Thursday, August 25, 2011

ඔබ සැමට පින් ...........


ඉතින් මන් මේ අද කියන්න යන්නෙ සයිබරයෙ අපි එකතුවෙලා කරපු පුන්චි පින්කමක් ගැන...මේ වෙනකොට ඔයලා හැමොම ඒක දන්නවනේ...ඒකට හැමොම දයකත්වයත් දුන්නා.... හැමෝටම ගොඩක් පින්....

මන් දැන් කියන්නම් මේ වැඩේ පටන් ගත්තේ කොහොමද කියල...ඇත්තටම මේ අදහස මට මුලින්ම ඇති වුනේ ඇයි කියන්න මන් දන්නේ නෑ වගේම මේ නිසා මන් ලොකු අත්දැකීමකුත් ගත්ත.තනියම දානයක් දෙන්න තරම් මට තාම වත්කමක් නැති නිසා ,මාත් එක්ක එකට බස් පදින,බ්ලොග් ලියන අපේ යාලුවොන්වත් මේකට සම්බන්ධ කර ගන්න මන් හිතුවා.මේ වෙනකොට අපි අතරින් අකාලයේ වියෝ වුණ දිලුම් නොහොත් ඉලංදාරියා  අයියගේ තුන් මාසේ දානෙට මාස ඒක හමාරක් වගේ තිබුණා.මන් මුලින්ම දානයක් දෙමු කිවේ ළහිරුට."අදහස හොදයි...කට්ටිය කොහොම කියයිද දන්නේ නෑ මැණික..ප්රශ්නත් එන්න පුළුවන්..ඔයාට ආසා නම් පටන් ගන්න...මන් උදවු කරන්නම්" කියල මට එකට දිරිය දුන්නා....

ඊට පස්සේ මන් මේ අදහස මුලින්ම කිවේ නචිය අයියට......

me: api danayak demuko
 nachipu:  කිව්වෙ

me: api kattiya ekathuwela hoda thanakata danayak demu kiyala
 nachipu: ෆුල් සපෝර්ට් එක දෙනවා
හොද වැඩක්
  කට්ටියට කියලා සෙට් කරමු

අවස්ථාවේ ඔන්ලයින් හිටි වැඩිහිටි සහෝදර සහෝදරියන් ලෙස රන්දිකා අක්කා නොහොත් බස් මව, තන්ජා අක්කා, නචියා අයියා සහ මම එකතුවෙලා ගෘප් චැට් එකකින් මේ ගැන විස්තර කතා කරා. එහෙම කරලා අපි බස් එකක් දැන්ම මේ ගැන කියල.....


අදහස් යෝජනා ගොඩක් ආවා. ඇත්තටම මුලින්ම අපි කතා වුනේ ගොළු බිහිරි අනාථ නිවාසෙකට දානයක් දෙන්න. වගේ තැන් වගයකට ගිහින් විස්තර හොයල බලන්න චාපා නොහොත් ශානිකා අක්කා, තනොජා අක්කා,සිරි කොලුවා හා දඟයා අයියා  සම්බන්ධ වුණා....ඉතින් ඔය හතර දෙනාටත් ගොඩක් පින්  

නමුත් වැඩේ හරි ගියේ නෑ..තව තැන කිහිපයක් ගැනම යෝජනා ආවා. නමුත් තැන වලට ගිහින් එතනින් විස්තර අහන්න අහල පහල ඉන්න අපේ යාලුවන්ගෙන් ඉල්ලා සිටියත් සමහරු කිසිම ප්රතිචාරයක් දැක්කුවේ නෑ....නමුත් අපි උත්සාහය ඇත නොහැර තැන වලට ගියා. ගියේ නචියා අයියා සහ සිහින මල්ලි.නමුත් තැන වලින් හොද ප්රතිචාර නොලැබුන නිසා අතහැර දමනු ලැබුවා.....අන්තිමට රත්මලානේ ගොළු බිහිරි පාසැල ගැන කතා කරමින් ඉන්න කොට පසන්  අයියා ඇවිත් හොද විසදුමක් දුන්නා කරන්න ඕන මොකද්ද කියල. මහරගම පිළිකා රෝහලට තැඹිලි ගෙඩි ටිකක් අරන් දීල අසරණ පුංචි අය එක්ක ටිකක් ඉදල එන්න කියන ඒක.... යෝජනාව ස්ථිර වුණා....ඔබ ලබා දුන් යෝජනාව ඔස්සේ මෙතෙක් දුර පැමිණෙන්න ලැබීම ගැන පසන් අයියේ ඔයාට ගොඩක් පින්

