හික්ස්.....නම දැක්ක හැටියේ අහන්න එපා මාව බඳින්න කැමතිද කියලා....මන් කැපවෙලා ඉවරයිනේ ඉතින්....
හම්මේ......බ්ලොග් එක පැත්තේ ආපු කාලයක් මතක නැ......බිසි බිසි.....හොඳටම බිසි.....එහෙම කියලා බේරෙන්න බැ නේද යාළුවනේ.....ඔන්න අද මන් කියන්න යන්නේ ටිකක් විතර වැදගත් කතාවක්....
අපේ අතිතයෙන් අහුලන මතතකයන් ලියන දිල් අක්කා කාලෙකට ඉස්සර අපේ රටේ වගෙම පිට රට වල මගුල් තුලා සිද්ධ වෙන විදිය ගැන පෝස්ට් දෙකක් දැන්මනේ....මතකද ඒවා....
ඉතින් ඔය කොයි රටටත් වගේම අපේ රටටත් අවේණික වුණ විවාහ ක්‍රම තියෙන බව ඉතින් දැන් ඔයාලා දන්නවනේ( හරි ඉතින් කලින් දැනන් උන්නට මේ තරම් විස්තරයක් දන්නෙ නැ නේද?)
මන් අද කියන්න යන්නේ අපේ විවාහ උත්සවයකදි පිළිපදින චාරිත්‍ර වාරිත්‍ර ගැන බිඳක්....
අපේ රටේ මුල්බැස ගිය සිරිතක් වන කේන්දර බැලීම මෙහිදීත් අනිවාර්යෙන්ම සිද්ධ කරනවා.( හොරෙන් පැනලා යනවනම් ඕං මේවා වැඩක් නැ) මෙයින් කියවෙන්නේ පෙර භවයේ සිට පතාගෙන එන අන්දම ('පෙර උන්දම්') ගැන බැලිමක් ලු.....මේවා මන් නෙමේ ඕං කින්නේ.....පුරාණ ජනයා.....මේකෙදි විවාහයේ පැවැත්ම මුල් කරගෙන කායිකව, මානසිකව හා ජීව විද්‍යාත්මකව ඒ දෙන්නා ගැලපෙනවද කියලා බලන එකලු කරන්නේ. ඊට පස්සේ කරන්නේ නැකැත් පොරොන්දම් බලන එකලු. එතනදි ධනය, බලය, සමගිය හා සැපය ගැලපෙනවද කියලා බලනවලු. ඉතින් මේ පොරොන්දම් බැලිම දශ පොරොන්දමින් ආරම්භ වෙලා විසි පොරොන්දම් බැලිම දක්වා දිවෙනවලු.
මේ මන් කියන්නේ දෙමාපිය ආශිර්වාද ඇතුව කරන මගුලකදි පිළිපදින ක්‍රම ගැන හොඳේ.....හික්ස්....එතකොට ඉතින් කුලය ආගම ජාතිය ඔය සේරමත් බලනවනේ....
දැන් ඔය කේන්දර බලන එකෙන් කරන්නේ ගැලපෙනවද කියලා බලන එකම නෙමේනේ.....ගැලපෙනවනම් මේ කසාදේ කරන්න අවශ්‍ය නැකැත් එහෙමත් බලනනවනේ....එතනදි මනාල පාර්ශවය විසින් ඒ ඒ නැකත් හදාගෙන මගුල් දිනයට කලින් නැකැත් දවසක නැකැතක මංගල දිනයේදී සිදු කරනු ලබන සියලු චාරිත්‍ර ඇතුළත් ලියවිල්ලක් මනාලි පාර්ශවයට ගිහින් දෙනවලු...ආ අමතක වුණානේ ඒ ලියවිල්ලට කියන්නේ නැකැත් පත්‍රය කියලලු..ඒකට කියන්නේ නැකැත් දීම කියලලු.....ඒ කියන්නේ විවාහ ගිවිස ගැනීමලු.....දැන් කාලේ එහෙම නේමේනේ නේද.....වෙනම විවාහ ගිවිස ගැනීමක් කරනවනේ......
මේ නැකැත් දීමෙන් එහෙමත් නැත්නම් විවාහ ගිවිස ගැනීමෙන් පස්සේ මගුලට සති දෙකකට විතර කලින් මේ දෙපාර්ශවේම අය තම තමන්ගේ නැයන්ට මගුලට ආරාධනා කරනවලු. ඒ ආරාධනාව කරන්නත් ඕන වැඩිහිටියෙක්ලු....ඕං පොඩිහිටියෙක් නෙමේ......මේ ආරාධනාවත් නිකම් කට වචනෙන් කරලා බැලු.....ඒකට පිත්තල හෙප්පුවක් හරි රිදී බන්දේසියක බුලත් තබා සුදු ලේන්සුවකින් වහලා බුලත් දීම, බුලත් හුරුලු දීම, හසුන් පත් යැවීම ආදී වශයෙන් ආරාධනා කිරීම උඩරට හා පහතරට සිරිතය.
ඔන්න ඉතින් ඉස්සර මේ දැන් වගේ කුලියට ගන්න මගුල් පෝරු තිබිලා නැනොවැ.ඒකද මංගුලට දින කිහිපයකට කලින් සුභ නැකතකින් තමා හදන්න අරන් තියෙන්නේ.සුභ දිසාවකට මුණ එන විදියටලු නිර්මාණය කරන්නේ.
කසාද බඳින එකත් සෙල්ලම් නැ නේද බලන් යද්දි.....
දැන් පෝරුවත් හදලා ඉවරයිනේ....මගුල් දවසේ චාරත්‍ර ටික වෙන දවසක කියන්නම්කෝ.....එහෙනම් ඔන්න මන් ගියා...බයි බායි කස්ටියටම......
