Friday, June 24, 2011

නොබිදුන පැතුමන්........... 09 කොටස

මධුමාලිගේ කතා අතර අතරමන් වුන අර්චනාට තමාගේ රැකියාවේ ඉදිරි ජීවිතය කුමක් වේවිදැයි අවිනිශ්චිත බවක් ඇතිවුනි....දහවලද ඉක්මගොස් සවස වැඩ ඉවර වෙන තුරුම අනුහස් නැවත කාර්යාලයට පැමිණියේ නැත. අනුහස් නොපැමිණි නිසා මධුමාලි අර්චනාට සැහැල්ලුවෙන් එදිනෙදා ඇයගේ රාජකාරිය පිලිබඳ විස්තර කර දුන්නාය. ඔෆිස් ඉවර වෙන වෙලාව ලං වූ විට මධුමලිගේ කාර්යාලීය දුරකථනය නාද විය....
"මධු..."
"ආ සර්..."
"මන් ආයේ එන්නේ නෑ....ඔයා මගේ කැබින් එක වහල යතුර ගෙනියන්න...."
"හා සර්...මන් ගෙනියන්නම්...."
"තව දෙයක්...ඔයා මන් වෙනුවෙන් ඔය ගර්ල්ව අපේ ගෙදරට ඇරලවන්න....මන් කැබ් එකක් එවන්නම්....ඔයත් එකෙන්ම ගෙදර යන්න...හරිද..." කියා ඔහු දුරකථනය තැබුවේය....
මධුමාලි තමාගේ කැමත්තවත් නොඅසා ඔහු දුරකථනය තැබීම ගැන පුදුම නොවුනාය...ඒ ඔහුගේ හැටියි. 
"අර්චනා...."
"හ්ම්.....ඇයි මධු....."
"සර් කතා කලේ....දැන් ආයේ එන්නේ නෑලු....කැබ් එකක් එවනවා කීවා...ඔයාව ගෙදරට ඇරලලා මටත් එකෙන්ම යන්න කීවා...."
හ්ම්....එකත් එහෙමද....එක හොදයි...මට ඔයා එක්කම යන්න පුළුවන්නේ..."
"හරි...එහෙනම් අපි යමු...දැන් කැබ් එක ඇවිත් ඇති..."
අනුහස්ගේ හා තමාගේ කැබින් ලොක් කර යතුරු අතර ගත් මධුමාලි අර්චනා හා ගෙදර යාමට පිටත් වුවාය.....


..........................................................................................................................


අර්චනාව හා මධුමාලිව කාර්යාලයට ඇරලු අනුහස් කෙලින්ම සොයාගෙන ගියේ තම එකම මිතුර වූ කල්පවය..... තමා හමුවෙන්නට ආවත් කතාවක් බහක් නැතුව...දෑත මත්තේ හිස රදවාගෙන බොහෝ කල්පනාබරව ඉන්න අනුහස් දැක කල්පගේ ඉවසීමේ සිමාව පැන්නේ.....
"මචන්......මොකද බන් වෙලා තියෙන්නේ...." ඇසුවේ බැරිම තැනයි.
"මුකුත් නෑ බන්...මගේ හිතට හරි නෑ..."
"මොකක් කිවා...උබේ හිතට හරි නෑ....ලෝක පුදුමයක් තමා....හරි දැන් කියපන් මොකද්ද අවුල..." විහිළුවෙන් පැවසුවත් අනුහස්ගේ අන් කවරදාවත් දැක නැති මේ ස්වභාවය කල්පව මවිතියට පත්කර තිබුණි....
ඉතින් අනුහස් අද සිදු වූ සියල්ල කල්ප හා පැවසුවේ හිත සැහැල්ලු කරගැනීමටය....
"යහෝ...උබනම් මහා...*****, පවු බන් ඒ අහිංසක කෙල්ල "
"හ්ම්ම්ම්..."
කොයිතරම් දුක හිතෙන්න ඇත්ද....?"
"හ්ම්ම්ම්...."
"උන් ගාව සල්ලි තියනවන්ම් උබ ගාවට එයිද රස්සාවක් හොයන්...උඹේ සල්ලි උෂ්නේ දැන්...."
"හ්ම්......"
"හ්ම්...හ්ම්...ගන්නේ බකමුණ වගේ .....කරන්න පුළුවන් ජරා වැඩේ කරලා...හදිස්සියේ ඒ කෙල්ලට කරදරයක් වුනානම්.....! මොකද්ද උඹ කරන්නේ.....ආ...කියපන් බලන්න. අම්මගෙයි තාත්තගෙයි ප්‍රශ්න වලට උත්තර දෙන්න පුලුවන්ද......ඒ කෙල්ලගේ දෙමාපියන්ට අම්මල මුණ දෙන්නේ කොහොමද කියල හිතුවද.....කියපන් බලන්න. උගුඩුවා වගේ බලන් ඉන්නේ නැතුව...."
කල්ප දැනුන කේන්තියට අනුහස්ට බැනගෙන බැනගෙන ගියේ ඒ මුහුණවත් නොබලාය. 
"එහෙම වුනොත් මන් මැරෙනවා......"
අනුහස් තමාටම එය මුමුණ ගත්තත් .....කල්පාට එය හොද හැටි ඇසුනි.......
"මොකක්"

