Friday, October 14, 2011

දිවි තිබෙන තුරුමත්...........

ඔබයි මාගේ එකම පැතුම
ලැබු දා සිටම නුඹේ පෙම.....
සතුටයි පැතුවේ හැමදාම
ඔබ හා බැඳුණ දිවිය පුරාම....
සය මසක් ගෙවුන අපේ ආදරයේ
ඇති වුණත් නොයේක් වු බාධක
විඳ දරාගෙන එක සිතින් එක සේ
සතුට ‍වෙත පියමන් කළා ‍මෙන්
අද මෙන්ම හෙටටත්
දිවි තිබෙන තුරුමත්
දුක සැප සතුය සම සේ දරා
ජය ගනිමු එක්ව මේ දිවිය


Monday, October 10, 2011

මට ගොඩාක් සතුටුයි.....!!!

හම්....මට ගොඩාක් සතුටුයි.....මේ පෝස්ට් එක ඩ්‍රාෆ්ට් කරලා තිබුණත් දාන්න වුණේ නැ වැඩ වැඩි නිසා...


ඇයි මන් සතුටු....හම් අද (01/10/2011) මන් ඉංග්‍රිසි ඩිප්ලෝමාධාරිනියක් වුණානේ....අන්න ඒ නිසයි මට සතුටු....ඒ එක්කම තව හේතුත් තිනවා ඒ සතුට වැඩි වෙන.....


හි හි....ඒ මොනාද කියලා ඔයාලා දන්නවද?


ඒ තමයි මගේ ජිවිතේ වටිනා අවස්ථාවකදී මගේ ආදරෙත් ළගින්ම තියාගන්න පුළුවන් වුණ සතුට.....


මෙන්න මෙහෙමයි වුණේ....


ඩිප්ලෝමා ප්‍රධානෝත්සවයට එක ළමයෙක්ට එක්කරන් යන්න පුළුවන් එක ගෙස්ට් කෙනයි. ඉතිං මට එක්කරන් යන්න පුළුවනුත් එක්කෙනයිනේ....ඒත් අම්මා වගේම මට ළහිරුවත් එක්කරන් යන්න ඕන....දැන් ඉතින් මොකද කරන්නේ කියලා කල්පනා කරනකොට මගේ යාළුවෙක් ඉන්නවා ශැගි කියලා.....(ආදරේට එහෙම කියන්නේ....) එයා කෝල් කරලා කිව්වා එයාට එක්කරන් යන්න කෙනෙක් නැළු.එයා යාළුවෙක්ට අඬගැහුවළු.....කොහොම වෙයිද දන්නේ නැ කියලා....ඔන්න මට දෙන දෙයියො ළඟටම ගෙනත් දෙනවා වගේ චාන්ස් එකක් ආවා....(ළහිරුයි ශැගියි අඳුනනවා....) ඔන්න මන් බටර් පාරක් ගෑවා ..මචං ඒ යාළුවා එන්නේ නැත්නම් මන් ළහිරුව එක්කරන් එන්නද...ඔයාගේ ගෙස්ට් පාස් එක මට දෙනවද කියලා....ඔන්න කොල්ලා හා කීවා.....අම්මේ....දැනුණ සතුට....


හම් ....ඔන්න එදා මගේ ජීවිතේ වැදගත්ම දවසක මට ම‍ගේ ආදරෙත් ළඟ තියාගන්න වාසනාව ලැබුණා....


මෙන්න ‍ෆොටෝ....
(මේ සේරම ගත්තේ ළහිරුම තමා....අපෙ අම්මට මාට්ටුද මන්දා.....)







                                            මායි අම්මයි........

Friday, October 7, 2011

අවසාන තීරණය..........

අම්මේ....බය වෙන්න එපා...පොඩි කතාවක් මේ...ගොඩ දවසකින් මේ පැත්තේ ආවේ....මකුළු දැල් බැඳීගෙන එන්නේ......සුද්ද කරන්නත් එක්ක මෙන්න පොඩි කතාවක්.......


