Friday, August 26, 2011

පිළිකා රෝහලට ගිය මග..........

ඔන්න හැමෝම දන්නවා අපි මහරගම පිළිකා රෝහලට පුංචි දානයක් දුන්නයි කියල....ඒ ගැන කියල මන් දාපු පොස්ටුව ඔයාල කියවන්න ඇති කියල හිතනවා.කියවපු නැති කෙනෙක් ඉන්නවා නම් මේකෙන් ගිහින් කියවන්නකෝ....

ඔබ සැමට පින් ...........

ඒ ගැන කියන නචියා අයියගේ පොස්ටුවන් මෙසේයි 

  1. අය වැය.....
  2. ස්තුතියි ඔබ සැමට........

ඔන්න දැන් මන් කියන්න යන්නේ එදා දවසේ සිද්ද වුණ වැඩේ පිලිබඳ තමා....එදා 2011/08/81 වන ඉරිදා....කලින් දවසේ බෙහෙත් ගන්න බැරි වුණ කියලා ඔයාල දන්නවනේ දැන්...ඉතින් සිහින මල්ලියි, නචියා අයියයි, ලයන් අයියයි, දිනිත් අයියයි දිනිත් අයියගේ වාහනෙන් උදෙන්ම ගියා බෙහෙත් ටික අරන් එන්න.අපි හැමෝටම කිවේ උදේ 11 වෙනකොට හොස්පිටල් එක ගාවට එන්න කියල....ඔන්න ඉතින් අපිත්(මමයි ළහිරුයි) 10.30 වෙනකොටම එතනට ගිහින් පරිත්‍යාග බාර දෙන තැනටත් ගිහින් ටිකක් වෙලා වාඩි වෙලා හිටියා....කෝ තාම කවුරුවත් නෑ...ඉතින් ගත්ත කෝල් එකක් සිහිනට....එයා ගත් කටට කිවේ තව විනාඩි 15 න් අපි ඔතන...කට්ටිය ඉස්සරහ ගේට් එක ගාවට එනවා කිවේ. අපිත් එතනට එන්නම්...තනොජ අක්කයි, වැප්නි අයියයි ඇවිත් ඇත්තේ...ගිහින් බලන්න කියල...මොන කරන්නද, අයෙමත් එළියට ආවා. ගියා මෙන් ගේට් එක ගාවට..කෝ කවුරුවත් නැනේ....බඩත් ගිනියි හොඳටම....උදේම අපු නිසා කාල අවෙත් නෑ. ගියා ඇවිදගෙනම ඉස්සරහට කෑම කඩයක් හොයාගෙන...හොඳ කඩයක් ඇත්තෙම නෑ....ඒ නිසා බිම එකක් විතරක් බිල ආවා...මෙන්න එනකොට හසී අක්කා ඉන්නවා ඉස්සරහ ගේට් එක ළඟ....

එතකොටම මෙන්න සර්පයොත් එක්ක ඉන්න මිනිහෙක් ඇවිත් එතනින් වාඩි වෙලා පිඹුරෝ, නයි....අරන් ඇග වටේ දාගෙන එක විකාරයි....ළහිරුත් ඕවට හරි කැමති..ඉස්සරහටම ගිහින් බලන් ඉන්නවා..."අම්මි ගන්නකො ෆොටෝ එකක්...අනේ ගන්නකො.." කියා කියා මට ඉතින් පුදුම වදයක් ද දුන්නේ...ඔන්න ඒ නිසාම මාත් ගත්ත ෆොටෝ ටිකක්..මේ එයින් දෙක තුනක්....

දැන් 11.30 ටත් ලඟයි..කෝ කවුරුවත් නෑ....යන යන බස් වලට එබී එබිත් බැලුව..හසී අක්කා වැප්නි අයියට කෝල් කළාම කිවේ තාම බස් එකේ කියලා...තනොජ අක්කත් තාම බස් එකෙයි කියලා කිවේ....ඉන්නවා ඉන්නවා..කකුලුත් රිදෙනවා...අපේ අය කවද්ද වෙලාවට වැඩ කලේ.....ඔන්න එතකොටම ශානිකා අක්කා කෝල් කරලා ඇහුව කොහෙද ඉන්නේ අපි ඉන්නේ පිටිපස්සේ ගේට් එක ගාව...එතනට එන්න කියලා...ඔන්න එතනට යද්දී තමා බෙහෙත් ගෙන්න ගිය කට්ටියත් ඇවිත් තිබුනේ...තනොජ අක්කගේ පවුලෙන් අක්කයි මහත්තයයි දුවල දෙන්නයි, ශානිකා අක්කගේ පවුලෙන් අක්කයි අම්මයි නංගියි, සිහින මල්ලි, නචියා අයියා, ලයන් අයියා, දිනිත් අයියයි ශිරෝෂි නඟයි  තමා ඒ වෙනකොට එතන හිටියේ...


