Thursday, June 2, 2011

මන් මනමාලි වූදා......


ඔන්න මන් මනමාලියක් වුණා......

ආ.....මන් කසාද බැන්දද......අනේ තාම නෑ......එකට තා අවුරුදු 3 ක් වත් ඉන්න ඕනිනේ....එහෙනම් මන් කොහොමද මනමාලියක් වුනේ.....
මෙන්න මෙහෙමයි වුනේ......
අපේ අම්මා බියුටිකචල් කෝස් එකක් කරානේ.....තව මනමාලි අන්දන කොස් එකකුත් කලා....ඒ කෝස් එක අවසානේ දකුණු පළාතේ මහා මනමාලි දැක්මක් තිබුණා....ගිය අවුරුද්දේ නොවෙම්බර් 28 වෙනිදා ගාල්ල නගරසභා ශාලාවේදී.....ඔන්න ඕකෙදි තමා මන් මනමාලියක් වුනේ....

ඒ කෝස් එක අවසානෙදි එක එක්කෙනා තරගකරුවන් 3 දෙනා බැගින් ඉදිරිපත් කළ යුතුයි තරගයට.....අපේ අම්මට ඉතින් මන් වගේ දුවෙක් ඉන්න නිසා හොදයි...ඇයි එයාට ප්‍රක්ටිස් කරන්න වෙන කවුරුවත් හොයා ගන්න නැනේ....හෙයාස්ටයිල් දාන්න මගේ කොන්ඩේ....අනේ අසරණ කොන්ඩේ....මගේ කොන්ඩේ අල්ලන බෑ..හරි විසයි ඔලුවට...පවුනේ ඉතින්....මන් ඉතින් බැන බැන දිගෙන් ඉන්නවා....ඊළගට මේකප් දල බලන්න මගේ මුණ....අයියෝ.....උලනවා උලනවා...ඉවරයක් නෑ.....කොහොම හරි මගේ මුණේ තියන රෝම ඉවත් කරන්න කියල සැලෝන් එකකට එක්කරන් ගියා....අයියෝ...මන් වින්ද දුකක්...ඇස දෙකෙන් කදුළු වැක්කෙරෙනවා....කොහොම හරි ඒ ඉවර වුනාම...මගේ මුණේ පුංචි පුංචි ගෙඩි ආවා.දැන් ඔන්න එදා දවසේ උදේ.....මායි අනිත් නංගිලා දෙන්නයි අම්මයි යනවා බාප්පාගේ වැන් එකේ....අපි එහාට යනකොට 6 ට විතර ඇති...ඒ වෙනකොටත් කස්ටිය ඇවිත් අන්දන්න පටන් අරන්...12 වෙනකොට මනමාලියෝ 3 නා බරදෙන්නත් ඕනලු....ඔන්න වැඩ පටන් ගත්ත....

මුලින්ම අන්දන්න ගත්තේ වෙස්ටන් බ්‍රයිඩ්ව...ඒ නංගි උසයි...සුදුයි...ලස්සනයි...කොන්දෙත් ගොඩාරියක් දිගයි.....
අපේ අම්මා ඒ නංගිව අන්දවා.....




                අරවින්දිගේ අවසන් පෙනුම......





                                                                                                 
                                                                                                                      
ඊළගට අන්දන්න ගත්තේ අනිත් නංගිව...එයත් වෙස්ටන් තමා...ෆ්රෝක් එකක් ඇන්දුවේ එයාට....මට කිවා තනියම ඇදගන්න කියල.....ඔන්න බලන්න ඉතින්....මාත් ඉතින් තනියම ඇදගත්ත...ඔසරිය ඉතින් හැමදාම අදින එකනේ.....එත් ඉතින් මන් මේකප් දාන්න දන්නේ නේ....මගේ වැඩේ ඔසරිය ඇදන් අනිත් අයට අන්දන්න උදවු කරන එක.....

                 


   




නයෝමි නංගි......