නමුත් එතනින් පස්සේ මේ කාර්ය සඳහා ලැබුන සහයෝගය ගැනනම් මට ඇත්තටම හරි දුකක් හිතුණා... වගේම කලකිරීමකුත්....මොකද පිළිකා රෝහලට ගිහින් මේ ගැන කතා කරන්න ඉදිරිපත් වෙන්න කාටවත් බැරි වුණා. මුලින්ම ශානිකා අක්කා එයාගේ යාලු අක්කා කෙනෙක්ට කෝල් කරලා විස්තර ඇහුවා. එතැනදී කියවුනේ ඩිරෙක්ටර් හමුවෙලා මේ ගැන කතා කරන්න ඕන කියල.... ගමන යන්න ශානිකා අක්කා හා ඇයගේ මව ලෑස්ති වුනත් වැඩක් වුනේ නෑ..මොකද සති අන්තයේ ඔහු එතන නොමැති බව දැනගන්න ලැබුන නිසා... උත්සාහයට ගොඩක් ස්තුතියි අක්කේ.ඊට පස්සේ ශානිකා අක්කා හසී අක්කා එක්ක යන්න තීරණය කළා.... හැම අවස්ථාවේදීම කුමක් හෝ හේතුවක් නිසා ගමන යන්න බැරි වුණා.ඇත්තටම කියනවා නම් අපිට අවස්ථාවේදී අපේම කියල හිතන් හිටපු, ඕන උදවුවක් දෙන්නම් කියල කියපු අයගෙන් ලැබුන සහය නම් අන්තිමයි. ඒක එහෙම වුනේ ඇයි කියන්න මට නම් හිතා ගන්න බැ... බස් කලාවට බ්ලොග් කලාවට අලුතින් අපු අය විදියට මේ වගේ වැඩක් කරන්න අත ගහපු නිසාද කියන සැකෙත් මගේ හිතේ තියනවා...මොනවා කොහොම වුනත් අවස්ථාවේදී නම් ඇත්තටම හරිම කණගාටුවක් දනුවේ.මට විතරක් නෙමේ අපි හැමෝටම. 

(සංවිධායක මණ්ඩලය කියල ඔයාල නම් කරාට අපිට එහෙම මණ්ඩලයක් වෙන්න වුවමනාවක් තිබුනේ නෑ...ඕන වුනේ ඔයාලගේ උදවුව විතරයි...අපි ඔයාලගෙන් උදවු ඉල්ලපු කිසිම තැනක ...එවපු කිසිම මෙල්ලුවක සංවිධායක මණ්ඩලය කියල ලේබල් ගැහුවේ නෑ....අපිට ඇත්තටම කට්ටිය උදවු කරනම් වෙලාවේදී  ඔහුගේ /ඇයගේ නමුත් දානවා හැම තැනදීම.එතැනදී මගේ නම වැටුනේ මන් කරපු යෝජනාවක් නිසා.නචියා අයියගේ හා සිහින මල්ලිගේ නම වැටුනේ ආධාර එකතු කරන්න හදපු බැංකු ගිණුම ආරම්භ කලේ ඔවුන් දෙදෙනා නිසා...එතකොට තනොජ අක්කගේ නම දැන්මේ හැම දේකදිම අම්මා කෙනෙක් වගේ අවවාද දීල බැනල අපිට උපදෙසක් දෙන්න පුළුවන් කෙනෙක් නිසා)  

කොහොම හරි දවස් ගෙවිල දානෙට තිබුනේ සති දෙකයි.... වෙනකොට මන් වැඩ කරන තැන නිවාඩු ලැබුන නිසා අන්තර්ජාලය හා සම්භන්ධ වෙන්න ලැබුනේ නෑ... වුනත් පුළුවන් හැම වෙලේම නචියා අයියගෙන් හා තනොජ අක්කාගෙන් විස්තර ඇහුවා.... හැම වෙලේම ලැබුණේ නෙගටිවූ උත්තර.
දැන් ඔයාල අහයි ඇයි මට යන්න බැරි වුනේ කියල.ඔව් මට යන්න බැරි වුණා...මොකද මන් ඉන්නේ අම්බලන්ගොඩ...කොළඹ එනවා කියන්නේ දවසක්ම ඒකට යනවා කියන ඒක. වගේම මට තනියෙන් යන්න විදියක් නැති කම. මන් දන්න දා ඉදන් අපේ ගෙදර මට දාල තිබුණ නීති ගොඩ...අනිත් හේතුව මන් යාපනේ යාම.මේ හැමදේම එක්ක මට වැඩේට යන්න බැරි වුණා. 
                        
