Thursday, September 1, 2011

කුමන වූ අරුමකින්ද.....

සිනහව උරුම කර මට
ජීවිතය පුරාවටම,
දුකද නොඅඩුවම මට
දෙන්නේ කුමන වූ අරුමකින්ද.....
දරාගන්න බැරි තරමින්ම
ආදරය නිසා නුඹ හට
දුක දැනෙනවා වැඩිපුර
අකීකරු මගේ හිත්මලට............
ඉවසුවත් නුඹ නිසාම මම 
කඳුළු වී පිට වෙනවා 
සිතට දැනෙන වූ ඒ දුක
නුඹට කිව නොහැකි නිසාම...........


11 comments:

  1. හ්ම්ම්,.. ආදරේදී සතුටට වඩා දුක උරුමයි නේද?
    ලස්සනයි සී නී

    ReplyDelete
  2. ඒක නම් ඇත්ත ප්‍රර්ථනා.....තැන්ක්ස්...

    ReplyDelete
  3. පද ටික අපූරුයි.. ඊටත් වඩා අර ගෑල්ලමයවයි තරු ටිකයි අයින් කරපු එක ගොඩක් වටිනව.දැන් ලෝඩ් වෙනව සුටුස් ගාල..
    ජය වේවා !!!

    ReplyDelete
  4. මටත් කියන්න තියෙන්නෙ ප්‍රාර්ථනා කියපු එකම තමා... හ්ම් හ්ම්..

    ReplyDelete
  5. මේ කදූළු නුඹේ ආදරේ නිසාම
    මම කොහොම තව දුරක්
    උහුලාගෙන යන්නද?

    ReplyDelete
  6. තැන්කු මල්ලි....ආ ඉතින් මයේ මලයා මොකක් හරි කිවම නාහ බැනේ....

    @ සිතල අයියා- හ්ම් හ්ම්....

    අන්නේ දිනේෂ් අයියා..ඔහොම නම් කියන්න එපා...මන් ආදරේ කරන කෙනා ඕක දැක්කොත් එයාටත් ඔහොම හිතෙයිද දන්නේ නෑ....

    ReplyDelete
  7. අතිතයේ මතක ළග පුංචි තනුවක් තාමත් මුමුනනවා ලැබැදි
    දෙහදක් පතනා පැතුම් සැමදා මහ ගොඩක් විකසිතයි සුවඳ මල්මෙන් ප්‍රෙමයක්.... වරක හිනැහිලා වරක දුන් දුක් කදුලක් දයාබර පෙම විටක මහ ගිනි ගොඩක් වෙන්වෙන්න බැහැ
    යන්නෙ අපි මහ දූරක් සිහිනයක් නොවන්න සැබැම සෙනෙහසක්....

    ReplyDelete
  8. හ්ම්ම්ම්....
    මේ දුකට ...
    මහ සයුරක්..
    තරමටම..
    හැඬිය හැකි
    මට...!!

    ReplyDelete
  9. සිනාව හා සතුට තමයි පලමු පාඩම...
    දෙවන පාඩම හැඩුම හා දුක....

    ReplyDelete
  10. එක නම් ඇත්ත මකුළු අක්කේ.....

    එක එහෙම වෙන්න ඇති නේද ගිම්හානි අක්කා....එකනේ මේ තරම් දුකක් දැනෙන්නේ

    ReplyDelete

සිනිට වැදගත් ඔබේ සිතුවිල්ල මෙන්න මෙතන ලියල යන්න......

මා මාම වී ....ඔබ ඔබම වී නම්.....අපි අපිම වෙන්නට පෙරුම් පුරනු කෙලසින්.....