Wednesday, April 4, 2012

සිතුවිලි අතර...........(3 කොටස)

කාවිංග..........මානසික වෛද්‍යවරයෙකු වී කරාපිටිය මහ රෝහලේ වැඩ බාරගනී.....
නවෝද්‍යා......ඇය එහි නේවාසිකව ප්‍රතිකාර ගනී....

 මේ ඔවුන් දෙදෙනාගේ කතාවයි....

පෙර කොටස් සඳහා....සිතුවිලි අතර.....

''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''

මීට අවුරුදු 3කට පෙර අතීතයේ එක් දිනයක ඔහුත් ඇයත් නිතර හමු වුණ ඒ පුංවි කාමරය තුළදී තමා ඇයව අවසන් වරට හමුවී වෙන් වූ අයුරු ඔහුගේ ඉදිරියේ සිත්තමක්ව ඇඳී ගියේ මතකය නැවත අළුත් කරමිනි....

ඇයගේ ඒ අහිංසක ඉල්ලීම ඉටුකරන්න තමාට කොතරම් අපහසු වූවාද වග මතක් වුයේ ඔහුගේ දැසට කඳුළු නංවමිනි....ඒ සියල්ල දරාගෙන තමා සමගින් බස් නැවතුම ලඟට ආ ඇය, 

එහෙනම් සුදු මැණික දැන් ඉඳන් මන් ඔයාගේ ජීවිතේට අයිති නැ....පරිස්සමින් ජීවත් වෙන්න....ඔයාගේ හොඳ ගතිගුණ ඒ විදියටම තියාගෙන හැමදාම හිනාවෙලා ඉන්න......වෙලාවට කන්න....කඩ කැම කන එක දැන්වත් ටිකක් අඩු කරන්න.....” 

මේ සියල්ල පවසා තමා දිහා බලා සිටියේ පිළිතුරක් බලාපොරොත්තුවෙනි.....ඒ වුවත් ඒ වදන් වලට තමාට පිළිතුරු සපයාගත නොහැකිව මුව ගොළු වී තිබූ අයුරින් මේ මොහෙතෙදිද තම මුව ගොළුවි ඇති බව ඔහුට වැටහුණි.......

වෙනදා ඇයව බසයට නග්ගන්නට පෙර නලලට දෙන හාදුව, අවසන් මොහොතේ ඇය තමාට දී දුවගොස් බසයේ එල්ලුන අයුරු මතක් වී දෙනෙතින් ගලන කඳුලැලි නැවත අළුත් වූයේ ඔහුටත් නොදැනීය.....

එදා වෙන්වුවාට පසු අද මේ මොහොතෙදී ඇය අද අහම්බෙන් මුණ ගැසෙනතුරු තොරතුරක් සොයාගන්නට තමා කොතරම් මහන්සි වූවත් ඇය තොරතුරු ලබා ගැනීමට තිබු හැම මාර්ගයක්ම වසා දමා තිබුණි........අද මෙලෙසින් ඇයව දකින්නට තමා කෙතරම් පවු කර ඇත්දැයි ඔහුට සිතුණි.
එදා නැවතුන ජීවිතය වෘතීමය අතින් ඉදිරියටම ඇවිත් තිබුණත් ආධ්‍යාත්මිකව එදා නැවතුණ තැනම බව ඔහු අද වටහා ගත්තේය.

 “ඩොක්ට..... ඩොක්ට කාවිංග.....ඇයි මේ ඇස් වල කඳුළු....ඩොක්ට මෙයාව අඳුනනවද.....

වදනක් නොදෙඩු ඔහු, සෙමින් ඇඳ අසලට ඇවිද ගියේ සිහිනයෙන් මෙනි...
තම අහිංසකාවිය නිදි බව වැටහුණත් ඇයගේ සවනතට මුව තැබූ ඔහු,

සුදු මැණික........

''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''

නින්දේදී වුවත් තම හදවතටම බද්ධ වු ඒ කටහඩ තමා ළගින් ඇසෙද්දී වෙනදා මෙන් සිහියක් දකින බව සිතා ඇය සිනාසුනාය.....

ඇස් ඇරලා බලන්න වස්තු....ඔයාගේ මහත්තයා ඔයා ලඟ

ගැස්සී මෙන් ඇස් ඇරිය ඇය තවමත් අදහා ගත නොහී ඔහු දෙස බලා සිටියේ තමා දකින්නේ සිහිනයක් යැයි සිතාය....

මගේ පණ, හීනෙන් ආවට ඔයා මගේ ලඟ හැබැහින් නැනේ වස්තු.....ඒත් හීනෙන් හරි ඉන්නවනේ....ඔන්න ඇහැරවන්නෙපා අයේ....අපි දෙන්නා ගංගාරාමේ පාර්ක් එකේ ඇවිදිනවා වාඩිවෙන්න තැනක් හොය හොය.....හි හි හි.....