මේ වෙනකොටත් දැනේ ගැන දාපු බස් එකක ඔයාල සංවිධායක මණ්ඩලය කියන අපිට ගොඩක් දේවල් කියල තිබුන... බස් මට බලන්න බැරි වුනත් කියපු හැමදේම මන් දැනගත්තා. 

මේ බස් එක කියවල තනොජ අක්ක හොදටම අඩලත් තිබුණා. 

මේ හැම හේතුවක් නිසාම ඇති වුන කලකිරීමත් දුකත් මන් කිවේ ළහිරු එක්ක.පළමු වතාවට මන් එයාගෙන් උදවුවක් ඉල්ලුවා. තනොජ අක්කත් එක්ක හොස්පිටල් යන්න කියල. එතැනදී එයා මට කිවේ " අම්මි, ඔය වැඩේ පටන් ගන්නකොටම මන් ඕක කිව නේද....හරි මන් යන්නම් තනොජ අක්කත් එක්ක වැඩේට" කියල.එයා ඊට පස්සේ එයාගේ අක්ක කෙනෙක්ට කතාකරල එකේ වැඩ කරපු විස්තර දැනගෙන පහු වෙනිදාම වැඩේට ගිහින් කතා කරන් ආවා.... ගමනට හසී අක්කත් සහභාගී වෙලා තිබුණා. 
එතැනදී මන් ඔයාල තුන්දෙනාට, තනොජා අක්කා, හසී අක්කා සහ ළහිරු(අප්පච්චි) ගොඩක් ස්තුතිවන්ත වෙනවා....

රෝහලෙන් කිව්වෙ කෑම බීම නැතුව ලෙඩ්ඩු මැරෙන්නෙ නෑ. බෙහෙත් නැතුව තමයි ලෙඩ්ඩු මැරෙන්නේ. පුලුවන් නම් බෙහෙත් අරන් දෙන්න කියලා. ඉතින් අනුව අපි තීරණය කලා අපි බෙහෙත් අරන් දෙන්න. 
වෙනකොටත් අපි මුදල් එකතු කිරීම සඳහා බැංකු ගිණුමක් ආරම්භ කරලා තිබුණා කටුනායක කොමර්ෂල් බැංකුවේ. දේ කලේ නචිය අයියා සහ සිහින මල්ලි විසින්. නචියා අයියේ, සිහින මල්ලි ඔයාල දෙන්නටත් ගොඩක් පින් වගේම ස්තුතියි 

පිළිබඳව අපි බසයක් දැමුවේ මෙසේයි. රෝහලට ගොස් සියල්ල දැන ගත් පසුවයි. නමුත් ඊට පෙර  තම තමා දන්නා කියන අයට -මේල් පණිවිඩ මගින් මේ පිළිබඳව දැනුවත් කිරීමක් කළා.... වෙනකොටත් එකතුවෙලා තිබුනේ රුපියල් 1000 ක් පමණයි...නමුත් රෝහලට ගිහින් පැමිණ විස්තර දැන්වූවාට පසු අපිට සීග්රයෙන් මුදල් ලැබීමට පටන් ගත්තා කියල ඔයාලට කියන්න කැමතියි. 

මේ අවස්ථාවේදී තනොජ අක්කට ගොඩක් උදව් කළ අපේ තිස්ස අයියේ ඔයාටත්, බෙහෙත් හොයා ගන්න ගොඩක් උදව් කළ චතුරංගනි මධුෂිකා රණසිංහ අක්කටත් (රන්දිකා අක්කගේ නංගි , පිටෲබල්ගොඩක් පින් වගේම ස්තුතියි. 

හැමදේම අන්තිමට හොදින් වුන කියන්න පුළුවන්. අන්තිමේදී සෙනසුරාදා අපේ සොයුරු සොයුරියන් රෝහලට ගොස් අවශ් බෙහෙත් පිලිබඳ විස්තරත් රැගෙන එම බෙහෙත් වර්ග සොයන්න මහත් වෙහෙසක් අරන් තිබුණා.මේ ගමනට ප්රවාහන පහසුකම් සපයා දෙමින් දිනිත් අයියා ලොකු උදවුවක් කළා . මේ ගමනට සිහින, තනොජ අක්කා, හසී අක්කා, දිනිත් අයියා සහ ලයන් අයියා සහභාගී වෙලා තිබුණා...සමහර බෙහෙත් වර්ග නොමැතිව මොවුන්ට ඒවා සෙවීමට මහත් වූ කරදර වලට මුහුණ දෙන්නත් සිද්ධ වෙලා තිබුණා. ඉතින් ඔයාල 5 දෙනාට ගොඩක් ස්තුතියි. 

