Tuesday, April 5, 2011

නොබිදුන පැතුමන්.....................2 කොටස

පසු දිනට පහන් වුයේ අරචනාගේ සිතට නැවුම් බලාපොරොත්තු රැසක් ගෙන දෙමිනි.තැබිලි පැහැ මල් වැටුන කහ පාට සාරියකින් සැරසුන ඇය ලියුම් කවරයත් සහතික පත් දැමු ෆයිල් කවරයත් හෑන්ඩ් බගයත් රැගෙන පහලට අවේ අලුත් රැකියාවට වේලාසනම යාම සදහායි.ඇය පහලට බසින විට කම කාමරයේ සිටි සියල්ලම, එක්කෙනෙකු හැර ඇය එස බැලුයේ කතාකරගත් පරිද්දෙනි.

"එන්න පුතේ, මන් මේ ඔයාට කතාකරන්න යන්න ලෑස්ති උනේ." මාලනී නැන්ද ඇයට වාඩිවෙන්නට  පුටුවක් පෙන්වමින් කීවාය. 
"ගුඩ් මොනින්ග් සුදු දුව "ආනන්ද මම සුභ පැතුවේ හදවතින්ම බව ඇයට ඔහුගේ අමන්ත්‍රනයෙන්ම වැටහුණි. 
"ගුඩ් මොනින්ග් මාමේ" ඇයද පෙරලා ඔහුට සුභාපැතුවාය.
"බලන්නකෝ මාලි කෙල්ලගේ ලස්සන.අදම කවුරු හරි උස්සන් යයිද දන්නේ නෑ"
මෙතෙක් වෙලා කෑම මේසයේ ඇයට පිටුපා වැඩි වී සිටි රුව එකවරම පුටුව හයියෙන් පස්සට දමා නැගී සිටියේ මේ කතාබහට එතරම් කැමැත්තක් නැතුවා මෙනි. 
"පුතා කලත් ඉවරද?.චුට්ටක් ඉන්න. ඔයා තාම නංගිත් එක්ක වචනයක්වත් කතා කලේ නැනේද? මාලනී නැන්ද ඔහුගෙන් ඇසුවේ තරහෙන් මෙනි. 
"අනුහස්" එසේනම් මේ ඔහුයි. බහතෝරන දා සිට ඔවුන් කොළඹ  පදිංචියට එන තෙක්ම තමාට හිටි එකම යාළුවා.....වැලි බත් උයපු,එකට පාසල් ගියා ඇගේ එකම මිතුරා. නමුදු ඇය තවමත් ඔහුගේ මුහුණ දැක්කේ නැත. 

"මොනා කතා කරන්නද අම්මා. මට පරක්කුවෙනවා. අද කල්පව පික් කරන්නත් තියනවා." පවසමින් ඔහු මේසයෙන් ඉවත් වී දොර දෙසට ගියේ ඇය දෙස නොබලාමය.මාලනී නැන්දත් ආනන්ද මාමත් මුහුණට මුහුණ බලාගත් බව ඇයට පෙනුනේ බොඳ වුන දෑස් වලිනි. ඔවුන් දෙදෙනා වහා ඇයගේ හිත හැදුවේ ඇගේ දෑසේ පොපියන කඳුළු බිඳු දැන් දැන් වැටෙයිදෝ සැකයෙන් අනුහස්ට හිතින් දොස් කියමිනි. 

"ගණන් ගන්න එපා පුතේ. ඒ එයාගේ හැටි. කිසිම කෙල්ලෙක් එක්ක කතාවට යන්නේ නෑ.ගමෙන් අවට පස්සේ ගොඩක් වෙනස් උනා." ආනන්ද මම පැවසුවේ කරුණාවෙනි.

ඇය වහා වහා දෑස පිය සැලුවේ කඳුළු බිදු වැටෙන්නට නොදී වියලා ගැනීමටයි. 

