Monday, March 19, 2012

හෙට තමා දවස.................

ගොඩ දවසකින් මේ පැත්තේ නාපු නිසා කට්ටියම මාව අමතක වෙලත් ඇති නේද....ඒකට කමක් නැ....එක්සැම්, සංගණන වැඩකටයුතුත් එක්ක පට්ට බිසි වෙලා හිටියේ....කොහොමෙන් කොහොම හරි එක්සැම් නාගෙන තියන බව නම් තේරිලා ඉන්නේ....බැණුම් නොහැව්වත් මගේ අයිතිකාරයගෙනම් ටිකක් හිත රිදිලා තියෙනවා ඒ ගැන.....අනේ ඉතින් මන් ඊලඟ පාර එක්සැම් හොඳට කරන්නම්කෝ.....

හා හා ....කතාවට එමුකෝ....

කස්ටිය දන්නවද හෙට දවස කවද්ද කියලා....හරි හරි....මන් දන්නවා දන්නවයි කියලා....හෙට දවසේ තියන වැදගත්කම දන්නවද කට්ටිය.....

හෙට මාර්තු 20, ජන හා නිවාස සංගණන දිනය....අවුරුදු 10කට පාරක් පවත්වන මේ සංගණනය හරි කාල සිමාව ඇතුළත නම් පවත්වන්න තිබුණේ 2011 වර්ෂයේ....අවුරුදු 30කට විතර පසු මුළු ලංකාවම එකතුකන් තමා මේපාර සංගණනය පවත්වන්නේ....ඔං මාත් ගණන් ගන්නා නිළධාරිනියක් විදියට කටයුතු කරනවා....

අධියර 4කින් සමන්විත මෙවර සංගණනයේ මුල්ම අධියර සම්පූර්ණ කරන්න තියෙන්නේ ග්‍රාම නිළධාරිවරුන්ට...එයාලට පැවරුන රාජකාරිය තමා, තමන්ගේ වසම සිතියම්ගත කරලා ඒ වසම කොටස් කිහිපයකට බෙදලා ඒ ඒ කොටසට අදාලව නිවාස හා ගොඩනැගිලි, පුද්ගලයින් ගාන ගණන් කර ගැනීම. 

ඊලඟ අධියර, ඒ කියන්නේ 2වනි අධියර තමා තෝරාගත් ගණන්ගන්නා නිළධාරීන් විසින් ඒ තොරතුරු  නිවැරදිද කියලා චෙක් කරන එක...මොකද මේක පවත්වන්න හිටියේ ගිය අවුරුද්දෙනේ...මේ වෙනකොට කට්ටිය මැරිලා, අළුතින් ඉපදිලා, ගෙවල් කඩලා, අළුතින් ගෙවල් හදලා, පදිංචි වෙලා තිබුණ ගෙවල් හිස් වෙලා, හිස් ගෙවල් වල පදිංචි වෙලා, ඔය වගේ වෙනස්කම් වෙලා තියෙන්න පුළුවන්නේ....හරි, ඔන්න ඒකත් කළා කියලා හිතමුකෝ.....ඊලඟට තමා බැරෑරුම්ම රාජකාරිය තියෙන්නේ....

ඒ කියන්නේ 3 වෙනි අධියර. මේකට කියන්නේ තොරතුරු රැස් කිරීමේ වටය කියලා....ඔයාලගේ ගෙදරටත් ආවද කහ පාට හරි රෝස පාට හරි පොතක් පුරවන්න පුද්ගලයෙක්.පාට දෙකේ වෙනස තමා, සංගණන දවසට අනිවාර්යෙන් අධීක‍‍්ෂණ නිලධාරීන් චෙක් කරන්න එන්නේ මේ රෝස පාට පොත්. මටත් ලැබුණේ ඒ පොත්...ඔයාලා දන්නවද මේ එක පොතක පුද්ගලයින් 6 කගේ විස්තර පුරවන්න පුළුවන්.ඒ වගේම අන්තිම පිටේ තියනවා ගෙය පිළිඹද විස්තර ලියාගන්න....මේ පොත් පුරවන්න වෙනමම පැන්සල් තියනවා...ඒ වගේම හරියටම තොරතුරු පුරවන්න හරිම මහන්සියක් ගන්න ඕන....ඒ මොකද අපේ මිනිස්සු කවදාවත් හරි තොරතුරු නොදීම...හම්මේ මන් කාපු කට්ටක්....

