අර්චනාව සොයා ආරාමය තුලට ගිය මධුමාලිට ඇයව සොයා ගත හැකි වුයේ බුදු ගෙට ඇතුළු වූ පසුවය.බුදු රුව දෙසට නෙත් යොමා අනිමිස ලොචනයෙහි යෙදෙන අර්චනා වෙනුවෙන් ඇගේ සිත උණු විය.
"අර්චනා"
කවුරුවත් නොහදුනන මේ විසල් පුරවරයේ තම නමින් කතා කරන්නේ කවුරුන්දැයි තිගැස්සුණ අර්චනා ඒ හැගීම කැටිවූ බැල්මෙන් හඬ ආ දෙසට නෙත් යොමු කළාය.තමා දෙසට එන මධුමාලි දැක මෙතෙක් යටපත් කර උන් දුක හා අත්මනුකම්පාව නැවත මතු වී ආවාය.තමා දැක්මෙන් නොසන්සු වූ අර්චනාගේ දෙනෙතින් වැටුන කඳුළු දැක මධුමාලිගේ නෙතටද කඳුළු ඉනුවාය.
"අර්චනා ...අපි යමු...එන්න..."
අර්චනා ලගටම පැමිණි මධුමාලි ඇයට නැගිටින්නට සහය වෙමින් පැවසුවාය.
"මට දැන්ම එන්න බෑ මිස් මධු. දැන්ම ගෙදර යන්න බෑමට. ඇයි ඔයා මෙහෙ අවේ.”
"අවේ ඔයාව එක්කරන් යන්න. අපි බය වෙලා හිටියේ ඔයා මෙහෙ නැති වුනොත් කොහේ කියල හොයන්නද කියල"
"අපි?"
අර්චනා පුදුමයෙන් මධුමාලි දෙස බලා ඇසුවාය.
"ඔවු. මමයි සරුයි. ඇයි?"
"අනුහස් ....එයත් ආවද ඔයත් එක්ක? " අර්චනා පුදුමයෙන් ඇසුවාය.
"ඔවු...සර්ට අම්මා කෝල් කරල ඔයාව අහලා. එතකන්ම අපි හිතුවේ ඔයා ගෙදර යන්න ඇති කියලා. ඒ නිසා සර් හොදටම බය වෙලා. පස්සේ මට මතක් වුණා ඔයා පන්සල ගැන අහපු එක..ඒ නිසා කෝකටත් කියල අපි මෙහාට අවා."
මධුමාලි එක හුස්මට කියාගෙන ගියාය.
"හ්ම්ම්, නැන්දා කෝල් කරලද?
"නැන්දා..? මිසිස් මානවඩු ඔයාගේ නැන්දද? “ මධුමාලි ඇසුවේ පුදුමයෙනි. ඇයට මේ වන්නේ මොනවාදැයි තවමත් වැටහීමක් නැත.
"නැන්දා කීවට මගේ අම්මා වගේ." අර්චනා සෙමින් තෙපලාය.
"අනේ මන්ද..මට මේ මුකුත් තේරෙන්නේ නෑ. යමු යමු..සර් කාර් එකේ. දැන් බයවෙලා ඇති තවත්." අර්චනාගේ අතින් අල්ලාගත් මධු ඇයව වහනය දෙසට එක්කරන් ගියාය.
අර්චනා පන්සලේ නැති වුවහොත් තමා කුමක් කරම්දෝ යන බිය අනුහස්ගේ සිතෙහි ඇතිවී නැතිවී ගියේය. වාහල් දොර දෙස බලා උන් අනුහස්ගේ දෑස මධුමාලිගේ පමාවත් සමග තව තවත් නොසන්සුන් විය. නොසන්සුන් බව වැඩිවත්ම අනුහස් කාරයෙන් බැස්සේ පන්සල තුළට යාමටය. එවිටම වහල් දොර ලගින් එලියට ආ මධුමාලි හා ඇය අතින් අල්ලාගෙන එක්කරන් එන අර්චනා දැකීමෙන් ඔහු සිත සන්සුන් උවත් තමා අතින් වුණා වැරැද්ද නිසා ඔහු සිත පසුතැවිලි වන්නට විය.
