Monday, May 23, 2011

සෙනෙහසේ සුවද...................

සෙනෙහසේ සුවද
විදිමි මන් හදපුරා........
පවසන්න මේ සතුට
වදන් සොයමි තවම මම.........
ඔබයි මට මේ සතුට
රැගෙන ආ සුරකුමරු.......
රකින්නෙමි දිවිපුරා
ඔබෙන් ලද ආදරය............ 
රැදෙන්නෙමි ඔබ ලගින් 
තිබෙන තුරු මේ දිවිය......
ආදරෙයි ඔබට මන්
මගේ පණ දෙවෙනිකොට........... .

12 comments:

  1. මා මිය ගියත් මගේ අදරය නෙමියෙයි .....

    ReplyDelete
  2. සිතුවිලි හඩයි

    ReplyDelete
  3. එකනම් ඇත්ත කල්හාර......
    අනෝ...මගේ සිතුවිලි හඬන්නේ නම් නෑ

    ReplyDelete
  4. නුඹයි ඇවිදින් මගේ ලෝකෙට
    එළිය කලේ මගේ විජිතය
    ආදරෙයි මං මටත් වඩා නුඹට
    මියෙන්නම් නුඹ ලගම මම දිනක..

    ReplyDelete
  5. නොමැත මට මාලිගා
    හිමිව නැත මුතුමැණික්
    තිබුණු එක වස්තුව..
    මා හදේ ආදරය.
    දුනිමි සිතුවිල්ලේ ඔබට
    කිසිම අඩුවක් නොකර..


    මගේ ජීවිතයට ආලෝකය ගෙනා සිතුවිල්ලේ.... මම නුඹේ නොව නුඹ මගේ ලොව පිරෙව්වා සතුටින්

    ReplyDelete
  6. මන් නෙමෙයි ඔයයි මට ඒ දේ දුන්නේ...

    ReplyDelete
  7. දුම් වැටියට පුරුදු වුනු නාස් පුඩු නුබේ සුවදට නතුවුනා
    නුබේ සෙනෙහස අබියසදි රස්තියාදුකාරය සන්වරවුනා
    ජීවිතය ගැන අහල තිබුනට ඔහෙන් පලයැයි කියා තිබුනට
    නුබ මාව අතින් අල්ලගෙන හරි මගේ ඉදිරියට එක්කරගෙන ගියා..

    ReplyDelete
  8. කවිය ලස්සනයි යසී අයියා

    ReplyDelete
  9. ලස්සන අදහස් ටික,, අදමයි මේ බ්ලොග් එකට ආවේ.. හිත මට දෙයක් කියනවා.. ඒක ඉතින් නොකර බෑනේ.. හිත කියන්නෙ මෙ බ්ලොග් එක Follow කරන්න කියලා..සිතුවිලි වල තව තව ලස්සන පොස්ට් පල වෙන්න කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා

    ReplyDelete
  10. බොහොම බොහොම ස්තුතියි චතු.............

    ReplyDelete

සිනිට වැදගත් ඔබේ සිතුවිල්ල මෙන්න මෙතන ලියල යන්න......

මා මාම වී ....ඔබ ඔබම වී නම්.....අපි අපිම වෙන්නට පෙරුම් පුරනු කෙලසින්.....