පෙර කොටස් සඳහා..... සිතුවිලි අතර.......
'''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''
ඉතින් ඇයගේත් ඔහුගේත් ආදර අන්දරය ඇරඹුණි.....ඇය ඔහුට හදවතින්ම ආදරය කළාය......ඔහු.....? ඔහු ආදරයට ආදරය කළාට ඇයට ආදරය කළාදැයි ඔහුවත් නොදනින වග විස්වාසය. ඇත්තටම අතීතය අමතක කිරීමට අවශ්‍ය නිසාත් ආදරයක් අවශ්‍ය නිසාත් ඇය හා ආදරයෙන් බැඳුන වග ආපසු හැරී බලන කල ඔහුටම වැටහෙයි.....
ඇය, මහා ලස්සනක් නැතත් සාමාන්‍ය රුවක්
ඇත්තියකි. ඉක්මණ් කේන්ති කාරියක වු ඇය කුමක් හෝ හේතුවක් අල්ලා ඔහු සමග රණ්ඩු කළාය.
බොහෝ විට එවන් ගැටුම් වලට සාධාරණ හේතු තිබුණත් ඔහුව වැරදිකාරයකු කිරීමට ඇති
අකමැත්ත නිසාත් ඔහු දුකින් සිටිනවට ඇති අකමැත්ත නිසාත් තමා පිට වැරැද්ද පටවා
ගත්තාය. හැම පුංචි දෙයක් ගැනම බැරැරුම්ව හිතන නිසා ඔහුගේ පුංචි පුංචි විහිළු වලින්
හිත රිද්ද ගත්තාය.
ඔහු, කඩවසම් මනා පෞර්ෂයක් ඇත්තෙකි. නිතරම
විහිළුවක් කර සිනාසෙන ඔහු හිතේ මහ දුකක් සිරකරගෙන සිටියේය. කතාවෙන් තම මතය තහවුරු
කිරීමට සමතෙකි. අනුන් වෙනුවෙන් කැපකිරීම් කරන්නෙකි.
මෙවන් චරිත දෙකක් අතර ඇතිවන ආදරයකදී ගැටුම්
ඇතිවන තැන් බොහෝමයක් වග ඔබට වැටහෙනු ඇත.
ගැටුම් කෙසේ වූවත් ඔවුන් දෙදෙනාගේ ආදරයට
හැමෝගේම එනම් ඔහුගේ යහළුවන් හා සම වයස් නැදෑයින්ගෙන් ද ඇයගේ යෙහෙළියන්ගෙන්ද
ආශිර්වාදය ලැබුණේ ඔවුන් දෙදෙනාගේ තත්වය ඒ සියල්ල දැන සිටි නිසාවෙනි.
දෙදෙනා එකිනෙකට බොහෝ දුරින් ජීවත් වු නිසා
ඔවුන්ගේ ආදරය බොහො විට දුරකතනයට සීමා වූ එකක් විය. ඉතින් බොහෝ කලාතුරකින් සිදුවන
හමුවීම් මගින් ඔහුගේ සිතේ වු දුක නිවීමට ඇයට කල හැක්කක් නොවීය....එහෙයින්ම ගැටුම්
ඇතිවීම ඔහුටත් ඇයටත් වලක්වා ගත නොහැකි විය. බොහෝ විට ඔහු ඇයව නොසලකා හැරියේය. සිතා
මතා නොකලත් ඔහු අතින් එය සිදුවිය. තනිවී සිට අතීතය හා අතීතයේ සිදුවු අතපසුවීම් ගැන
කල්පනා කරමින් සිටීමට කැමැත්තක් දැක්වීය. නමුත් ඇය ඔහුගෙන් ආදරය සෙව්වාය....
නොලැබෙන විට ඒ ගැන ප්‍රශ්න කලාය...එවන් ප්‍රශ්න වලට කවමදාවත් බොරුවක් නොකී ඔහු කී
සත්‍යයෙන් ඇයගේ සිත පෑරුණේය...ඇය ඇඬුවාය....ඇයට ඔහුගේ සිත සතුටු කිරීමට නොහැකි වග
තේරුම් ගත් ඇය දුක් වුණාය....තමා ඔහුට කොතරම් ආදරය කළත් ඔහුගේ ආදරය තවමත් රැඳී
ඇත්තේ අතීතය වෙත වග තහවුරු කරගත්තාය. නමුත් ඇය ඔහුව අතහැරීයේ නැත. කිම්ද ඇයට
ඔහුගෙන් තොර ලොවක් සිතා ගත නොහැකි නිසාවෙනි. තමාද ඔහුව අතැර ගිය විට ඔහුට ඇතිවන
දුක හා පාළුව නිසා ඔහු මානසිකව හා ශාරීරිකව ඇද වැටීමට හැකි නිසාවෙනි. ඇය ඉවසුවාය.
