ඇයි මන් සතුටු....හම් අද (01/10/2011) මන් ඉංග්රිසි ඩිප්ලෝමාධාරිනියක් වුණානේ....අන්න ඒ නිසයි මට සතුටු....ඒ එක්කම තව හේතුත් තිනවා ඒ සතුට වැඩි වෙන.....
හි හි....ඒ මොනාද කියලා ඔයාලා දන්නවද?
ඒ තමයි මගේ ජිවිතේ වටිනා අවස්ථාවකදී මගේ ආදරෙත් ළගින්ම තියාගන්න පුළුවන් වුණ සතුට.....
මෙන්න මෙහෙමයි වුණේ....
ඩිප්ලෝමා ප්රධානෝත්සවයට එක ළමයෙක්ට එක්කරන් යන්න පුළුවන් එක ගෙස්ට් කෙනයි. ඉතිං මට එක්කරන් යන්න පුළුවනුත් එක්කෙනයිනේ....ඒත් අම්මා වගේම මට ළහිරුවත් එක්කරන් යන්න ඕන....දැන් ඉතින් මොකද කරන්නේ කියලා කල්පනා කරනකොට මගේ යාළුවෙක් ඉන්නවා ශැගි කියලා.....(ආදරේට එහෙම කියන්නේ....) එයා කෝල් කරලා කිව්වා එයාට එක්කරන් යන්න කෙනෙක් නැළු.එයා යාළුවෙක්ට අඬගැහුවළු.....කොහොම වෙයිද දන්නේ නැ කියලා....ඔන්න මට දෙන දෙයියො ළඟටම ගෙනත් දෙනවා වගේ චාන්ස් එකක් ආවා....(ළහිරුයි ශැගියි අඳුනනවා....) ඔන්න මන් බටර් පාරක් ගෑවා ..මචං ඒ යාළුවා එන්නේ නැත්නම් මන් ළහිරුව එක්කරන් එන්නද...ඔයාගේ ගෙස්ට් පාස් එක මට දෙනවද කියලා....ඔන්න කොල්ලා හා කීවා.....අම්මේ....දැනුණ සතුට....
හම් ....ඔන්න එදා මගේ ජීවිතේ වැදගත්ම දවසක මට මගේ ආදරෙත් ළඟ තියාගන්න වාසනාව ලැබුණා....
මෙන්න ෆොටෝ....
(මේ සේරම ගත්තේ ළහිරුම තමා....අපෙ අම්මට මාට්ටුද මන්දා.....)
එළ එළ ජය වේවා. අම්මට මාට්ටුද ........?
ReplyDeleteසුභ පැතුම් සීනි... ඩිප්ලෝමාවටයි.. නැන්දාට බෑනා යන්තමින් වගේ හරි අදුනා දෙන්න හැකිවීම ගැන...
ReplyDelete(දැන්නං උඹලත් එක්ක කතා කරන්නත් බය හිතෙනවා.. කොහෙන් ඇනෙයිද දන්නේ නැහැනේ..)
ඉංග්රිසි ඩිප්ලෝමාධාරිනියක් වුණාට අපෙන් සුභ පැතුම්....
ReplyDeleteදැන් සිංහල අමතක වෙයිද මන්ද...
මම විෂයන් දෙකකට ඇබ්සන්ට් සීනි අක්කෙ.... ඉතින්.... මට නැහැ... ආයෙ කරන්න වෙනවා... ඔයාට සුබ පැතුම්...
ReplyDeleteඅනේ ඔයත් ගියාද ඇක්වයිනාස්? :D
ReplyDeleteනියමයි.
ReplyDeleteඑහමනම් ඔහොම්මම යමු නේද ඉස්සරහටම...!
ReplyDeleteඅහ් නියමයිනෙ අනේ... සුබ පැතුම්!!
ReplyDeleteමගේ සුබ පැතුම්.......
ReplyDeleteඅනේ ආසාවේ බෑ අප්පා ....
Congratulations!
ReplyDeleteඩිප්ලෝමාව ලබා ගැනීම පිලිබඳ හද පිරි පට්ට සන්තොසය සහ සුභ පැතුම් නඟා...
ReplyDeleteආහ්!! ආයි අපිට ට්රාන්ස්ලේෂන් එහෙම ගේන්න ඔට්ටු නෑ හරිය.. දැන් තනියම කර ගන්ට ඇහැකියිනේ..
අම්මට වැඩේ තේරිලා වගේ......... :)
ReplyDeleteඔන්න මගෙන් උනුසුම් සුභ පැතුම් නංගෝ : දැන් නම් උනුසුම ගිහින්ද මන්දා එහෙම උනානම් සොරිම හොදේ....
ReplyDeleteකරුනු කාරනා දෙකම නිසිලෙස ගොඩ දමාගත්තාට . . . මෙන්න ලිපෙං දැං බාගත් උනුසුම් සුභ පැතුම් . . .!!!
ReplyDeleteමෙන්න ඒහෙනම් අපෙන් සුභ පැතුම්! ජයෙන් ජයම වේවා!!!!!
ReplyDeleteහරිම සතුටුයි ...ඒ වගේම උනුසුම් සුභ පැතුම්.....
ReplyDeleteසුභ පතපු හැමෝටම ගොඩක් ස්තුතියි....
ReplyDelete@ලයන් - අම්මට නම් නම මාට්ටු වුණාට පුද්ගලයව ඒ හැටි මතකයක් නැ....ෆොටෝස් වලින්නේ දැකලා තියෙන්නේ....
@මාරයියා - (දැන්නං උඹලත් එක්ක කතා කරන්නත් බය හිතෙනවා.. කොහෙන් ඇනෙයිද දන්නේ නැහැනේ..)මෙහෙම කීවෙ ඇයි අයියා...
@ලොකු බබා - අප්පේ....සිංහල නම් අමතක වෙන්නේ නැ...ඉංගිරිසි මතක හිටින්නැ....:P
ඇයි දෙයියනේ කඩු හරඹෙට සහතිකත් ගත්තට පස්සේ කතාවට යනකොට කඩුවලින් ඇනෙන්ට බැරි නැද්ද..? බුදු අම්මෝ
ReplyDeleteසන්තොසයි සීනී. අම්මා මොකෝ කිව්වෙ ගෙදර ගිහින්...
ReplyDeleteමුකුත් කීවෙ නැ අයියා.....ගෙදර ගියේ රැ 8ට විතර....මන් එහෙමම ක්ලාස් ගියානේ....
ReplyDelete