මේක මට ආපු මේල් එකක තිබුණේ.ඇත්තටම මෙහෙම කොච්චර දේවල් වෙනවද? 


ඔන්න දවසක් වයසක තාත්තා කෙනෙකුයි පුතෙකුයි කෝච්චියක ඉඳගෙන ඉන්නකොට ඊට ඉස්සරහෙන් කපල්(ප්‍රෙම කුරුල්ලෝ දෙන්නෙක් ) එකක් වාඩි උණා. පුතාගේ වයස අවුරුදු 25ක් විතර ඇති. එයා වීදුරුව පැත්තට වෙන්න ඉඳගෙන හෙන ආසාවෙන් එළිය බලාගෙන හිටියේ. 

ටික වෙලාවකින් කෝච්චිය යන්න පටන් ගත්තා. දැන් පුතාට හෙන සතුටුයි. ජනේලයෙන් එළියට අත දාලා කිව්වා,

"තාත්තේ තාත්තේ බලන්න මේ මගේ අතේ හුළඟ වදිනවා. තාත්තේ තාත්තේ අර ගස් පිටිපස්සට යනවා.." 

තාත්තා පොඩි හිනාවක් දාලා. පුතාට සතුට විදගන්න ඉඩ හැරියා.
අර කපල් එකත් දැන් වෙන වැඩ එහෙම නවත්තලා මේ පුතා දිහා පුදුමයෙන් බලාගෙන ඉන්නවා. 25ක කොල්ලෙක් නිකන් පොඩි එකෙක් වගේ හැසිරෙනවා දැකලා.

ටිකවෙලාවකින් ආයෙත් පුතා කෑගහනවා
"තාත්තේ තාත්තේ අපිත් එක්කම වළාකුලු යනවා.. අර අර පොන්ඩ් එකක්.. සත්තුත් ඉන්නවා. ලස්සනයි නේද තාත්තේ.."

තාත්තගෙන් ලැබුනේ සුපුරුදු සිනහබර මුහුණයි. තව ටික වෙලාවකින් වහින්න පටන් ගත්තා.
"තාත්තේ මෙන්න වහිනවා. ශෝක්. මේ වැහි බින්ඩු මගේ අතටත් වැටෙනවා.."

දැන් කපල් එකට හෙනම ප්‍රශ්නයක් මේක. බැරිම තැන වයසක මනුස්සයාගෙන් අහනවා
"ඇයි ඔයා පුතාව ඩොක්ටර් කෙනෙක් ගාවට අරන් නොගියේ. එයාට වෙදකම් කරන්න වෙයි වගේ නේද? "

තාත්තා බොහොම සංසුන් විලාශයෙන් කියනවා

"ඔව්. අපි ඉස්පිරිතාලේ ඉඳන් තමයි එන්නේ. අද තමා මගේ පුතා මේ ලෝකේ එළිය බලන පළවෙනි දවස එයාගේ ඇස් දෙකෙන්"


ඉතින් මේකෙන් ගන්න පුලුවන් ආදර්ශයක් තියෙනවා. 

ඔබ එහි සියලුම තතු නොදන්නවානම්, කවදාවත් අවසාන තීරණයකට එන්න එපා කියන එක



මේ වගේ දේවල් විතරක් නෙමේ....අද කෙල්ලෙක් කොල්ලෙක් එක්ක ක‍තාකළොත් ඒ කෙල්ල ගැන සමාජය කතා කරන්නේ කොයිතරම් වැරදියටද? මන් හිතන්නේ හැමෝමට මේ වගේ අත්දැකීම් ඇති නේද?


(තැන්කූ ශානුක මේල්ලුවට)
මා මාම වී ....ඔබ ඔබම වී නම්.....අපි අපිම වෙන්නට පෙරුම් පුරනු කෙලසින්.....