Tuesday, June 21, 2011

මොකද්ද මේ.......


කියන්න කියන්න...
වෙලාව කියද හරියටම...
__ .  __......
සුවර් නේද....
ඔව් ඔව්...මන් නේ බැලුවේ
දැන් ඉතින් බලවන්න වෙයි නේද
ඔව් ඉක්මනට එක කරන්න ඕන
මන් දන්න තැනකුත් තියනවා
අපේ බලන පරණම කෙනෙක් ඉන්නවා
කිරි ගහට ඇන්න වගේ
අනේ හොදයි.....
නමට අකුරු ගන්නත් එපැයි...
.............................................
.............................................
නමක් දැන්මද....
ඔව්...__ අකුරෙන් දුන්නේ.....
______  ලස්සනද
වරදක් නෑ...හොදයි....
...............................
................................
අනේ මන්ද ....කරදර කරදර.....
බැලෙවුවනම් හොදයි නේද...
මාත් මේ කියන්න හිටියේ......
.........................................
.........................................
බොහොම නරකයි...බොහොම නරකයි...
ඒ මොකදැයි එහෙම කියන්නේ.............
අරයා අතනට ගිහින්...
මෙයා මෙතනට ඇවිත්...
මෙයට අරයා පේනවා...
අපොයි අපොයි....
පරිස්සම් කරන්න වෙයි බොහොම....
එහෙමයි....මොනාද කරන්න ඕන....
පුජා තමා...මන් කරන්නම්
හොදයි.......ලොකු දෙයක්....
අපෙන් සුළු පඬුරක් .....
ඔතනින් තිබ්බනම්....
..........................................
..........................................
______ පටලවගේනලු....
නෑ...කවුද කිවුවේ....
දැකපු අය....මටත් සැකයි......
බැලෙවුවොත් නරකද.....
මාත් කියන්න හිටියේ.....
.......................................
.......................................
අරයා මාරු වෙලා.....
දැන් හොදයි....ඒ තැනත් හොදයි
මේ කාලේ හරි.....
ඇත්තටමද....
නතුවේ..වෙනද බොරු උනාද...
අනේ නෑ....එහෙනම් කතා කරන්නම් නේද
ඔව් ඔව්...මටම ගෙන්න..මන් බලන්නම්
නැතුව..වෙන කොහේ යන්නද...
.....................................
......................................
හරි වැඩේනේ....මේක නම් හරියන්නේ නෑ 
ඇයි ඇයි...මොකද....
ගැලපෙන්නේ නෑ....ම්හු....බෑ බෑ 
මොකද වෙලා තියෙන්නේ....
මේකට මේක නෑ...අරකට මේක නෑ...
මෙයා මෙතන...අරයා පේනවා....
මෙහෙම වුනොත් මෙහෙම වෙයි....
අපොයි දෙයියනේ...එහෙමත්ද...
ඕන නෑ එහෙනම් ...නවත්තගමු
ඔව් ඔව්...දෙන්න එපා ඉඩ පොඩ්ඩක්වත්....
......................................
......................................
අනේ මගේ දරුවා.....
ඇයි පුතේ උඹ මෙහෙම කරගත්තේ....
අපි ගියේ හොඳක් කරන්නනේ....
.....අනේ මගේ දරුවා......
බැන්දොත්නේ අනේ මැරෙනවා කිවේ....
කලින්ම මෙහෙම දෙයක් කරගත්තනෙ......
................................
.................................
දැන් ඉතින් අන්දලා දොඩලා බෑ නේ ද
මේ වැඩ කරගන්නත් එපැයි....
බලවන්නේ නැද්ද....
වැඩ ටික හරියට කරන්න බලන්න ඕනනේ...
එක තමා....බලන්න වෙයි....
අතනටම යන්ද.....
මතක් කරන්නෙපා....බොරු කියන්නේ...
එහෙනම් කොහෙන්ද බලන්නේ....
අතනට යන්.... එතන හොදයිලු.....
..............................
..............................
මොකද්ද මේ හැමවෙලේම බලන්නේ......................


