Tuesday, August 30, 2011

ඔන්න මමත් 50 පහු කළා ........


හ්ම්.....කොහොමෙන් කොහොම හරි පනස් වෙනි පොස්ට් එකත් දාල පනස් එකත් දල මේ පනස් දෙවෙනි එක...මේ අවුරුද්දෙම මාර්තු මාසේ 25 වෙනිදා ආරම්භ කරපු මගේ මේ පුංචි බ්ලොගයට දැන් මාස 5 යි දවස් 5 කුත් ගෙවිල...ඇත්තටම 50 වෙනි පොස්ට් එක විදියට මේක දාන්න හිටියත් අපේ දානේ වැඩේ ඊට ලොකු උන නිසා ගැන දැන්ම..එක ඊට වඩා හොදයි කියලා හිතුණ නිසා....


මේ වනකොට පස්සෙන් එලවන අය 68 කුත්, සම්පුර්ණයෙන්ම ඇවිත් ගිය අය 18,642 ක් එක්ක මේ යන ගමන ගැන ගොඩක් සතුටුයි මට...මේ මාස 5 ඇතුලත මේ තරම් දුර ආපු එක ගැන.....ඔයාලට හිතෙයි මේ ගැන නම් තරම් වැදගත් නෑ කියලා...එත් මටනම් ගොඩාරියක් වටිනවා....පොස්ට් එකක් දාල එකට කමෙන්ට් එකක් වැටෙනකම් ඉන්නේ පුදුන නොයිවසිල්ලකින්....කි පාරක්නම් රිෆ්රෙශ් කරනවද....මන් හිතන විදියට ඔයාලත් වගේ කමෙන්ට්ස් වලට පෙරේතයි නේද...මොකද අපේ පොස්ට් එකේ හොඳ නරක කියලා දෙන්නේ කමෙන්ට් එකනේ.......

හිතට එන දුක සතුට හැමදේම කියන්න මෙතන තරම් හොඳ තැනක් තවත් නෑ....හොඳ යාලුවෝ ගොඩක් මට මෙතනින් හම්බුනා.....දුකේදී මගේ ලඟින් උන්න...සතුටෙදිත් ලඟින් උන්න.....අද වෙනකම් ලඟින් ඉන්න ඔයාලට ගොඩක් ස්තුතියි...හෙටත් ඉදිරියටත් මගේ ලඟින් ඉඳීවි කියලා මන් විස්වාස කරනවා....

මේ හැමදේමත් එක්ක මන් ගොඩක්ම ස්තුතිවන්ත වෙන්න ඕන මට මේ බ්ලොග් කලාව ගැන කියලා දීපු මාරයියට.....ගොඩක් ස්තුතියි අයියේ.....




ඔයාල හැමෝටම බුදුසරණයි....!!!!!!!!!!!!

21 comments:

  1. පනස් වෙනි පෝස්ට් එකට හදවතින්ම සුභපතනව අක්කෙ. එදා ඉඳන් එක සීරුවට කවි, කතන්දර, නිසදැස් ලියපු ඔයාගෙ ලස්සන බ්ලොග් එක හැමදාමත් මේ වගේම තියෙන්න කියලත් ප්‍රාර්තනා කරනව. හැමදාම එන කෙනෙක් විදියට පුංචි දෙයක් කිව්වට තරහ වෙන්න එපා.

    අක්කෙ බ්ලොග් එක ටිකක් බර වැඩියි.අනේ ඔය තරු වැටෙන එක, ගෑනු ළමයව, පහලට දුවන කෙටි මග එහෙම අයින් කරන්න පුලුවන්නම් මීට වඩා බර අඩු වෙයි. පුලුවන්නම් ඒ ගැනත් හිතන්න. අපි ගෙදරදි එන්නෙ අහිංසක ඩොන්ගල් කට්ටෙන්නෙ.ලෝඩ් වෙන්න ටිකක් වෙලා යනව ඔයාගෙ බ්ලොග් එක.

    ඉතින්, ජය පතනව.. තව දිගු දුරක් සිංහල බ්ලොග් අවකාශය තුල ගමන් කරන්න ලැබෙන්න කියල.

    ReplyDelete
  2. අර්ධ ශතකයට මකර අධිරාජයාගෙන් උණුසුම් සුබපැතුම්.

    ReplyDelete
  3. නියමයි.ඉක්මනටම සෙන්චරියකුත් ගහමු ............ :D

    ReplyDelete
  4. ගොඩක් ස්තුතියි මල්ලියෝ...:) :D
    ඔව් මන් තලායි ;).....හික්ස්...;)) එහෙමත් සින් එකක් තියෙනවද :-o...දැනන් උන්නේ නැනේ...මේ අපේ දෙව් අයියා දන ගැජමටක්ස් ටික මන් දාල බලනවා....හරි හරි...වෙනස් කරන්නම්කො....:)

    ආ...මකරයියේ..ගොඩක් ස්තුතියි හොඳේ ....:D

    අනිවා අනිවා....ලයන් අයියේ....:D

    ReplyDelete
  5. ඒකනම් සහතික ඇත්ත හලෝ.හිතට එන දුක සතුට කියන්න මෙතන තරම් හොඳ තැනක් තවත් නෑ.
    සුබ පැතුම් මෙන්න මගෙනුත්....

    ReplyDelete
  6. එකනේ.....බොහොම ස්තුතියි අයියා....

    ReplyDelete
  7. ඔන්න මගෙනුත් උණුසුම් සුභ පැතුම්.. බ්ලොග් කරනයේ තව ගොඩාක් දුර යන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා...
    ඇත්ත මේ බ්ලොග්ස් වල ගොඩක්ම තියෙන්නේ අපේ හිතේ වල තියෙන සතුට වගේම දුක.. ඒ ගැන ලියන්න මේ වගේ හොද තැනක් තවත් නෑ..
    ඔයාට සුභ අනාගතයක්..

