Friday, March 30, 2012

සිතුවිලි අතර...........(1 කොටස)

ඇය ආදරය ආත්මයම කරගත් අවිහින්සකාවියක්......
ඔහු......ආදරයට ආදරේ කරපු, ආදරේ නිසා විඳවපු අහිංසකයෙක්.....
ඒත්.....

'''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''
කරාපිටිය මහ රෝහලේ මානසික රෝගී අංශයට අළුතින් පැමිණි තරුණ වෛද්‍යවරයා හදුන්වා දෙන්න  එහි සේවය කරන කාර්යය මණ්ඩලය රැස් වූ මොහොතේ, එම අංශය බාර දොස්තර මහේන්ද්‍ර, ඔහුව හඳුන්වා දුන්නේ සැවොම සිනා සයුරේ ගිල්වමිනි.

"ගුඩ් මෝනින්ග් හැමෝටම. අද ඉඳන් අපිට අළුත් ඩොක්ට කෙනෙක් එකතුවෙනවා. ඔයාලා දැනටමත් ඒ ගැන දන්නවනේ. මේ ඩොක්ට කාවිංග බණ්ඩාර. මානසික වෛද්‍ය විද්‍යාව ගැන හොඳට අධ්‍යනය කරපු කෙනෙක්. මන් හිතනවා ඩොක්ට එක්ක හැමෝටම සහයෝගයෙන් වැඩකරන්න පුළුවන් වෙයි කියලා. යන්ග් වුණාම ඕනම දේකට මුණ දෙන්න පුළුවන් කම තියෙන්නෙපැයි නේද ඩොක්ට විශ්වනාත්....."

"යස් යස් ඩොක්ට මහේන්ද්‍ර. ඒක ඇත්ත. දැන් ඉතින් අපි වයසට යන කලාවනේ...නැද්ද මන් අහන්නේ..."

හ්හා හ්හා...නියම කතාව....හරි පුතා අපේ ස්ටාෆ් එක අඳුන ගත්තනේ....දැන් එහෙනම් ගිහින් අපේ යාළුවෝ ටික අඳුනගෙන එන්නකෝ. මිසිස්  වීරසේකර තමා අපේ ස්ටාෆ් එකේ පරණම. එයා දන්නවා හැම ලෙඩෙක් ගැනම. එයා කට්ටියව හඳුන්වලා දේවී. අපි ඊට පස්සේ එක එක්කෙනා ගැන කතා කරමුකෝ...

හා ඩොක්ට

‘’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’
ඩොක්ට කාවිංග ඇයි මේ සබ්ජෙක්ට් එකම තෝර ගත්තේ.

හම්...ඒක විස්තර කරන්න අමාරුයි මිසිස් වීරසේකර...මන් එක පාරක් ගියා යාළුවෙක් එක්ක මෙන්ටල් හොස්පිටල් එකකට. එතනදි මට ලොකු දුකක් ඇති වුණා එයාලා ගැන...ඉතින් මන් එතනදි හිතාගත්තා මන් යන්නේ මේ ෆීල්ඩ් එකෙන් කියලා. පස්සේ රිසර්චස් ගොඩක් කළා..අන්තිමට මෙතනට ආවා...කවුරු හරි සනීප කරගන්න පුළුවන් වු‍ණොත් එක තමා ලොකුම පින.

මට නම් හිතාගන්න බැ...ඩොක්ට වගේ තරුණ කෙනෙක් මේ වගේ ෆීල්ඩ් එකක් තෝරගත්තයි කීවාමහරි ඩොක්ට, මේ තමා පේෂන්ට්ස්ලගේ විස්තර. අපි එක එක්කෙනා ගාවට ගිහින් කතා කරලා බලමු. එතකොට එයාලා ගැන අයිඩියාවක් ගන්න පුළුවන්නේ.

ඔව් එහෙම කරමු....මට එතකොට ලේසියි ඉස්සරහට

ඩොක්ට කාවිංගත් සමග මිසිස් වීරසේකර මානසික රෝහලේ වාට්ටු අතර ඇවිද ගියේ ඒ ඒ රෝගීන් මානසික රෝගින් බවට පත්වීමට බලපා ඇතැයි සිතන හේතු පැහැදිලි කරමිනි. විවිධ විවිධ වයස් කාණ්ඩවල නේවාසික රෝගීන් 30ක් පමණ සිටින මෙම රෝහලේ අංශයේ ඔවුන්ගේ මානසික ආබාධ වලට හේතුව එකිනෙකට වෙනස්ය.