       
                                          (මෙයාගේ පොටෝ ගහන්න හරිම අමාරුයි.....ඇස    පියවනවා හැමවෙලේම ..)

.......මෙතන අන්දන්න සැලෝන් තියන අය ඇවිත් හිටියා...අදින්න නිරුපිකාවන් ඇවිත් හිටියා....අනේ ඉතින් අපිට කොහිද චාන්ස්.....ඊටත් වඩා මිස්.....ඒ කියන්නේ මේ පාටමාලාව කරපු කෙනා එක අක්කා කෙනෙක්ට මාර විදියට හෙල්ප් කලා....එයාගේ කොස්ටියුම්ස් තමා ඇන්දුවේ ඒ අක්කගේ බ්‍රයිඩ්ස්ලට.....එතකොට කැන්ඩියන් බ්‍රයිඩ්ස්ල දෙන්නෙක් ඇන්දුවා ඒ ජුවෙලරිස් සේරම දාලා....ඒවත් ඒ මිස්ගේ...පිට අයට උදවු කරන්න තහනම්නේ තරගයක් නිසා...නමුත් ඒ මිස් ඒ අක්කගේ බ්‍රයිඩ්ස්ලගෙන් එක්කෙනෙක්ගේ හෙයර්ස්ටයිල් එක සම්පුර්ණයෙන්ම දැන්ම....එක්කෙනෙක්ව මේකප් කලා....අපේ තාත්තට යකා නැගල හිටියේ....එත් රණ්ඩුවක් ඇතිකරන්න හොද නැති නිසා නිකම් හිටියා....ඔප්පු කරන්න සාක්ෂිත් එපැයි...මගේ කැමරමන් මගේ හොදම යාළුවා...නම සලෝ..........අපි හොදම යාලුවෝ.....මන් ජපුරේ ඉන්න කාලේ එයා මන් උගන්නන ස්කුල් එකේ ග්‍රැෆික් පටමාලාවක් කලා.එතැනදී  එයාට ෆොටෝග්‍රපි කෝස් එකක් කරන්න පුළුවන් උණා...ඉතින් එයා තමා මගේ ෆොටෝග්‍රපර්........තාත්ත කිවා එයාට මිස් අන්දන පොටෝ එකක් ගන්න කියල...අපි ගන්න හදනකොටම මිස්ව කවර් කරගත්ත ඒ කට්ටිය...මොනා කරන්නද...අඩු ගානේ අපි ලග කැමරා ෆෝන් එකක්වත් තිබුනේ නැනේ.....:( .......

කොච්චර ලස්සන බ්‍රයිඩ්ස්ල හිටියත් අන්තිමේදී  අර අක්කගේ බ්‍රයිඩ්ස්ල 2 ක්ම දින්නා .....ඒ කැන්ඩියන් හා වෙස්ටන් බ්‍රයිඩ් කියන අංශ දෙකෙන්...අරවින්දි නංගි ගැන හෝප්ස් තිබුනත් හරි ගියේ නෑ....අම්මටත් මාර දුකයි.....එයාම හිත හදාගත්ත දැන් මට බය නැතුව අන්දන්න පුළුවන්...අන්දන්න සේරම බඩුත් සේරම හදාගත්ත...තැනක් නොලබුනට කමක් නෑ කියල.....:) 

         මේ ඉන්නේ අපි තුන්දෙනා......

  



කොහොමද...අපි ලස්සනයිද............







                                                     
                                             
 (මනමාලියක් වෙනවා කියන්නේ මේ තරම් ලොකු කට්ටක් කියල දැනගත්තේ එදා තමා.....අම්මෝ...දාඩිය දාගෙන...පුදුම දුකක්නේ.......... අර බඩු සේරම එල්ලගෙන...උදේ ඉදන් හවස් වෙනකම් ඉන්නවා කියන්නේ.....එත් .....මන් හැබැවටම මනමාලියක් වෙන්න ආසයි.............)

