ආදරය....ජීවිත වලට සතුට මෙන්ම දුකද ගෙනෙන, ජීවිත ජීවත් කරවන ආදරය.........
පෙර කොටස් සඳහා..... සිතුවිලි අතර.......
පෙර කොටස් සඳහා..... සිතුවිලි අතර.......
''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''
නවෝද්‍යාව බලන්න පැමිණෙන ඒ යුවල කවුදැයි සිතාගත නොහැකිව කල්පනා කළ කාවිංග ඒ කල්පනාවෙන්ම හෙදියගෙන් ප්‍රශ්න කළේය....
“නම එහෙම දන්නේ නැද්ද
මිස්....හම්...එහෙමනම් මතක නැ ඩොක්ටර්...ඒ වුණාට අපේ විසිටර්ස්ලගේ බුක් එකේ ඇති
සර් නමයි ඇඩ්‍රස් එකයි.....”
“අහ්....මට ඒකක් මතක් වුණේම
නැ....මට ඒක බලන්න පුළුවන්ද මිස් දැන්......”
“ආ....ඉන්න ඩොක්ටර්....මන්
ගිහින් අරන් එන්නම්....”
“ඕකේ...ඉක්මණට එන්න.....”
මිසිස් වීරසේකර එය ගේන්නට යන අතර තුර කාවිංග
කල්පනා කළේ නවෝද්‍යාව බැලීමට පැමිණෙන යුවල කවුරුන් විය හැකිද යන වගය....
පොතත් රැගෙන හෙදිය එනතුරුම
කාවිංග කල්පනා කළේ එයයි.....
“මෙන්න
සර් පොත....එයාලා මට මතක විදියට ගිය මාසේ ආවා....අපි පේශන්ට්ගේ නමත් එක්කම තමා
බලන්න එන අයගේ විස්තර ලියාගන්නේ.....බලන්න මිස් නවෝද්‍යාගේ නමත් එක්කම ඇති.”
පොත රැගෙන පිටු පෙරළු
කාවිංග නවෝද්‍යාගේ නම ඉදිරියෙන් ඇය බලන්න පැමිණි අමුත්තන්ගේ නම් දැක පුදුමයෙන්
පුදුමයට පත්විය.....වහ වහා ඔවුන්ගේ ලිපිනය ලියාගත් කාවිංගගේ මුවින් දිග සුසුමක්
පිටවිය.....
“සර්
දන්නවද ඒ අයව....” හෙදිය ඔහු කළ සියල්ල දිහා බලා සිට ඇසුවේ
ඔහුගේ මුහුණේ වූ වෙනස්කම් නිසාවෙනි.
“හම්.......”
ගා පිළිතුරු දුන් කාවිංග ඊට එහා මුකුත්ම නොකීවේ ඔහුටද කියන්නට
යමක් සිතාගත නොහැකි වු නිසාවෙනි...
“එහෙනම්
සර්ට එයාලගෙන් විස්තර දැනගන්න ලේසිවෙයි නේද....?”
“අමාරුම
වැඩෙත් ඒකම වේවි නර්ස්.....තැන්ක් යූ වෙරිමච් ෆෝ යුවර් කයින්ඩ් හෙල්ප් නර්ස්....”
“නෝ
මෙන්ශන් සර්....අයි ඕල්සෝ වෝන්න සී බෝත් යූ ආ ඉන් හැපී.....අයි ලව් දැට් ගර්ල්....”
“තැන්ක්ස්
අගේයින් මිසිස් වීරසේකර......”
“දැන්
එහෙනම් මන් යන්නම් සර්.....”
“හා....මන්
තව ටිකකින් නවෝද්‍යාව බලන්න යනවා....හදිස්සියෙවත් ඩොක්ටර් ඇහුවොත් මන් එතන
ඉන්නවා....”
“හරි
ඩොක්ටර්.....”
හෙදිය පිටවන තුරු සිටි
කාවිංග කල්පනා කරමින්ම නවෝද්‍යාගේ කාමරයට ගියේය.......
වසා තිබූ දොර ඇර ඇතුළු
වූ කාවිංග දුටුවේ තමාට පිටුපා නිදා සිටි නවෝද්‍යාවය....ඇය සැබෑවටම නිදි ඇතැයි සිතු
ඔහු ආපසු යන්නට හැරුනේ ඇයට නොදැනෙන්නය.....නමුත්.....,
“ඇයි
තාත්ති යන්නේ....මාව බලන්න නෙමේද ආවේ......?” නවෝද්‍යාගේ
කටහඬ ඔහුගේ පිටුපසින් ඇසුණි....හැරී බැලූ කාවිංග දුටුවේ දෑසේ කඳුළු පුරවා ඇය බලා
සිටින අන්දමයි.....
“අනේ
සුදුමැණික, මන් හිතුවේ ඔයා නිදි ඇති කියලා...ඒකයි මන් සද්ද නොකරම යන්න හැදුවේ...” කියමින්ම ඔහු ඇයගේ ඇද අසලට ගියේය.
“ඇයි
මේ ඇස්වල කඳුළු....දන්නවා නේද මන් ඔයා අඬනවා බලන්න අකමැතියි කියලා...ආ මැණික...කෝ
කෝ...පිහිද ගන්න...නෝටි ගර්ල් කෙනෙක් වෙන්න හදන්නේ....”
