Friday, October 14, 2011

දිවි තිබෙන තුරුමත්...........

ඔබයි මාගේ එකම පැතුම
ලැබු දා සිටම නුඹේ පෙම.....
සතුටයි පැතුවේ හැමදාම
ඔබ හා බැඳුණ දිවිය පුරාම....
සය මසක් ගෙවුන අපේ ආදරයේ
ඇති වුණත් නොයේක් වු බාධක
විඳ දරාගෙන එක සිතින් එක සේ
සතුට ‍වෙත පියමන් කළා ‍මෙන්
අද මෙන්ම හෙටටත්
දිවි තිබෙන තුරුමත්
දුක සැප සතුය සම සේ දරා
ජය ගනිමු එක්ව මේ දිවිය


12 comments:

  1. ලස්සන කවියක් අක්කෙ

    ReplyDelete
  2. බාධක හමුවනු ඇත
    කඳුලැලි දෑස හැර නොයනු ඇත
    නොසැලී පෙරට ඇදෙන්
    දිනෙක නිසැකව නුඹ හිනැහෙනු ඇත...!!

    ජය....

    ReplyDelete
  3. ෂෝක් කවිය. අත්දැකීමක්නෙ නේද?

    දරුවෝ බාධක ලියන්නෙ මෙහෙමයි

    ReplyDelete
  4. තැන්කු නංගා....

    හම් හම් කොච්චි අයියා.....

    අපොයි ඔව් අළුත් අයියා....(ඔන්න බාධක හැදුවා)

    ReplyDelete
  5. ලස්සන කවියක්

    ReplyDelete
  6. ඔන්න එහෙනම් අපෙනුත් සුභ පැතුම්...

    ReplyDelete
  7. හරිම ලස්සනයි සී.නී. වෙලාවකට ආදරේ හරිම සුන්දරයි නේද???

    ReplyDelete
  8. දිවි මගේ පිය නගන්න
    සිනිදු සලු නොහැඳ
    ගොරහැඩි මග නොයන් නගේ
    ඉදිරි ගමනේ දුර ඈතක
    යන්න ඇතේ
    පුපුරන තුරු සිනිදු
    දෙපා....

    ReplyDelete
  9. ආදරේටත් ..දුක ..සතුට උරැමයිනේ.
    හැමදේම හොදට සිදු වේවි.

    ReplyDelete
  10. හම්....හැෙමා්ටම ස්තුතියි.....

    ReplyDelete

සිනිට වැදගත් ඔබේ සිතුවිල්ල මෙන්න මෙතන ලියල යන්න......

මා මාම වී ....ඔබ ඔබම වී නම්.....අපි අපිම වෙන්නට පෙරුම් පුරනු කෙලසින්.....