නමුත් එදින බෙහෙත් වර්ග ගැනීමට නොහැකි  වූ නිසාම ඉරිදා උදයේම...එනම් දානය දෙන දවසේ උදයේම බෙහෙත් වර්ග ගන්න යන්න නියම කරගෙන ගමනට සහභාගී වූ අය විසිර ගොස් තිබුණා. ඉතින් ඉරිදා උදේම නැවතත් බෙහෙත් ගෙන එම සඳහා නචියා අයියා,සිහින මල්ලි,ලයන් අයියා සහ දිනිත් කුමාර අයියා ගිහින් තිබුණා.සෙනසුරාද සහ ඉරිදා දවස් දෙකේම මේ සඳහා අපිට ගොඩක් සහයක් දැක්වූ දිනිත් අයියට මන් නැවතත් ස්තුතිවන්ත වෙනවා.  

ඇත්තටම පටන්ගත්ත වැඩේ ගොඩක් සාර්ථකව කෙරුණා කියන්න පුළුවන්..හිත රිදුණා .... හිත් රිදීම් ඔස්සේ මේ වැඩේ කොහොම හරි කරනවා කියන ශක්තිය අපිට ආවා. අන්තිමේදී අපි හැමෝම එකතු වෙලා ගොඩක් හොදට සාර්ථකව පටන් ගත්ත වැඩේ නිම කළා.මේ වෙනුවෙන් ලංකාවේ පමණක් නොවේ,පිටරට සිටින අපේ බ්ලොග් ලියන,බස් පදින සහෝදර සහෝදරියෝ ගොඩක් උදවු කරලා තිබුණා.අපි කවදාවත් දැකපු /දැකල නැතිකතා කරපු /කතා කරලා නැති සයිබර් යාළුවොත් අපිට මේ සඳහා උදවු කරලා තිබුණා. නම් වශයෙන් කියන්න ගියොත් ගොඩාරියක් වෙන නිසාත් එක්කෙනෙකුගේ හෝ නමක් මා අතින් නොලිය වුනොත් හිත් රිදෙන නිසාත්,සාමුහිකව උදව් කරපු ඔයාල හැමෝන්ටම ගොඩක් ගොඩාරියක් පින්...


දානය ගැන අපේ යාළුවන් දැනුවත් කළ බස් ලින්ක් මෙසේයි 

සඳහා සාදන ලද මුහුනුපොතේ ලින්කුව මෙසේයි 

2011/08/21 වන දින මහරගම පිළිකා රෝහලේදී සිදු වූ සිදුවීම් එක්ක ඊළඟ පොස්ටුවෙන් හමුවෙමු.....

මුදලින් පමණක් නොව වචනෙකින් හරි අපිට උදවු කරපු ඔයාල හැමටම ගොඩාරියක් පින්.

.ලි 
(ඇත්ත ඇති සැටියෙන්ම කිව යුතු නිසා ඉහත ආකාරයට පොස්ටුව දැමුවෙමි.....හිත් රිදීමක් වුවහොත් සමාව අයදිමි.....ඔයාල හැමෝම මගේ යාලුවෝ....මන් කරපු යෝජනාවක් ඔස්සේ මෙතරම් දුර එන්න පුළුවන් උනේ යාළුකම නිසා...ඒකට ඔයාල හැමෝටම ගොඩක් ස්තුතියි වගේම ඉදිරියටත් මාත් සමග යාලුවෝ වගේ ඉදිවී කියන විශ්වාසයෙන් අදට නවතිනවා.)