මේවා දැක්කම බඳින එකත් එපා වෙනවා. ~X(
ReplyDeleteමේ චාරිත්‍ර ගොඩක් පහු ගිය අගොස්තුවේ මමත් දෑසින්ම දැක්කා.. අපේ අක්කගේ වෙඩින් එකේ..
ReplyDeleteමාතෘකාව දැක්කම මං හිතුවා ඔයා බදිනවා කියලා.. :)
හොඳ ලිපියක්...
ReplyDeleteහිතුමතේ නම් ආවමයි ඔන්න මේ පැත්තට... කසාද බදින එකත් සෙල්ලමක් නෙමේ බලාගෙන යනකොට.. හැබැයි හිතුමතේ ජාති කුල වත් පොහොසත් කම් ගැන හොයන්නේ නැති උනාට සමහර චාරිත්‍ර වලට නම් ගොඩාක් කැමතියි.. දවසක එහෙම කසාද බදින්නත් හිතාන ඉන්නවා
ReplyDeleteහලේ,.. මාත් මේ බැළුවා සී.නී මොකද මේ හදිසියෙම කසාද බඳින්න කථා කරන්නේ කියලා,.. හෙ හෙ
ReplyDeleteඔක්කොටම කලින් මට කියන්නකෝ නංගෝ දැන් මේ ඔක්කොම අතහැරලා කසාද බදින්නද ලැස්තිය....
ReplyDeleteආහ්... ඒවා ඉතින් අපිටත් නොකියා කරනවද නංගෝ
හික්ස්.....එහෙම කියන්නෙපා සිතල අයියා......ඔය කොහොම කීවත් ඔයා බඳින්නෙත් ඔය විදියටනේ.....
ReplyDeleteඅප්පේ දිනේෂ් අයියා....මගේ අයිතිකාරයට දැන්ම කසාද බඳින්න බැලු අප්පා....හික්ස්....(මටත් බැ තමා....එයාගේ පිටින් දැන්මාම ලේසිනේ)....ආ ඔයා ලංකාවට ඇවිත් ගියේ ඒකටනේ නේද? දැන් කවද්ද දිනේෂ් අයියා බඳින්නේ ඔය විදියට....
ඔන්න මාරයියා මේ පැත්තේ ගොඩ කාලෙකින් ඇවිත්....තැන්කු හොදේ....
ReplyDeleteඔන්න එහෙනම් හිතුමතේ මගේ බ්ලොගයට සාදරෙන් පිළිගන්නවා....සෙල්ලම් නැ....නැකැත් දවසකනොවැ ඇවිත් තියෙන්නේ....හික්ස්....හම්....අපි ජාති කුලබේද නොබැළුවට අපේ දෙමාපියො බලනවනේ....එතකොට අපිටත් එයාලගේ කැමැත්තට ඉඩදෙන්න වෙනවා....
අපි බේරිච්ච බේරිල්ලක්....!
ReplyDeleteඔය පරණ නැකැත්පත්‍ර මං දැකලා තියෙනවා සමහර ගෙවල්වල රාමු කරලා තියෙනවා.... හරි ලස්සනයි, ඒ වගේම කියවලා බලන්න ආස හිතෙනවා.... මහ ගාම්භීර භාෂාවකින් තමයි ලියල තියෙන්නෙ......
හ්ම්ම් හොඳ ලිපියක් සිතුවිලි . මේවා ඉතින් අපිටම ලියන ලිපිද මන්ද ?
ReplyDeleteහ්ම්ම් සමහර පළාත්වල මේ චාරිත්‍ර වෙනස් වෙනවා සම්පූර්ණයෙන්ම වගේ.. ඉතින් ප්‍රදේශ දෙකක අය විවාහ වෙද්දී එක පැත්තක අය කරන දේවල් අනික් අයට රුස්සන්නේ නෑ. විශේෂයෙන් වයසක ගෑණු උදවියට.
ReplyDeleteඔයාටයි මටයිත් ඕකනම් වේවි සීනියෝ ඔන්න.
අනේ ගිම් අක්කා....හදිස්සියේ කසාද බඳින්න බැනේ ඩියර්.....
ReplyDeleteඅපොයි දෙව් අයියේ දැන්ම කසාද බඳින්න නෑ.....මායි ළහිරුයි තාම පොඩියිනේ.....හික්ස්.....අනිවා බඳින දාට වෙඩින් එක කියනවා.....නංගියි ඔයයි දෙන්නම එන්නකෝ
මේ මියුරු කියන්නේ අක්කෙක්ද අයියෙක්ද දන්නේ නම් නෑ....මොකදැයි මේ අපි බෙරිච්ච බේරිල්ලක් කිවේ...මාත් එහෙම එකක් දැකල තියෙනවා....
ReplyDeleteහයියෝ...මට ටපලිලානේ
උඩ කමෙන්ට් එක ගිම් අක්කට නෙමේ...ප්‍රර්ථනා අක්කට...සොරි අක්කියෝ....
ආ ...ගිම් අක්ක බදින්නයි ඉන්නේ ලඟදි...එහෙනම් ඔන්න අපිටත් කියන්න වෙඩින් කේක් කැල්ලක් කාල යන්න එන්නම්.....
ReplyDeleteඑකත් එහෙමද ...මන් දන්නේ නැනේ...ඒ උනාට කියන්නේ නම් බේසික් එක මේකයි චුටි චුටි වෙනස්කම් තිබුණට කියලා.....අපි දෙන්නටත් එහෙම පුරශ්න එයිද.....මන් නම් හිතන්නේ නෑ...අපි දෙන්නම දකුණේ නේ