හැමදාම පුංචිම පුංචි දෙයක් හරි ගැන ගොඩක් හිතෙන එක මට කවදාවත් නවත්ත ගන්න බැරි වෙලා...ඕනෑම දෙයක් ගැන ඕනවට වැඩ හිතන්න හොඳ නෑ කිවත් ඒ දේ ඉබේම සිද්දවෙනවා......ඉතින් එහෙම හිතුන, මාව ගොඩක් අසරණ කරන එකම එක සිතුවිල්ලක් තියෙනවා.....ඒ "අනේ මටත් මගේම කියල අය්යා කෙනෙක් හිටියනම්" කියන සිතුවිල්ල. සමහර විට මේක කිසිම වැදගැම්මකට නැති දෙයක් වෙන්න පුළුවන්...නමුත්.........මේක ලියන්න ගත්තට මගේ සිතුවිලි කොහොම පෙළ ගස්සන්නද මන්ද.....හිතෙන විදියට ලියාගෙන යනවා..........
ඔය සිතුවිල්ල මගේ හිතේ ඇති උනේ අද ඊයෙක නම් නෙමේ කියල මන් හොදාකාරවම දන්නවා.පුංචි කලේ ඉඳන් මට තේරෙන්න ගත්ත ද ඉදන් මන් හිතුවේ අනේ මටත් අය්යෙක් හිටියනම් කියල.මගේ පන්තියේ යාලුවෝ එයාලගේ අය්යල ගැන කියවන කොට...අය්යල එයාලව බලාගන්න විදිය කියවනකොට, අය්යලගේ නීති වැඩි නිසා එයාලට බනිනකොට........මට දැනුනේ මන් ගොඩක් තනිවෙලා කියල.....නෑදෑ සහෝදරයෝ හිටියත් අපේ පවුල් පසුබිමේ හැටියට මට එයාල එක්ක වැඩි අස්සරෙකට යන්න බැරි උනා.එත් අපේ නැන්දගේ දුලා එයාලගේ අය්යාලත් එක්ක විනෝද වෙනකොට මට පැත්තකට වෙලා බලාගෙන ඉන්න සිද්ද උනා...හැම වෙලාවේම මට දැනුන එක දෙයක් තමා අනේ මටත් අය්යා කෙනෙක් හිටියනම් කියන හැඟීම.
දැන් ඉතින් මන් කියන්නම් මන් මගේම සහෝදරයෝ කියල හිතපු අය ගැන .....
ඉස්කෝල යන කලේ මගේ හොඳම යාළුවා ඉ.......ගේ බෝයි ෆ්රෙන්ඩ් ට මන් අය්යා කිව.යාළුවම තමා කිවේ "ඔයා තනිවෙලා නෑ...ල......ඔයාට හොද සහෝදරයෙක් වෙයි කියල.හ්ම්.....කස්ටිය හොඳ සමගියෙන් දුක සතුට බෙදාගෙන හිටිය.
කාලයක් යද්දී තිබුන අපේ විද්යා ප්රදර්ශනේට උදවු දෙන්න කියල මගේ යාලුවෙක් අවා.හොඳම යාලුවෙක්.කෙල්ල ඒ කොල්ලත් එක්ක යාලු උනා.යාලු උනා කීවට යාලු උනේ නෑ.ඒ වගේ හිටිය. ඒ අය්යා පොද්ද ඇත්නම් අසනීප වෙන එක්කෙනෙක්.ඉතින් එයා ගැන මට නිතරම බලන්න උනා.මගේ අය්යන්ම් මන් අනිවා බලන්න එපැයි. අර බෝයි ගේ කේස් එකට අර දෙන්න පටලව ගෙන.පස්සේ ගනු ළමයාගේ බෙරිල්ලට එයා මවයි ඒ අය්යාවයි සම්බන්ද කරා...අය්යා එකෙන් බේරෙන්නට මන් එයාගේ පස්සෙන් එනවා කිව.....කොහොමෙන් කොහොම හරි මන් දන්නෙත් නෑ කට්ටියම තරහ වෙලා......එයා තමා මන් සහෝදරයෙක් විදියට මුලින්ම අය්යා කිවේ.....