මන් කීවා එක පොතක 6දෙනෙක්ගේ විස්තර ලියන්න පුළුවන් කියලා...ඒ කියන්නේ එක්කෙනෙක්ට  පිටු දෙකක් වෙන් වෙලා තියනවා. 
  1. පුදගලයාගේ නම
  2. NIC No
  3. ගෘහ මූලික හෝ ඔහුට ඇති නැ කම
  4. උපන්දිනය
  5. ජාතිය
  6. ආගම
  7. විවාහක තත්වය
  8. පුරවැසිභාවය
  9. උපන් ස්ථානය
  10. අවසන් වරට පදින්චි ස්ථානය
  11. පදිංචිය වෙනස් වෙන්න හේතු
  12. ශාරීරික හා මානසික ආබාධ 
  13. පෙරපාසල්  යන /පාසල් යන/ උපාධි  හෝ වෙනත් අධ්‍යාපන කටයුතු වල නියුතු විස්තර
  14. එහෙම ඉගන ගන්නවනම් ඒ වැඩ වලට යන්නේ ගෙදර ඉඳන්ද නැද්ද යන වග
  15. ඉහලම අධ්‍යාපන මට්ටම
  16. ඉහලම වෘතිය සුදුසුකම
  17. ඒ සුදුසුකම NVQ ද යන වග
  18. භාෂා හැකියාව
  19. පරිගණක හැකියාව
  20. රැකියාවක් කරනවද නැද්ද පිළිඹද විස්තර
  21. කරනවනම් රැකියාව
  22. රැකියාවේ ස්වභාවය
  23. රැකියා ස්ථානයේ ලිපිනය
  24. එහෙම යනවනම් ඒ වැඩ වලට යන්නේ ගෙදර ඉඳන්ද නැද්ද යන වග 
  25. රැකියාව රාජ්‍ය/ පෞද්ගලික/තමාගේමද යන වග
  26. රැකියාවක් නැත්නම් කරන කාර්යය
  27. විවාහක කතක්නම් දරු උපත් පිළිඹද විස්තර, මෙම ප්‍රධාන ප්‍රශ්න යටතේ ඇති අනු කොටස් වලද පිරවිය යුතුය.
සාමාන්‍යෙයන් හරියටම වැඩේ කරනවා නම් එක ගෙදරකට පැය බාගයක් හෝ පැයට ආසන්න කාලයක් වැයවෙනවා....

ඒ පිරෙව්වේ පුද්ගලයින් ගැනනේ....

ඊට පස්සේ අන්තිම පිටු දෙකේ මුලින්ම තියනවා රට ඉන්න අය ගැන ලියන්න. ඊට පස්සේ තමා ගෘහ කාණ්ඩයකට අදාල විස්තර ලියන්න තියෙන්නේ...
  1. පානීය ජලය
  2. ආහාර පිසීම
  3. විදුලිය
  4. ටොයිලට් ගැන
  5. මලාප්‍රවාහන පද්ධතියේ ස්වභාවය
  6. නිවසේ කුණු වලට කරන දේ
  7. ගෙදර තියන විදුලි උපකරණ
  8. අන්තර්ජාල පහසුකම
  9. නිවසින් පිට අන්තර්ජාලය භාවිතා කරනවද
  10. ඒ කොහෙන්ද
ඊලඟට නිවස ගැන.
  1. ගේ හදලා තියෙන්නේ මොනවගෙන්ද
  2. බිම මොනාද
  3. වහල
  4. කාමර පිළිඹද විස්තර
  5. නිවස පදිංචිය පමණක්ද/ නැත්නම් ව්‍යාපාර කටයුතුත් කරනවද
  6. නිවස හදලා මුලින්ම පදිංචි වෙලා තියන අවුරුද්ද
මෙන්න මේ විස්තර සවිස්තරාත්මකව පුරවන්න ඔන.....කොහෙම හරි මේවා පුරවලා ඉවරකරන කොට මගේ බෙල්ලේ අමාරුවකුත් ඇවිත්....

