Monday, September 5, 2011

පුංචි ප්‍රශ්නයක්......

මන් ඔයාලගෙන් පුංචි ප්‍රශ්නයක් අහනවා.....කාට හරි හරියටම උත්තරේ දෙන්න පුලුවන්ද.....පුළුවන් නම් මට ඒ ගැන කියල දෙන්න......

මෙන්න මේකයි ප්‍රශ්නේ.....

ජීවිතය කියන්නේ කුමක්ද.......?

ආ...දැන් මට කියන්නකෝ උත්තරේ......

මට හිතෙන දැනෙන විදියට මන් කියන්නේ....ජිවිතේ කියන්නේ, මෙන්න සතුට බලාගනිල්ලා කියල පෙන්නලා, ඒ සතුටත් එක්ක ජිවත් වෙන්න, ඒ සතුට විදින්න ඉඩක් නොතිය, සතුට වෙනුවෙන් හුල්ලන්න වෙන විදියට ලොකු දුකක් ගෙනත් දෙන එකට.....ඊට පස්සේ අපි ඒ සතුට ලැබෙයි ලැබෙයි කියල බලාපොරොත්තු පොදි බඳින එකට.....ඒ සතුට වෙනුවෙන් දුක් විඳින එකට....එහෙම කරලා අන්තිමේදී අපිට ඇත්තටම සතුට ලැබෙනවද.......


ඉතින් මගේ යාලුවනේ, දෙන්නකෝ මට උත්තරයක්.......මන් හිතන විදිය වැරදි ඇති.....ඒ දේ වැරදියි කියල මට කියල දෙන්න දාන්න කවුරු හරි ඉන්නවනම් 

14 comments:

  1. හ්ම්ම්ම් දෙයක් කියන්නද ඔයා තරහ ගන්නෙ නැතිනම්..
    ඔයා දුකෙන් ඉන්නෙ.. නැතිනම් කා එක්ක හරි තරහින්.. :-t
    මේ මේකයි.. මට හිතෙන විදියට ජීවිතේ කියන්නෙ සතුට සොයාගෙන යාම. එක එක අය එක එක විදියට සතුට කියන දේ ලබනව. අන්න ඒක හොයාගත්ත අය ජීවිතය විදිනව. අනිත් අය විදවනව. මාත් ඔය ගැන ටිකක් වෙනස්දෙයක් ලිව්ව. ජීවිතය හරියට ගංගාවක් වගේය.. කියල..
    http://himakumari.blogspot.com/2011/08/blog-post_18.html

    ReplyDelete
  2. මෙන්න ටීචර් මම උත්තරයක් ලීවා. ලකුණු කීයක් දෙනවද මට ?

    http://status-chanaka.blogspot.com/2009/02/blog-post_10.html

    ReplyDelete
  3. ජීවිතේ කියන්නෙ මෙන්න මේකයි කියලා මට නම් කියන්න බෑ...සමහර විටක සතුටක් වගේම සමහර විටක දුකක් වේදනාවක් ...වැටීමක් වගේම ජයග්‍රහණයක්..ඔය ඔක්කොම එකට එකතු උන දෙයක් තමයි ජීවිතේ කියන්නෙ...

    දුකක් දැනුනම් එපා වෙන..සතුට දෙනකොට ලෝබ හිතෙන ජීවිතය.....හරි පුදුම දෙයක්

    ReplyDelete
  4. ජීවිතය කියන්නෙ...අනේ මන්ද?

    ReplyDelete
  5. ජීවිතය කියන්නේ අවිනිශ්ච්ත බලාපොරොත්තුවක්.. අවිනිශ්ච්ත සිහිනයක්...

    ReplyDelete
  6. ජිවිතේ කියන එකට හරියටම නිර්වචනයක් දුන්නු කෙනෙක් ඉන්නවද කියලා මමත් හරියටම නම් දන්නේ නැ... ඒත් වෙලාවක හිත පිරෙන්න සතුට දෙන තවත් වෙලාවකට කැ ගහලා අඩලාවත් දුක නැති කරගන්න බැරි විදිහේ දුක් ගොඩාක් දෙන දෙයක්...

    ජිවිතය කියන්නේ ඇත්තටම ප්‍රශ්න පත්තරයක්.....

    අපිට සමහර ප්‍රශ්න වලට උත්තර හොයාගන්න පුලුවන් වෙනකොට සමහර ඒවා පාස් කියලා අතහරින්න වෙනවා..

    උත්තර නැති දෙයක් ඔයාට එක පාරම හිතුනේ ඇයි නන්ගෝ

    ReplyDelete
  7. ජීවිතේ කියන්නේ මොකක්ද කියන එක මටත් ලොකු ප්‍රශ්නයක් තමයි :|..සමහර වෙලාවට දුක :(,සතුට :) ඔය හැම දේම තියනවා..මමනම් ඉතින් වැල යන අතට මැස්ස ගහගෙන ඔහේ ඉන්නවා :p..අපිට සතුටක් ලැබුනත් දුකක් ලැබුනත් ඔය හැම දේම තාවකාලිකයි..ඒක නිසා ඔය දෙක අතරේ වැඩිය ඇලෙන්නේ නැතුව ඉන්න ඕනේ..(මමනම් හිතන්නේ එහෙමයි හොදේ ;)))

    ReplyDelete
  8. සරල උත්තරයක් තියෙන්නේ..
    ජීවිතේ කියන්නේ ඔබ ඇනවුම් නොකලත් ඔබට ලැබෙන අනිවාර්යයෙන් කෑ යුතු ආහාර වේලක් වගේ දෙයක්...

