Friday, September 16, 2011

සොයමි නුඹේ අරුත මම...........

ආදරය නුඹ,
කුමන වූ අරුමයක්ද
සතුටක්ද නුඹ.........?
දුකක්ද නුඹ............?
තවම නොවැටහේ මට...........
සොයමි නුඹේ අරුත මම
නමුදු මා තවම,
ඇරඹුන තැනම නොවේද........?
ඉවසීම සොයමි මම මගෙන්ම
වටහාගන්න තුරු නුඹේ අරුත
නමුදු මම,
විදවමි සොයාගත නොහි නුඹව..........
ඉතින් ආදරය නුඹ,
සතුටක් නොව දුකක්ම බව
පසක්කර දුන්න නොවේද 
විඩාබර වූ මගේ හදවතට .........

7 comments:

  1. ආදරය සොදුරැ සෙවනක් වගේම
    නිහඩවම ‍ගොදුරක්

    ReplyDelete
  2. ලස්සනයි නංගි..
    ආදරය දැක්ක පමණින් ඇතුලට ගනන් එපා..
    ගොඩාක්ම අයට දුක විතරයි ඉතිරිවේන්නේ පිටවේනකොට..!!! :(

    ReplyDelete
  3. අනේ මන්දා මොනා ලියන්නද කියලා.
    ඔයාගේ හිතේ තියෙන දුක මෙහෙම හරි අකුරු වලට පෙරෙලන එක හොදයි.

    කාලය හොද විසදුමක් ජීවිතයට අරගෙන එනකන් .. ඉවසන්න ..නංගී.

    ReplyDelete
  4. මිරිගුවක් පසුපස
    දුවන මුවැත්තියක් වාගෙයි
    නුඹ මට
    ආදරේ අරුත
    සොයමින් යන....

    ReplyDelete
  5. හ්ම්ම් ආදරය දුකකි..
    සතුටක් පැමිනියද
    එය තාවකාලික බව
    සිතේ තබාගනු යෙහෙකි..
    නමුත්
    දුකද තාවකාලික බව
    පසක් කරන්නට උත්සහ කරන්න..
    එවිට
    සිතේ දොම්නස අඩුවී
    සොම්නස රජ කරාවි..
    කියනා තරම් "කිරීම" පහසු නොවේ..
    එය දනිමි..
    නමුදු
    උත්සහය වටී..

    ReplyDelete
  6. හ්ම්....එක නම් ඇත්ත බට්ටි.....

    ඔව් අයියා...එක මන් දන්නවා...එත්......අනේ මන්ද..............

    @ නිල් අහස - හ්ම්...ඇත්තටම මන් මේක මගේ ෆෝන් එකේ ද්‍රාෆ් කලේ ගොඩක් දුකින් හිටපු දවස් වල......හැමදාම නැති වුනත් ඔය සිතුවිල්ල ඉඳල හිටලා නැගෙන නිසයි පොස්ට් කලේ....ඇත්ත අයියා.....කාලය හොඳ විසඳුමක් ගෙනේවි කියල බලාපොරොත්තු වෙනවා...

    දිනේෂ් අයියේ...ඔය හරියටම හරි......

    ඔව් හිම අක්කා.....දැන් මන් ඕන දෙයක් දරාගන්න පුළුවන් විදියට හිත හදාගෙන ඉන්නේ...එත් සමහර වෙලාවට............

    ReplyDelete
  7. මේකනම් මටම ලිව්ව වගේ..:( :( අනේ මංදා.. ආදරේනම් මොකක්ද කියලා තේරෙන්නෙ නෑ...

    අදයි මෙහාට ආවෙ... මුලින්ම. ලස්සනයි නිර්මාන. දිගටම ලස්සනට ලියන්න ජය වේවා..!!!

    ReplyDelete

සිනිට වැදගත් ඔබේ සිතුවිල්ල මෙන්න මෙතන ලියල යන්න......

මා මාම වී ....ඔබ ඔබම වී නම්.....අපි අපිම වෙන්නට පෙරුම් පුරනු කෙලසින්.....