කාවිංගම ඇයගේ දෑසේ වූ
කඳුළු පිසදැන්මේ ඔවුන් ආදරය කරන දිනවලද ඔහුගේන් වන පුංචි හෝ හිත් රිදුමකට ඇය දෑසම
කඳුළුවලින් පුරවගන්නා වග සිහිකරමිනි....
කල්පනා සයුරේ ගිලුණ
කාවිංග නැවත පියවි ලොවට පැමිණියේ නවෝද්‍යා එකවරම ඔහුව වැළඳගත් නිසාවෙනි......
"මේ ඇයි පැටියෝ......"
"ඔයාව මගෙන් කවුද
උදුරගෙන යනවා මන් හීනෙන් දැක්කා....මෙහෙම තදකරලා බදාගත්තාම කාටවත් බැනේ ඔයාව මගෙන්
උදුරගන්න....හම්...එතකොට ඔයා මගේ ලඟනේ....."කියමින්ම ඇය තව තවත් ග්‍රහණය දැඩි
කළාය.......
ඇය එලෙස සිටියදීම ඇගේ හිස අතගෑ කාවිංග කල්පනා කලේ ඉක්මණටම ඇයව
සුවකරගන්නා අකාරයයි.....තමා ඇයගෙන් වෙන් වූ පසු සිදුවූ දේවල් දැන ගැනීමට ඔහුට ඇයගේ
නිවසටද යාමට සිදුවන බව දැණුන නිසාදෝ අපහසුවක් දැණුනි....ඒ හැඟීමෙන්ම නවෝද්‍යා දෙස
බැළු කාවිංග දුටුවේ තමාට තුරුළු වී නිදන අයුරුයි.....එහෙමම ඇයව ඇඳට කළ කාවිංග
තීරණයක් ගත්තේය.....ඒ අදම ඒ විස්තර සොයාගැනීමටයි......
,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
ප්‍රථමයෙන්ම විසතර
දැනගැනීමට යන්නේ කොහිදැයි කල්පනා කළ කාවිංග තිරණය කළේ ඇයව බැලීමට පැමිණෙන යුවල
හමුවීමට යාමයි.....තමා ලබාගත් ලිපිනයට අනුව ගිය කාවිංග නතර වූයේ කළුතර ප්‍රදේශයේ
සුවිසල් නිවසක් ඉදිරියෙනි....ගේ දෙසට ගිය කාවිංග බිත්තියෙහි වූ සීනුව නද කලේ
කවුරුන් ඉදිරියට ඒ දැයි සිතමණි....කිසිවෙකුත් නොපැමීණි නිසා නැවත වරක් සීනුව නාද
කළේ නිවසේ කවුරුවත් නැතුව ඇත්දෝ සිතමිනි....
නමුත් දොර දෙසට
කිසිවෙකු හෝ ඇවිද එන හඬ ඇසුණ කාවිංගගේ මුවින් සැනසුම් සුසුමක් පිටවිය.....
දොර දෙසම බලා සිටි
කාවිංගගේ දෑස් යොමු වූයේ දොර ඇරි පුංචි දරුවා වෙතටය.....
"අම්මි....මෙන්න කවුද
මාමි කෙනෙක් ඇවිත්....එන්නකෝ....."කාවිංග කිසිත් ඇසීමට ප්‍රථම සිඟිත්තා නිවස තුළට
යමින් කැගැසුවේ කාවිංග දෙස බලමිනි....
"ඉන්න පුතූ, අම්මි එනවා......."
කියමින් නිවස තුළ සිට එළියට පැමිණි රුව දැක කාවිංග සිටි තැනම ගල් ගැසුණි...
"ස....ස...සකුණි.......?"
කාවිංගගේ මුවින් එකවරම පිටවුණි....
තමාට හෙදිය ගෙනවිත් දුන් පොතෙහි නවෝද්‍යා බැලීමට
පැමිණි යුවල ලෙස නම් දී තිබුණේ මිස්ට ඇන්ඩ් මිසිස් හේවාවසම් යනුවෙනි.....එකල තමාගේ
හොඳම යාළුවා වු පැතුම්ගේ වාසගම වු එය දැක කාවිංග කල්පනා කලේ මේ ඔහුමදැයි වග
කාවිංගට මතක් විය. තමා මේ පැමිණියේ ඔහුව හමුවීමට වුවද මෙහිදී නවෝද්‍යාගේ හොඳම
මිතුරිය වු සකුණිව දැකීමට බලාපොරොත්තුවක් නොවූ බැවින් කාවිංග ඉදිරියට යාමට මදක්
පැකිළුණි.
"කෝ කවුද පුතු ඇවිත්
ඉන්නේ...?"
අසමින් තම දෙසට ආ සිඟිත්තා වඩාගත් ඇය කාවිංග දෙස බැළුවේ පැමිණ සිටින්නේ
කවුරුන්දැයි බැලීමටය.....
දුටු පමණින්ම පෙරට ආ
අඩියක් පස්සට ගිය ඇයගේ මුහුණ කළුවී දෑසට කේන්තියක් ආ වග කාවිංගට මනාව අවබෝධ
වුණි....එනම් ඇය තමා හා බෙහෙවින්ම කෝප වී ඇති වග වටහාගත් කාවිංග බලා සිටියේ ඇයගේ
ප්‍රතිචාරය කුමක් වේවිදැයි සැකැතිවය.....
'''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''