Thursday, June 2, 2011

මන් මනමාලි වූදා......


ඔන්න මන් මනමාලියක් වුණා......

ආ.....මන් කසාද බැන්දද......අනේ තාම නෑ......එකට තා අවුරුදු 3 ක් වත් ඉන්න ඕනිනේ....එහෙනම් මන් කොහොමද මනමාලියක් වුනේ.....
මෙන්න මෙහෙමයි වුනේ......
අපේ අම්මා බියුටිකචල් කෝස් එකක් කරානේ.....තව මනමාලි අන්දන කොස් එකකුත් කලා....ඒ කෝස් එක අවසානේ දකුණු පළාතේ මහා මනමාලි දැක්මක් තිබුණා....ගිය අවුරුද්දේ නොවෙම්බර් 28 වෙනිදා ගාල්ල නගරසභා ශාලාවේදී.....ඔන්න ඕකෙදි තමා මන් මනමාලියක් වුනේ....

ඒ කෝස් එක අවසානෙදි එක එක්කෙනා තරගකරුවන් 3 දෙනා බැගින් ඉදිරිපත් කළ යුතුයි තරගයට.....අපේ අම්මට ඉතින් මන් වගේ දුවෙක් ඉන්න නිසා හොදයි...ඇයි එයාට ප්‍රක්ටිස් කරන්න වෙන කවුරුවත් හොයා ගන්න නැනේ....හෙයාස්ටයිල් දාන්න මගේ කොන්ඩේ....අනේ අසරණ කොන්ඩේ....මගේ කොන්ඩේ අල්ලන බෑ..හරි විසයි ඔලුවට...පවුනේ ඉතින්....මන් ඉතින් බැන බැන දිගෙන් ඉන්නවා....ඊළගට මේකප් දල බලන්න මගේ මුණ....අයියෝ.....උලනවා උලනවා...ඉවරයක් නෑ.....කොහොම හරි මගේ මුණේ තියන රෝම ඉවත් කරන්න කියල සැලෝන් එකකට එක්කරන් ගියා....අයියෝ...මන් වින්ද දුකක්...ඇස දෙකෙන් කදුළු වැක්කෙරෙනවා....කොහොම හරි ඒ ඉවර වුනාම...මගේ මුණේ පුංචි පුංචි ගෙඩි ආවා.දැන් ඔන්න එදා දවසේ උදේ.....මායි අනිත් නංගිලා දෙන්නයි අම්මයි යනවා බාප්පාගේ වැන් එකේ....අපි එහාට යනකොට 6 ට විතර ඇති...ඒ වෙනකොටත් කස්ටිය ඇවිත් අන්දන්න පටන් අරන්...12 වෙනකොට මනමාලියෝ 3 නා බරදෙන්නත් ඕනලු....ඔන්න වැඩ පටන් ගත්ත....

මුලින්ම අන්දන්න ගත්තේ වෙස්ටන් බ්‍රයිඩ්ව...ඒ නංගි උසයි...සුදුයි...ලස්සනයි...කොන්දෙත් ගොඩාරියක් දිගයි.....
අපේ අම්මා ඒ නංගිව අන්දවා.....




                අරවින්දිගේ අවසන් පෙනුම......





                                                                                                 
                                                                                                                      
ඊළගට අන්දන්න ගත්තේ අනිත් නංගිව...එයත් වෙස්ටන් තමා...ෆ්රෝක් එකක් ඇන්දුවේ එයාට....මට කිවා තනියම ඇදගන්න කියල.....ඔන්න බලන්න ඉතින්....මාත් ඉතින් තනියම ඇදගත්ත...ඔසරිය ඉතින් හැමදාම අදින එකනේ.....එත් ඉතින් මන් මේකප් දාන්න දන්නේ නේ....මගේ වැඩේ ඔසරිය ඇදන් අනිත් අයට අන්දන්න උදවු කරන එක.....

                 


   




නයෝමි නංගි......










       
                                          (මෙයාගේ පොටෝ ගහන්න හරිම අමාරුයි.....ඇස    පියවනවා හැමවෙලේම ..)

