Friday, September 9, 2011

පුංචි උනත් මට ලොකුයි ..............


අනේ මන්ද කොතනින් පටන් අරන් කොතනින් ඉවර කරන්නද කියල...මේක හරි පුංචි සිද්දියක්...එත් මට ඒක ගොඩක් වටිනවා....


දවසක් රෑ මායි අම්මයි අපේ නැන්දලගේ ගෙදර ගියා..... ගියේ මේ කන්නේට කුඹුරු කරලා ගත්ත අලුත් හාල් වලින් හදපු දානේ ( කිරි බතුයි , කිරි කැකෑරුම්)  ගෙදරටයි, අපේ කේන්දර බලන ආච්චි ඉන්න ගෙදරටයි දීල එන්න.  යනකොට අපේ දෙවෙනි බාප්පා( අපි කියන්නේ චුටි බාප්පා) බැඳපු පුංචි ඇවිත් හිටියා...එයා අපිත් එක්ක වැඩිය හිත හොඳ නෑ...අපිත් එක්ක කිවේ දෙමාපියන් එක්ක විතරයි...අපිට නම් වෙනසක් එහෙම නෑ....

අම්මා ඉතින් නැන්දට ඔය කෑම පාර්සලේ දීල, එතැනින්ම එහා ගෙදරටත් ගිහින් එහෙට දීල නැන්දත් එක්ක ටිකක් කතා කරලා එලියට බැස්ස ගෙදර එන්න....එතකොට අපේ මාමයි පුංචියි බර කතාවක....නැන්දා අපි එක්ක ගේට්ටුව ළඟටම ආවා.....ඇවිත් අම්මා එක්ක කතාවක වැටුණා...එයාල කතාකලේ අපේ පුංචිගේ දු ගැන....නංගි ලබන පාර එලේවල් කරන්නේ....ගමේ ඉස්කෝලේ ඉඳන් ටවුන් එකේ ඉස්කෝලෙට දැන්ම සයන්ස් තෝරගත්ත නිසා.....දැන් වැඩේ වෙලා තියෙන්නේ එයට කොල්ලෙක් ඉන්නවලු.... කොල්ල  තරම් හොඳ කෙනෙක් නෙමේලු...කොයි තරම් කිවත් නංගි අහන්නෙත් නෑලු..... බෝයිගේ ගෙදරිනුත් ගෙන්නලා කිවා නවත්තන්න කියල.....කෝ අහන්නේ නැනේ...දැන් පුංචි යනවලු නංගි පස්සෙන් පන්ති වලට....පුංචි පාර එහා පැත්තේ ඉන්නකොට අර පිරිමි ළමයා මෙහා පැත්තෙලු...නවත්තන්නම බැලූ....... දෙන්නගේ හැසිරීමත් හොඳ නෑලු....නැන්දා ඉතින් කියවනවා දාගෙන.....අම්ම කීවා ඕක ඉතින් සැර කරලා හදන්න බෑ...එහෙම නැති උනොත් මුරණ්ඩු වෙනවා තවත්....හොඳින් තේරුම් කරලා දෙන්න ඕන...නැත්නම් කියන්න ඕන එක්සැම් හොඳට කරන්න.ඊට පස්සේ කරලා දෙන්නම් කියල..මොකද  වෙනකොට ඔය වගේ සම්භන්ධ නවතින්න ගොඩක් ඉඩ තියනවනේ....

ඔන්න එතකොටයි මට වැදගත් වන කතාව කිවේ...

