Thursday, March 31, 2011

අනේ මෙහෙමත් කෙල්ලෝ.....


ඉස්කෝලේ කාලේ වුන දේවල් කාටවත්ම අමතක වෙන්නේ නම් නෑ...එක එහෙම නේද....මට නම් එහෙමයි....අද මට එක පාරටම පොඩි සිද්දියක් මතක් උනා..... එක ගැණු ළමයෙක් ගැන...මේ වගේ ගැණු ළමයි නිසා තමයි ගැණු ළමයින්ගේ ඩිමාන්ඩ් එක බහින්නේ...මන් එයාට කුමාරි කියල කියන්නම්.ඔන්න එහෙනම් කුමාරිගේ කතාව....

ගැණු ළමයිනේ පාසලක් වුන අපේ ස්කෝලෙට මෙයා අවේ ශිෂ්යත්ව විභාගේ පස් කොරන්.මන් ඇතුලත් වුන දාමයි මෙයත් ඇතුල් උනේ.අම්මයි තාත්තයි දෙන්නම් ප්රින්සිපල් ලා.මෙයා වැටුනේ වෙන පන්තියකට.6 වසරේ අන්තිමේදී අපේ පන්ති කැඩුවා.කොහොමෙන් කොහොම හරි මෙයත් වැටුන අපේ පන්තියට. පන්ති වලින් ආව කට්ටිය වෙන වෙනම ගෘප් ගැහිලා.මෙයත් එහෙම ගෘප් එකක එක්කෙනක්.ඔය ගෘප් වල රහස් පිට යන්නේ නැනේ. උනාට මෙයාගේ කටින් එයාගේ රහස් විතරක් නෙමේ අනිත් අයගේ ඒවත් පිට වෙනවා. නිසා මෙයාට කවුරුවත් රහස් කියන්නේ නෑ.10 වසර වෙද්දී කට්ටිය හැමෝම ෆිට්. උනාට අර කල්ලි එහෙමමයි.

කුමාරිට පුදුම කොල්ලෝ පිසුවක් තිබුණා.එසේ මෙසේ පිස්සුවක් නම් නෙමේ.කළු පාට පිරිමි ළමයින්ට පුදුම ආසයි.(වැරදියට ගන්න එපා).යාලු වෙන්නේ කළු කොල්ලෙක් එක්කමයි කියා කියා හිටිය.අන්තිමේදී කළු පාට පිරිමි ළමයෙක් එක්ක යාලුත් උණා.
.
කාලේ ඉස්කෝලේ පටන්ගත්තේ 8 ටනේ.මෙයා ඉස්කෝලේ එන්නේ 8.30 .අර බෝයි එක්ක රවුම් ගහල. මදිවට ගියපු තැන් කියපු දේවල් එකක් නැර කියනවා පන්තියේ හැමෝම එක්ක.මෙයාගේ සෙට් එකේ අය මෙයාව හදන්න හැදුවට හරි ගියේ නෑ.කොහොම හරි කාලේ ගිය කියමුකෝ.මේ දෙන්න ගැන නොදන්නා කෙනෙක් හිටියේ නෑ මුළු ඉස්කෝලෙම.දෙමාපියන් ගැන පොඩ්ඩක්වත් හිතන්නේ නැති ළමයෙක්.මෙයාට කවුරුවත් මුකුත් කියන්නෙත් නෑ.ඇයි ඉතින් අම්මයි තාත්තයි දෙන්නම ප්රින්සිපල්ලානේ. 

මේ පිරිමි ළමය එක්ක යාළුවෙලා ඉන්දෙද්දී මෙයාට මීට් වෙනවා සුදු පිරිමි ළමයෙක්.අනේ ඉතින් සුදු කොල්ලන්ට කැමති නෑ කියපු කෙනා අර කොල්ලගේ පස්සෙන් යන්න ගත්ත.අර කළු පිරිමි ළමයත් ඉන්නවා.එක විකාරයි.කෙල්ලොත් මෙයාව අල්ලාගෙන හොඳට බයිට් කරනවා.අපිට ඉතින් ෂෝ එක බලන නිසා මාර ජොලි. කොහොම හරි මේ කොල්ලෝ දෙන්න මේ කෙල්ල නිසා ගහගත්තා ස්ටෑන්ඩ් එක මැද්දෙම.හැමදාම වලියක්.මරාගත්තේ නැති එක විතරයි. 11 වසර මද්දිදේ කුමාරි මේ කොල්ලෝ දෙන්නම අතහැරලා යාලු උණා වෙන බෝයි කෙනෙක් එක්ක. අර දෙන්නට හුලන්.


මන් පිරිමි ළමයට කසුන් කියන්නම්කො. කසුන් මාර නීති කාරයා. කුමාරිගේ පස්සෙන්මයි. එත් වැඩක් නෑ. මෙයා එත් වෙන කොල්ලෝ පස්සේ යනවා. කොහොම හරි අපේ පන්තියේ කෙල්ලෝ වගයක් කසුන් ගැන කියපුව කුමාරි එක දෙක කරලා කසුන්ට ගිහින් කියල. කසුන් ආවනේ කෙල්ලොත් එක්ක වලියට. අපේ අය අතහරිද....කස්ටිය සෙට් වුන නොසැලී නොබියව ඉදිරියට යන්න.කසුන් ඉන්ටර්වල් එකට එනවා කියල මෙන්න කුමාරි කියපි. හරි වරකෝ කියල අපේ අය බලන් හිටිය. කිවත් වගේ මෙන්න ආව. අනේ උනාට වලියට නෙමේ. කුමාරි මීට් වෙන්න. අපේ කෙල්ලෝ ටික තාප්පේ ලගට වෙලා රැකගෙන හිටිය ගේමට. කුමාරි මීට් වෙලා යනකොට මේ කෙල්ලෝ ටික තිබ්බේ නැත ලොකු හුවක්. කසුන්ගේ සායම ඉවරයි. ඇයි ඉතින් වලියට එනවා කියපු කෙනා පිට පාරේම යනකොට...:D

