලයත් දරණ උත්සහය අතර තුර ඔහු, ඔහුගේත් ඇයගේත් සොඳුරු වූත්, වේදනා වූත් ඒ අතීතය ආවර්ජනයක යෙදෙයි.....


 පහුගිය කොටස් අමතක වෙලත් ඇතිනේ....එහෙනම් මෙන්න ගිහින් මතක් කරන් එන්නකෝ.......

එතැන් පටන්....

,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,


අම්මේ කෙල්ලගේ මූණේ තියන හිනාව.....කොළඹ ආව විතරයි කොල්ලෙකුත් අල්ලගත්තා නේද?
නවොද්‍යාගේ මුහුණේ වු සිනාව දැක ඇයගේ හොඳම යෙහෙළිය වු සකුණි ඇසුවේ ඇයව කේන්තිගස්සන්නටත් එක්කය.

අනේ මේ සකූ ඕනනැති කතා කියන්නෙපා...මට ඕන ඇති කොල්ලෙක් නැ...මේ ඉන්න විදිය හොඳයි මට.....
තමා සිතු අන්දමටම ඇයට කේන්තිගිය වග වටහාගත් සකුණි නවෝද්‍යා ලඟට පැමිණ ඇයව බදාගෙන වටයක් කැරකුණාය.....

මන් දැනගත්තා උඹ ඕකට මුණ එල්ලගනී කියලා....මොකද්ද බන් විහිළුවක් කරලා ජොලියේ හිටපන්කෝ....කොයිවෙලේ බැලුවත් කේන්ති අරන් මුණ එල්ලගෙන....

සමහර දේවල් අමතක කරලා ඉන්දෙද්දි ආයෙම ඒවා මතක් කරවන්නෙපා බන් ප්ලීස්....

අනේ බන් මන් එහෙම කරන්න නෙමේ විහිළු කලේ...උඹව හිනස්සන්න බලාගෙන....

ඒක හරි...ආදරේ කියන වචනෙත් එක්ක මට මතක්වෙන කෙනෙක් ඉන්නවා කියලා උඹ දන්නවනේ.....එයා මට ආදරේ නොකලත් මන් එයාට ආදරේ කළානේ....ඒකයි...

හරි හරි...දැන් අමතක කරපන් ඒක....දැන් කියපන් ඔය කාවිංගද මොකාද කියන එකා මොකද කිවේ...හෙට එන්නම් කීවද හෙල්ප් එකට?

කාවිංග ගැන අසද්දී නවෝද්‍යාගේ මුවට හිනාවක් නැගුණි....

අපෝ හරි හිනාවක් ගියේ....කොල්ලා මොකෝ කිව්වේ...?

මහ පිස්සු කොල්ලෙක් බන්....කතා කර කර ඉන්න හොඳයි...හොඳ කටර් එකක්....හෙට එන්නම් කීවා....
 මේ හමුවීම් ඔහුගේත් ඇයගේත් ජීවිත ගොඩක් වෙනස් කිරීමට බලපායි කියලා ඔවුන් දෙදෙනාවත් දැන නොසිටින්න ඇති.

,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

පසුදින පටන් ප්‍රදර්ශනය නිමවනතුරු පුරා දින 20කට ආසන්න කාලයක් දිනපතාම ඔහුත් ඇයත් මුණගැසුණ අතර ඔහුටත් ඇයටත් නොදැනීම ඔවුන් හොඳ යහළුවන් විම කාටවත් වලක්වනු නොහැකි විය....ඒ අතරම ඔව්නොවුන්ගේ ‍පෞද්ගලික දේවල් ගැනද කතාකරන ලදී....මෙතෙක් කාටවත් නොපෙන්වු, ආදරය නිසා දෙදෙනාම විඳි දුක, එකිනෙකා හමුවේ තම හදවත් විවරකර වේදනාවන් බෙදාගන්තේ ඔවුන් දෙදෙනාගේම අදහස් බොහෝ දුරට සමාන වු බැවිනි....