ඔයාට ගොඩාක් ස්තුතියි සලෝ......:) :) <3


35 comments:

  1. ඔහොමම බඳින්නනේ තිබුනේ...:D

    ReplyDelete
  2. ඔයාගෙ පෙනුම හරි අහිංසකයි.මම නම් මාලයක් තියා කරාම්බුවක් වත් නොදා ඉන්නයි කැමති,එහෙම හිටියම මාර නිදහසක් දැනෙන්නෙ.ඒත් යාලුවො බනිනවනෙ "මිනිහ මැරිච්ච ගෑනිවගේ මොකද ඔය කරාබු ගලවල" කියල.:((හෆෝ ඔය අන්දන ඒවා නම් මාර වාත,දවසක් පාන්දර 3නේ ඉදල හෙන කට්ටක් කෑවා.අරහෙන් මෙහෙම් එල්ලගන එපා වෙනව.
    "අයි බ්‍රෝ" හදන්න යන හැමදාම මම් අඩනව,හප්පච්යේ රිදෙනව.:/

    ReplyDelete
  3. යකොව් සීනි අක්කගේ හැඩ....ඔයා ඒ තරගෙන් දිනුවේ නැති උනාට සිංහල බ්ලොග් අවකාශේ ලස්සනම මනමාලි තේරුව දාට අපි සපෝට් එක දෙන්නේ සීනි අක්කට.. ජය වේවා !!!

    ReplyDelete
  4. හපෝයි මතක් කරන්න එපා ඔය වැඩේ....ඔය ටික ඉවර වෙලා ගෙදර ආවම හොඳ පණ යනවා...කොණ්ඩයට ගහලා තියෙන කටු හැට හුටහාමාර ගලවගන්න පැය ගානක් කට්ට කන්න ඕනේ.... දැන්නම් මවුරු හරි ඇවිත් අහද්දිත් කියන්නෙ..." අනේ වෙලාවක් නෑනෙ" කියලා...

    ඔයා එතරම්ම උස කෙනෙක් නෙමේ වගෙ නිසා ඔසරියට වඩා සාරිය ඔයාට හොඳට ගැලපේවි කියලා මට හිතෙනවා

    ReplyDelete
  5. එතකොට මට බෝයිෆ්රෙන්ඩ් කෙනෙක් හිටියේ නැනේ ප්‍රියන්ත අයියා....


    එකනම් ඇත්ත නදී අක්කේ....කිසිම දෙයක් නොදැ යනකොට මාර සැහැල්ලුයි...අපේ අම්මත් එක්ක බැනේ...අනික සාරි අදිනකොට කන කර පාලුවට ලස්සන නැනේ....මන් නම් කනට විතරයි ජ්වෙල් දාන්නේ....කර පාලුයි කියල හැමෝම කෑගහනවා....මන් නම් නෑ ගනං ගන්නේ............තැනක් මන් අහිංසකයි කීවට.....:P :) :D


    තැන්කු තැන්කු තිෂ් මල්ලි.....එහෙම තරගයක් තියන්න නම් කසාද කියක් එකදවසේ තියන්න ඕනද.....:P :) :D

    ReplyDelete
  6. එකනම් ඇත්ත දිල් අක්කි.....බැක්හොම් හැරපු කොන්ඩේ ආයේ ලිහ ගන්නයි...ඒ කටු ටික ගලවන්නයි....ගියාම අම්මෝ...එපා වෙනවා...අනික හෙයාර්ස්ප්රේ හොදත් නැනේ...මට එකට මාර විදියට සේම ඇවිස්සෙනව....

    හැමෝම නම් කියන්නේ මට ඔසරිය තමා ගොඩක් ලස්සන කියල...එත් හ්ම්....අක්කා කියන කතාවත් හරි.....සාරියත් ලස්සනට ඇති මට....තැනක් අක්කි.... :) :)

    ReplyDelete
  7. ශිකේ අරවගේ දෙයක් වෙනකොට නොදැනෙන්න ෆොටෝ ගන්න ඕනෙ ඕව ලෝකෙට පෙන්නන්න ඕනෙ හැබැයි පරිස්සං වීම ඇගට ගුණයි.... කොහොම වුනත් වලියක් දාගත්තෙ නැති එකනං හොදයි...