නැවතත් දැස පියා ගත් අහිංසකාවිය සිහින අතර සැරි සරන්නට විය.....
තවත් ඉවසාගත නොහැකි වු ඔහුට ඇඬුනේ ඉකියකුත් සමගය.....ඇය නැවත ගැස්සී ඇහැරුණේ ඔහුගේ ඇඬුම් හඬටය.....

මහත්තයෝ......ඇත්තටම ඔයා මගේ ලඟ ඉන්නවද......ඇයි මේ අඬන්නේ.....කෝ කෝ කඳුළු පිහගන්න....
ඇය තවමත් සිතන්නේ තමා සිහිනයක් දකින බවයි......

ඇයව දැතින්ම පපුවට තුරුළුකරගත් ඔහු හඬන්නට ගත්තේ මිසිස් වීරසේකරද පුදුමයට පත් කරමිනි....

මට සමාවෙන්න මගේ මැණික....මට සමාවෙන්න.....අනේ මන් ඒ හැමදේම කළේ ඔයාට අළුත් හොඳ ජීවිතයක් ලැබෙන්න හිතාගෙන....ඒත් වෙලා තියෙන්නේ මොකද්ද දෙයියනේ.....මගේ අහිංසක කෙල්ල......මන් මහා පවුකාරයෙක්.....

මෙතෙක් මතකයන් අතර සැරිසරමින් සිටි නවෝද්‍යාට ඔහුගේ පපුවෙන් සැබැවින්ම දැනුණ උණුහුමත්, තම හිසට වැටුණ ඔහුගේ කඳුළුත්, සැබැවින්ම දැනෙන ඔහුගේ ස්පර්ශයත් හේතුවෙන් පියවි සිහිය ලැබෙන්නට විය.....

එකවරම ඔහුව පසකට තල්ලු කර නැගී සිටියේ කාවිංගත් පුදුමයට පත්ව සිටි මිසිස් වීරසේකරත් තවත් පුදුම කරවිමිනි....

මහත්තයෝ ඔ..ඔ..යා....මේ ඇත්තක් වෙන්නේ කොහොමද.....?  අනිත් දෙදෙනාට හිතාගන්නවත් නොහැකි මොහොතක ඇය කලන්තේ දා ඇදගෙන වැටුණාය......

ඉක්මණට ඩොක්ට මහේන්ද්‍රට එන්න කියන්න.....මිස් වතුර ටිකක් ගේන්න.....කියමින් කාවිංග නවෝද්‍යාට වැටෙන්නට නොදී අල්ලා ගැනීමට ඇය වෙත පැන්නත් ඔහු ප්‍රමාද වැඩි විය....ඇය ඇඳ අසල මහ හඬක් නංවමින් ඇදගෙන වැටුණාය......මේ අවස්ථාවේ බරපතලකම දැන සිටි ප්‍රධාන හෙදිය වූ මිසිස් වීරසේකර ඉක්මණින්ම දොස්තර මහේන්ද්‍රව කැඳවූවාය.....

''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''

මානසික රෝගියෙක්ට කම්පණයක් ඇතිවුවිට ප්‍රකෘති තත්වයට පත්වීමට ඉඩ තිබෙනවා මෙන්ම ඒ තත්වය බරපතල වීමටද පුළුවන.....

14 comments:

  1. හ්ම්ම්... කොටස් 3ම කියෙව්වා... කතාව නම් නියමයි... හැබැයි දෙබස් ගැන මගේ අදහස කියනව නම් උපරිම බොළඳයි... (ඇත්ත ජීවිතේදි මිනිස්සු ඔ‍හොම දෙබස් කියනවද? )

    ReplyDelete
    Replies
    1. ඔවු....බොළඳයි තමා...ඒත් ඇත්තටම මෙහෙම කතාකරන අය ඉන්නවා අයියේ....

      ස්තුතියි කතාව කියවනවට....

      තාම කතා ලියන්න අළුත්නේ...අඩුපාඩු වලට සමාවෙන්න....ඒ වගේම ඒවා පෙන්නලාත් දෙන්න....

      Delete
  2. ඇඬෙනවා...

    ඔව් බොළදයි තමයි...ඒත් ඇත්තටම කියන්වා ඔහොම..

    මගෙත් ඉස්සර තිබ්බ ලස්සන ජීවිතේ එහෙම අහල තියෙනවා....

    ReplyDelete
    Replies
    1. ඇත්තටමද කීවේ ඇඩෙනවා කියලා....

      ඔව්...ඇත්තමයි....ගොඩාක් ආදරේ කරන අය මෙහෙම කතා කරනවා....මමත් අත්විඳලා තියනවා.....

      Delete
  3. ගොඩක් වෙලාවට ආදරේ කරන අය අතරේ මේ වගේ කතා බහ තියෙනවා.. ලියාගෙන යමුකෝ ඉතුරු ටිකත්..

