Monday, October 10, 2011

මට ගොඩාක් සතුටුයි.....!!!

හම්....මට ගොඩාක් සතුටුයි.....මේ පෝස්ට් එක ඩ්‍රාෆ්ට් කරලා තිබුණත් දාන්න වුණේ නැ වැඩ වැඩි නිසා...


ඇයි මන් සතුටු....හම් අද (01/10/2011) මන් ඉංග්‍රිසි ඩිප්ලෝමාධාරිනියක් වුණානේ....අන්න ඒ නිසයි මට සතුටු....ඒ එක්කම තව හේතුත් තිනවා ඒ සතුට වැඩි වෙන.....


හි හි....ඒ මොනාද කියලා ඔයාලා දන්නවද?


ඒ තමයි මගේ ජිවිතේ වටිනා අවස්ථාවකදී මගේ ආදරෙත් ළගින්ම තියාගන්න පුළුවන් වුණ සතුට.....


මෙන්න මෙහෙමයි වුණේ....


ඩිප්ලෝමා ප්‍රධානෝත්සවයට එක ළමයෙක්ට එක්කරන් යන්න පුළුවන් එක ගෙස්ට් කෙනයි. ඉතිං මට එක්කරන් යන්න පුළුවනුත් එක්කෙනයිනේ....ඒත් අම්මා වගේම මට ළහිරුවත් එක්කරන් යන්න ඕන....දැන් ඉතින් මොකද කරන්නේ කියලා කල්පනා කරනකොට මගේ යාළුවෙක් ඉන්නවා ශැගි කියලා.....(ආදරේට එහෙම කියන්නේ....) එයා කෝල් කරලා කිව්වා එයාට එක්කරන් යන්න කෙනෙක් නැළු.එයා යාළුවෙක්ට අඬගැහුවළු.....කොහොම වෙයිද දන්නේ නැ කියලා....ඔන්න මට දෙන දෙයියො ළඟටම ගෙනත් දෙනවා වගේ චාන්ස් එකක් ආවා....(ළහිරුයි ශැගියි අඳුනනවා....) ඔන්න මන් බටර් පාරක් ගෑවා ..මචං ඒ යාළුවා එන්නේ නැත්නම් මන් ළහිරුව එක්කරන් එන්නද...ඔයාගේ ගෙස්ට් පාස් එක මට දෙනවද කියලා....ඔන්න කොල්ලා හා කීවා.....අම්මේ....දැනුණ සතුට....


හම් ....ඔන්න එදා මගේ ජීවිතේ වැදගත්ම දවසක මට ම‍ගේ ආදරෙත් ළඟ තියාගන්න වාසනාව ලැබුණා....


මෙන්න ‍ෆොටෝ....
(මේ සේරම ගත්තේ ළහිරුම තමා....අපෙ අම්මට මාට්ටුද මන්දා.....)







                                            මායි අම්මයි........

20 comments:

  1. එළ එළ ජය වේවා. අම්මට මාට්ටුද ........?

    ReplyDelete
  2. සුභ පැතුම් සීනි... ඩිප්ලෝමාවටයි.. නැන්දාට බෑනා යන්තමින් වගේ හරි අදුනා දෙන්න හැකිවීම ගැන...

    (දැන්නං උඹලත් එක්ක කතා කරන්නත් බය හිතෙනවා.. කොහෙන් ඇනෙයිද දන්නේ නැහැනේ..)

    ReplyDelete
  3. ඉංග්‍රිසි ඩිප්ලෝමාධාරිනියක් වුණාට අපෙන් සුභ පැතුම්....
    දැන් සිංහල අමතක වෙයිද මන්ද...

    ReplyDelete
  4. මම විෂයන් දෙකකට ඇබ්සන්ට් සීනි අක්කෙ.... ඉතින්.... මට නැහැ... ආයෙ කරන්න වෙනවා... ඔයාට සුබ පැතුම්...

    ReplyDelete
  5. අනේ ඔයත් ගියාද ඇක්වයිනාස්? :D

    ReplyDelete
  6. එහමනම් ඔහොම්මම යමු නේද ඉස්සරහටම...!

    ReplyDelete
  7. අහ් නියමයිනෙ අනේ... සුබ පැතුම්!!

    ReplyDelete
  8. මගේ සුබ පැතුම්.......
    අනේ ආසාවේ බෑ අප්පා ....

    ReplyDelete
  9. ඩිප්ලෝමාව ලබා ගැනීම පිලිබඳ හද පිරි පට්ට සන්තොසය සහ සුභ පැතුම් නඟා...

    ආහ්!! ආයි අපිට ට්‍රාන්ස්ලේෂන් එහෙම ගේන්න ඔට්ටු නෑ හරිය.. දැන් තනියම කර ගන්ට ඇහැකියිනේ..

    ReplyDelete
  10. අම්මට වැඩේ තේරිලා වගේ......... :)

    ReplyDelete
  11. ඔන්න මගෙන් උනුසුම් සුභ පැතුම් නංගෝ : දැන් නම් උනුසුම ගිහින්ද මන්දා එහෙම උනානම් සොරිම හොදේ....

    ReplyDelete
  12. කරුනු කාරනා දෙකම නිසිලෙස ගොඩ දමාගත්තාට . . . මෙන්න ලිපෙං දැං බාගත් උනුසුම් සුභ පැතුම් . . .!!!

    ReplyDelete
  13. මෙන්න ඒහෙනම් අපෙන් සුභ පැතුම්! ජයෙන් ජයම වේවා!!!!!

    ReplyDelete
  14. හරිම සතුටුයි ...ඒ වගේම උනුසුම් සුභ පැතුම්.....

    ReplyDelete
  15. සුභ පතපු හැමෝටම ගොඩක් ස්තුතියි....

    @ලයන් - අම්මට නම් නම මාට්ටු වුණාට පුද්ගලයව ඒ හැටි මතකයක් නැ....ෆොටෝස් වලින්නේ දැකලා තියෙන්නේ....

    @මාරයියා - (දැන්නං උඹලත් එක්ක කතා කරන්නත් බය හිතෙනවා.. කොහෙන් ඇනෙයිද දන්නේ නැහැනේ..)මෙහෙම කීවෙ ඇයි අයියා...

    @ලොකු බබා - අප්පේ....සිංහල නම් අමතක වෙන්නේ නැ...ඉංගිරිසි මතක හිටින්නැ....:P

    ReplyDelete
  16. ඇයි දෙයියනේ කඩු හරඹෙට සහතිකත් ගත්තට පස්සේ කතාවට යනකොට කඩුවලින් ඇනෙන්ට බැරි නැද්ද..? බුදු අම්මෝ

    ReplyDelete
  17. සන්තොසයි සීනී. අම්මා මොකෝ කිව්වෙ ගෙදර ගිහින්...

    ReplyDelete
  18. මුකුත් කීවෙ නැ අයියා.....ගෙදර ගියේ රැ 8ට විතර....මන් එහෙමම ක්ලාස් ගියානේ....

    ReplyDelete

සිනිට වැදගත් ඔබේ සිතුවිල්ල මෙන්න මෙතන ලියල යන්න......

මා මාම වී ....ඔබ ඔබම වී නම්.....අපි අපිම වෙන්නට පෙරුම් පුරනු කෙලසින්.....