Monday, August 1, 2011

පිදු ආදරේ නාමෙන්.................

මන් මුලා වූ මා සිත 
නැවතුනේ ඔබ අභියස
යලිදු ඉල්ලාගනු නොවේ
පුද දුන්නේ මා සෙනෙහස....
සිත ආදරෙයි හැමදාම නුඹහට
ලියලනවා නුඹ නමින් සෙනෙහස
ලගින් උන්නත් ඔබ මගේ 
දුරින් උන්නත් ඇත්වී
පිදු ආදරේ නාමෙන්
හිමි වුවත්නොවුනත් 
ඔබේමයි මා හදවතින් ..............

8 comments:

  1. ලස්සනයි සීනි

    ReplyDelete
  2. ඔබට පමණයි මා සිතේ
    රැදෙන්නට ඉඩක් ලැබුනේ
    ලබා ගත්තේ සෙනහස
    නොදෙන්නයි වෙන කාහට

    අක්කාගේ එක නම් ලස්සනයි.. :) මගේ එක නම් කැතයි කැතයි වගේ

    ReplyDelete
  3. සිතුවිලි නිහඩයි කියලා කියන්නේ අක්කා කෙනෙක්ද !!!!
    ලස්සන සිතුවිල්ල්ක අක්කේ !!!

    ReplyDelete
  4. ආදරේ සදාකල්
    හදේ ඉතිරිවන
    සිහිනයක් පමනක් වුව
    ඔබටම පමණි....

    ලැබෙන්න තියෙන දේ ඒ විදිහටම ලැබෙයි නගෝ!!

    ReplyDelete
  5. තැන්කු තාරක අයියේ......:)

    ඔයාගේ එකත් ලස්සනයි කණි මල්ලි....:) ;)

    අක්කද නංගිද කියන්න දන්නේ නෑ....සිනි කියන්නකෝ මිට පස්සේ .... ;) :) බොහොම ස්තුතියි හොදේ....

    හ්ම්...ඔව් අයියා...අපට උරුම දේ කවද හරි ලැබෙයි...ඒ බලාපොරොත්තුව තියනවා...පද පෙළ ලස්සනයි......:)

    ReplyDelete
  6. හිතින් ලං වෙන එක කාටවත් නවත්තන්න බෑ.
    ලස්සනයි පදවැල .. නංගී.

    ReplyDelete
  7. ඔයත් මම වගේ කෙනෙක්..සොදුරු අදහසක්....

    ReplyDelete
  8. හ්ම්.....එක ඇත්ත අයියා...හිතින් ලං වෙන එක වගේම හිතින් ඇත්වෙන එකත් කාටවත්ම නවත්තන්න බෑ ........

    තැන්ක්ස් ගිම්හානි අක්කා....ඔයා ගොඩ දවසකින් මේ පැත්තේ......මන් හිතන්නේ හදවතින්ම ආදරේ කරන අය හැමෝම එහෙම වෙන්න ඇති

    ReplyDelete

සිනිට වැදගත් ඔබේ සිතුවිල්ල මෙන්න මෙතන ලියල යන්න......

මා මාම වී ....ඔබ ඔබම වී නම්.....අපි අපිම වෙන්නට පෙරුම් පුරනු කෙලසින්.....