අද.....පෙබරවාරී මාසේ 14 වෙනිදා.....කවුරුත් කියන විදියට ආදරවන්තයින්ගේ දිනය....
පහුගිය දවස් ටිකේම මේ දිනය ගැන කට්ටිය බොහොම කතා වුණානේ....ඇත්තටම එක දවසකට විතරක් තමන්ගේ ආදරේ සමරන්න ඕනද...ඇයි හැමදාම ආදරේ පෙන්නුවාම තියන වැරුද්ද මොකද්ද....
කාර්යය බහුල ජීවිත ගෙවන අයටනම් ඔන්න මේ වගේ දවසක් තියන එක හොඳා...අඩු ගානේ එදාටවත් තමන්ගේ සැමියා/ බිරිඳ හෝ ආදරවන්තයා/ ආදරවන්ති ගැන ටිකක් වැඩිපුර සැලකිළිමත් වෙයිනේ....එහෙමත් නැත්නම්, උබ උන්නත් මලත් මට මොකද කියලා ආත්මාර්ථකාමීව වැඩ කරන අයත් අපි අතර ගොඩක් ඉන්නවා....ජිවිතේම සල්ලි කියලා හිතන අය තමා වැඩිපුරම එහෙම ඉන්නේ...නැද්ද මන් අහන්නේ....
හැමදාම තමන් ආදරය කරන කෙනා ගැන හොයලා බලලා එයාව සතුටු කරනවානම් මේ විදියට ආදරවන්තයින්ගේ දවස කියලා දින මොකටද....මහා ලොකු කැපකිරිම් නැතුවට කරන්න පුළුවන් කොච්චර දේවල් තියනවද.....ඒ හැමදේම අමතක කරලා අද වගේ දවසක අපේ උදවිය ගනන් වැඩි මොකක් හෝ තැග්ගක් ගෙනත් දීලා ඇඟ බේරගන්නවා,"බලන්න මන් ඔයාට ගොඩක් වටින තැග්ගක් ගෙනාවා...ඒ ඔයාට ගොඩක් ආදරේ නිසානේ" කියලා....අනේ ඉතින් ඔය තරමටම ආදරේනම්, ඔය තැගි බෝග නැතුවට කොයිතරම් දේවල් කරන්න පුළුවන්ද......එදාට විතරක් නෙමේ..හැමදාටම....එහෙම නේද....
දවසට පැය 24ක් තියනවා....මේ පැය 24න් පැයකට එක විනාඩි 5ක් ආදරේ වෙනුවෙන් කැප කරන්න...ඔයාට ඒ වෙනුවෙන් වෙලාව නැති වුණාට මුණුපොතේ චැට් වල කාලේ කකා වරු ගනන් ගෙවන්න වෙලාව තියනවා....එහෙම නේද.....එයා කතා කලොත් කියන්නේ මොකක්ද...මන් බිසි...පස්සේ ගන්නම් කියලා....sms එකක් දුන්නට කියෙව්වත් රිප්ලයි කරන්නේ නැ.....බලන්න ඔයත් මේ දේවල් කරනවද කියලා ඔයාට ගොඩක් ආදරේ කරන කෙනාට.....
හදවතින්ම ආදරේ කරන අයට මහා ලොකු තැගි නැතුවට, ආදරෙන් පපුවට ලංකරන් "මන් ඔයාට ගොඩක් ආදරෙයි මගේ මැණික" කියලා කියන්න.....ඒ වගේම ලංකරන් හාද්දක් දෙන්න.....ඒ දේ ඒ කෙනාට කොයිතරම් වටිනවද කියලා ඔයාලා දන්නවද.....ඔයාලට එහෙම කවදාවත් හිතිලා නැද්ද.....අනේ මටනම් ඔය ලොකු ලොකු තැගි වලට වඩා ඒ දේවල් ගොඩක් වටිනවා....ඔය තැගී බෝග දෙනවට වඩා පුංචි පුංචි දේවල් තමන් ආදරය කරන කෙනාට දෙන්න....ඒවා එයාට ගොඩක් වටිනවා.....දවසක් දෙකක් එහෙම කරලා බලන්න....සතුට සැනසිම හැමදාම ඔයාලා ලඟ තියේවි....
අද මන් ඒ සතුට සැනසීම ගොඩක් විඳිනවා....ඒ මහා ලොකු දේවල් වලින් නම් නෙමේ....හරිම පුංචි දේවලින්....සතියකට දවසක් හම්බෙලා, චුට්ටම චුට්ට වෙලාවක් හරි ලඟින් ඉඳලා, මොනවා හරි බෙදාගෙන කාලා, සමුගන්න මොහොතක් තියලා, කාටවත් නොදැනෙන්න නලලට ලැබෙන හාදුවත් අරන් දෙන්න දෙපැත්තට වෙන්වෙලා යන්නේ කොයිතරම් නම් ආදරයක් හිතේ පුරවගෙනද.....
මන් හිතන්නේ ඒ සැනසීම සතුට ඔයාලා හැමෝටමත් විඳින්න පුළුවන් ආදරේට ආදරේ කරොත්...ආදරේ වෙනුවෙන් මොහොතක් පුංචි වෙලාවක් වැයකලොත්......ඒ සතුට සැනසිම විඳින්න ඔයාලටත් ලැබේවායි කියලා මේ ආදවන්තයින්ගේ දවසේ මන් සුභපතනවා....!!!
හැමදාම මුණ නොගැහුණත් අඩුවක් නැතුව ආදරෙන් මගේ ජීවිතේ පිරෙව්ව ඔයාගේ ආදරේ හමුවේ හැමදාම මට වැලන්ටයින්......!!මන් ගොඩක් ආදරෙයි.....!!!