ඔහුත් ඉවසුවේය. අද නැත්නම් හෙට මෙය විසඳේවි කියා සිතුවෝය....නමුත් ගැටළුව එකතැනම
තිබුණි....විසඳුමක් නොවීය.
ඉතින් ඔහු තේරුම් ගත්තේය. දෙලොවක් අතර සැරි
සරන තමාගේ සිත නිසා අහිංසක කෙල්ලකගේ ජීවිතයක් නාස්තිවන වග...ඔහු තීරණයක් ගත්තේය.
හැමදාම මෙන් ඇය ඔහුගේ තීරණයට හිස නැමුවාය....ඔහුගේත් ඇයගේත් වෙන්වීම සිදුවීම
වැලැක්වීමට කිසිවෙකුට නොහැකී විය.....
වෙන්ව යෑම සිදුවිය.......
““““““““““““““““““““““““““““““““““““““““““““““““““““““““
එදායින් පසුව නැවත ඔහුත් ඇයත් මුණගැසුනේ මේ
රෝහල් කාමරය තුළදීය. ඇය මානසික ලෙඩෙක් වී, ඔහු මානසික වෛද්‍යවරයෙක් වී නැවත හමුවීම
දෛවයේ සරදමක්ද නොදනී.....
දොස්තර කාවිංග තමා හා නවෝද්‍යා අතර සිදු වු
සැම දෙයක්ම දොස්තර මහේන්ද්‍රට පැවසුවේ ඇයගේ අසනීපය සුව කිරීමට ඔහුගේ උදව්ව හා
උපදෙස් අනිවාර්යයෙන්ම අත්‍යාවශ්‍ය වු නිසාවෙනි. දොස්තරට ලෙඩ හංගා ලෙඩ සුව නොකල
හැකි බව දොස්තර කෙනෙක් වු කාවිංග හොඳ හැටි දැන සිටියේය.
itiri kotasath ikmanata danna akki.....
ReplyDeleteහරි නංගා....ඉක්මණටම දෙන්නම්කෝ කතාවේ ඉතිරි කොටස් ටික.
Deleteබූට් වැදනෙ තරමට කොල්ලො කෙල්ලොන්ට පිස්සු හැදෙනවා නම් ඉතිං...හියැක් හූ...
ReplyDeleteඒක නම් ඇත්ත...ඒත් අයියේ එහෙම වෙන අයත් ඉන්නවා....හැමෝටම එකම විදියට දරාගන්න හැකියාවක් නැ....ඒ වගේ කෙනෙක් ගැනයි මන් කියන්නේ.....සමස්ථ කෙල්ලෝ කොල්ලො ගැන නොවෙයි....
Deleteස්තුතියි විචාරයට......
ඔව් අනේ ඉතුරු ටිකත් ඉක්මනටම දාන්න... ඒකත් බලලම යමක් කියන්නම්
ReplyDeleteහික්ස්....හොඳක්ද නරකක් ද දන්නේ නැ නේද කියන්නේ.....
Deleteඉතුරුවා පරක්කු කරන්න එපා... දැනටමත් හොදටම පරක්කුයි...
ReplyDeleteහා හා.....ඉක්මණට ලියන්නම්කෝ.....
Deleteලස්සන කතාවක මූලාරම්භයක් කියලා හිතුණා :)
ReplyDeleteස්තුතියි...දිගටම ඇවිත් කියවලා යන්නකෝ එහෙනම්......
Deleteනංගිගේ බ්ලොග් සටහන මගේ මතකයෙන් සම්පූර්ණයෙන්ම ගිලිහිලා ගිහින් තිබුනේ. මේ බ්ලොග් එකේ නම මතක තිබුනා. ලින්ක් එකයි අමතක උනේ. අද මට දැමූ කමෙන්ට් එකෙන් ආපසු පාර හොයාගත්තේ.
ReplyDeleteලස්සන කතාවක් ලියවෙනවා. ඉතිරියත් ලියන්න. කියවන්න එන්නම්.
තැන්ක්ස් අයියේ....
ReplyDelete