.......මෙතන අන්දන්න සැලෝන් තියන අය ඇවිත් හිටියා...අදින්න නිරුපිකාවන් ඇවිත් හිටියා....අනේ ඉතින් අපිට කොහිද චාන්ස්.....ඊටත් වඩා මිස්.....ඒ කියන්නේ මේ පාටමාලාව කරපු කෙනා එක අක්කා කෙනෙක්ට මාර විදියට හෙල්ප් කලා....එයාගේ කොස්ටියුම්ස් තමා ඇන්දුවේ ඒ අක්කගේ බ්‍රයිඩ්ස්ලට.....එතකොට කැන්ඩියන් බ්‍රයිඩ්ස්ල දෙන්නෙක් ඇන්දුවා ඒ ජුවෙලරිස් සේරම දාලා....ඒවත් ඒ මිස්ගේ...පිට අයට උදවු කරන්න තහනම්නේ තරගයක් නිසා...නමුත් ඒ මිස් ඒ අක්කගේ බ්‍රයිඩ්ස්ලගෙන් එක්කෙනෙක්ගේ හෙයර්ස්ටයිල් එක සම්පුර්ණයෙන්ම දැන්ම....එක්කෙනෙක්ව මේකප් කලා....අපේ තාත්තට යකා නැගල හිටියේ....එත් රණ්ඩුවක් ඇතිකරන්න හොද නැති නිසා නිකම් හිටියා....ඔප්පු කරන්න සාක්ෂිත් එපැයි...මගේ කැමරමන් මගේ හොදම යාළුවා...නම සලෝ..........අපි හොදම යාලුවෝ.....මන් ජපුරේ ඉන්න කාලේ එයා මන් උගන්නන ස්කුල් එකේ ග්‍රැෆික් පටමාලාවක් කලා.එතැනදී  එයාට ෆොටෝග්‍රපි කෝස් එකක් කරන්න පුළුවන් උණා...ඉතින් එයා තමා මගේ ෆොටෝග්‍රපර්........තාත්ත කිවා එයාට මිස් අන්දන පොටෝ එකක් ගන්න කියල...අපි ගන්න හදනකොටම මිස්ව කවර් කරගත්ත ඒ කට්ටිය...මොනා කරන්නද...අඩු ගානේ අපි ලග කැමරා ෆෝන් එකක්වත් තිබුනේ නැනේ.....:( .......

කොච්චර ලස්සන බ්‍රයිඩ්ස්ල හිටියත් අන්තිමේදී  අර අක්කගේ බ්‍රයිඩ්ස්ල 2 ක්ම දින්නා .....ඒ කැන්ඩියන් හා වෙස්ටන් බ්‍රයිඩ් කියන අංශ දෙකෙන්...අරවින්දි නංගි ගැන හෝප්ස් තිබුනත් හරි ගියේ නෑ....අම්මටත් මාර දුකයි.....එයාම හිත හදාගත්ත දැන් මට බය නැතුව අන්දන්න පුළුවන්...අන්දන්න සේරම බඩුත් සේරම හදාගත්ත...තැනක් නොලබුනට කමක් නෑ කියල.....:) 

         මේ ඉන්නේ අපි තුන්දෙනා......

  



කොහොමද...අපි ලස්සනයිද............







                                                     
                                             
 (මනමාලියක් වෙනවා කියන්නේ මේ තරම් ලොකු කට්ටක් කියල දැනගත්තේ එදා තමා.....අම්මෝ...දාඩිය දාගෙන...පුදුම දුකක්නේ.......... අර බඩු සේරම එල්ලගෙන...උදේ ඉදන් හවස් වෙනකම් ඉන්නවා කියන්නේ.....එත් .....මන් හැබැවටම මනමාලියක් වෙන්න ආසයි.............)

ඔයාට ගොඩාක් ස්තුතියි සලෝ......:) :) <3


Tuesday, May 31, 2011

රුව නුබයි මා දිවියේ...........

හිරු කිරණක් වී 
හිතම එකලු කල
රුව නුබයි මා දිවියේ...........

චාමරයක් විය නුඹ මට
සන මා සිතේ දාහය
ඳුල මා නෙතින් වියලුව.......

Thursday, May 26, 2011

Sweet Heart...................I Love You.....




Only You..
to hold me tight
and love me gently
through the night..........

Only You....
to be a part of secrets
held inside my heart......

Only You....
to share each kiss 
that brings me
lasting happiness.

Only Me and Only You
a perfect world
of dreams come true....

Sweet Heart , 
You'll always be the 
only one for me...!!!