එහෙනම් අපි රූම්ස් වල ඉන්න අයව බලන්න බලන්න යමුද....

ඒවගේ කී දෙනෙක් වගේ ඉන්නවද?

දැන්නම් ඉන්නේ දෙන්නෙක් තමා....එක්කෙනෙක් ගර්ල් කෙනෙක්....අනිත් එක්කෙනා පිරිමි කෙනෙක්. එයා ගොඩක් වෙලාවට දරැණුයි...ඒ නිසා බැඳලා තමා තියෙන්නේ.

එතකොට අර ගැණුළමයා ?”

අනේ හරිම අහිංසකයි....හිතා ගන්න බැ ඇයි මෙහෙම වෙලා තියෙන්නේ කියලා....ගෙදර අයට වැටහීමකුත් නැ.....මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක්. අපි හිතන්නේ ස්ට්‍රෙස් එක වැඩිවෙලා කියලා. හොඳට ඉන්නවා. කියන දේ අහනවා....ඒත් කතා කරන්නේ නැ...බලාගත්ත අතේ බලන් ඉන්නවා....කතා කරනවනම් අපිට ලේසීනේ....ඒත් කතා කරන්නේ නැ.....ඩොක්ටම ගිහින් බලන්නකෝ....

ආ....මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක්ද....අපරාදේ.....ගොඩක් සෙන්සිටිව් අයට සමහර දේවල් දරාගන්න බැරුව එහෙම වෙනවා තමයි.

මේ තමයි ඩොක්ටර් එයාගේ රූම් එක. එන්න ඇතුළට...නවෝද්‍යා.....මේ බලන්න....ඔයාව බලන්න යාළුවෙක් ඇවිල්ලා

නවෝද්‍යා.....................,

 ''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''

14 comments:

  1. මොනා කියන්නද? ඉක්මනට ලියන්න කියල තමා කියන්න වෙන්නේ...

    ReplyDelete
  2. කලින් වගේ ඇද ඇද ඉන්නැතුව ඉක්මණට දාන්න තමා ඉන්නේ අක්කා

    ReplyDelete
  3. හ්ම්ම්.. හරිම ලස්සන කථාවක ආරම්භය වගේ.. ලස්සනයි නංගා..

    ReplyDelete
    Replies
    1. කොහොම වෙයිද දන්නැ අක්කා...අපි බලමුකෝ

      Delete
  4. හ්ම්.. ලියන්නකෝ.අපි ගොඩක් ආසාවෙන් කියවන්නෙ.

    ReplyDelete
  5. සීනි නංගිත් කතාවක් පටන් අරන්.. පරක්කු නොකර අනිත් ටිකත් දැම්මනම්...

    ReplyDelete
    Replies
    1. හම්....පටන්ගත්තා...අයියා තරම් ලස්සනට ලියන්න නම් බැ.....

      Delete
  6. අම්මෝ අක්කේ ඉක්මනින් ලියන්න හොඳේ.. ලස්සන කතාවක් :)

    ReplyDelete
  7. මානසික රෝගීන් ගැන දැනගත්තාම අපිටත් පිස්සු හදාගන්නැතුව ඉන්න පුළුවන් වෙයිද?
    ඊළඟ කොටස කවද්දෝ?

    ReplyDelete
    Replies
    1. හික්ස්....පිස්සු හදාගන්නේ නැතුව බලන්නකෝ.....

      Delete
  8. අහ්හ් දෑන්නෙ මට තේරුනේ අර විස්තර හෙව්වෙ මොකටද කියලා.ඉතුරු ටිකත් ඉක්මනට ලියන්න අක්කේ

    ReplyDelete
    Replies
    1. හම් හම්.....හරියටම විස්තර නොදැන ඒ දෙවල් කියන්න බැනේ....ඔන්න දැන්මා.....

      Delete

සිනිට වැදගත් ඔබේ සිතුවිල්ල මෙන්න මෙතන ලියල යන්න......

මා මාම වී ....ඔබ ඔබම වී නම්.....අපි අපිම වෙන්නට පෙරුම් පුරනු කෙලසින්.....