Monday, January 30, 2012

මටනම් බැ වයසට යන්න....

අද දවස ගෙවෙන්න තව පැය 4 යි තියෙන්නේ....මේ තවත් එක දවසක්ද?

ඔබ සියළු දෙනාට එය එසේ වුවද මට නම් අද හරිම වැදගත්....ඒ ඇයි කියන්න මේ වෙනකොට ගොඩදෙනෙක් දන්නවා....නොදන්න අයත් ඇතිනේ....අද මගේ උපන්දිනේනේ....හික්ස්....

ඔන්න ඉතින් සීනි තව අවුරුද්දකින් වයසට ගියා...සෙල්ලම් නැ...දැන් 23ක්....සැහැල්ලුවෙන් නිදහසේ ගෙවපු කාලේ අවසන් වේගෙන යනවා....හයියෝ....මටනම් බැ වයසට යන්න....:'( එහෙම කිවා කියලා කාලේ ගෙවෙන එක නවත්තන්න අපිට බැ නේද...?

මේ ගෙවුන අවුරුදු 22 දිහා හැරිලා බැලුවොත් දුක සතුට දෙක අතර දුක වැඩිපුර තිබුණ, දැන් සතුට කරා පිය මනින ජිවිතයක් තමා තිබිල තියෙන්නේ....මට මතක කාලෙක මගේ උපන්දිනේට තෑගි කියල දෙයක් හම්බුනේ 2006 දී. ඒ මගේ හොදම යාළුවා වෙලා ඒ දවස් වල හිටපු ඉෂාරගෙන්....ඊට පස්සේ මගේ හැමදේම බෙදාගත්ත මගේ ගජයෝ දෙන්නා උන සලොගෙනුයි අත්‍රිගෙනුයි.....ගිය අවුරුද්දේ මට තමන්ගේම සහෝදරයෙක් කියල කියන්න පුළුවන් විදියට මේ සයිබරයෙන් මට ලැබුන මගේම අයියගෙන් ලැබුන තෑග්ගයි ඇරෙන්න මට තෑගි ලැබිල නැ....එත් සුභ පැතුම් වලින් නම් මට කවදාවත් අඩුවක් තිබුනේ නැ.....ඇත්තටම තෑගි වලට වඩා
හැමෝම සුභ පතනකොට දැනෙන සතුට ගොඩක් වෙනස්....තෑගි ලබුනමත් ගොඩක් සතුටුයි තමා....එත් මට ගොඩක් වටින්නේ සුභ පැතුමන්....

මේ ගෙවුන ජිවිතෙන් මන් ගෙවපු ලස්සනම උපන්දිනය තමා අද මේ ගෙවෙන්නේ....සයිබරයෙන් මුණ ගැහුණ යාලුවෝ ගොඩක් මැද්දේ, සයිබරයෙන්ම දිනාගත්ත ආදරයක් මැද්දේ ගෙවුන ලස්සනම ලස්සන ගොඩක් සතුට හිතුන උපන්දිනයක්....

හැම කෙල්ලම වගේ තමන් ආදරේ කරන කොල්ලගෙන් මුලින්ම උපදින සුභපැතුම ලබාගන්න කැමතියි....මාත්. එහෙමයි....අනේ ඉතින් උදේ ඉදන් මන් බලන් හිටියා...අමතක උනාවත්දෝ කියලා හිතුවා....අනේ මෙන්න 10 ට විතර මට කෝල් කරලා කියනවා " අනේ අම්මි මට බෑ තවත් ඉවසන්න..මන් විශ් කරන්න හිටියේ 11.38 ට..ඔයා උපන් වෙලාවට...එත් අනේ මට බෑ මණික තව ඉන්න කියලා" අනේ ඊට පස්සේ මන් අදුරන අපි දෙන්නගෙම යාළුවොයි එයාගේ අක්කවයි සේරම කන්ෆරන්ස් කෝල්  විශ් කළා...අනේ මට ගොඩක් සතුටුයි..... පස්සේ කියනවා මණික මගේ blog එකට ගිහින් බලන්න කියලා....මේ තමා ඒ පොස්ට් එක. ඒ වගේම මේ තමා මට ලැබුන ලොකුම තෑග්ග....තව තෑග්ගක් ලැබුණා.එත් තමා එක ස්ථිර වුනේ නැ....උනාම කියන්නම්කො ඔයාලට....

ඒ වගේම උදේම මට අපේ සිහින මල්ලි, සුදු හංසි අක්කා, දෙව් අයියා කෝල් කරලා විශ් කරා වගේම ගුගල් බස් සංගමේ කට්ටියම මේල් එක හරහා විශ් කළා....ඒ වගේම මුණුපොතෙනුත් ගොඩක් යාලුවෝ විශ් කරා..ඒ හැමෝටම ගොඩක් ගොඩක් ස්තුතියි....
ගොඩක් වටිනා ආදරයක් වගේම සයිබරයේ යාලුවෝ ගොඩක් අතර ගෙවුන ලස්සනම ලස්සනම උපන්දිනයක්.....ඒ හැමදේටම ඔයාලට ගොඩක් ස්තුතියි.....
 