Wednesday, May 25, 2011

නොබිදුන පැතුමන්...........08 කොටස

අර්චනා  කැටුව  කාමරයට  මධුමාලි අර්චනා දෙස බලා සිටියාය. 
"ඇයි  මිස් මධු  මන් දිහා ඔහොම බලන් ඉන්නේ."
"නෑ......මට මේ කිසි දියක් තේරෙන්නේ නෑ.මට කියන්න ඔයා කවුදකොහොමද සර්  දන්නේඑයාගේ ෆැමිලි එක ගැන දන්නේහැමදෙම්.මන් පැටලිලා ඉන්නේ."
"ඇයි අනුහස් සර් මොකක් හරි කීවද"
"නෑ...නොකිය කියන දේවල් නිසා මන් අවුල් වෙලාඒකයි ඔයාගෙන් ඇහුවේකියන්න බැරිනම් මන් ආයේ අහන්නේ නෑ."
"නෑ නෑ මිස් මධු එහෙම දෙයක් නෑ."

"මේ මුලින් ඔයා මිස් කෑල්ල අයින් කරගන්නමධු කීවාම හොදටම ඇතිඅපි දෙන්න දැන් එකට වැඩකරන්න යන්නේ." මධු හරිම සැහැල්ලුවෙන් කියා දැමුවාය.

"හ්ම්....හරි..මන් එහෙනම් මිට පස්සේ මධු කියන්නම්කො.."
"ගුඩ් ගර්ල්දැන් කියන්න එහෙනම් "
"කොතනින් කොහොම පටන්ගන්නද කියල මට හිත ගන්න බෑ මධු." අර්චනා කිවේ මධුට ඔවුන් ගැන කිවයුතුද සිතමිනි.නමුත් තමාව සෙවීමට අනුහස් මධුමාලි සමග පැමිණියේ අයව විස්වාස කල හැකි නිසා බව අර්චනට සිතුනි.
"අනුහස් කියන්නේ පුංචි කලේ... කියන්නේ මන් ඉපදුන  ඉදන් මට අවුරුදු 10 ක් විතර වෙනකම්ම මට හිටපු හොදම යාළුවාසහෝදරයාආනන්ද මමයි අපේ තාත්තියි වැඩකලේ එකට කොම්පැනි එක වැහුව වැඩකරන ඇයට වන්දි දීලඊට පස්සේ මාමල කොලබ අවා පවුල පිටින්ම.අපේ තාත්ත ගම දාලා යන්න කැමති උනේ නෑ..එයාලා මෙහෙ ඇවිත් දියුණු උනා.  අපි එක තැන නැවතුණානැන්දයි මාමටයි දුවල නැති නිසා එදත් මන් එයාලගේ දුව උනා... බැදීම අදටත් එහෙමයි. නමුත් එක්කෙනෙක් ගොඩාක් වෙනස් වෙලා." අර්චනා ඇයගේත් අනුහස්ගේත් අතර ඇති සම්බන්ධය කෙටියෙන් පැහැදිලි කළාය.
"කවුද වෙනස් වෙලා කිවේ....සර් ?"
"හ්ම්ම්..."
"අනේ මන්දා...සර් ගොඩක් වෙනස් පුද්ගලයෙක් නම් තමා. එකම එක යාළුවයි මන් දාන්න තරමින් ලගින්ම ආශ්රය කරන්න....මේකේ වැඩ කරන අයට උනත් කෙලින්ම එයාව මීට් වෙන්න බැ. ස්පෙෂලි ෆොර් ගර්ල්ස්. කවුරු සර්ව මිට වෙන්න ආවත් මට කියල මගේ මාර්ගයෙන් ඕන එයාව මීට් වෙන්න ඕන....මහා පුදුම නීති තියෙන්නේ.ඔයාටත් මේවට දැන් පුරුදු වෙන්න වෙනවා.මට උනත් ඔෆීෂියල් දේවල් විතරයි කතා කරන්න පුළුවන්. පුදුමයි ඔයාගේ ප්රශ්නෙදි සර් මා එක්ක මෙහෙම කතා කළා."මධුමාලි අරචානට අනුහස්ගේ කාර්යාල ජීවිතය ගැන පැහැදිලි කළාය.


අදින් අරබන අර්චනාගේ රැකියා දිවිය කෙසේ නම් වෙයිද......


මා මාම වී ....ඔබ ඔබම වී නම්.....අපි අපිම වෙන්නට පෙරුම් පුරනු කෙලසින්.....