අනේ ඉතින් කසුන් එක්ක යාලු උණා කියල මෙයා වෙනස් වුනාද? නෑ....දෙන්න හැමදාම රණ්ඩු. වුනාට මේ සම්බන්දෙ නම් කඩන්න කසුන් ඉඩ තිබ්බේ නෑ. හැමදාම වලියක්.එලේවල් කරනකම්ම ඔහොමයි...මෙයාව ඉස්කෝලෙන් අස් කලා.තාත්තගේ ඉස්කෝලෙට දැන්ම.එකෙත් කොල්ලෝ එක්ක යාළුවෙලා.ආයේ එහන් අස් කරලා මෙහාට දැන්ම.අර බල්ලාගේ වලිගෙ උනපුරුකේ දැනමත් ඇද අරින්න බෑ වගේ මොන දේ කලත් මේ කෙල්ලව හදන්න නම් බැරි උණා.එලේවල් ඉවර වෙනකම් කුමාරි කලේ කොල්ලෝ එක්ක යාලු වෙන එකයි අත හරින එකයි...

පසුව ලැබුන ආරංචිවල හැටියට මෙයාට කසුන්ව බදින්න වෙලා. කොල්ල රට ගිහින් මෙයා නිසා.දැන් ඩිවෝස් වෙන්නලු යන්නේ.....


අනේ ඉතින් මෙහෙමත් කෙල්ලෝ ඉන්නවනේ...මේ වගේ කෙල්ලෝ නිසා තමා කොල්ලෝ ගොඩක් වෙලාවට කෙල්ලන්ව බයිට් එකට ගන්නේ. එකෙන් දුක් විදින්නේ අහිංසක කෙල්ලෝ....එකෙක් කරන වැරැද්දට හැමෝම වන්දි ගෙවන්න ඕනද


12 comments:

  1. අති යන්තං ඒක තේරිලා.

    ReplyDelete
  2. හප්පා මට අන්තිමට සෙට් වෙලා හිටියෙත් ඔය වගේ කෙල්ලක් තමා. හැබැයි ඒ නිසා තමා මම බ්ලොග් ලියන්න සෙට් උනෙත්

    ReplyDelete
  3. මොකද්ද තේරුනේ ශාමින්ද අය්යේ...?

    ReplyDelete
  4. අපොයි දෙයියනේ එහෙනම් ඔයා බේරිලා....නේද රංග......

    ReplyDelete
  5. ඇත්තටම ඒ කෙල්ල හරි හොඳයි...මොකද ඒකි කිසි බයක් නැතිව ප්‍රසිද්ධියේ ඔහොම කරන එක ගැන..ඒ වගේ කෙල්ලෝ නෙවෙයි භයානක...දෙකට ගනින්න බැරිව වගේ ඉන්න ගමන් දෙක තුනක් කරන උන්..හම්මෝ..මංනං ඒ කෙල්ලට හරි ලයික්...

    ReplyDelete
  6. අලෙ මෙ එ කුමාරිගෙන් අහලා කියන්න බැරිද ඇයි කලු කොල්ලන්ට එය එච්චර කැමති කියලා ....... හික්zz :p :D මත එක මාල ප්‍රශ්නෙ හෆ්ෆා....... :D

    ReplyDelete
  7. අනේ ඇත්තෙයි මාරයියේ.....ගොඩක් කැමතිද...?
    එක නම් දන්නේ ඒ කෙල්ලම තමා අසිරි අය්යේ......? අහන්නවත් දැන් ලගක නැනේ.....

    ReplyDelete
  8. එක මකුණයි ලමයෝ කන්නෙ...
    ඇයි ඔක්කොම මකුණො ම‍රන්නෙ....
    කියන කියමන ගැලපෙන්නෙ ඔන්න ඔතනට තමා. ඕක කෝකටත් පොදු න්‍යායක්. හේතු එකක් දෙකක් නිසා සම්පූර්ණ නිගමනයන්ට එලඹෙනවා. ඕවා ඔහොම තමයි දරුවො. හැම කෙනෙක්වම සතුටු ක‍රන්න බැහැනෙ.

    ReplyDelete
  9. එකනම් ඇත්ත අනු අය්යේ.....

    ReplyDelete
  10. හික්ස්..මේ කතාව ලක්ශනයි...ඇත්තටම සිරා ලව් කියන ජාතිය සෙන්ස් වෙන්නෙ නෑ සමහර අයට..

    ReplyDelete
  11. කළු කොල්ලන්ට කැමති වෙන්නෙ කලු කුමාර දිෂ්ඨිය හින්දලු

    ReplyDelete
  12. එක නම් ඇත්ත අමිල අයියේ....

    හික්ස්...අනේ මන් දන්නේ නෑ මකරයියේ අයියේ ඒ ගැනනම්....

    ReplyDelete

සිනිට වැදගත් ඔබේ සිතුවිල්ල මෙන්න මෙතන ලියල යන්න......

මා මාම වී ....ඔබ ඔබම වී නම්.....අපි අපිම වෙන්නට පෙරුම් පුරනු කෙලසින්.....