Tuesday, March 29, 2011

ජීවිතය

ජීවිතය,
           විටෙක කටුකය
           විටෙක සුන්දරය
           මෙයයි සබැ වූ යථාර්තය.............
           කටුකත්වය තුලින් 
           සොඳුරු බව දැකිය හැකි නම්, 
                  නුඹට 
           හැකිවේවි යම් දිනක 
           මෙලොව ජය ලබන්නට...........

Friday, March 25, 2011

මගේ ආගමනය.....

ඔන්න එහෙනම් හා හා පුරා මාත් බ්ලොග් එකක් ලියන්න පටන් ගත්තා.හා හා පුරා ලියද්දි වැරදි අඩුපාඩු තියෙනවනම් සහෝදරත්වයෙන් පෙන්වල දෙන්න.මන් බ්ලොග් කියවන්න පුරුදු උනේ සුදු හංසි(සුදු අක්කිගෙ) බ්ලොග් එක කියවල.ඒ බ්ලොග් එක හරහා වෙන වෙන බ්ලොග් වලට ගිහින් කියෙවුවා.බස් පදින්න අවම තවත් අලුත් බ්ලොග් කියෙවුවා.අන්තිමේදී මටත් බ්ලොග් එකක් ලියන්න පටන් ගන්න කියල අපේ මාරයියා මට කිවා. හිතල හිතල ඔන්න මාත් පටන්ගත්තා....
ස්තුතියි මාරයියේ.......

මා මාම වී ....ඔබ ඔබම වී නම්.....අපි අපිම වෙන්නට පෙරුම් පුරනු කෙලසින්.....