.
අර්චනා පන්සලේ නැති වුවහොත් තමා කුමක් කරම්දෝ යන බිය අනුහස්ගේ සිතෙහි ඇතිවී නැතිවී ගියේය. වාහල් දොර දෙස බලා උන් අනුහස්ගේ දෑස මධුමාලිගේ පමාවත් සමග තව තවත් නොසන්සුන් විය. නොසන්සුන් බව වැඩිවත්ම අනුහස් කාරයෙන් බැස්සේ පන්සල තුළට යාමටය. එවිටම වහල් දොර ලගින් එලියට ආ මධුමාලි හා ඇය අතින් අල්ලාගෙන එක්කරන් එන අර්චනා දැකීමෙන් ඔහු සිත සන්සුන් උවත් තමා අතින් වුණ වැරැද්ද නිසා ඔහු සිත පසුතැවිලි වන්නට විය.
තම නොසන්සුන්කම අර්චනාගෙන් හා මධුමලිගෙන් සඟවා ගැනීමට නැවත කාරයට නැගගත් අනුහස් ඔවුන් දෙදෙනා කාරයට ලන්වනතුරු සිටියේය.
"සර්, අපි යමු." මධුමාලි ඔහුගේ පැත්තට පැමිණ කිවාය.
"හ්ම්ම්...ඔයා එහෙනම් ඉස්සරහින් නගින්න.එයාට පිටිපස්සෙන් වාඩිවෙන්න කියන්න.
ඔහු නැවතත් තමාගේ අහංකාර සැර පරුෂ බව හඬට ආරෝපණය කරගනිමින් පැවසුවේය. එය අසා උන් අර්චනාගේ දෑසට කඳුළු පිරුණේ නිතැනිනි. තමාට මෙතරම් වෙනස්කම් කිරීමට හේතුවක් අර්චනාට තවමත් සිතා ගත නොහැක.නමුත් ඔහු තමාගෙන් පලිගනිමින් සිටි...නමුත් කුමකටද? තවමත් අර්චනාට හරි වැටහීමක් නැත. මේ දෙස බලා සිටි මධුමාලිටනම් පුදුමයකුත් තරහවකුත් දැණුනි.
"නගින්න අර්චනා" අර්චනාට නැගීමට දොර හැර දුන් මධුමාලි ඉදිරිපස අසුනට ගියාය. ආයතනය ලගට එනකන්ම නිහඬතාව රජකළ වහනය තුල එකවරම අනුහස්ගේ හඩ නැගී ආවේය.
"මධු මෙයාව ඔයාගේ ඇසිස්ටන් විදියට තියාගන්න. මන් මෙහෙමම ගමනක් යනවා. කවුරු ඇහුවත් කියන්න එපා. ඔකේ. "
ඔවුන් දෙදෙනා ආයතනය ලගින් බැස්සු අනුහස් එහෙමම යන්නට ගියේය.
අනුහස් ඇයි අර අහින්සකීව අඩවන්නේ??
ReplyDeleteමූ මොකාටද එන්න යන්නේ
ReplyDeleteයාලු මම මේ කතාව දැක්කේ අහම්බෙන් එත් එතකොට මේක ටිකක් දිගට ගිහින්..ඔක්කොම එක සැරේ කියවලා කොමෙන්ට් එකක් දාන්නම්...
ReplyDeleteසුබ පැතුම් දිගටම ලියමු...
අනේ මන්ද මොකාට එනවද කියල...අර කෙල්ල අඬවන එකමයි වැඩේ
ReplyDeleteතැන්කු නිම්ෂා
ReplyDelete