Friday, January 13, 2012

දෙන්නම් අපිත් හිටපියව්........

ගොඩ දවසකින් මේ පැත්තේ ආවේ....වැඩ වැඩ ගොඩගැහිලා....

හම්...ඊයේ මගේ පරණම යාළුවෙක් මුණගැහුණා වැඩ ඇරිලා එද්දි...අවුරුදු 3න් වගේ දැක්කේ.....ඒ හමුවීම මාව 6 වසර තෙක් අරන් ගියා....මන් අද මේ උගන්වන පාසලේම ශිෂ්‍යාවක් වෙලා ඉන්න කාලේ වුණ සුන්දර මතකයන් කිහිපයක්ම ඒ හමුව නිසා මතකයට ආවා.....ඉතින් හිතුවා ඔයාලත් එක්ක බෙදාගන්න ඒ මතක....

ඒ දවස් වල අපි 6 වසරේ....ශිෂ්‍යත්වෙ පාස් වෙලා ගමේ ඉස්කෝලෙන් නගරේ ඉස්කෝලෙට ගියපු අපි යාළුවො 3දෙනයි මාත් ඇතුළුව.මම, අයේෂා, ඉනෝකා......අපි 3නා ඉස්කෝලේ ගියේ කෝච්චියේ....ඒ දවස් වලම මමයි අයේෂයි OWF (මන් උගන්වන පාසල) එකේ ක්ලාස් ආවා....ගෙදර හිටියොත් සෙල්ලම කියලා. ඒ දවස්වල පිරිමි ළමයි පෙන්නන්න බැ.....හරිම ඇලජික්....:P

ඉතින් මේ ක්ලාස් එකේ ගැලු ළමයිනුයි පිරිමි ළමයිනුයි පිල් දෙකකට බෙදිලා හිටියේ. පන්තියට නායකයයි නායිකාවයි. ඉතින් මට මුණගැහුණ මේ යාළුවා තමයි ඒ දවස් වල අපේ පන්තියේ නායකයා.....එයා කියන කිසි දෙයක් අපි අහන්නේ නැ....ඒ නිසා අපි එක්ක පුදුම තරහයි.

මන් කිව්වනේ ඒ දවස්වල අපි ඉස්කෝලේ ගියේ කෝච්චියේ කියලා. අපිට ලඟම ස්ටේෂම ප්‍රධාන එකක් නෙමේ. සබ් එකක්. ඒ නිසා ඒකේ ෆ්ලැට්ෆෝම් එක කොටයි. ඒ දවස්වල වැට කළේ අර පාන් බාගේ කියලා අනුවර්ත නාමයක් දුන්න කොළපාට දුම්රිය.ඒක අපේ ස්ටේෂමේ නැවැත්තුවාම ගොඩ වෙලාවට මුල්ම පෙට්ටිය අහුවෙන්නේ නැ. අපි පුරුදු වෙලා හිටියේ පළවෙනි පෙට්ටියේ යන්න. ඉතින් මොකද කරන්නේ පළවෙනි පෙට්ටිය අහු නොවුන දාට.....ඔන්න එදාට අපි කරන්නේ දෙවෙනි පෙට්ටියට නැගලා ඊලඟ ස්ටේෂන් එකෙන් බැහැලා පළවෙනි පෙට්ටියට නගින එක.....

ඔය කියන ඊලඟ  ස්ටේෂන් එකෙන් තමා අර පිරිමි ළමයා ඉස්කෝලේ යන්න නගින්නේ....දැන් අපිත් එක්ක ඔරොප්පුයිනේ....වැරැද්දක් හොය හොයත්නේ ඉන්නේ. ඔන්න මෙයා දැක්කා අපි කෝච්චිය නවත්තනකොටම බැහැලා පෙට්ටි මාරු වෙනවා....