දෙදෙනාගේ බැඳීම කෙතෙක්දැයී කිවොත් ඔහු‍ගේත් ඇයගේත් යහළුවන්ට මොවුන් දෙදෙනා අතර යහළුකමට එහා ගිය බැඳීමක් තිබෙන බව නිරතුරුවම පසක් විය....

මොවුන් දෙදෙනාගේම සිත්වලද යහළුකමට එහා ගිය සෙනෙහක් ඔවුනොවුන් වෙනුවෙන් ඇති බව දැන සිටියත් එහි වග තුග සොයා තිබෙන බැඳීම නැතිකරගන්න සිතුවේ නැත.....

කාලය දින සති ගෙවී ගොස් එක් දිනයක,

"නංගා, ප්‍රශ්නයක් අහන්න අවන්කවම උත්තර දෙනවද?"

"මන් අයියට බොරු කියලනම් නැ අද වෙනකම්....අහන්නකො බලන්න...අදවත් බොරුවක් කියන්න.....හික්ස්..."

"විහිළු නෙමේ මෝඩියේ, මන් සීරියස් අහන්නේ....."

"හරි හරි මැට්ටෝ...මන් කීවනේ මන් අද වෙනකම් ඔයාට බොරු කියලා නැ....ඉතින් අද කියන්නෙත් නැ...අහන්නකො දැන් ඔය ප්‍රශ්නේ....?"

"මට කියන්න, හදිස්සියෙවත් ඔයා වෙන කෙනෙක් එක්ක යාළුවෙලා ඉන්දෙද්දී ඔය ඔය ආදරේ කරපු බෝයි ඔයාගේ ආදරේ තේරුම් අරන් ඔයාව හොයන් ආවොත් ඔයා මොකද කරන්නේ.....?"

"ඇයි ඔයා ඔය වගේ ප්‍රශ්නයක් මගෙන් අහන්නේ අයියේ....?"

"පන්ඩිතකම් නැතුව ඇහුව ප්‍රශ්නෙට උත්තරේ දෙනවකෝ....."

"හ්ම් හ්ම්.....ඔයා ඇහුවේ මන් කා එක්ක හරි යාළුවෙලා ඉන්දෙද්දි ආවොත් කියලනේ....ආ?"

"ඔවු...."

"එහෙනම් මගේ උත්තරේ මන් එයාව බාරගන්නේ නැ කියන එක....."

"එහෙමද? ඒත් ඇයි? ඔයා එයාට ගොඩක් ආදරේනේ....ඉස්සරනම් හැම මොහොතෙම කියවන්නේ එයා ගැන...එයා එහෙමයි, අරෙහෙමයි, එරෙහෙම කිව්වා, මෙහෙම කිව්වා.....වෙලාවක මට එපාත් වෙනවා අහන් ඉඳලා....ඒත් අහන් හිටියා......"

"ආ කියන එක්කෙනා එහෙම නැ වගේ....ඔයත් ඒ වගේ තමා.....අනේ නංගි එයා එයා එයා.....මොකක් කියන්න ගියත් එයා...හම්...."

"හරි හරි මැට්ටි කියනවකෝ ඇයි බාර නොගන්නේ කියලා...."

"බාර නොගන්නේ එතකොට මගේ ජීවිතේ කෙනෙක් ඉන්න නිසා....මන් ආදරේ නොකරන කෙනෙක් එක්ක යාළුවෙන්නේ නැනේ...එතකොට මන් එයාට ආදරේ කරනවා....එයා මාවයි මගේ ආදරෙයි විස්වාස කරලයි මාත් එක්ක ඉන්නේ...මට බැ මට ආදරේ කරන කෙනෙක්ගේ විස්වාසේ කඩන්න...ගිය අය ගියා...දැන් මගේ ජීවිතේ වෙන කෙනෙක් ඉන්නවනේ....තේරැණාද?"