"හා හා එයා ගැන ඕනි නෑ. පුතා වැඩිවෙන්න කෑම කන්න. අද අලුත් රස්සාවට යන නිසා මන් කිරිබතුත් හැදුවා." මාලනී නැන්ද අයව පුටුවකින් වාඩිකරවා පිගානට කිරිබත් බෙදුවාය.කෑම කමට ප්‍රියක් නැතත් තමාට මෙතරම් ආදරය කරන මොවුන් දෙදෙනාගේ හිත රිදෙන නිසා ඇය කටවල් කිහිපයක් කෑවාය.

"ආනන්ද, ඔයාට පුළුවන්නේ සුදු දුවව එක්කරන් යන්න...කොහෙද අර ළමය කලින්ම ගියානේ.මන් හිටියේ එයා එක්ක යවන්න." මාලනී නැන්ද ආනන්ද මාමාගෙන් ඇසුවේ මහත් කනස්සල්ලෙනි. 

"නැතුව නැතුව. මන් එක්කරන් යන්නම්.මිට පස්සේ දුව මා එක්ක යන්න ලෑස්ති කරන්න.එයා එක්ක යවන්න ඕනි නෑ." ආනන්ද මාමා කිවේ තරහිනි....

ආනන්ද මාමා සමග කරයේ එන විට ඇගේ සිත විසිර ගොස් තිබුනේ ඔහු යටතේ කරන රැකියාව කෙසේ වේවිදෝ කියන සැකයෙනි.

"දුව මේක තමා ඔෆිස් එක.ඔයාට තනියම යන්න පුලුවන්ද. මන් එන්නද" ආනන්ද මාමා ඇසුවේ විසල් ගොඩනැගිල්ලක් පෙන්වමිනි.
"නෑ නෑ...මාමා යන්න.මට යන්න පුළුවන්".  ඇය වහා කිවේ දැනුත් ඔහුට තමා නිසා රැකියාවට යාමට ප්‍රමාද වී තිබු බැවිනි.

රැකියාවට යන අර්චනාට මුහුණ දෙන්න වෙන්නේ කවර සිදුවීම් ද?    ඊලග කොටසින් බලාපොරොත්තුවන්න ............   


සදාකාලික නොවූ ප්‍රේමය ............

සදාකාලික නොවූ ඒ දෙය
සදාකාලික කරගන්නට
අනේ මන් උත්සහ කලත්
නැත උදවුවක් එයට ඔබෙන් ...........
නෙතු අගින් ගිලිහෙන 

කඳුළු බිඳු වල රැඳුන
වේදනාවේ මහිමය 
කවදා තේරුම් ගනිවිදෝ ඔබ............
පැවසුවත් ආදරෙයි කියා
දන්නවද නුබ......
නුබටත් හොරෙන් නුඹේ ආදරේ 
මගෙන් ඇත වී යන වග....
නොතේරුණත් එය ඔබට
දැනෙයි හැම මොහොතකදීම මට
ඒ .....
ඔබ මට වඩා
මම ඔබට පෙම් කරන නිසා.....................

Friday, April 1, 2011

නොබිදුන පැතුමන් ..................1 කොටස


බින්දු බින්දු වැටෙන වැස්ස දිහා ඇය බලන් හිටියේ හරිම අසාවෙන්. කාට උනත් වැස්ස දිහා, වැහි බින්දු වැටෙන දිහා බලන් ඉන්නකොට හිතේ තියන දුක ටිකක් හරි අමතක කරන්න පුළුවන්. 
"අර්චනා, දුව ඔයා කොහෙද?"
ඇයගේ කල්පනා දැහැන බිඳින්න තරම් ඒ හඬ ප්‍රමාණවත් නොවුන වග නම් සහතිකය. ඒ නිසා මාලනී නැන්දට ඇයව සොයා ඇයගේ කාමරයටම එන්න සිද්ද වුණා.
"පුතේ" අර්චනාගේ උරහිස මත රැඳුන අත නිසා ඇය තිගැස්සී හැරුනේ කවුදැයි බැලීමටය.  
"ආ .... නැන්දේ....මන් මේ වැස්ස දිහා බලන් හිටියා.....හිතට හරිම සැහැල්ලුවක් දැනෙනවා වැස්ස දිහා බලන් ඉන්නකොට."
"ඒක තමා එහෙනම් මන් පල්ලෙහා ඉඳන් කතා කරනවා ඇහෙන්නේ නැතුව ඇත්තේ."
"නැන්දා මට කතා කලද?"
"ඔව් සද්දයක් නැති නිසා මන් මේ අවේ බලන්න" 
"එත් පුතේ මතක තියා ගන්න, පායල පායලා වහිනකොට සනීපයක් දැනුනට, ආසාවක් දැනුනට......ඒක දිගට වහින්න ගියාම වැස්ස උනත් එපා වෙනවා."
නැන්දා නිකමට මෙන් කිව කතාව අපගේ ජිවිත වලටද අදාල බව ඇයට හැඟුනි.
"යන පල්ලෙහට.අයිය කිවා  කරන්න ඕන වැඩ ගැන කියන්න ඕන කියල.”