ඔන්න ඉතින් මේ උපන්දිනේ නිසා මට වෙච්ච අකරතැබ්බක් කියන්නයි මේ හදන්නේ...ඔයාලට කියන්න මන් මගේ උපන්දිනේ තියන් හිටියේ හෙටට..ඒ කියන්නේ අඟහරුවාදාට... කොහොම හරි ඊයේ රෑ මුණු පොතේ ඉන්දෙද්දී අපේ පන්තියේ හිටපු මල්ලි කෙනෙක් මට විශ් කළා.මන් කිව හෙට නෙමේනේ අඟහරුවාදානේ කියලා..එයා තමා කිවේ පිස්සුද ඔයි හෙට නේ 30 කියලා....පස්සේ තමා මන් කැලැන්ඩරේ බැලුවේ...මල මගුලයි. මෙන්න කැලැන්ඩරේ පෙන්නන්නවා හෙට 30 කියලා....අයියෝ...වැඩ සේරම අවුල්.....ඔෆිස් එකට party දෙන්න හිටියෙත් අගහරුවදා...බඩු ගෙන්න යන්න හිටියෙත් අද...සාරියක් ගත්තෙත් නැ අදින්න කියලා....අනේ ජිවිතේ පළමු වතාවට මන් පරණ ඇදුමක් ඇන්දා උපන්දිනෙකට.....ඔන්න ඉතින් මගේ සිහියක හැටි....කොහොම හරි ඔෆිස් එකේදී ප්‍රින්සිපල් ප්‍රසන්ට් එක දෙන්න කලින් මගේ අමතක වීම ගැනත් කියලා නෝන්ඩියක් දාල තමා ප්‍රසන්ට් එක දුන්නේ......


කේක් කේක් ...මෙන්න කේක් කන්න......



17 comments:

  1. සුබ උපන්දිනයක් වේවා !!!!

    ReplyDelete
  2. මගේ උපන් දිනේ දවසට අම්මා කියන්නේ වයසට යන එක සමරලා වැඩක් නෑ දුක් වෙන්න ඕනේ කියලා. පොඩි කාලේ එහෙම හිතුනේ නැති උනත් තරැන කාලේ ගෙවෙනකොට එහෙම හිතෙනවා.

    සුභ උපන් දිනයක් ඔයාට.!!

    ReplyDelete
    Replies
    1. එකනම් සහතික ඇත්ත නදුන්.....දැන් උනත් හිතෙන්නේ එහෙම තමා....එහෙමයි කියල අර සුභපැතුම් වලට තියන ආසවනම් අඩුවෙන්නේ නෑ නේද....

      Delete
  3. සුභම සුභ උපන්දිනයක් නංගියේ..

    මේ කේක් එකට සීනි වැඩියි වගේ... :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දිනේෂ් අයියේ.....

      හික් හික්...නිකන්ද සීනි කියන්නේ මට...සිනි නැතුව කේක් රස නැනේ.....

      Delete
  4. සුභ උපන් දිනයක් වේවා.. (සුබ පතන්න පරක්කු වෙලා.. ගානක් නැහැ)

    ReplyDelete
    Replies
    1. පරක්කු වුනාට කමක් නෑ...සුභ පැතුම ගොඩක් වටිනවා...ස්තුතියි

      Delete
  5. akkita hema yahapath pethumakma subama suba upan dinayak veva!

    ReplyDelete
  6. සුභම සුභ උපන්දිනයක් වේවා යාලුවා...!!!
    අද තමා ඉස්සෙල්ලෝම මේ පැත්තට ගොඩ වැදුනේ...ඔන්න ඉතින් සුභ පැතුමකුත් අරගෙනම ආවා....:D

    ReplyDelete
  7. බොහොම ස්තුතියි යාළුවා....

    උපන්දින කේක් කැල්ලක් කාලම යන්නකෝ එහෙනම් ගොඩවැදුන එකේ මේ පැත්තට....

    ReplyDelete
  8. මම නම් මේ පොස්ට් එකට නම් ගොඩ්යාක් ගොඩාක් පරක්කුයි....

    කමක් නැනේ... නේද නංගෝ.. කලින්ම විශ් කලානේ..

    ජිවිතේ සතුටින් පිරේවා හැම දින

    ReplyDelete
    Replies
    1. අනේ කමක් නැ....මේකට නාවට කෝල් කරානේ.....

      ගොඩක් ස්තුතියි අයියා...

      Delete
  9. ඔන්න අපිනම් කලින්ම සුභ පතල ඉන්නේ :D

    ReplyDelete
    Replies
    1. ඒකනේ...නේද අක්කා....මේ ඉතින් ස්තුතියනේ.....

      Delete
  10. සමාවෙන්න සිනි.

    ගන්න මගෙනුත් පරක්කු වෙච්චි සුබ පැතුමක්... (XOXO)

    ReplyDelete

සිනිට වැදගත් ඔබේ සිතුවිල්ල මෙන්න මෙතන ලියල යන්න......

මා මාම වී ....ඔබ ඔබම වී නම්.....අපි අපිම වෙන්නට පෙරුම් පුරනු කෙලසින්.....