Monday, September 12, 2011

කඳුල නුඹ..........

කඳුල නුඹ
මා නෙතින් ගිලිහෙන
හිඳිනවා නොවේද  නුඹ
එදා මෙන් අදද මගේ තනියට

කඳුල නුඹ
මා නෙතෙහි සිරවුණ
රැඳෙනවා නොවේද නුඹ
ඉකිළන හැම මොහොතේදීම සිත

කඳුල නුඹ
මා නෙතට උනනා
හේතුවක් ඇත්දෝ නුඹට
රැඳෙන්නට මා නෙතු පියන් යට

හේතුවක් ඇතත් නුඹ,
හේතුවක් නැතත් 
එදා මෙන් මා ලඟින් හිඳිනා 
නොවෙනස් වූ එකම මිතුදම
කඳුල ඒ නුඹ

8 comments:

  1. දුකට සතුටට
    ලගින්ම ඉන්නා
    කෙදිනකවත් හැර නොයන
    මේ මිතු දම
    කඳුළ සමග...

    ReplyDelete
  2. කදුලු ඇස් වලින් එලියට ආවාට ... කදුලු අයිති, හදවතට කියලයි මට නම් හිතෙන්නේ.
    හිතට දැනෙන සතුට වගේම දුකත්, පෙන්නන එකම විදිහ තමයි කදුලු.

    ReplyDelete
  3. හ්ම්....ඇත්තටම කඳුල කියන්නේ හැම මොහොතකදීම අපි ලඟින් ඉන්න කෙනෙක් නේද දිනේෂ් අයියේ .....

    ඔව්...සහතික ඇත්ත.....කඳුළු අයිති හදවතට.....

    ReplyDelete
  4. කඳුළ...දුකේදිත් සතුටේදීත් ලඟම රැඳෙන හිතවතා නෙ...පද ටික නම් ලස්සනයි

    ReplyDelete
  5. තැනක් අක්කියෝ...ඇත්තටම කඳුල කියන්නේ අපේ ලඟම ඉන්න හොඳම හිතවතානේ

    ReplyDelete
  6. දුක් කදුලැලි කිසිම විටක
    ඔබේ දෙනෙත‍ට නොයේවා ....
    සතුටු කදුලින් ඔබේ දෙනුවන්
    සෑම කල්හිම තේමීයත්වා .............

    ReplyDelete
  7. හ්ම්ම්ම්, ආදරයයි කඳුළයි අතරේ නම් ගොඩාක් ලොකු බැඳීමක් තියෙනවා..
    ඇත්තටම නොවෙනස් එකම මිතුදම තමයි කඳුල, සතුටෙ දුකේ දෙකේදිම අපේ ඇස් වලට කඳුලු ගලාගෙන එන නොදැනුවත්වමනේ.. අපේ දුක සැප බෙදාගන්න ඉන්න හොඳම යාළුව ඒ විදියෙන් බලද්දි නම් කඳුල තමයි,..

    ReplyDelete
  8. කදුලු අරගෙන යන්න...එනවද හීනෙන් රෑට
    සුවද අරගෙන යන්න...එපා ඔබ ගිය ඈත

    ReplyDelete

සිනිට වැදගත් ඔබේ සිතුවිල්ල මෙන්න මෙතන ලියල යන්න......

මා මාම වී ....ඔබ ඔබම වී නම්.....අපි අපිම වෙන්නට පෙරුම් පුරනු කෙලසින්.....