    ReplyDelete
  8. හරි ලස්සනයි නංගා.. අම්ම හරි.. තරඟයකට යන්නේ දිනනවට වඩා අත්දැකීම් ගන්නනේ.. අම්මට සුභ පැතුවා කියන්න... :)

    ReplyDelete
  9. මමත් කරාබුවක් වත් දාන්නේ නැහැ කොහෙවත් යනකොට. මට ඒවා හරිම වාත වැඩ. මම දාන්නේ මගුල් මුද්දයි, පාසල් ඇනිවසරි එකට දීපු මුද්දයි විතරමයි. කරාබු මාල එල්ලගෙන ඉන්න නම් මම පොඩ්ඩක් වත් කැමති නැහැ.
    මේ කට්ට මම කෑවනේ මගේ වෙඩිම දවසේ... හප්පා... මටනම් එපා උනා.

    ඔයාල කට්ටිය හරිම ලස්සනයි....:D

    ReplyDelete
  10. අසාධාරනය නැති තැනක් අද හොයන්න බෑ.
    -දෙයක් වේ නම් යම් සුදුස්සාටම අයිති විය යුතු- කියලා...... කියලා තියෙන්නේ හුණුවටයේ කතාවට විතරයිනේ.

    පැය 24ක් යන්නත් කලින්...ඔයා ලස්සන මනාලියක් වෙලානේ...D

    ම්ම්ම්ම්..ඒක නෙවෙයි නංගි..ඔයා ගාල්ල පැත්තේ නිතර එනවද.
    මට ඔයාව හොදට දැකලා පුරුදුයි වගේ.

    මම වැරදිද දන්නෙත් නෑ...එහෙම නම් So Sorry අනේ'

    ReplyDelete
  11. ශා... කෙල්ලගේ හැඩ :)

    ReplyDelete
  12. ඔන්න බොලේ මෙයා මටත් හොරෙන් මනමාලියක් වෙලා...
    හනේ හනේ.... හා හා... මීටත් වඩා ලස්සන මනමාලියක් වෙන දවස වැඩි ඈතක නෑ හොඳේ...

    ReplyDelete
  13. නොදැනෙන්න ෆොටෝ ගන්න විදියක් නෑ කිඩෝ...අපි ගාව තිබුනේ පෙන්ටෙක්ස් වර්ගයේ ලොකු කැමරා....ඉතින් මක් කරන්නද...ඔවු අපේ තාත්තගේ ඉවසීමේ ගුණයන්ම් ඉතා ඉහලයි.....නැත්නම් ඉතින්...අම්මෝ....

    ................................................
    තැන්කු තනොජා අක්කේ....මන් අම්මට කියන්නම්.....එක ඇත්ත ජය පරාජෙට වඩා අම්මා එකෙන් ලොකු අත්දැකීමක් ගත්තනේ...

    ................................................
    මට වෙඩින් මුද්දක් තාම නැනේ....හික්ස්...අඩු ගානේ ඇනෙවසරි එකවත් නැනේ තාම....

    තැන්කු කොටි අක්කා

    ................................................
    එකනම් ඇත්ත නිල අහස අයියේ....හැමතැනම අසාධාරණේ....
    "පැය 24ක් යන්නත් කලින්...ඔයා ලස්සන මනාලියක් වෙලානේ..."මේක තේරුනේ නෑ.....


    තැන්කු හොදේ....

    මන් ගාල්ලේ නම් වැඩිය එන්නේ නෑ අයියා ...මන් නෙමේ වෙන්න ඇති...සොරි කියන්න ඕන නෑ

    ................................................
    තැන්කු තැන්කු හසී අක්කේ ...

    ................................................
    මන් එකට ඇගිලි ගනිනවා ....ඔයත් එක දන්නවනේ....