ඒ දවස්වල අපිට රසිකා කියලා විද්‍යාව කරන මිස් කෙනෙක් හිටියා...අපේ පන්ති බාර ඒ මිස්...හරිම නපුරුයි.වැරැද්දකට කිසිම සමාවක් නැ....පහුවෙනිදා අපි පන්ති යද්දි ඒ පිරිමි ළමයා කේළම කියලා මිස්ට....අපෝ ඉවරයි....පැයක් අවුවේ...වේවැල් පාරවල් 3 ගානේ.....ඒ ළමයට හිතින් බැණ බැණ අවුවේ පැයක් හිටියා....කොහොමට තියෙන්න ඇත්ද....ලැජ්ජාව ඊට වැඩී.....

අපිට කරන හැම දේකටම අපිත් රිටන් එක දුන්නා පහු වෙලා හරි...ඒවා පස්සේ කියන්නම්කෝ.....

ඔන්න මට මතක් වුණ අතිත සුන්දර මතකයක්...පහු වෙනකොට ඒ ළමයා අපිට හිටපු හොඳ යාළුවෙක් වුණා.....

9 comments:

  1. ඒක නෙමෙයි.. කොච්චියේ පෙට්ටියකින් තව එකකට මාරු වෙන එක ඔය වගේ දඩුවමක් ලබන්න වරදක් වෙන්නේ කොහොමද??

    ReplyDelete
    Replies
    1. මේකනේ අයියා....අපි එතකොට පොඩියි...කෝච්චිය ගොඩ වෙලා නවත්තන් ඉන්නේ නැනේ...හදිස්සියේ අපි නගිනකොට ඇද්දුවොත්? අපි හදිස්සියට නගින්න ගිහින් වැටුනොත්...ආයෙම ඒ දේ නොකරන්නයි ගහන්න ඇත්තේ..

      Delete
  2. :)) අනිවා...ඔය වගේ කාලෙක කවුරු හරි ගේමක් දුන්නොත් ඒක ට රිටන් එක දෙනකම් නින්ද යන්නෙ නෑනෙ...දිල් පොඩි කාලෙ ඉඳලා වලි වලට ගියේනම් නෑ..ඒත් කවුරුම හරි රිද්දුවොත් හීන් නූලේන් ගේම දුන්නා....

    සුන්දර මතකයක්..හැබැයි ඔයා කෝච්චි පෙට්ටි වලින් මාරු වෙන එක නම් භානකයි

    ReplyDelete
    Replies
    1. අනිවා...ඔය වගේ කාලෙක කවුරු හරි ගේමක් දුන්නොත් ඒක ට රිටන් එක දෙනකම් නින්ද යන්නෙ නෑනෙ.
      අක්කීගෙ මෙන්න මේ කතාවටනම් මාත් එකගයි.අපිත් ඔය වගේ වෑඩ කරා ඉස්කෝලෙදි

      Delete
  3. මේ අනික් එවුන්ට තියා මටවත් මීටර් නෑ වැඩේ..

    ReplyDelete
  4. ඒක තමා අක්කා මිස් අපිට ගැහුවේ.....ඔව් ඔව් කොහොම හරි රිටන් ඒක දෙන්න තමා බලන්නේ ඒ දවස් වල

    ReplyDelete
  5. අම්මහ්... මට එහෙම වුණා නම් ඔය වගේ දෙයක් එක්කො මම ඔය ට්‍රේන් එකේ එන එක නවත්තල, එක්කො ඌ අපේ ඉස්කෝලෙන් අස් වෙලා....\
    ඒත් දැන් නම් ඔහොම දෙයක් වුනොත්....අනේ මයෙ මොකෝ.. මල පැනල මයෙ ලේ රත් වෙන එකක්යැ... ඌටනෙ අමාරුව කියල ශේප් වෙලා නිකම් ඉන්නව...

    ReplyDelete
  6. පාසැල්කාලෙ බාගයක්ම ගියෙ කෝච්චියේ.. හිහිහී.. ඒ දඩුවමනම් ඇලජික් එකට දුන්න දඩුවමක් වගෙයි.. ;D

    ReplyDelete
  7. හිහි මාර වැඩ තමයි අක්කටත් වෙන්නේ

    ReplyDelete

සිනිට වැදගත් ඔබේ සිතුවිල්ල මෙන්න මෙතන ලියල යන්න......

මා මාම වී ....ඔබ ඔබම වී නම්.....අපි අපිම වෙන්නට පෙරුම් පුරනු කෙලසින්.....