අම්ම ඉඳන් එක පාරටම කීවා, "අපේ ගෙදරට මහන්න ආපු කීප දෙනෙක්ම කීවා මෙහෙමයි, මල්ලිගේ දු හැදෙනවා හොඳ නෑ..ස්ටෑන්ඩ් එකේ එහෙම ඉන්නවා බලන්න කැතයි....ටිකක් කියල හදාගන්න බලන්න...අනේ  අතින් බලනකොට ඔයාගේ දුව ගැනනම් කියන්න කිසිම වරදක් නෑ ....පිරිමි ළමයෙක් එක්ක කතා කරනවවත් දැකල නෑ......ඉස්සරහට හම්බුණත් හිනාවෙලා ආයේ බිම බලාගෙන තමගේ පාඩුවේ යනවා.....(අනේ මේ මන් ගැන වර්ණනා කර ගන්නවා නෙමේ...අපේ අම්මා කියන දේවල් මන් කියන්නේ...මටත් ඔය කතාව ඊට කලින් ඇහුණා අම්මට ගැණු කෙනෙක් කියනවා) ..ඉතින් සුදු අක්කේ කාටද ආඩම්බර....එයාට වගේම එයා හදපු මටනේ ආඩම්බර..." අම්මා අර ටික කියල නැන්දගෙන් ඇහුවා..... "එක නම් ඇත්ත...මෙයා ක්රෙඩිට් දාගෙන ඉවරයි....මටත් ඕක කියනවා...වෙන අය තියා ඔය අල්ලපු ගෙවල් දෙක තුනේම අයත් කියනවා...ට්රෙන් එකේ ගියපු අයත් කියනවා...මටත් ඉතින් සතුටුයිනේ...මන් හදපු දරුවෙක්නේ" කියල නැන්දා කීවා.....

 වචන ටික අහපු වෙලේ මට මන් ගැන දැනුන ආඩම්බරේ කියන්න වචන නෑ... ගමක ජිවත් වෙන කෙල්ලෙක් හැටියට ගමේ මිනිස්සුන්ගෙන් හොඳක් අහන්න ලැබෙනවා කියන්නේ...ආයේ ඒක තම ලබන්න පුළුවන් උපරිම චරිත සහතිකේ....

හ්ම්...මට ගොඩක් සතුටුයි.මේක ගෙදර ආපු හැටියේ කිවේ එක්කෙනෙක්ට...එයා ගත් කටට කිවේ ඒක තමා මන් උඹව තොර ගත්තේ මගේ වයිෆ් කරගන්න.....මටත් ඔයා ගැන හරි ආඩම්බරයි කියල.....
එහෙම හොඳක් අහන්න මට මග කියල දුන්න මගේ අම්මට මන් ගොඩක් ණයයි..... ණය ගෙවන්න මේ ජීවිතයත් මදි....එත් මන් දන්නවා අම්මා තරම්  ගැන සතුටු වෙන කෙනෙක් තවත් නම් නෑ කියල.... සතුට.. ආඩම්බරය මන් මගේ අම්මට හැමදාම දෙනවා.....

.ලි
මේ පොස්ට් ඒක නම් කාටවත් වැදගත් නැතිවෙන්න පුළුවන්...එත් හිතට දැනුන සතුට කියන්න තියන හොඳම තැන මෙතන නිසයි මන් මේක මෙහෙම ලිවේ.......

9 comments:

  1. ම්ම්ම් බොහොම සතුටුයි. අද කාලෙ ඉතින් අහන්න හම්බෙන්නෙම ඕකෙ අනික් පැත්තනේ. පද හදන්න බලාගෙන ඉන්න උන්ම තමයි ඉන්නේ. හැබැයි තව දෙයක්. මූනට එකක් කියලා නැති තැන තව එකක් කියන අයත් ඕන තරම් ඉන්නවා. :)

    ReplyDelete
  2. නියමයි එහෙම තමා ඉන්න ඕනේ.

    ReplyDelete
  3. තමන් ගැන මේ තරම් හොද අහද්දී කාටද ආඩම්බර නැත්තේ.. එහෙනම් මනමාලයාගේ කට්ටිය ගෙදරට එනදාට ගමේ අයගෙන් හොද ප්‍රසංශා අහන්න පුළුවන් වේවි..