"ඒ කියන්නේ පරණ ආදරේ හිතේ තියනවා...."

"නැ කිව්වොත් බොරුනේ අයියේ....කවදාවත් මන් දන්න තරමින් ආදරයක් සම්පුර්ණයෙන්ම හිතින් අයින් කරන්න බැ...ඒක අඩුවෙනවා මිසක්....ඒක හිත අස්සේ කොහේ හරි හැංගිලා තියෙන්න පුළුවන්...සමහර වෙලාවන් වලදී මතුවෙන...ආ බොරුද කියනවා....?"

"හම් හම් හම්...ඇත්ත නංගි...ඒක අමතක කරන්න නම් බැ...ඒත් අඩුවෙනවා...."

"ආ දැන් මට කියනවා  ඔයා මොකද කරන්නේ ඒ ගර්ල් ආයේ ඔයා ලඟට ආවොත්?"

"මට එයාව බාර ගන්න බැනේ පැටියෝ....කවුරුවත් ජීවිතේ හිටියත් නැතත්....එයා මට බොරු කරපු කෙනෙක්...මන් එපා කිව්ව දේ කරපු කෙනෙක්...ඉස්සරහටත් එහෙම නොවෙයි කියලා හිතන්නේ කොහොමද? අනික මට මගේ අම්මටයි තාත්තටයි ආයේ දුකක් දෙන්න බැ...."

"හම්.....මාත් ආස නැ මගේ අම්මටයි තාත්තටයිත් දුකක් දෙන්න.....හම්....
මේ ඒක නෙමේ ඇයි ඒ වගේ ප්‍රශ්නයක් එකපාර ඇහුවේ අයියේ....?"

"ඇහුවේ තීරණයක් ගන්න....."

"තීරණයක්....?"

"ඔව්....මොනවගේ තීරණයක්ද?"

"හම්.........................."

,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

තාවිංග ගන්න තීරණය කුමක් වෙයිද.....?



Tuesday, August 7, 2012

ආයෙමත් ආදරෙන්............



කොහොමද යාළුවනේ.....අමතක වෙලාවත්ද මන්දා මාව..... 

ඔව්...
අනේ හරිම නරකයි ඔයාලනම්......

පහුගිය දවස්වල තිබුණ අධික වැඩ රාජකාරී බොහොමයක් නිසාත්, රැකියා ස්ථාන මාරුවීම්, විභාග ආදී එකී නොකී වැඩ නිසා මගේ මේ පුංචි බ්ලොගේ වහලා දාන්න වුණානේ....දැන් ඉතින් රැකියාවෙනුත් අයින්වෙලා ගෙදරට වෙලා ඉන්න නිසා ආයෙමත් ලියන්න පටන්ගන්න හිතුවා....මතක තියන අය මේ පැත්තේ ඇවිත් යන්න එන්නකෝ.....


Friday, May 4, 2012

සිතුවිලි අතර........ (8 කොටස)


අහම්බෙන් මුණ ගැසෙන ඇයට ඔහුගේ ජීවිතට ඇතුල් විය හැකිද...?

පෙර කොටස් සඳහා.... සිතුවිලි අතර........ 
'''''''''''''''''''''''''''''''''''''''''''''''''
තම ඇඳට වී අතීතය පිළිඹඳ කල්පනාබරව සිටිනා කාවිංගගේ දැහැන බිඳුනේ දුරකතනය නාද වු නිසාවෙනි....

හෙලෝ...කවුද කතාකරන්නේ.....

නමුත් කවුරුවත් කතා කලේ නැති නිසා ඔහු නැවත වරක් එම ප්‍රශ්නයම ඇසුවේය....
හීන් හිනා හඬක් ඇසුනෙන් ගැණු ළමයෙක් කතාකරන බවත් දැන් ඔහුට කතා කරන්නට ගැහැණු ළමයෙක් නොමැති නිසාත් මේ කතා කරන්නේ දහවල තමා උදවු කළ ඇය බව ඔහුට වැටහුණි.....ඇයව ටිකක් හිනාගස්සන්නට ඔහුට සිතුණි.