11 comments:

  1. ආ මරු පෝස්ට් එක. නචියත් දාල තිබ්බ එකක්

    ReplyDelete
  2. සමාවෙන්න සිනි අක්කා. මටවත් අයියටවත් දෙන්නටම විදියක් තිබුන්නැහැ. අයියා උදේ ගියාම රෑ ආපු නිසා විදියක් තිබුන්නැහැ. ඒ නිසා අයියා මගෙන් ඇහුවා. ඒත් මටත් විදියක් තිබුන්නැහැ. ඒ නිසා සමාවෙන්න උදව් කරන්න බැරි උනාට..... ඔයාලා කරපු වැඩේ ගැන ඇත්තටම ආඩම්බරයි. ඒත් දුකයි මටවත් අයියටවත් කිසිම දේකින් උදව් කරන්න නොලැබුන එක ගැන..... :(

    ReplyDelete
  3. අනේ නංගි සමාව ඉල්ලන්න දෙයක් නෑ...හසී අයියා අපි වැඩේ පටන් ගන්නකොටම අපිව දිරි ගන්වපු අයගෙන් එක්කෙනෙක්...ඉතින් ඒ වචන ටිකම හොදටම ඇති.ඉස්සරහට මොන හරි අපි හැමෝම එකතු වෙලා කරමුකෝ....දැන් දුක් වෙන්න එපා ....


    ඔයාටත් ගොඩක් ස්තුතියි උදවු කළාට අලුත් අයියා....

    ReplyDelete
  4. ගොඩක් සන්තෝසයි සීනී වැඩේ හිතුවටත් වඩා හොදට කරන්න ලැබුන එකට. තනෝජා අක්කා ගොඩාක් මහන්සි උණා අපි හැමෝටම වඩා.

    ReplyDelete
  5. උත්සහය සාර්ථකයි කියලා සතුටුවෙමු... එහෙම නේද?

    පිරිසිදු හිතින් කරන දේට දෙවියොත් උදව් කරනවා කියන එක පිළිගන්නම වෙනවා...

    ReplyDelete
  6. ඇත්තටම මම මේ වැඩේට සම්බන්ධ උනේ අන්තිම මොහොතෙදී.හැබැයි කට්ටියම එකතු වෙලා කරපු වැඩේ ගැන ඇත්තටම මට සතුටුයි.මෙවැනි වැඩක් පටන් ගැනීම ගැන සීනිට මගේ ප්‍රණාමය ............!!!!!!!

    ReplyDelete
  7. එකනම් ඇත්ත නචියා අයියේ...අක්කා තමා ගොඩක්ම මහන්සි වුනේ....එත් ඔයාටත් ගොඩක් ස්තුතියි හොදේ

    ඔව් අක්කා...අපේ උත්සාහය ගොඩක් සාර්ථකයි.....ඔයා තමයි ගොඩක්ම මහන්සි වුනේ..ඒකට ගොඩක් පින් අක්කේ

    අන්තිම මොහොතේ හරි සම්බන්ධ වෙලා අපිට උදවු කලානේ අයියා..ඒකට ගොඩක් ස්තුතියි හොදේ

    ReplyDelete
  8. සමහර තැන් වලදි ඔය වගේ දේවල් වෙනවා නංගි... ඒකට හුරු වෙන්නම වෙනවා.. ජිවිතේ අපිට ගොඩාක් දේවල් වලට අපි බලාපොරොත්තු වෙන සහයොගය නැති උනා කියලා අපි වැටෙන්න ඕනේ නැ.. සාර්ථකව වැඩේ කරගන්න ලැබුන එක ගැන ඔයාලට වගේම පැත්තක උන්නු අපිටත් ගොඩාක් සතු‍ටුයි

    ReplyDelete
  9. එක නම් ඇත්ත අයියා.....කොහොමෙන් කොහොම හරි වැඩේ හොඳට උනානේ...මගේ එක වචනෙකින් උදවු කරන්න ලෑස්ති උනාට ගොඩක් ස්තුතියි වගේම දුන්න සහයෝගයටත් ස්තුතියි.......

    ReplyDelete
  10. මතක් කර කර සතුටු වෙන්න පුළුවන් කියලා කියන්නෙ මේවගේ දේවලට වෙන්නැති නේද?

    අනේ මම කියලා මොනා කළාටද? අපි හැමෝම මහන්සි උනානෙ... ඇයි සල්ලි යොදවපු, උපදෙස් වලින් දිරිමත් කරපු... හැමෝටම එක සමාන පින් අත්වේවා!!!

    ReplyDelete
  11. අපි මහන්සි වුන තමා..එත් අපිට වඩා ඔයා....
    මේක වෙන්න ඇති අක්කා මතක් කර කර සතුටු වෙනවා කියන්නේ

    ReplyDelete

සිනිට වැදගත් ඔබේ සිතුවිල්ල මෙන්න මෙතන ලියල යන්න......

මා මාම වී ....ඔබ ඔබම වී නම්.....අපි අපිම වෙන්නට පෙරුම් පුරනු කෙලසින්.....