    ReplyDelete
  4. මට නම් මම නරකයි කියල අහපු දවසෙ ආවෙ පුදුම සතුටක් සහ තරහක්...ඒ සිද්දීය පටන් ගන්නෙ මම ගමේ ඉඳන් පන්ති යන්න ගත්තම එකෙ කෙල්ලෙක් එක්ක වැසි දිනෙක යෑමෙන්..
    පස්සෙ කයි කතන්දර කාරයින්ගෙ කටවල් වැහෙන්න කෙල්ලො කීප දෙනෙක්ගෙම කුඩේ යටින් ගියා...ඒ වගේම අපි පාරෙ හිනා වෙවීත් ගියා..
    පස්සෙ ගමෙ උන් මට කතන්දර හදන එක නතර කලා...අපේ ගෙදරිනුත් මම කෙල්ලෙක් එක්ක ගියා කියන එක ගනන් ගන්නෙ නැති තත්වෙට ආව...
    හායි බොසා..කියාගෙන තාමත් ගමේ ගියාම පරණ බස් ලව්,ටෙම්පරි ෆයිල්,එහෙම සෙට් වෙනව..

    ReplyDelete
  5. අපි හොදට හැදුනොත් අපේ දෙමව්පියෝ අපි ගැන ගොඩාක් ආඩම්බර වෙනවා..විශේෂයෙන්ම ගෑණු ළමයි ගැන එයාල ගොඩක් බයෙන්නේ ඉන්නේ..තමන් වපුරපු දේම තමයි අස්වැන්න විදිහට හම්බෙන්නේ..මම දන්නවා අම්ම ඔයා ගැන එහෙම කිව්වම ඔයාට කොච්චර සතු‍ටු හිතෙන්න ඇතිද කියලා..හොදයි හොදෛ ඉස්සරහටත් එහෙමම ඉන්න..පුලුවන්නම් අර නංගිට ඔයාවත් තේරුම් කරලා දෙන්න බලන්න නංගී..

    ReplyDelete
  6. ඔබේ සතුට , අපිත් බෙදා ගත් බව කියන්න සතුටුයි ..

    ReplyDelete
  7. පොහ්.. කීප් ඉට් අප්.. මම මොනවා කියන්නද ඉතින් :)

    ReplyDelete
  8. තෑන්ක් ..ChAnDiKa..අයියා...ඔව් ඔව් පද හදන්න තමා බලන් ඉන්නේ....මටත් ඕක උණා...මන් ඒ පුද්ගලයට ගිහින් හොඳ දෙකක් කිවා. එලේවල් කරන කාලේ....අපිට බස් තුනක එන්න පුළුවන්...ටිකක් හවස් වෙලා...මන් මගේ යාලුවත් එක්ක මුලින් තියන බස් එකේ නොගිහින් පස්සේ තියන බස් එකට ගියා...එකට මන් ගෙදර එන්නත් කලින් ගිහින් කියල මන් ස්ටෑන්ඩ් එකේ පිටිපස්සට ගියා කියල....අපේ අම්ම ආපු ගමන් මගේ ඇඟට පැන්නා...බොරුවට බැණුම් අහනවා කියන්නේ මට උන්හිටිතැන් අමතක වෙනවා කියන එක.....ඒ වෙලාවේම ගිහින් ඇහුව ඔයා මොනාද දැක්කේ කියල...හික්ස්....එයින් පස්සේ එයා මා එක්ක කතා නෑ....

    හ්ම් හ්ම් ..ඔව් නදී අක්කා

    තෑන්ක් මකරයියේ....

    අනිවා දිනේෂ් අයියා...මනමාලය මාව තොරගත්තෙත් ඔය නිසාලුනේ..හික්ස්.....

    මොකද නිකම් අමුතුවට ආ..............

    ශා නියම වැඩේ කරලා තියෙන්නේ අමිල අයියේ

    හ්ම්...තේරුම් කරලා දුන්නා විශ්ව...අනේ මන්ද පුදුම හිතුවක්කාරයි එයා

    තෑන්ක් මහේෂ් (මන් හිතන්නේ අයියා)

    ReplyDelete

සිනිට වැදගත් ඔබේ සිතුවිල්ල මෙන්න මෙතන ලියල යන්න......

මා මාම වී ....ඔබ ඔබම වී නම්.....අපි අපිම වෙන්නට පෙරුම් පුරනු කෙලසින්.....