තමා කොයි තරම් හිතින් වේදනා වින්දත් එය පිටට නොපෙන්වා හැමෝමත් සමගම විහිළුකර සැවොම සිනස්සන්නට ඔහුට ඇත්තේ පුදුමාකාර හැකියාවකි.....

ඔය මහත්මියට දැන් කාටද කතා කරන්න ඕන....?”

මහත්මිය....මන් මහත්මියක් නෙමේ.....

ආ ආ...එතකොට මේ මෙනවියක්ද..?”

හම්...

හරි දැන් මේ මෙනවියට කාත් එක්කද කතා කරන්න ඕන?

කාවා නොහොත් කාවිංග කියන පුද්ගලයට කතා කරන්න පුළුවන්ද?

ඇයි ඌට කතා කරන්න බැරිවෙලා හිටියද ?

ඈ...තේරුණේ නැ....

දැන් ඔයා ඇහුවනේ ඔය කවුද පුද්ගලයෙක්ය කතා කරන්න පුළුවන්ද කියලා....මන් බැළුවේ ඌට කතා කරන්න බැරුව හිටියද කියලා....

අන්නේ......මේ කතා කරන්නේ කාවිංග අයියා නේද....

කාවිංග නම් තමා...ඒත් මන් කොහොමද ඔයාට අයියා උනේ...ඔයා මගේ නැයෙක්වත්ද?

අනේ හරි නරකයි...හැම වචනෙටම මොකක් හරි කියනවා...මන් තියනවා....
ඇය ඇත්තටම දුරකතනය විසංදි කරයි සිතු කාවිංග,

මේ නැ නැ මන් ආයේ මුකුත් කියන්නේ නැ....දැන් මට කියන්නකෝ මේ කවුද කතා කරන්නේ කියලා.....

මෙච්චර වෙලා එක එක විකාර දෙඩෙව්වා කවුද කියලා අහන්නෙවත් නැතිව නේද?

හරි හරි දැන් ඇහුවනේ.....කවුද කියන්නකෝ....

හම් හම්....ගෙස් කරන්නකෝ.....

හම් ......මාලා...., සුමනා...., කමලා...., චම්පා...... ඇය ඒ නම් අසා සිහින් සරින් සිනාසෙන හඬ ඔහුට ඇසුනි.....

මොකෝ හිනා වෙන්නේ.....මට කෙල්ලොන්ගේ නම් මතකත් නැ...

ආ..ඒ තරමට කෙල්ලෝ ෆෝන් කරනවද?

ඇයි නැ කියලා හිතුවද....? මන් වගේ හැන්ඩ්සම් කොල්ලෙක් එක්ක කතා කරන්න කොච්චර කෙල්ලො පොරකනවද?....

අපෝ....කවුද කීවේ හැන්ඩ්සම් කියලා....හා....

ඇයි එහෙම නැද්ද....ඊරිසියාව.....

හික්ස්....මොකට ඊරිසියා කරන්නද.....

ආ දැන් මන් හැන්ඩ්සම් නිසා නෙමේද ඔයා කෝල් කලේ....මන් අඳුරන්නෙවත් නැනේ.....

අහ්....අනේ නැ අයියේ...ඔයා අද අපිට ගොඩක් උදව් කළානේ...ඒ නිසා තැන්ක් කරන්න කතා කලේ....හෙට එනවද කියලා දැනගන්නත් ඕන, පොඩි උදව් ටිකක් ගන්නත් තියනවා....හික්ස්....

යකෝ...එතකොට මට කතා කරලා තියෙන්නේ හෙටත් උදව් ගන්න මිසක් මන් ගැන හොයලා බලන්න නෙමේ....

හරි හරි....යහතින් ඉන්නවනේ....එහෙනම් මන් තියන්නම් අයියා....බුදුසරණයි....ගුඩ් නයිට්...