හ්ම්.....ඊළගට උසස් පෙළ ඉවර කොරල ඇක්වයිනාස් ගියා....කලින් පාඩමක් ඉගන ගත්ත නිසා මන් මගේ පාඩුවේ පැත්තකට වෙලා මගේ වැඩ කරගෙන ඉන්නකොට එක්කෙනෙක් අපි හැමෝමව හිනැස්සුව....එයා අන්තිමේදී මගේ හොඳම යාළුවා උනා...අදටත් මගෙත් එක්ක ඉන්න හොඳම යාලුවෙක් එයා....ත එක්කෙනක් හිටිය..එයා නිතරම මව කේන්ති ගැස්සුවා....හ්ම්....අන්තිමේදී එයා බලෙන්ම මගේ අය්යා උනා....එයාගේ ගර්ල් ෆ්රෙන්ඩ් මා එක්ක හරි හොඳයි.....අපි කට්ටිය ට්රිප් ගියා....ට්රිප් කීවට එකයි ගියේ.එකත් සු එක බලන්න.අපේ ගෙදරින් එහෙම හරි යන්න දුන්න එක ලොකු දෙයක්....හ්ම්....ඒ උනාට අපේ මල්ලි කාරයත් මගේ ඇගේ ගැහුවා තනියම යනවා කියල.
මන් එයාට මගේම අය්යාට වගේ ගොඩක් ආදරේ කලා..එත් එයා මගේ ආදරේ තේරුම් ගත්තේ වැරදි විදියට....මව මග හරින්න ගත්තා....මට පෙන්න වෙන ගැණු ළමයි එක්ක විහිළු කරලා හිනාවෙලා උන්නා.ආයේ තනි උනා වගේ උනාට මගේ අර යාළුවා මගේ ලග හැමවෙලේම හිටිය.දුක දනුනත් ඉවසගෙන හිටියා.මට මට මන් ගැන ගොඩක් දුක හිතුනෙත් .....අනේ මගේම අය්යා කෙනෙක් මටත් හිටියනම් කියල තදින්ම මගේ හිතට දැනුනේ අපේ ආච්චිගේ මරණේ දවසේ....ඒ සිද්දි මතක් කරන්න මන් හරිම අකමැති...ඒ නිසා ඒ ගැන කියන්නේ නෑ.මන් තනි උනා වෙලාව එයා මාව මගහැරිය...ඉතින් තවත් මන් එයා ලග ඉඳල මොකටද.....මන් එයාගෙන් ඇත් උනා...ආයේ මගේ ලෝකේ තනි උනා.....
ඉතින් ජිවිත කාලෙම මන් හොයපු සහෝදරත්වය අන්තිමේදී මට ලැබුණා.....එත් වැරැද්ද උනේ මන් එයාගෙන් බලාපොරොත්තු උනේ සහෝදරත්වයද කියන එක තාමත් මට තේරුම් ගන්න බැරි එක. කොහොම උනත් මන් එයාගේ එකම නංගී....නීති දාල, බැනල (ගහන්න නම් තමා බැරි උනා), තරහ වෙලා මාව හරි පාරේ යවන්න මගේ අය්යා හැමවෙලේම උත්සහ කරනවා.පුංචි වැරද්දක් කරත් එයාට ඒක මන් කියන්න කලින් දැනෙනවා. අපේ ගෙදර අයටත් වඩා මාව තේරුම් ගත්ත එකම එක්කෙනා මට ආදරේ කරන මගේ අය්යා.අන්තිමේදී කොහොම වෙයිද කියන්න මන් දන්නේ නෑ....එත් ඒක දෙයක් දන්නවා. මට එයාව නැති උනොත් නැතිවෙන්නේ මගේ හිතුවක්කාර වැඩ නිසා. (මෙයා ගැන කියන්න මට වචන නෑ.ගැලපුනේ මෙච්චරයි.)
ඉතින් .......මට තා අය්යා කෙනෙක් ඉන්නවා....කලින් කිවේ මගේ ලොකු අය්යා ගැනනේ ....දැන් පොඩි අය්යා.....මෙයා මගේ හිටපු හොඳම යාලුවෙක් ගේ අය්යා කෙනෙක්. අපි මුලදින්ම් වැඩිය කතා කරලා නෑ....පස්සේ ඒ යාළුවගේ අනතුරක් නිසා මට එයාට කතා කරන්න උනා. මේ අය්යත් මන් ගැන හොයල බලනවා.මට මගේ නංගී කියලත් කියනවා. හ්ම්.....මන් එයාගෙම නංගිද කියන ප්රශ්නේ තාම තියනවා.....නමුත් එයා ගොඩක් හොඳ යාලුවෙක්.....
ඉතින් මේ සහෝදරයෝ දෙන්න මැද මන් වෙලාවකට සතුටින් ,වෙලාවකට දුකින්..... කාලේ ගෙවනවා....