Saturday, March 31, 2012

සිතුවිලි අතර...........(2 කොටස)

ඇය නවෝද්‍යා.....
ඔහු.........

ආදරය නිසා මහමෙරක් දුක් ඉසිලූ මොවුන් දෙදෙනාගේ ජීවිත කෙසේනම් ගෙවේද.....

පළමු කොටස....සිතුවිලි අතර.....

'''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''
 නවෝද්‍යා......
 ඇයගේ නම ඔහුගේ මුවින් පිටවුනේ පුදුමයක්ද සමගයි....අතීතය...

හම් ....නවොද්‍යා.....නම වගේම මෙයත් ලස්සනයි....අපරාදේ ජීවිතයක්....ඇයි ඩොක්ට අමුතු වුණේ....මෙයාව අඳුනනවද?  

දහදිය දමා මුහුණ අමුතු වූ ඔහුගෙන් ඇය ඇසූ පැණයට තවත් පැණයක්ම නැගුණි.

මෙයාගේ සම්පූර්ණ නම මොකද්ද?

හිරුණි නවෝද්‍යා දිසානායක

දෙවියනේ......

‘’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’

මැණික, මේ ඔයාගේ අන්තිම තීරනේද වස්තු..... ඔහු දෙසම බලාගෙන ඇස් දෙකෙන් පිටවෙන්න පොරබදන කඳුළු ආයාසයකින් නවත්වාගෙන ඔහුගේ දෙපතුල ලඟ ඇඳ වැටී සිටි ඇය අසා සිටියේ ඒ තීරණයයි......
මට වෙන කරන්න දෙයක් නැ සුදුනෝනා.....එක හිතක් නැති මන් වගේ මිනිහෙක් එක්ක ගිහින් ඔයාගේ ජීවිතේ නාස්ති කරන්න මට බැ.......මට දහස් වාරයක් සමාවෙන්න....!!!.

තව දුරටත් හිතත් එක්ක පොරබැදු කඳුළු නවතා ගන්නට නොහැකිව දෑසින් ගලා ගියත් එකම වචනයකුදු ඔහුට විරුද්ධව නොදෙඩූ ඇය, එකම එක උදවුවක් කරන්න මැණික මට......

මොකද්ද සුදු නෝනා...කියන්න, මන් ඕන දෙයක් කරන්නම්......

එහෙනම් මාව එකම එකපාරක් වඩාගෙන ලොකු කිස් එකක් දෙන්න....ඒ ඇති

අනේ මගේ වස්තුවේ.....ඔයා ඇයි ඔයතරම් අහිංසක.....ඇයි මට බණින්නැත්තේ....ගහන්නැත්තේ....එහෙම කරනවනම් මට හිත හදාගන්න කොච්චර ලේසිද.....ඒත් ඔයා තව තවත් මට ආදරේ කරනවා....මන් කොහොමද මැණික ඉවසන්නේ.....

ඔයාට කරන්නම වෙනවා......තව පොරොන්දුවකුත් වෙන්නෝන....

මොකද්ද මැණික, කරන්න පුළුවන් දෙයක්නම් පොරොන්දු වෙන්නම්

එහෙම බැ.....පොරොන්දුවෙන්න....කෝ කෝ අත දෙන්නමේ සමුගෙන යන මොහොත බව දැන දැනත් ඔහු හා හුරතල් වෙන මේ අහිංසකාවිය හිතින් කොයි තරම් අඬනවද කියා ඔහු තියා ඇයවත් දන්නේ දැයි සැකය.....
ඔහුගේ දකුනත ගෙන තම හිසමතින් තබාගත් ඇය, වමත තම පපුව මත හොවාගත්තේ නැග ආ ඉකිය මැඩගෙනය....

මන් මෙතනින් ගියායින් පස්සේ කවදාවත් ආයේ මන් ගැන හොයන්නෙපා......ඒ වගේම ඔයාට කවදම හරි මාව ඔන වුනොත් එදාට මන්ගාවට එන්න....කවදම හරි....කොයිතරම් කල් ගිහින් වුණත් ඔයාට මාව ඕන වුනොත් එදාට මන්ගාවට එන්න.....ඒ වගේම මන් ඔයාගේ ජීවිතෙන් අද ගියාම, ඔයාගේ ජීවිතේට ඊලඟට එන කෙනාට කවදාවත් අසාධාරණයක් කරන්නෙපා....ඒක හරි පවු....ඔයාගේ හිතේ මොන තරම් දේවල් තිබුණත් අනිත් කෙනාගේ හිත තේරුම් අරන් එයාට දරන්න බැරි දේවල් කියන්නෙපා.....ඒක හරි දුකක්....හැමෝම මන් වගේ නෙමේ කියලා මතක තියන් වැඩ කරන්න වස්තු......මේ ටික ඔයාට කරන්නම වෙනවා...ඔයා පොරොන්දු වෙන්න....මන් වෙනුවෙන් කරනවා කියලා.....