ආ ආ...කාවිංගට නැවතත් ඇයගෙන් නම අසා ගැනිමට මතක්වන විට ඇය දුරකතනය තබා අහවරය.....

ශික්...මේ පාරත් මිස් වුණානේ....හෙටනම් කොහොම හරි අහගන්න ඕන.....

''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''


Thursday, April 26, 2012

සිතුවිලි අතර..... (7 කොටස)


වතට තුරුළු කරගත් ඇයගේ සිරුර දෙස  බලමින් අතීතයේ ඒ සොඳුරු මතකයන් අතර ගිලෙන ඔහුගේ කතාව....

පෙර කොටස් සඳහා.... සිතුවිලි අතර.....


 ''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''

තමාට ඔරවා අහක බලාගත්තත් ඇය තමාගෙන් වදනක් ලැබෙන තුරු බලා සිටින බව වැටහුණ ඔහු,

නංගි දැන් මන් කාලද කියලා ඇහුවේ කන්න අරන් දෙන්නද? පුදුම බඩගින්නක්නේ ආවේ.....

හික්ස්.....

මොකෝ හිනාවෙන්නේ...දැන් බුම්ම ගත්තේ බකමුණෙක් වගේ.....

අනේ යනවා යන්න…”

මන් කොහේ යන්නද හලෝ....මේ අපේ වැයික්කිය....

ආ ආ සොරි සොරි...අපිනේ මෙහාට පිටින් ඇවිත් තියෙන්නේ.....

නංගි බලාගෙන....ඕකා හෙන ඇම්ඩා..... යයි තම යහළුවන් පිරිසක් ඇය සමග කතාකරමින් සිටිද්දි පවසා ගිය යුරු මතක් වී ඔහුට නැවතත් සිනහා නැගිණි.

ඒ මොකද්ද අයියේ ඒ කීවේ...මට තේරුණේ නැ....

ඔයාට නොතේරුණ බව පේනවා....පස්සේ තේරේවී....

හා....මෙන්න එහෙනම් කෑම එකක්....දැන් බඩගිනියි කීවනේ....

ආ තැන්කු......ඒත් මට දැන් කන්න බැ...”

"දැන් බඩගිනියි කීවනේ..."

"මන් විහිළුවට කිව්වේ....මන් යනවා...ඔයාලා කන්න.....

එතකොට අයියා අයේ අපිට උදවු කරන්න එන්නෙ නැද්ද?

ඇයි මන් නැතුව වැඩ කෙරෙන්නේ නැද්ද....නැත්නම්....හ්ම් හ්ම්....
ඇස් නටවමින් නෝන්ඩියට මෙන් සිනාසුණ කාවිංග ඇයගෙන් ඇසුවේය...

නැත්නම් මොකද්ද අයියේ....
තමා අදහස් කළ දේ ඇයට නොතේරුණ වග වැටහුණ කාවිංග එම විහිළුව දුර ගෙන නොයාමට සිතා ගත්තේය..

අපෝ මෙහෙමත් ගොඩේ කෙල්ලෙක්....

අනේ යනවා යන්න...මන් ගොඩේ නැ....හරිද...

අනේ ඔවු...කියන කිසිදෙයක් තේරෙන්නේ නැති ගොඩේ කෙල්ලෙක් තමා.....

ඔවු ඉතින් අපි ගොඩේ කියලනේ හිතන් ඉන්නේ....කමක් නැ...සිනාසෙමින් කී ඇය, අයියගේ නම මොකද්ද....?

දැන් නංගිට මොන නමද ඕන....? ඇත්ත නමද? යාළුවෝ කියන එකද...? නැත්නම් කැම්පස් කාර්ඩ් එකද....?

හයියෝ....ඔය මොකක් හරි නමක් කියන්න.....නැත්නම් කතාකරන්නෙ කොහොමද...? හෙට උදවුවට නාවොත් කාගෙන් හරි අහන්නවත් නමක් දැනගන්නෙපැයි.....