නමින් අර්චනා සංකල්පනී වීරසුරිය වූ ඇය, උසස්පෙළින් පසුව තමා දෙමාපියන් සේම තමාට ආදරේ කරන මාලනී නැන්දා හා ආනන්ද මාමා වෙත පැමිණියේ රැකියාවක නිරත වීමටය.පිට තැන්වල රැකියාවක් කරන්න යවන්න අකමැති වූ මේ යුවල ඇයව තම පුතා විසින් කරගෙන යනු ලබන ඇඩ්වටයිසින් ආයතනයට සම්බන්ධ කිරීමට කටයුතු කරන ලදී. 

"පුතා මේ නංගී ඇවිත්.මේ දරුවට කරන්න තියන දේවල්  කියන්න.නැත්නම් එයා මේ කිසිදෙයක් දන්නේ නැනේ."
අර්චනා සමග පහලට ආ මාලනි නන්දා සාලයේ සිට අනුහස් අයියගේ කාමරයට ඇසෙන සේ කීවාය.
"අම්මා, ඔය ස්ටුල් ඒක උඩ තියනවා ලියුම් කවරයක් මධුගේ නම ගහපු.අලවල ඇත්තේ.ඒක ගිහින් මධුට දෙන්න කියන්න.එයා කරන්න ඕන දේ කියල දෙයි.දැන් මන් වැඩක්."
ඔහුගේ ගැඹුරු කටහඩ පමණක් සාලය දෙසට පාවී ආවේය.
"ආ මේ තියෙන්නේ" මාලනි නන්දා ලියුන් කවරය රැගෙන අර්චනා අත තැබුවාය.මධුමාලි නමින් නම් කර තිබු කහ පැහැගත් ලියුන් කවරය යුවතියගේ දත් මත්තේ සිර වුනේ අලුත් බලාපොරොත්තුවක් සිත තුල තෙරප්ද්දිය.නමුදු, තමා මේ නිවසට පැමිණ සම්පුර්ණ දවසක් ගෙවුනත් තවමත් ඔහුව මුණ නොගැසුණු බව මතක් වෙද්දී ඇයට දුක සිතුනි.ආනන්ද මාමත්, මාලනි නැන්දත් තමාගේ පැමිණීම පිලිබඳ සතුටු උවාට අනුහස් අයියා එයට වැඩි කැමැත්තක් නැති බව දැන් ඇයට හැඟී ගොස් අහවරය. එහෙත් මේ කොළොම්පුරයේ ඇය දන්නා කියන කෙනෙකුට සිටින්නේ මේ පවුල පමණක් නම් ...............

Thursday, March 31, 2011

පැතුම් මල්.............

ගිලිහුනත් පැතුම් මල් ඔක්කොම
නැවතුනත් වසන්තය පාමුල 
හඬා වැලපී 
සීතලෙන් ගැහි ගැහි 
තියෙනවා තවත් 
අපේ ජිවිත........
මිලින මල් වෙනුවට 
අලුත් මල් පිබිදෙනු ඇත..........
රැය පහන්වන තරමට 
අලුත් දවසක් එනු ඇත...........
මා මාම වී ....ඔබ ඔබම වී නම්.....අපි අපිම වෙන්නට පෙරුම් පුරනු කෙලසින්.....