වැදගත්ම රාජකාරිය තමා 4 වන අධියර....ඒ කියන්නේ සංගණන අධියර. හෙට තමා දවස. මන් ඉහතින් කියපු තොරතුරු ඔබ නිවැරදිව තම නිවසට ආ ගණන් ගන්නා නිළධාරියාට පැවසුවාද....එහෙම නැත්නම් හෙට නිවසට ආ විට ඒ තොරතුරු ලබා දෙන්න.....මොකද මේක ජාතික කර්තව්‍යයක්නේ.....ඉදිරියට වෙන්න තියන සියළුම සංවර්ධන ව්‍යාපෘති පදනම් වෙන්නේ ඔබ ලබා දුන් මේ තොරතුරු මත බව හොඳින් මතක තබා ගෙන හෙට දවසේ නිවසට එන ඒ නිළධාරීන්ට උපරිම සහය ලබා දෙන්න......

පෝස්ට් එක දිග වැඩිද මන්දා.....


15 comments:

  1. යකෝ ඔච්චර හරියක් වෙලාද..? මාව ගණන් ගත්තේ නැහැනේ මේ වෙනකල් එකෙක්වත්..මේ පාරත් මං පුරවැසියෙක් වෙන එකක් නැහැ වගේ..

    ReplyDelete
    Replies
    1. මිනිස්සුන්ව විතරයි ගනන් කරන්නෙ

      Delete
    2. මාරයා ව ගනන් ගන්න නෑතුව ඈති .... අර මෑරුන ගොඩේ කෙනෙක් කියලා අයින් කරලා දාන්න ඈති... අපරාදේ

      Delete
    3. ඔය තරම් අමාරුවෙන් කරනකොට නම් සෑහෙන ගෙවිමකුත් කරනවා ඈති නේද නන්ගෝ..

      වෑඩ ටිකත් හොදට කරගන්න්කෝ... හෑම දේම වගේ ඒවත් වෑදගත්නේ

      Delete
    4. ආ ඔව්නේ....මැරිච්ච අය හා මකරුන් ගණන් ගන්නේ නැනේ.....


      අනේ පිස්සුද දේව් අයියේ....ගෙවනවා කීවට දන්නේ නැද්ද අපේ රජයේ වැඩ....සහතිකයක් දෙනවා කියලා දන්නවා.....

      Delete
  2. ඇයි මාරයියේ බෝඩිමට ආවේ නැද්ද.....අනිවාර්යෙන්ම එන්න එපැයි....

    ReplyDelete
  3. මාවත් ගණන් ගත්තද දන්නේ නෑ... අම්මගෙන් අහලා බලන්න ඕන..

    ReplyDelete
    Replies
    1. ගණන් ගන්න ඇති අයියා.....ඒකේ රට ඉන්න අයට පුරවන්න වෙනම කොටසක් තියනවා......

      Delete
  4. මට නම් වෙලාවකට මේ ලැයිස්තුව මහ පිස්සුවක් වගේ අප්පා....

    ReplyDelete
    Replies
    1. ඔයත් ඉන්නවද මේකේ.....එපා වෙනවා නේද වෙලාවකට.....ඔන්න R1E එක නම් හදලා දුන්නා....දැන් 26ට කලින් R2E.P , R2E.H හදලා දෙන්නෙපැයි......

      Delete
  5. අම්මෝ අපේ ගෙදරත් ඇවිල්ලා තිබුනා. අම්මි කියුවා පැයක් විතර විස්තර ඇහුවා කියලා :)
    එයාල කියුවලු සමහර අය විස්තර දෙන්න බහ කියනවා කියලාත්

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත නංගි....මට තර්ජනත් කළා....මාත් නිකම් හිටියේ නැ...පොලෝසිය එක්ක එනවා කීවාම අනේ සේරම තොරතුරු ටික දුන්නා.....

      Delete
  6. හෙට තමා දවස කියලා තිබුණාම මං හිතුවා ඔයා ලහිරු අය්යාව බදින්න යනවා කියලා.

    ReplyDelete
    Replies
    1. හික් හික් හික්...අපේ අම්මා අද උදෙත් කසාදයක් ගැන බයිලාවක් ගැහුවා....:p

      ඔයාටත් හිතෙන්නේ හරි ඒවා තමා නංගියේ....

      Delete

සිනිට වැදගත් ඔබේ සිතුවිල්ල මෙන්න මෙතන ලියල යන්න......

මා මාම වී ....ඔබ ඔබම වී නම්.....අපි අපිම වෙන්නට පෙරුම් පුරනු කෙලසින්.....