අපෝ මේ මට ආදරේකට නෙමේ...උදව් ගන්න ඕන නිසා....

ආ ආ...වැඩේමයි මෙයාට ආදරේ කරන්න.....උදව් ගන්න ඕන නිසා තමයි හලෝ නම ඇහුවේ.....

හම් හම් හම්.....කාවා කියලා කතාකරන්නකෝ.....

මොකක් කාවා....ඒ කාර්ඩ් එක නේද...හික්ස්....එතකොට ඇත්ත නම..?

දැන් ඒකත් ඕනද...?

කියන්න බැ නම් එපා...නිකම් ඇහුවේ.....

එහෙමත් කියනවද වටින කියන දේවල්....

අපෝ එපා...තියාගන්න ඔයාගේ මහ ලොකු නම....

අඩෝ කාවිංගයෝ....උඹ ඒ ටිකට ලස්සන මලකට පොත දාලා වගේ නේ.....අනේ අපිට කොයිද ඔහොම චාන්ස්....
එවිටම එතනට කඩා පාත්වූ කාවිංගගේ හොඳම මිතුරා වූ පැතුම්ගේ මුවින් තම නම පිටවූ නිසා කාවිංගට තරමක් කේන්තිගියත් යාළුවා නිසා කිසිත් නොකීවේය....

හයියෙන් පිටවෙන්නට ගිය හිනාව බලෙන් නවත්වාගත් ඇය, එහෙනම් අයියා මන් යනවා අපේ කට්ටිය ඉන්න තැනට...යන්නම් අයියා...

කාවිංගටත් පවන්ටත් පැවසු ඇය එතනින් යන්නට සැරසුනාය....

ආ නංගි මෙන්න මගේ කාර්ඩ් එක...ඕන වුණොත් කෝල් එකක් දෙන්න....

ඕකේ...තැන්ක්ස් අද කරපු උදව්වට...යන්නම්.....
එසේ කියා නික්ම යන ඇය දෙස බලා සිටි කාවිංගට තමාට ඇයගෙන් නම අසා ගැනීමට නොහැකී වු බව මතක් වී තමා ගැනම තරහක් මතුවිය....

අපරාදේ චාන්ස් එක....තමාටම කියාගත් ඔහු තම කේන්තිය පැතුමගේ පිටින් යැව්වේය....

ගොනා, බූරුවා.....අපතයා...ශික්...අපරාදේ චාන්ස් එක...මට කෙල්ලගේ නමවත් අහගන්න බැරි වුණා තෝ උදැල්ල දාපු නිසා....ගර්ර්ර්ර්......

හික් හික් හික්....අනේ පලයන් බන් යන්න.....ඒ මන් ආපු නිසාද...? නැත්නම් උඹට ඒකිත් එක්ක මුකුළු කරද්දි ඒක අමතක වුණ නිසාද....මම නොදන්න සනානේ උඹ....යමන් යමන් බඩගිනියි...කන්න...ඒකි අනිවා උඹට කතාකරයි.....

ශුවර්ද ඒකි කතාකරයි කියලා.....

මම නොදන්නවයැ උඹ ගැන...අනිවා කතාකරනවා...දැන් යමන්......

පැතුම්ගේ කරට අතදාගත් කාවිංග සියල්ල අමතක කර පුරුදු සැහැල්ලු විහිළුකාර ස්වරූපයට ආවේය......

'''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''

Wednesday, April 25, 2012

සිතුවිලි අතර.......(6 කොටස)


ආදර හිත් දෙකක් වෙනතක ගිය කතාව......

පෙර කොටස් සඳහා..... සිතුවිලි අතර.....

'''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''
රෝහල් කාමරය තුළදී කාවිංගට තුරුළු වු ඇය කියවන්නට වූවාය.

මාව තුරුළු කරගන්නකෝ මැණික....මට හරි බයයිනේ.....

හරි පණ මේ තුරුළුකරගත්තා....ඇයි මැණික බය....?