    ඇනවුම් කලා නොකලා කියලා නැහැ දැන් ඔබ එය කන්න ඕන.. ඒකේ සමහර තැන් රසයි.. එහෙම තැනක් අහු උනාම කාගෙන කාගෙන යනවා..ඒත් ආයේ රස නැති තැනක් අහු උනාම කෑම එපා වෙනවා..ඒත් කරන්න දෙයක් නැහැ කන එක නවත්වන්න තහනම්...
    ඒනනං කෑම එක විසි කරලා යන්න පුළුවන්..හැබැයි ඒකට කියන්නේ සිය දිවි හානි කර ගැනීම කියලා..

    දැන් ප්‍රශ්නේ තියෙන්නේ තිත්ත හරියක් දිවේ ගෑවිලානේ..ගණන් ගන්න එපා තව ටිකකින් ආයේ පැණි රස ටිකක් අහු වෙයි..ඒත් ඒ වෙලාවට අමතක කරන්න එපා ආයෙමත් තිත්ත අහු වෙනවා කියන දේ..

    ReplyDelete
  9. හ්ම්.....
    හිම අක්කා...මන් කා එක්කවත් තරහින් නෙමේ..එත් ඒ ප්‍රශ්නේ මට හුඟක් වඩා දුන්න නිසයි ඇහුවේ....

    අනේ මන්ද මකරයියේ..ඔය කියන දේත් හරි තමා....

    එකනම් ඇත්ත දිල් අක්කේ..ජිවිතේ හරි පුදුම දෙයක්

    අනේ මන්ද නේද ඉන්දික

    හ්ම්...වෙන්න පුළුවන් දිනේෂ් අයිය.....මන් කීවෙත් එකමනේ

    ලොකුම ලොකු ප්‍රශ්න පත්තරේ අපි මුහුණ දෙන...එහෙම නේද දෙව් අයියේ....හ්ම්.....එහෙම හිතුනේ ඇයි කියල මමවත් දන්නේ නෑ

    ඇලෙන්නතුව ඉන්නවා කියල හිතුවට අපි මොකක්ම හරි දෙකට බැඳිලා නේද ඉන්නේ විශ්ව

    ඔව් මාරයියේ.....ඔයා කියන දේත් ඇත්ත.....තිත්තක් දිවේ ගැවිලද...?පනිරහක් ගැවිලාද..? මට හිත ගන්න බෑ.....

    ReplyDelete
  10. හප්පොච්චියේ සැහෙන්න බීලා කල්පනා කරන්න ඕන ප්ර්ශ්නයක්.
    තව ටික දවසකින් කියන්නම්.... :))

    ReplyDelete
  11. හ්ම්ම් මං නිකන් නගේ එහෙම ඇහුවෙ..
    ඔව් මටත් ඔහොම හිතිල තියෙනව. ඔයාගෙ උත්තරේ බලන්න ආවෙ.. මට දැං හිතෙන්නෙ ගොඩක් විදි වලට ජීවිතේට අරුත් දෙන්න පුලුවන්.. ඒත් ජීවිතේ කියන්නෙ ගොඩක් සංකීර්ණ දෙයක්ය කියල..

    ReplyDelete
  12. ජීවිතය කියන්නෙ දුකක්වත් , ජීවිතය කියන්නේ සැපක් වත් නෙමෙයි. දුක හා සැප කියන්නේ ජීවතය ජීවත් කරවන්න අපිට අවශ්‍යය උපකරණ දෙකක් විතරයි....!

    ReplyDelete
  13. @cjgayan - එහෙනම් කල්පනා කරලම කියන්නකෝ

    එක නම් ඇත්ත හිම අක්කා.....

    ඒ දෙක උපකරණ දෙකක් නම් අයියේ...ජීවිතය කියන්නේ මොකද්ද...?

    ReplyDelete
  14. මමත් එකඟ වෙනවා දුමී අයියා එක්ක.. සීනි ජීවත්වීම කියන්නේ දුක සැප පෙරලෙන එකටනේ.. බලන්න කුසගින්න දුකක්, අපි කනවා ඔන්න දුක නැතිවෙලා සැපක් වෙනවා. කන එක ජීවත් වෙන කෙනෙක්ගේ ක්‍රියාකාරකමක් නේ.
    කෙනෙක් අපෙන් ඈතට යනවා. දුකයි, අපි තව කෙනෙක්ට ලං වෙනවා. අන්න සතූටුයි. ඒ වගේ ජීවිතේ දැනෙන දුක සතුටකට හරවගන්න එක තමා අපි ජීවිතේදී කරන්නේ. ඒකම තමා අපි ජීවත්වෙන එකේ අපිට තියන එකම වැඩේ.

    ReplyDelete

සිනිට වැදගත් ඔබේ සිතුවිල්ල මෙන්න මෙතන ලියල යන්න......

මා මාම වී ....ඔබ ඔබම වී නම්.....අපි අපිම වෙන්නට පෙරුම් පුරනු කෙලසින්.....