    ReplyDelete
  14. ආ..ඇත්තද .
    ඔයාගේ photos දැක්කම මට හිතුනා දැකලා පුරුදු කෙනෙක් දෝ කියලා.බලන්නකෝ..ඇත්තටම මම රැවටුනා.

    ඒ කිව්වේ.............ඊයේ දවසේ යස අගේට හිටපු ඔයාගේ වෙඩින් photos... එකපාරටම අද උදේ දැක්ක නිසයි. බිලොග් එක කියෙව්වමයි වැඩේ තේරුනේ.

    ReplyDelete
  15. ම්ම්ම් ලස්සනයි ඔයා.. :)

    මාත් හිතුවෙ කියවන්න කලින් ඇත්තටම ඔයාගෙ වෙඩිම කියල.. හික්ස්

    ReplyDelete
  16. හි හි හි...ඇත්තම වෙඩින් පොටෝස් ඉක්මනට දාන්න ලැබෙන්න කියල මාත් පතනවා.....

    තැන්කු හිම කුමාරි.....

    ReplyDelete
  17. ඔන්න අදයි සිනිව දැක ගත්තේ.. ඇත්තටම ඔය ඇදුම අදින දවස ඉක්මනට උදා වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..

    ReplyDelete
  18. මනමාලියො තුන්දෙනා නං ලස්සනයි තමයි . . . ඒත් මං මේ කල්පනා කලේ "මහා" මනමාලියන් දැක්මකට ඔයාල වගේ හීනි කෙල්ලො ඉදිරිපත් වෙන එක හරිද කියල ????

    ReplyDelete
  19. හරිම ලස්සනයි.. ඔයාගේ අම්මා හොදට ඔයාලව ලස්සන කරලා තියෙනවා.. දිනුවේ නැතිවට මොකද.. අත්දැකීමම වටිනවනේ..

    ReplyDelete
  20. එදාම කසාදත් බැන්දානම් ඉවරනේ. නොමිලේම වැඩේ ගොඩ. දැන් ආයේ අදින්න වෙනවානේ.........

    ReplyDelete
  21. මමත් ඒ දවසට ඇගිලි ගනිනවා නවී අයියා....තැන්කු සුබපැතුමට

    තැන්කු ලස්සනයි කීවට....ඔහොම කියන්න එපා අයියෝ......හික්ස්

    එකනම් ඇත්ත...අත්දැකීම වටිනවා ගොඩක්...තැන්ක්ස් දිනේෂ්

    තෑන්ක් චතු ...

    කසාදෙ කරගන්න එතකොට මට බි.එෆ් කෙනෙක් හිටියේ නැ නේ අයියේ ................අපරාදේ...හිටියනම් කපල් එකක් විදියට යන්න තිබුන තරගෙට....

    ReplyDelete
  22. රන්දුනුකේ මල සේ
    රන් මෑණිකේ හිනැහේ
    ලස්සනම ලස්සනයි නංගා...

    ReplyDelete
  23. තැන්කු සුදු අක්කියෝ.......

    ReplyDelete
  24. කෙනෙක් කැලැන්ඩර් වගයකට පින්තූර හොය හොය හිටිය, මේක පෙන්නුව නම් හරි...

    ReplyDelete
  25. ඇත්තද...කමක් නෑ....දාන්න කලින් මගේ අයිතිකාරයගෙන් අහල ඉන්න සහෝ..........

    ReplyDelete
  26. බය වෙන්න දෙයක් නෑ ඒ කැලැන්ඩරේ මෙහෙ පාවිච්චි කරන්නෙ නෑ...

    ReplyDelete
  27. මටත් මනාලියක් හොයල දෙන්නකෝ...

    ReplyDelete
  28. දිනුවෙ නැතුවට කමක් නෑ, වැඩේ කරන්න පුළුවන් කියන විශ්වාසෙ තියෙනවනෙ. එහෙම විශ්වාසයක් නැත්නම් ප්‍රැක්ටිස් කරන්න දුවෙකුත් ඉන්නවනෙ. :D
    ඕවට අඳින මිනිස්සු කන කට්ට ගැන දුක හිතුණා මිස, අන්දන අයත් හැමදාම කට්ටක් කනවා කියන එක මට හිතිලා තිබුණෙ නෑ කවදාවත්.