නිදාගත්තාම නපුරු හීන පේනවා....ඔයා මාව දාලයනවා වගේ......
තමා ඇයව ජීවිතයේ අතරමංකර දමා ගිය බව ඇයට නොතේරුණත් ඇත්ත එයම නොවේදැයි ඔහුට සිතුණි. නමුත් එය දැන්ම ඇයට වටහා දිය නොහැකි බව දන්නා නිසා ඇයව සැනසීමට පටන්ගත්තේය.

නැ නැ මේ මන් ලඟ ඉන්නවනේ....දැන් හරිනේද.....?

හා හා හරි.....හම් හම්....බඩුවක් ඉල්ලන්න දෙනවද.....?

මොකද්ද මැණික….?”

ලොකූ...ඌ ඌ .....උම්මා එකක්......දෙනවද...?
මේ අවස්ථාවේ කළ නොහැකි දෙයක් වුණත් ඇයගේ ඉල්ලීමට පිටුපෑ නොහැකි නිසාත් ඇයට සිද්ධ වු දේ දැනගැනීමට නම් පෙර මෙන් ඇයට ලංවීය යුතු බව ඔහුට වැටහුණි.

අනේ හා මැණීක....දෙන්නම්....කොහාටද ඕන…?”

නළලට....අර ඔයා ගොඩාක් ආදරෙන් දෙන්නේ...ඒ විදියට ලොකු එකක් ඕන....හම්....

තමා දෙසට හිස නැඹුරුකර පපුවට තවත් බර වු ඇයව පෙරදා මෙන්ම ඔහු ගොඩක් ආදරයෙන් තුරුළුකරගෙන නළලට හාදුවක් දුන්නේ මෙතෙක් කල් ඇය නැතිව පාළුව තිබුණ හිත පෙර මෙන්ම ආදරයෙන් පුරවාගනිමිනි.....පිස්සියක වුවත් ඇය තමාගේය....හැම දුකක්ම තමා වෙනුවෙන් විඳි තම පෙම්වතියය. තමා නිසා ඇයට මෙසේ වී ඇති බව ඔහුට දැන් දැන් තේරුණේ සිත පසුතැවිල්ලෙන් පුරවමිනි....

හම් හම්....පණ, මෙතනින් හාන්සිවෙන්නකෝ..... ඇයගේ ඇඳ පෙන්වමින් කීවාය.

ඇයි මැණික, මොකටද?

මට දොයියන්න...හම්...ඔයාගේ පපුව උඩ‍, මන් ආස එහෙමනේ....

අනේ සුදු මැණික බලන්නකෝ මන් හොඳ සූට් එකක් ඇඳන්නේ ඉන්නේ. දැන් හාන්සි වුණාම ශර්ට් එක පොඩිවෙනවනේ.....

හම්....”  නාළු කරගත් මුහුණින් අහක බලාගන් ඇය, “ එහෙනම් වෙනදා වගේ ශර්ට් එක ගලවන්නකෝ.....

අනේ ඒකත් කරන්න බැනේ....බලන්න...ශර්ට් එකට යටින් මන් බැනියමුත් ඇඳලනේ…”

ඉතින් ඒකනේ...ඔයා වෙනදට එහෙම අඳින්නේ නැනේ...තවමත් ඇය නෝක්කාඩු ස්වරූපයෙන් අහක බලන් කීවාය.
ඒ අතරම කුමක් කරන්නදැයි ඇයට නොපෙනෙන්නට වු දොස්තර මහේන්ද්‍රෙගන් විමසන්න කාවිංග අමතක කළේ නැත. ඔහු හස්ත මුද්‍රාවෙන් පැවසුවේ ඇය කියන දේ කරන්නට කියාය.....

හරි මැණික, එහෙනම් මන් මෙහෙම හාන්සි වෙන්නම්....ඔයා දොයියන්නකෝ.....
හිනා කටක් පුරවා ඔහු දෙසට හැරුණ ඇය එහෙමම ඔහුගේ පපුවට නැවත වරක් තුරුළු විය....