ඔන්න තව ටිකක් වෙලා බලන් හිටියා අපේ වැප්නි තුමයි ජේ.ඩී සහෝදරයයි එනකම්...ඔන්න ඒ දෙන්නත් ආවා...දැන් 12 ටත් ආසන්නයි....දැන් ඉතින් එනවයි කියපු අය ආවනේ...අපේ  අය බෙහෙත් පෙට්ටිත් උස්සගෙන ඇතුලට යන්න හදනකොටම  තව කවුද කියපි ඕනයියා එනවා කියලා....දැන් එයාල එනකම් බලන් ඉන්නවා....
                                                             ඔවුන් එනතුරු මග බලමින් 
ඔන්න දැන් හැමෝම ආවා....උඩටම උඩටම පඩිත් නැග්ග...සිහින මල්ලි ඉස්සරහින්ම නඩේ ගුරා වගේ....ඔන්න ඒ ඩොනේෂන් බාර දෙන තැනට ආවා...තනොජ අක්කා, නචියා අයියා, සිහින මල්ලි, ළහිරු ඇතුලට ගිය බෙහෙත් පෙට්ටිත් අරන්. මාත් ඇතුලට ගියා....



බෙහෙත් වර්ග පරික්ෂ කරලා, ලියකියවිලි පරික්ෂ කරලා, බෙහෙත් ටික අපි ඒ නිලධාරීන් දෙදෙනාට බාර දුන්න...ඒ බෙහෙත් අතර , දැනට රෝහලේ නොමැති ඉහළ මිල ගණන් වලින් යුක්ත ඒවා වගේම, සැත්කමක් කිරීමට නියමිත,නමුත් ඒ සඳහා වූ රෝහලේ නොමැති වූ එන්නතක්ද  විය.
                                                            බෙහෙත් පිළිබඳව විමසමින් 
                     ලියවිලි පරික්ෂා කරමින් 







බෙහෙත් වර්ග රෝහලට බාර දුන් අවස්ථාව 
ඒ සේරම වැඩ කරලා ඉවර වෙනකොට අපිට දැනුන සතුට සැනසීම වචන වලට පෙරළන්න අමාරුයි...ඒ සතුට සැනසීම වෙනුවෙන් ඒ අවස්ථාවට සහභාගී නොවුනත් ඔබ දැක්වූ සහයෝගයට අනෙක වාරයක් ස්තුතියි වගේම පින් කියලා මන් නැවතත් කියනවා....

                                                                        අපේ කට්ටිය 
ඉතින් ඒ සතුටත් හිත වල තියාගෙන මොහොතක සතුටු සමිචයේ යේදී අපි හැමෝම විසිර ගියේ නැවතත් හමුවන බලාපොරොත්තුව හිතේ තියාගෙනමයි....


5 comments:

  1. අනේ මම මේ සිද්දියක් ගැන මොනාවත් දන්නෙ නෑනේ. දන්නවනම් අනිවාර්යයෙන්ම දායක වෙනවනෙ. :( =((

    ReplyDelete
  2. සම්පූර්ණ විස්තරේ පිලිවළට ලස්සනට ලියල තියනව අක්කේ..
    එක දෙයක් අමතක වෙලා නේද ඔයාට. අබේපාල මාම කාර් එලෝපු හැටි... හී හී..
    අඩේ මම කිව්වෙ නෑ වි.15 න් එනව කියල. x( ඔයාල දෙන්න නයි නටවනව බලන්න ගිහින්නෙ එන්න පරක්කු උනේ.. දෙන්න ජෝඩු දාල නයි නටවනව බලල... =))

    ReplyDelete
  3. අනේ...කමක් නෑ සිතල අයියා...අපි වැඩිය ඒ ගැන ප්‍රසිද්ධ කලේ නෑ....ඔහොම කියපු එකත් වටිනවා

    කොයි වේලාවේද අබේපාල මම කර එලෙවුවේ....අපි ගියාට පස්සෙද.....අපරාදේ.....
    අපි වැඩක් කරන්න ගියොත් පිළිවෙලයි තමයි මල්ලි....හරිද....
    මොකෝ කිවේ නැත්තේ...කාගෙන්ද මන්ද අහල තමා කිවේ විනාඩි 15 න් එනවා කියල....

    ReplyDelete
  4. අපි ටිකක් පරක්කු උණා. බෙහෙත් ගන්න තැන් දෙකකට යන්න උණානෙ. අපිට හදිස්සි උනාට බෙහෙත් ගත්ත තැන් වල යට කිසිම ගානක් නෑ. එයාලගෙ පාඩුවෙ බෙහෙත් දෙනවා. සිහිනට මතක ඇති කවුන්ටරේ අපේ නම්බර් එක '42' කියන කම් කොච්චර් වෙලා බලන් හිටියද කියලා.

    ReplyDelete
  5. හුම්ම්ම්ම්ම්ම්................
    අපිට දුක තමා........ :(( :(( :(( :((

    ReplyDelete

සිනිට වැදගත් ඔබේ සිතුවිල්ල මෙන්න මෙතන ලියල යන්න......

මා මාම වී ....ඔබ ඔබම වී නම්.....අපි අපිම වෙන්නට පෙරුම් පුරනු කෙලසින්.....