    ReplyDelete
  8. ඔව් දිනේෂ් අයියේ...මේක තමා හොඳම තැන අපිට අදහස් පිටකරන්න තියන.....බොහොම ස්තුතියි සුභ පැතුමට....

    ReplyDelete
  9. ෂාආආආආආඅ එහෙනම් half සෙන්චරියකුත් ගැහුවාආආඅ,,,,,,,,,,ට්‍රිපල් එකකුත් ඉක්මනටම ගහන්න ලැබේවා කියල ප්‍රාර්තනා කරනවාආආආඅ :))

    ReplyDelete
  10. සිනිට වැදගත් මගේ සිතුවිල්ල මෙන්න මෙතන ඔන්න ලියනවා...

    මම අවුරුදු දෙකක් තිස්සෙ ලියලත් තාම පෝස්ට් 50ක් ලියල නෑනෙ කෙල්ලෙ.. ඒ අතින් ඔයා ඉදිරියෙන්.. ඉතින් සතුටුවෙන්න.. හැමදාම අපි ඉන්නවා.. හරි දේ හරි කියන්නත් වැරදි දේ පෙන්නා දෙන්නත්...

    ඉදිරියටම යන්න සුභපැතුම් !!!

    ReplyDelete
  11. cjgayan:- තැන්කු තැන්කු හොදේ....:D

    ගොඩක් ස්තුතියි අක්කා.....මන් දන්නවා....අම්මා කෙනෙක් වගේ ඔයා මන් වැටුණු වෙලාවේ උදවු කලේ....එකට ගොඩක් ස්තුතියි..ඉස්සරහටත් මන් ලගින් ඉන්නවා කියලා මන් දන්නවා...

    ReplyDelete
  12. උණුසුම් සුභ පැතුම් !!!! ඉක්මනට සීයත් ලියන්න ....

    ජය !!!!

    ReplyDelete
  13. අපි දෙන්නගෙන්මත් සුභ පැතුම් අක්කා.......!!!! ;;) ඉක්මනටම සතක ද්විත්ව සතක ස්කෝර් කිරීමට ලැබේවා......!!!! කියලා මුළු හදින්ම අපිත් ප්‍රාර්ථනා කරනවා.....:x :x

    මං නම් ඉතින් පුලු පුලුවන් හැම වෙලේකම ගොඩ වෙලා යන්න එන්නම්කෝ...... :D

    ReplyDelete
  14. මගෙනුත් ඔන්න හාෆ් සෙන්චරියට උණුසුම් සුභ පැතුම් :)
    ඔය ලිව්වා වගේම 100 ත් ඉක්මනටම ලියන්න හැකි වේවා

    ReplyDelete
  15. 50 වෙනි කඩ ඉම පසු කරන මොහොතෙදි මගෙනුත් උණුසුම් සුභ පැතුම් නංගි.
    සිතට නැගෙන සොඳුරු සිතුවිලිත් එක්ක බ්ලොග් අවකාශයේ දිගටම රැඳෙන්නට වාසනා.

    ReplyDelete
  16. ඔන්න අපේ උණුසුම් සුබ පැතුම් (නිවිලනම් ටිකක් රත් කර ගන්න හොදේ ;))..මේ වගේම 100 වෙනි පෝස්ට් එක දාන දවසට්ත් ලගදිම එන්න කියල ප්‍රාර්ථනා කරනවා..;;)

    ReplyDelete
  17. ෂා නියමයි ආ... සුබපැතුම්!!!

    ReplyDelete
  18. නංගියෝ...... එහෙමත් නැත්නම් සිනි... ඔයාට ගොඩාක් ලස්සන අනගතයක් තියනවා කියලා මම දන්නවා... ඒ හැමදේකටම මම් ඔයාට සුභ පතනවා...

    පොස්ට් 50 තව 100 ගුනයකින් වත් වැඩි කරගෙන අවුරුදු 60,70ක් ගියත් හැරමිටි ගගහා ඇවිත් ඒ කාලේ මොන ටොප් තියෙයිද දන්නේ නැ (ඒ කාලේ ඩෙස්ක් ටොප් දැන් එක එක ටොප්) කොම හරි ඒකක් ඔන් කරගෙන මෙන්න මගේ 50000 වෙනි පොස්ට් එක කියලා ඔයා කියන කොට ඒක කියවන්න ලැබේවා කියලා හදවතින්ම සුභ පතනවා..

    වැඩ ගොඩාක් , ප්‍රශ්න ගොඩාක් ජිවිතේට එවි,.. ඒත් මොන වැඩේ කලත් මොන ප්‍රශ්න ආවත් මේ බ්ලොග් ලියන එක නවත්වන්න එපා....

    ජය වෙවා....

    ReplyDelete
  19. ඔන්න මගෙනුත් මල් මිටක්.

    ReplyDelete
  20. සුවහසක් පැතුම් සමගින් තව තවත් ලියන්න දිරිය ශක්තිය ලැබේවා යැයි පතමි.

    ReplyDelete
  21. 50 වෙනි කඩඉමට සුභ පැතුම් සොයුරිය. තවත් බොහෝ කඩඉම් පසු කරයාමට වාසනා.

    ReplyDelete

සිනිට වැදගත් ඔබේ සිතුවිල්ල මෙන්න මෙතන ලියල යන්න......

මා මාම වී ....ඔබ ඔබම වී නම්.....අපි අපිම වෙන්නට පෙරුම් පුරනු කෙලසින්.....