    ReplyDelete
  4. අලුතෙන් මේ පැත්තේ අවේ.. කොටස් 3 ම එක හුස්මට කියෙව්වා ලස්සන කතාවක් නංගි..දිගටම එන්නම් කියවන්න..
    ආදරේ කරන කාලේ මීටත් වැඩ හුරතල් කතා කියනවා.. හැබය් බැන්දම ටික ටික අඩුවෙලා ගිහින් බබාල හම්බුනාම නැත්තටම නැති වෙනවා ගොඩක් වෙලාවට.. :D

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මේ පැත්තේ ආවට (අයියද අක්කද නොදනී).....

      හික්ස්....අත්දැකීම්ද..".බැන්දම ටික ටික අඩුවෙලා ගිහින් බබාල හම්බුනාම නැත්තටම නැති වෙනවා ගොඩක් වෙලාවට." කීවේ.....

      Delete
    2. අක්ක කෙනෙක්..අත්දැකීමෙන් තමඊ කිව්වේ :D

      Delete
    3. ආ...එහෙම කියන්නෙපා අක්කා....උනන්දුව හා කැපවීම දෙන්නගෙම තියනවා නම් ඕක ජිවිත කාලෙම පවත්වාගන්න පුළුවන්..සුළු සුළු රණ්ඩු ඇති උනාට ඉවසීම තියෙනවනම් ප්‍රශ්න දුරදිග යන්නේ නැතුව වලක්වගන්න පුළුවන්......

      Delete
  5. මමත් හිතන්නේ ආදරය කරද්දී චුට්ටක් බොළඳ උනාට කමක් නෑ කියලා . මොකද ජීවිතයේ අනවශ්‍ය දේවල් හිතට ගන්න ගිහින් ඒ ආදරයේ සුන්දරත්වය නැතිකරගන්නවා වගේම එහෙම ඉන්න එක බැඳීමටත් හානියක්..

    යාප්පුවෙන් දෙන්නගේ ප්‍රශ්ණ විසඳගන්නත් මේ කතා විලාශය උචිතයි.. "අනේ සුදුමැණික.. ඕක කරන්න එපා.. හොඳ බබානේ" , "ඔයා ඔය කරන්නේ වැරැද්දක්. ඕක කරන්න එපා".. මේ ප්‍රකාශ දෙකෙන් කොයිකද ගැටුම් අවම කරවන එක..

    මොකද ආදරය කරන්නේ එකිනෙකා හඳුනගනිමින් ඉන්න දෙන්නෙක්.. ඒ අය අතරේ වෙන සුළු ගැටුමක් නිසා උනත් ඒ බැඳීම පළුදුවෙන්න පුළුවන්..

    කතාව ගැන කියනවනම් මේකේ සිදුවීම් ලස්සනයි.. ඒත් මේවා හැබෑ ලෝකේ නොවෙනවා නම් තමා හොඳ. මොකද දෙන්නෙක් අතර මොකක්ම හරි ගැටළුවක් තියෙනවනම් එයාලට එකට ඉන්න බෑ.. එතකොට සිතුවිලි මේ කතාකරන කෝණයෙන් හිතලා වෙන් නොවී එකතු උනා කියලා හිතමු.. එතකොට ඔය ආසාවල් උනන්දුව ආදරය ටික ටික අඩුවෙලා ගිහින් මතුවෙන්නේ අර නොගැලපීමයි..
    අන්න එතනදී මතුවෙන්නේ ප්‍රේම සම්බන්ධයක් ගැන ප්‍රශ්ණයක් නොව විවාහ ජීවිතයක් දෙදරායාමක්. මේක බරපතල තත්වයක්. සමහරවිට මෙය නිසා දරුවන් පවා අපහසුතාවයට පත්විය හැකියි..

    ReplyDelete
    Replies
    1. හ්ම් හ්ම්....දැන් මට නිකමට kiyanna ඔයා මට waraddak pennala denne kohomada kiyala......ඔයා ඔය කියන දේ අපි දෙන්නටත් අදාලයි නේ... hiks....:P

      kawuruwath sarwa sampurna නැනේ...hamoma ලග වැරදි තියනවා...ඒ වැරදි අඩුපාඩු hadagena ඉස්සරහට yana ekayi wenna ඕන...ඒ නිසා gatalu awa paliyatama dennek wenwenawa kiyanne maha modakamak....mn oyatath kiyanne මෙකුවී අක්කට කියපු දේම තම...ඒ නිසා hamadema විසදෙන්න කාලය ඕන..හදිස්සි තීරණ ගන්නෙපා....

      Delete
  6. අද තමා මේ පැත්තෙ ආවෙ... කතා තුනම කියෙව්වා... ලස්සනට ලියල තියනව... ඊලග කොටසත් ඉක්මනටම දාන්න...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මේ පැත්තේ ආවට....දිගටම එන්නකෝ....

      අනිත් කොටස් කිහිපයක් දාලා තියනවා....

      Delete

සිනිට වැදගත් ඔබේ සිතුවිල්ල මෙන්න මෙතන ලියල යන්න......

මා මාම වී ....ඔබ ඔබම වී නම්.....අපි අපිම වෙන්නට පෙරුම් පුරනු කෙලසින්.....