ඇයි මැණික මාව මරලා දාන්නේ නැත්තේ....ඔයාගේ ඉල්ලිම් කොයිතරම් අසාධාරණද?

නැ පණ....මන් වත් මගේ ඉල්ලීම්වත් පොඩ්ඩක්වත් අසාධාරණ නැ.....කෝ මන් වෙනුවෙන් මේ දේවල් කරනවා කියලා පොරොන්දු වෙන්න පණ....ප්ලිස්....මීට කලින් මන් මෙහෙම ඉල්ලලා නැනේ.....නේද.....

හා මැණික....මන් කරන්නම්....ඒත්....

ඒත් මේත් නැ.....දැන් පොරොන්දු වෙලා ඉවරයි.........මැට්ටා මගේ...කෝ කෝ....වඩාගෙන උම්මා එක දෙන්නකෝ....මට පරක්කු වෙනවා....

හැමදේම හිතේ තදකරන් සැහැල්ලුවෙන් මෙන් හැසිරෙන මොවුන් දෙදෙනගේ අනාගතය මින් ඉදිරිට කෙසේ වේවිදැයි සැක සහිතය...................

’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’
 

6 comments:

  1. ලස්සන කතාවක්. මේ සමාජයේ කොයිතරම් නම් කාවිංගලා නවොද්‍යලා වගේ ආදරයේ තීරණ වරද්දාගත් අය ඇතිද.. කොයිතරම් ආදරේ උනත් එකට ඉන්න බැරිනම් වේදනාවෙන් හරි ඈත් වෙන . ඒ ඈත් වෙලත් ආඩරේ කරපු කෙනා ගැන වදවෙන අය. අසරණ ජීවිත මේ සමාජයේ ගොඩයි.. ඒ ජීවිත වලට සංවේදී වෙන්න ඔයා මේ ගන්න උත්සාහය ගැන ආඩම්බරයි ...

    මේ චරිත වලින් එළියට එන්නේ ඔයාගේ හිතේ ආදරයයි.. ඒ ආදරේට අයිතිවාසිකම් කියන්න මම පිංකරලා ඇති..

    මොන දේ උනත් දිගටම ලියන්න.. ඔයාගේ කාවිංගව කියවන්න.. තේරුම් ගන්න.. කාවිංග වැරදි නෑ.. ඒ වගේම නවෝද්‍යාත් වැරදි නෑ.. එයාලගේ දෛවයයි වැරදි.. එයාලා රේල්පාරක පීළි දෙකක් වගේ.. එක්කෙනෙක්ට එක්කෙනෙක් නැතුව බැරි උනාට කිසිදා හමුවෙන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. ඔයාගේ හයියෙන් තමා මන් ලියන්නේ....

      ඒත් මතක තියාගන්න ආයේ ඇත් වෙන්න හරි රේල් පීලි ක්‍රොසින් තියන තැන් වලදි එකතු වෙනවා......

      මේක කාගෙවත් ජීවිත කතාවක් වෙන්න නම් එපා කියලා මන් පතනවා.....

      Delete
  2. අර පොරොන්දුව මගේ ජීවිතේට ගොඩක් ලගයි වගේ දැනුනා නංගී...

    ReplyDelete
    Replies
    1. හම්....ඒ පොරොන්දුව මටත් ගොඩක් ලඟයි වගේ....

      Delete
  3. දැන් ඉතින් ඉතිරා ටික ලියන්න...

    අත්දැකීමක් නම් නෙමේ.. වෙන්නත් එපා.. ඒ වගේම කිසිම දවසක කිසිම කෙනෙකුට මෙහෙම වෙන්නත් එපා...

    ReplyDelete
  4. oya kalin liwwa kathawa iwara kale na neda.i like it.

    ReplyDelete

සිනිට වැදගත් ඔබේ සිතුවිල්ල මෙන්න මෙතන ලියල යන්න......

මා මාම වී ....ඔබ ඔබම වී නම්.....අපි අපිම වෙන්නට පෙරුම් පුරනු කෙලසින්.....