තම ජීව දත්ත ලිපියේ අඩංගු වන්නේ ගමේ නිවසේ ලිපිනය බව ඇයට මතක් වුයෙන්, "මිස් මන් දැන් කොලබ ඉන්නේ නැවතිලා.එහෙට තමා දන්වන්න ඕන"
"ආ හරි. මේකේ එහා පැත්තේ ලියල දෙන්න දැන් ඉන්න තැන ලිපිනයයි ...ටෙලිපොන් නම්බර් එකයි"
ඇයගේ ජීව දත්ත පතේ එහා පැත්තේ මාලනී නැන්දගේ නිවසේ ලිපිනය හා දුරකථන අංකය ලියු අර්චනාගේ දෑසින් තාමත් කදුළු බේරේ.ය දැන්ම ගෙදර යන්නේ කෙසේද....ඇගේ සිතේ ඇති ලොකුම ප්රශ්නය එයයි....
"මිස්......!" ඇය කොලය නොදී මධුමාලි ඇමතුවාය.
"ඇයි?"
"මේ හරියේ ලයිබ්‍රියක් හරි පන්සලක් හරි තියනවද....? මට දැන්ම ගෙදර යන්න බෑ...."
මොහොතක් අර්චනා දෙස බලා සිටි මධුමාලිට ඇගේ ඇති අසරණ බව හොදට දැනුනි....
"ඔව්...පන්සලක් නම් තියනවා මෙතනින් දකුණට ගියාම."
"බොහොම ස්තුති මිස්.එහෙනම් මන් යන්නම්.ආ මෙන්න මගේ දැන් ලිපිනය"අර්චනා මෙතෙක් තමා අත තිබු සීවී එක මදුමාලිට දී යන්නට හැරුණාය. පහලට බසින්න කලින් මුහුණ හොදින් පිහිදගත යුතු බව ඇයට හැගුණි.දොර හැර එලියට ආ අර්චනා මුහුණ හොදින් පිහිදා පඩිපෙළ බැස්සේ පන්සලට යන්නට හිත හදාගෙනය. දොර හැරගෙන යන මේ යුවතිය දෙස බලා උන් මධුමාලි, ඇය දුන් ලිපිනය දෙසට නෙත් යොමු කළාය. පුදුමයකි. මේ අනුහස් සර් ගේ නිවසේ ලිපිනය හා දුරකථන අංකයයි...එසේනම් මැය කවුද.....සර් ඇත්තටම ලිපිය ඇයට දුන්නද......? දහසක් සිතුවිලි ඇය සිත නැගෙද්දී දුරකථනය නාද වුනි.
"මධු..පොඩ්ඩක් මගේ රුම් එකට එන්න"
"හරි සර්"
හද රැදී ගැටළු සියල්ල පොඩි බැදන් මධුමාලි අනුහස්ගේ කාමරයට ගියාය.
"සර්"
"වාඩිවෙන්න මධු. අර ගර්ල් ගියාද? " අනුහස් මෙතෙක් වෙලා දැනගැනීමට සිටි ප්රශ්නය
"අනේ ඔවු සර්...කවුරු හරි ලොකු විහිළුවක් කරලා තියනවා....පවු... මන් සර් එහෙම ලියුමක්දිල නෑ. කියනකොට ඒ ළමයට ඇඩුනා. "
ඔහුගේ මුහුණ දුකෙන් බරවෙනු මධුමාලිට පෙනුනි....
"සර්"
අනුහස්ට එය ඇසුන පාටක් නැත....එබැවින් ඇය නැවතත් ඔහුට කතාකලාය ....
"ආ මධු ....මන් කල්පනාවක හිටියේ...."
"සර් මන් දෙයක් අහන්න ...සර් මුකුත් හිතන්නේ නෑ නේද" අනවශ්‍ය ප්‍රශ්න අසනවා යැයි බැනුම් ඇසීමට කලින් මධුමාලි එසේ ඇසුවාය....
"නෑ අහන්න මධු"
"සර් ඇත්තටම ඒ ගර්ල් ට ඒ ලියුම දුන්නද"
"ඇයි මධු එහෙම අහන්නේ"
"නෑ සර්.මන් ඒ ළමයගෙන් සීවී එකක් ඉල්ලුව. අලුත් තැනක් කිව ඉන්නේ...ඒ එද්ද්රස් එක ඉල්ලුවම දුන්නේ සර් ගේ ගෙදර එක. එකයි එහෙම ඇහුවේ. අත්තටන සර් අදුනනවද ඒ ළමයා....." මදුමාලි ඇසුවේ ගැහෙන හදිනි....මේ දැන් මේ දැන් ඔහු තමාට බනිවියයි ඇයට සිතුනි....
"ආ ඔව්...ඒ අපේ ගමේ කෙනෙක්...අපේ අම්ම එයාව අපේ ගෙදර නවත්තගෙන ඉන්නවා......"
"ඒ කියන්නේ සර් ඒ ලියුම ඇත්තටම මට දෙන්න කීවද"
"ඔව්"
"ඉතින් මන් ඇහුවම නෑ කිවේ"
"ඒවා ඔයාට වැඩක් නැනේ....දැන් යන්න"
මධුමාලි වහ එතනින් ඉවත් වුයේ තවදුරටත් එහි ඉඩ ඔහුගෙන් බැනුම් ඇසිය නොහැකි නිසාවෙනි. සල්ලිකරයන්ට හැමදේම විහිලුය...අර අසාර කෙල්ලව මෙයාල විහිලුවකට අරන්.....මධුමාලිට අර්චනා ගැන මහත් වූ දුකක්ද අනුකම්පාවක්ද දැනුනි...... .
මොන හේතුවකට එහෙම කලත්... පව් අර අහින්සක කෙල්ල..... ඊලග කොටසත් ඉක්මනට දාන්න...
ReplyDeleteපිරිමි ඔහොමමයි......පවු තමා අනේ ඒ කෙල්ල
ReplyDeleteහා,,හා සේරම පිරිමි එහෙම නෙමේ,,,ඔයත් පොඩි කුමාරිහාමි වගේ වෙන්න එනවද...
ReplyDelete