ඒකනේ...මන් දන්නවා ඔයා බැ කියන්නේ නැ කියලා.....

එසේ පැවසු ඇය දෑස පියා ගත්තේ සැනසීමෙන් මෙනි....
ඇයට එලෙස සිටින විට නින්ද යන බව දන්නා කාවිංග දොස්තර මහේන්ද්‍රට ඒ බව කීවේ ඇයට නොතේරෙන ලෙසය.
ඇයට නින්ද යනතුරු ඔහුට ඉද පසුව ඇවිත් ඔහුව හමුවෙන ලෙස කී වෛද්‍යවරයා  නර්ස්  සමග කාමරයෙන් එළියට ගියේ  කාමරයේ දොරත් වසමිනි.....

''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''


ඇයට තුරුළු වුණ මොහොතේ එදා ඒ වතෙන් විඳි උණුහුම අදද නොඅඩුව දැණුන ඔහුට අතීතය සිහිවීම කාට නම් නැවතිය හැකිද?

එදා අහම්බෙන් තමා ඇයට උදව් කිරිමෙන් පසු  තමා සමග දොඩමළු වු මෙහොත ඔහුට අද මෙන් මතකය....

අයියා මොන ඉයර් එකේද….?

ඇයි නංගි මාව ඉයර් එකකට දාන්නද….?

මොකක්….?
තමා එදින කිවු ගොඩක් දේවල් ඇයට නොතේරුණ බව ඔහුට මතක් වී මුවගට සිනා නැගුණි....

අයියා කාලද ඉන්නේ.....?”

අයියනම් කාලා නැ.....

මන් ඇහුවේ ඔයා කාලද කියලා….?

ආ ආ ආ...මන් ද? මන් තාම කාලා නැ...කොහේ කන්නද....ලොරි බාගෙකට පෙට්ටියක් උස්සගන්න බැරිව හිටියනේ....ඒකට තල්ලුවක් දෙන්න ගියා.....

අනේ හරි නරකයි....බැ කීවනම් මන් කොහොම හරි අරන් යනවනේ....මොකටද උදව් කරන්න ආවේ....

අප්පේ අරගෙනම යයි කියලා සැක තිබුණ නිසයි උදවු කළේ....නැත්නම් බලාගන්න තිබුණා....

මුණත් නරක් කරගෙන ගස්සා අහක බලාගත් ඇය සැබැවින්ම තමාට ලස්සනට පෙණුන වග ඔහුට මතක්විය.....ගමේ තාලයට ගවුමක් ඇඳ, කොණ්ඩය තනි කරලට ගොතා සිටි ඇය නගරයේ වු විච්චුරණ වලට හසුවී නොතිබුණි.....සැගවුණ ලස්සනක් තිබුණ ඇයගේ ඒ ලස්සන තමා ඔප දමා ඉදිරියට ගෙනා වග සිහිවී ඔහුට පුංචි ආඩම්බරයක් සිතට දැණුනි.

ඒ ලස්සන අද වෙනවිට වියකී ගොස් නොතිබුණත් පිරිපුන්ව සිටි ඇය බොහෝ කෙට්ටු වි, වෙනස් වී ඇති බව තම වතට තුරුළු කරගත් ඇයගේ සිරුර දෙස බැලූ කාවිංගට පෙණුනි.ඇයව ඉක්මණට සුව කරවා සමාජයට දැමීමට පෙර එදවස මෙන් ඇයව ලස්සන කළ යුතු බව ඔහුට සිතුණි.....

නැවතත් අතීතයේ සිත රැන්දු ඔහු ඒ සොදුරු සිදුවීම් එකිනෙක මතක් කළේය.....

'''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''




මා මාම වී ....ඔබ ඔබම වී නම්.....අපි අපිම වෙන්නට පෙරුම් පුරනු කෙලසින්.....