    ReplyDelete
  29. මමනම් මගේ කෙල්ලට ඔච්චර දුකක් දෙන්නේ නෑ.. පව් අහිංසකී දුක් විදින්න ඕනැද??
    මම පැනලා යන්න තීරනය කලා..
    ශෝයි නේ?

    ReplyDelete
  30. කමක් නෑ හේරත් අයියේ ....මොන ලෝකේ කැලැන්ඩරේට දැනමත් අවසර අරගන්න හොදේ

    .................................

    අපොයි දෙයියනේ....මන් කියන්නද...ඔය බියුටි කචල් මනමාලි දැක්මවල් ඕන තරං තියෙන්නේ...ඒ තැන් වලට ගිහින් බලන්න...ඔයාටම තොරගතහැකි....

    ...................................

    අපොයි නලිනි අක්කේ...ඕක අපේ අම්මට ඇහුනොත් එහෙම මන් ඉදල ඉවරයි.....ඒ විස්වාසේ ගත්ත එකනම් ලොකු දෙයක්.....එක මනමාලියක් අන්දන්න පැය 3 ක් වත් යනවා...ඉතින් 3 ක් අන්දන්න 9 ක් වත් හිටන් ඉන්න ඕන...මාර කට්ටක් තම අන්දන එකත්....

    ...................................

    එක කට්ටක් උනත් කෙල්ලෝ ආසයි ඒ කට්ට කන්න අයියා....ඒ නිසා ඒ අයිතිය අනිවා එයාට දෙන්න

    ReplyDelete
  31. තුන්දෙනාම ලස්සනයි . . ඔයාගේ ඔසරිය ඇත්තෙන්ම ලස්සනයි චාම්ම නැති වුනත් විච්චූර්නත් නෑ. අර මිස් කරපු වැඩේ නම් වැරදියි. ඒත් ඔයාලා දන්නවනේ ඔයාලා ගත්තු වෙහෙස. ඒක අපතේ ගියේ නෑනේ මේ අපි එකෙන් කොයි තරම් දේවල් ඉගෙන ගත්තද මේ දේවල් ගැන මේ පෝස්ට් එකෙන්.
    ජය ජය

    ReplyDelete
  32. තැනක් යු වෙරි මච් දුකා අයියා...ඔයා මගේ බ්ලොග් එකේ කමෙන්ට් කරපු මුල්ම වතාව.....තෑන්ක් අගේයින්...........ඔව්...එදා දවසේ ගත්ත අත්දැකීමම ගොඩක් වටිනවා.
    ඒ ඔසරිය වරක් කලේ මන්.......

    ReplyDelete
  33. ලස්සනයි අක්කි.මටත් ඔයාව දෑකල පුරුදුයි.කොටුවෙ ඈතුලෙ තියෙන රතු පාට ටයි එක දාන ඉක්කෝලෙටද ඔයා ගියෙ?හා හා පුරා කියලා ඔසරියක් අදින්න හිතන් ඉන්නෙ අක්කගෙ වෙඩිමට.ඒකත් නිකම් එපා වගේ හිතෙනව කටු ගහලා මේක් අප් දාලා දෙන දසවද ගෑන ඈහුවම.

    ReplyDelete
    Replies
    1. අයියෝ...කමෙන්ට් රිප්ලයි පරක්කු වෙලා....අක්ක බැන්දද නංගියේ.....
      නෑ නෑ....මන් ගියේ නිලුයි කහි ඉරි තියන ටයි එකක් තියන ඉස්කෝලෙට

      Delete

සිනිට වැදගත් ඔබේ සිතුවිල්ල මෙන්න මෙතන ලියල යන්න......

මා මාම වී ....ඔබ ඔබම වී නම්.....අපි අපිම වෙන්නට පෙරුම් පුරනු කෙලසින්.....