Wednesday, May 25, 2011

නොබිදුන පැතුමන්...........08 කොටස

අර්චනා  කැටුව  කාමරයට  මධුමාලි අර්චනා දෙස බලා සිටියාය. 
"ඇයි  මිස් මධු  මන් දිහා ඔහොම බලන් ඉන්නේ."
"නෑ......මට මේ කිසි දියක් තේරෙන්නේ නෑ.මට කියන්න ඔයා කවුදකොහොමද සර්  දන්නේඑයාගේ ෆැමිලි එක ගැන දන්නේහැමදෙම්.මන් පැටලිලා ඉන්නේ."
"ඇයි අනුහස් සර් මොකක් හරි කීවද"
"නෑ...නොකිය කියන දේවල් නිසා මන් අවුල් වෙලාඒකයි ඔයාගෙන් ඇහුවේකියන්න බැරිනම් මන් ආයේ අහන්නේ නෑ."
"නෑ නෑ මිස් මධු එහෙම දෙයක් නෑ."

"මේ මුලින් ඔයා මිස් කෑල්ල අයින් කරගන්නමධු කීවාම හොදටම ඇතිඅපි දෙන්න දැන් එකට වැඩකරන්න යන්නේ." මධු හරිම සැහැල්ලුවෙන් කියා දැමුවාය.

"හ්ම්....හරි..මන් එහෙනම් මිට පස්සේ මධු කියන්නම්කො.."
"ගුඩ් ගර්ල්දැන් කියන්න එහෙනම් "
"කොතනින් කොහොම පටන්ගන්නද කියල මට හිත ගන්න බෑ මධු." අර්චනා කිවේ මධුට ඔවුන් ගැන කිවයුතුද සිතමිනි.නමුත් තමාව සෙවීමට අනුහස් මධුමාලි සමග පැමිණියේ අයව විස්වාස කල හැකි නිසා බව අර්චනට සිතුනි.
"අනුහස් කියන්නේ පුංචි කලේ... කියන්නේ මන් ඉපදුන  ඉදන් මට අවුරුදු 10 ක් විතර වෙනකම්ම මට හිටපු හොදම යාළුවාසහෝදරයාආනන්ද මමයි අපේ තාත්තියි වැඩකලේ එකට කොම්පැනි එක වැහුව වැඩකරන ඇයට වන්දි දීලඊට පස්සේ මාමල කොලබ අවා පවුල පිටින්ම.අපේ තාත්ත ගම දාලා යන්න කැමති උනේ නෑ..එයාලා මෙහෙ ඇවිත් දියුණු උනා.  අපි එක තැන නැවතුණානැන්දයි මාමටයි දුවල නැති නිසා එදත් මන් එයාලගේ දුව උනා... බැදීම අදටත් එහෙමයි. නමුත් එක්කෙනෙක් ගොඩාක් වෙනස් වෙලා." අර්චනා ඇයගේත් අනුහස්ගේත් අතර ඇති සම්බන්ධය කෙටියෙන් පැහැදිලි කළාය.
"කවුද වෙනස් වෙලා කිවේ....සර් ?"
"හ්ම්ම්..."
"අනේ මන්දා...සර් ගොඩක් වෙනස් පුද්ගලයෙක් නම් තමා. එකම එක යාළුවයි මන් දාන්න තරමින් ලගින්ම ආශ්රය කරන්න....මේකේ වැඩ කරන අයට උනත් කෙලින්ම එයාව මීට් වෙන්න බැ. ස්පෙෂලි ෆොර් ගර්ල්ස්. කවුරු සර්ව මිට වෙන්න ආවත් මට කියල මගේ මාර්ගයෙන් ඕන එයාව මීට් වෙන්න ඕන....මහා පුදුම නීති තියෙන්නේ.ඔයාටත් මේවට දැන් පුරුදු වෙන්න වෙනවා.මට උනත් ඔෆීෂියල් දේවල් විතරයි කතා කරන්න පුළුවන්. පුදුමයි ඔයාගේ ප්රශ්නෙදි සර් මා එක්ක මෙහෙම කතා කළා."මධුමාලි අරචානට අනුහස්ගේ කාර්යාල ජීවිතය ගැන පැහැදිලි කළාය.


අදින් අරබන අර්චනාගේ රැකියා දිවිය කෙසේ නම් වෙයිද......


5 comments:

  1. හොද ආරම්භයක්......ඊලග කොටස කියවන්න බලාගෙන ඉන්නවා

    ReplyDelete
  2. අපි බලමු අර්චනාට ඊලගට මොකද වෙන්නේ කියලා.

    ReplyDelete
  3. මම නම් ඔයාගේ අඩවියට අලුත්.
    කමක් නෑ නේද අනාරාධිතව ආවට.
    -අර්චනා- ඇත්තටම ලස්සන නමක්.
    ඒ වගේම කතාවත් ලස්සනයි වගේ.

    ඔයාගේ අනිත් පෝස්ට් ටික නිදහසේ බලන්න ඕන.

    ReplyDelete
  4. ස්තුතියි දිල් අක්කේ...ඇත්තටම ඔයා මගේ බ්ලොග් එකට පැමිණීම මට ගොඩක් සතුටක්...........

    දිනේෂ්----ඒක තමා...අපි බලමු මොකද වෙන්නේ කියල.

    නිල අහස - අනාරාධිතව අවාට කිසිම ප්‍රශ්නයක් නැ.... ස්තුතියි ගොඩක්............

    ReplyDelete
  5. මොනා වෙයිද කියලා හිතාගන්න බෑ..

    ඉතිරි ටිකත් ලියන්නකෝ... කියවලාම බලමු...

    ReplyDelete

සිනිට වැදගත් ඔබේ සිතුවිල්ල මෙන්න මෙතන ලියල යන්න......

මා මාම වී ....ඔබ ඔබම වී නම්.....අපි අපිම වෙන්නට පෙරුම් පුරනු කෙලසින්.....